බදු ආදායම වැඩිකර රට බේරාගමු
ණය උගුලෙන් රට බේරන්න බදු ගහනවලුනෙ බං. ඉතින් මම හිතුවා රට බේරා ගැනීම තව තවත් වේගවත් කරන්න නව බදු යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න.
උඹලත් තව යෝජනා මෙතනට දාපල්ලා. ලබන අය වැය ගේන්න කලින් මේ ඔක්කෝම එකතු කරලා අපිට ඕන නම් මුදල් චක්‍රවර්ති උතුමාණන්ට සන්දේශයක් විදියට බාර දෙන්නත් පුළුවන්.
තව බදු ටිකක් ගැහුවොත් අපිට සට සට ගාලා ණය ටික ගෙවලා රට බේරගන්න පුළුවන් ඉක්මනටම. මොකද කියන්නෙ කට්ටිය. ඔන්න මම දානවා මගේ යෝජනා
1) ඇඟ බද්ද- සුද්දාස් ටයිම් එකේ මෙන් සියළු වැසියන් ගාස්තු නැතිව මසකට දින දෙකක් රජයට සේවය කළ යුතුය. (දවස් දෙකක පඩි කැපුවා නම් වැඩේ ගොඩ)
2) මහාමාර්ග බද්ද - මහාමාර්ග පාවිච්චි කරන්නන්ගෙන් වසරකට රුපියල් දාහක් දෙදාහක් වගේ සුළු ගානක් කපාගන්නවා. බොලා සල්ලි ගෙවලා හයිවේ යන්නෙ. ඉතින් පාරෙ යනවට පොඩි ගානක් දීපල්ලකො
3) රූපවාහිනී/ගුවන්විදුලි බද්ද- මේක ඉස්සර නම් තිබ්බාලු. ගෙදර තියෙන ටීවී/ රේඩියෝ වලට ලයිශොන් ගන්න ඕන. බල්ලත් ලයිෂන් කරන එකේ මේක මොකක්ද
4) වැසිකිලි බද්ද- මලපහ නිසා වන පාරිසරික දූශණය අවම කිරීමට වැසිකිලි පාවිච්චි කරන අයගෙන් රු100 වගේ පොඩි බද්දක් මාසෙට ගත්තට අවුලක් නෑනෙ
5) ෆෝන්/ටැබ් බද්ද- මේක ගහන්නෙ බිලට නෙවි. ෆෝන් එකකට ඔක්කොම රු1000 වගේ අවුරුද්දකට දීලා ලයිෂන් කර ගන්න කිව්ව නම් හරි. දැන් එකාට ෆෝන් දෙක තුනනෙ බං. පරිසරය දූෂණය වෙනවා හෝගාලා
6) ලැප්ටොප් බද්ද- මේකත් ෆෝන් බද්ද වගේ බං. දැං හැම එකාගාවම ලැප් වැහි වැහැලනෙ.
7) ගංගා සංරක්ෂණ බද්ද- ගංගාවල ජල දූෂණය වැලැක්වීමට ගහන්නෙ. බොලාට ගඟක නාන්න ඕන නම් අදාල ප්‍රාදේශීය/නගර සභාවෙන් පොඩි ගානන් දීලා ටිකක් එකක් ගන්න ඕන. ඒක නැතිව ගඟට බහින්න බෑ.
8) සුරතල් සත්ව බද්ද- සත්ව හිංසනය වලක්වන්න කරන්නෙ. උබලා ගෙවල් වල ඔය හාවො, මාළු, ගිරව්, පරවියො ... වගේ සත්තු ඇති කරනවා නං මේ බද්ද වදිනවා. එක එකා ගෙනත් දාපු අලි පැටව් ඇති කරන උන්වත් මේකට අදාලයි... සතාගෙ බරට ගහන්නෙ
උඹලත් මේකට තව යෝජනා දාපල්ලා....
අපි අන්තිමට ඔක්කොම එකතු කරලා මුදල් චක්‍රවර්ති උතුමාණන්ට යවමු..
මේ විදියට බදු වැඩිකලොත් තව අවුරුද්දක් යන්න කලින් අර අරං තියෙනවා කියන ණය ඔක්කෝම ගෙවලා, පොළියත් ගෙවලා, රට බේරගෙන මේක තුසිත භවන වගේ අමු සුරපුරයක් කරන්න පුළුවන්... අනිවා ඩෙෆා....

Last edited: