බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බදු ප්‍රතිපත්ති සංශෝධනය... 03-10-2016 02:55 PM stick to the point or don't post at all.:lol::lol::lol::lol:
    ඉස්සර නිව්ස් දැම්මා වගේ ලිපියේ කොටස් හලන්න බැ

    2001 එත් මිට වඩා කෙස් එකක් තමයි ගොඩ දැම්මේ ,එනිසයි
    අගමැති තුමාට සැහෙන පිළිගැනීමක් තින්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )
    කොත්තමල්ලි අමතක වෙලා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹේ හෑලලේ තියෙන බොරුව මේකෙන්ම පේනව. උඹ හම්බන්තොට වරාය පැත්ත පලාතෙවත් ගිහින් තියෙනවද? මම මේක කියන්නෙ මමත් ශිපින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ද නිසා. මම මේක ලියන වෙලාවෙත් හම්බන්තොට car carrier එකක් berth වෙලා තියෙන්නෙ. උඹ දන්නවද හම්බන්තොට යාර්ඩ් වල transshipment vehicle කීයක් තියෙනවද කියල? හම්බන්තොට වරාය තාම පටන්ගත්ත ගමන් වගේ කොලබ වගේ berth කරන්න නැව් පෝලිමේ out harbour තියාගෙන ඉන්නෙ නෑ. හම්බන්තොට ඔපරේෂන් කෝස්ට් එක කොලබට වඩා අඩුයි. හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා හැන්ඩ්ල් කරල තියෙන වාහන ගාන වැඩි වෙලා තියෙනව. එහෙම තියෙද්දි උඹ මොන පදනමකින්ද කියනනෙ නැව් ඒන්නෙ නෑ කියල? උඹ මේකට දේශපාලනය ගාවගන්න එපයි කිව්වත් මටත් කියන්න තියෙන්නෙ

    rocat90

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ ,
    ඔකේ වාහන අන්තරාල (වෙළදාම) කරන්න පුළුවන් කියල යෝජානාව කාගේද කියල හොයල කතා කරන්නකෝ ලොක්කෝ ,අනික කොලබ වාරයේ කැල්ලක් කරන්න ම දෙයක් නැති නිසා ගලවල ගැහුවේ ,වරායේ ගල කඩන්න අර ආපු නැව කීපාරක් අවද කියලත් දාන්නන ඔය අයගෙන් අහලා ,ඒවාට හොරට කරපු වියදමත් දාන්න ,,
    ආයෝජන වියාපෘතියක් අගය කරන හැටිත් හොයල බලන්න ,පෙන දේ හැම වෙලේම හරි දේ වෙන්නේ නැ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොත්තමල්ලි අමතක වෙලා
    කිසිම දෙයක් අඩු කරන්න හොද නැති පුළුවන් තරම් බඩු මිල වැඩි කරලා තිබ්බනම් පට්ට ශෝක් ,,මොකද ඕනේ ගානකට ඕනේ දෙයක් ගන්න පුළුවන් 20 % විතර මේ වෙනකොට ඉන්නවා නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොත්තමල්ලි අමතක වෙලා
    විස්තර එක්ක කතා කරන්න , මේක ජෝක් කරන වෙලාවක් නෙමේ ,ලිපිය දැම්මේ සැහෙන හිතලා මඩ කන්න බලන් තමයි
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    [FONT=&quot] [FONT=&quot]Ravi contradicts CBK's claims [/FONT]
    [FONT=&quot]2015-05-11
    [/FONT]Refuting the claims by former President Chandrika Bandaranaike Kumaratunga, Finance Minister Ravi Karunanayake yesterday said the Treasury has “enough money” to cover its obligations and fund the “right” infrastructure projects.

    Addressing a recent meeting organised by the Sri Lanka Development Officers’ Union in Colombo, Kumaratunga said the government was facing difficulties due to the depleted finances of the Treasury and was even unable to pay the salaries of public servants.

    While alleging those who opposed good governance had started a counter revolution, she said financial difficulties had been caused by the lack of transparency in the mega projects carried out by the previous government.

    “I believe what she (Kumaratunga) meant by this statement was the dismal situation of the economy the new government inherited. We have enough money,” Karunanayake averred.[/FONT]
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිසිම දෙයක් අඩු කරන්න හොද නැති පුළුවන් තරම් බඩු මිල වැඩි කරලා තිබ්බනම් පට්ට ශෝක් ,,මොකද ඕනේ ගානකට ඕනේ දෙයක් ගන්න පුළුවන් 20 % විතර මේ වෙනකොට ඉන්නවා නේ

    එතකොට දැන් මේ IMF එක කියන විදියට බදු ප්‍රතිපත්තිය වෙනස් කරාමයි ...
    බැදුම්කර මගඩිය වහල දාල යට කරාමයි..
    ඉට්කා අත්සන් කරාමයි...
    රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණුවාමයි..
    විතරක් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියල හිතනවද?
     
    • Like
    Reactions: banda065

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    a dawas wala kiuwe mahindata witarak koti bara ganaka wiyadam yanawa...a sahana okkoma janathawata denawa kiyala:baffled::baffled::baffled::baffled:

    හුකෑස්... ඕවා මතක් කරන්න එපා බං.. යන්තන් මිනිස්සුන්ට අමතක වෙලා තිබුනා...
    මහින්දගේ දිනක වියදම ලක්ෂ 260 ක් කියල කිව්වේ..
    ඔය rocat90 පොනිල්ගේ රෙද්ද හෝදන්න පරක්කු ඇයි කියල මං බලන් හිටියේ... ඔය හෝදන්නේ හොදට...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැදුම්කර හොරකමක් උනේ නෑ, රනිල් හොදා..යි කියල උඩ පැන පැන කෑ ගහපු එකෙක් තමයි මේ rocat90 කියන්නේ... මුන් වගේ රට විනාස වෙනකන් බලන් ඉදලා සාධාරණීකරණය කරන උන්ගෙන්, මේ වගේ මෝඩ ජෝක් එකක් ඇර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ ,
    ඔකේ වාහන අන්තරාල (වෙළදාම) කරන්න පුළුවන් කියල යෝජානාව කාගේද කියල හොයල කතා කරන්නකෝ ලොක්කෝ ,අනික කොලබ වාරයේ කැල්ලක් කරන්න ම දෙයක් නැති නිසා ගලවල ගැහුවේ ,වරායේ ගල කඩන්න අර ආපු නැව කීපාරක් අවද කියලත් දාන්නන ඔය අයගෙන් අහලා ,ඒවාට හොරට කරපු වියදමත් දාන්න ,,
    ආයෝජන වියාපෘතියක් අගය කරන හැටිත් හොයල බලන්න ,පෙන දේ හැම වෙලේම හරි දේ වෙන්නේ නැ

    මම අයෙත් කිව්වනෙ බන් දෙයක් දාද්දි පිළිගන්න පුළුවන් සාක්කි එක්ක දාපන්. උඹ හිතන් ඉන්නෙ වරායක් අරිනව කියන්නෙ කඩයක් දානව වගේ දෙයක් කියලද? ඕපන් කරපු ගමන් පෝලිමට නැව් එන්න. ෂිපින් ලයින් එකක් මොකක් හරි රටක පොර්ට් එකකට එන්න කලින් ගොඩක් දේවල් කරන්න තියෙනව. මුලින්ම ඒ ලයින් එක අපේ රටේ ඒජන්ට් කෙන්ක්ව අල්ල ගෙන ලියාපදින්චිවෙන්න ඕන. වරායේ ගිණුමක් ඕපන් කරන්න ඕන වගේ ශිපින්ග් ලයිසන් ගන්න ඕන වගේ සීන් ගොඩක් තියෙනවා. එක නිසා පිටරට නැව් සමාගම් ලංකාවට එන්න කලින් ගොඩක් දේවල් බලනව. එහෙම තියාගෙනත් ලෝකේ තියෙන ලොකුම ලයින් 3 හම්බන්තොටට එනව. අනිත් එක හම්බන්තොට කියාන්නෙ කොලබ වරායේ තිබුන බිස්නස් එකක් හම්බන්තොටට ගෙනිච්ච එක නෙමයි බන්. පොඩ්ඩක් හොයල බලල කතාකරපන්. හම්බන්තොට කරන්නෙ ප්‍රති අපනයන. වෙනරටවල් වලට යන වාහන හම්බන්තොට ඇවිල්ල බානවා ඊටපස්සෙ ඒවා මෙහෙ යාර්ඩ් වල දාල තියෙනව. පස්සේ වෙන නවක ලෝඩ් කරල අයෙත් යවනව. මේක කොලබ කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. ඉන්ටෙර්නෙට් එකේ RORO vessel operation කියල සර්ච් කරල බලපන්. කොලබට ගේන්නනෙ local imports (මෙහෙ පාවිච්චි කරන වාහන) විතරය්. හම්බන්තොට වරාය නිසාම මෙහෙට ආව නව සමාගම් තියෙනව. අනිත් එක වරාය නිසා හම්බන්තොට කොල්ලෝ කීයකට රස්සා හම්බ උනාද? ඒවත් හොයල බලපන්.

    හම්බන්තොට ගලක් තිබුනානම් කඩන්නෙ නැතුව පිළිම අඹන්නද බන්? අනිත් එක මම දන්න විදියට ඔය ප්‍රෝජෙක්ට් එක කරේ තනිකර චීන්නුන්ගේ මැනේජ්මන්ට් එකත් එක්ක. හොරා කන්න හම්බ උනානම් බොහොම සුළු ප්‍රමාණයක්. (හම්බන්තොට වරාය SLPA එක යටතේ නෙමෙයි තියෙන්නෙ) ඔය කියන විදියෙ හොරකම් වෙලා තියෙනවනම් ඕව ඔඩිට් කරල හොයන්න බැරිද බන්?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද හොරා මහින්ද හොරා...

    පොනිල් හොදායි... පොන්සිරා තව හොදායි... :rofl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතකොට දැන් මේ IMF එක කියන විදියට බදු ප්‍රතිපත්තිය වෙනස් කරාමයි ...
    බැදුම්කර මගඩිය වහල දාල යට කරාමයි..
    ඉට්කා අත්සන් කරාමයි...
    රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණුවාමයි..
    විතරක් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියල හිතනවද?
    ආර්ථිකේ වැටෙන්න හේතුව මහා පරිමාන අසාර්ථක වියාපෘති වැඩිකම ,රටට ඒ ණය බර දරා ගන්න බැ ,අඩු ගානේ ඕවව්ලින් පොලි යාවත් කවර් වෙන්නේ නැ


    iff එකෙන් ඉල්ලාල තියෙනේ බදු ප්‍රතිපත්තිය හදන්න උපදෙස් බන් ,ලංකවේ වියපාරිකයෙක් රු 100 ක් ඉපයුවහොත් එකෙන් 64 බදු විදිහට කැපෙනවා ,මේක ලොකු හිසරදයක් ,මහින්දගේ කාලෙත් කමිටි එකක් දැම්මා ඕක හදන්න එකට මොකද උනේ කියල දන්නේ නෑ
    රජයේ ආයතන කවුද බන් ගන්නේ පාඩු පිට දුවන ඒවා ,
    බැදුම්කර ඔය විදිහට ගත්ත එක මේ යන විදිහට නම් වාසියක්ට හැරෙන්න පුළුවන් ,මේ වෙලවවේ රජයට ඔය වගේ එකක් නිකුත් කොරොත් එකට කවුරුත් ලන්සු තියෙන්නේ නැ අවදානම වැඩි නිසා

    ඉටිකා වල තාම ෆ්‍රේම් වක් එක වත් නැ ,අනික එක 4 වර්ගයේ ගිවිසුමක් විදිහට සකස් කරන්නේ නැ කියල කියල තියෙන්නේ ,(සාදක සේවා හුවමාරු කරන්නේ නැ කියල )
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ලිපිය දාන්නේ දේශපාලන පදනමිකින් තොරව ආර්ථික කරුණු වල ඇති විශේෂ තාව දැක්වීම සදහායි...

    අනේ හු_... :lol::lol:
     
    • Like
    Reactions: keerthi.mac

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..



    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.


    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    රටක ආර්ථිකයේ හොඳ නරක විවිධ ආකාරයෙන් මනිනු ලබයි. එසේම ආර්ථිකයක යම් කරුණක්‌ හෝ කරුණු කිහිපයක්‌ සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ද තිබේ. මෙසේ රටේ තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්‌කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස්‌ ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස්‌ නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි. මේ ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක්‌ සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක්‌ වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්‌වා පහත හෙළීමයි. එමෙන් ම එකී අගයන් stable (ස්‌ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි. වත්මන් යහපාලන රජය බලයට පත් වීමටත් පෙර පසුගිය රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා සහ අවලාද නැගු වත්මන් රජයේ ආර්ථික ඔස්‌තාර්ලාට, පැවති ආර්ථිකය නරක නම් එය හොද පැත්තට ගෙන යැමට හැකියාව තිබුණි. එහෙත් එවැන්නක්‌ සිදු වන බව හෝ සිදුව ඇති බවක්‌ අපට තවමත් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම ගැන මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

    මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්‌ථාවේ පැවති සාපේක්‌ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්‌වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්‌වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්‍රණිගත කිරීමක්‌ ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි.

    "ෆිච් (Fitch) සහ මූඩීස්‌ ආයතන ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්‌ම "ස්‌ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්‌ටමේ සහතික කරන ලදී.

    මේ අතර මූඩීස්‌ ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්‌ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්‌ම "ස්‌ථාවර" මට්‌ටමේ සිට 'ධනාත්මක' මට්‌ටම දක්‌වා ඉහළ නංවන ලදී. මූඩීස්‌ ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්‌ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය.

    ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්‌ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්‍ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්‌ෂා කරන බව මූඩීස්‌ ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක්‌ ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්‌ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.'

    ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්‌ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක්‌ කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක්‌ නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස්‌ අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක්‌ නැත. එනම් ආර්ථිකය අස්‌ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්‌ම ෆිච් ආයතනය විසින් දක්‌වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්‌ථායි තත්ත්වයයි. පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්‌ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක්‌ හෝ දැක්‌මක්‌ නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක්‌ කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක්‌ නොවුණත්, මේ අවස්‌ථාවේ එය ප්‍රශ්නයක්‌ වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක්‌ නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක්‌ විදෙස්‌ ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස්‌ ඇත. මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක්‌ වුව ද අපගේ වත්මන් විදෙස්‌ සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක්‌ පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක්‌ වැනි ඉතා සුළු ප්‍රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක්‌ ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය.

    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.
    ( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)

    මේ තත්ත්වය රුපියලේ අගය පහත යැමට විශේෂයෙන් බලපා ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.ශී්‍ර ලංකාව සම්බන්ධයෙන් වන ණය ශ්‍රේaණිගත කිරීම පමණක්‌ නොව මේ වන විට රජයට අනුබද්ධ ආයතන කිහිපයකම ණය ශ්‍රේණි ගත කිරීම්ද ෆිච් ආයතනය විසින් පහත හෙළා ඇත.

    විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ ෆිච් ශේ්‍රණිගත කිරීම සම්බන්දයෙන් මෙසේ පැවසීය.

    මෑත ඉතිහාසයේ කිසිදිනක නොවුණු ආකාරයට ලංකාවේ මූල්‍ය කළමනාකරණය දරුණුතම නාය යාමකට ලක්‌ව ඇති බව ජාත්‍යන්තරව පිළිගත් ෆිච් රේටින් ආයතනය සිය මූල්‍ය විශ්ලේෂනයකින් හෙළිදව් කර තිබෙනවා මෙම හෙළිදරව්වට අනුව ලෝකයේ රටවල් වලට ඇති ණය ශේa්‍රණි 18 න් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් 14 වන ස්‌ථානයට පත්ව තිබෙනවා.

    මේ අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේදී තිබුණු තත්ත්වයට වඩා පහළට යමින් ඊ+ තත්ත්වයේ ඉතාම පහළ නිශේධනාත්මක ලැයිස්‌තුවට අයත් රටක්‌ බවට පරිවර්තනය වෙලා. එම වර්ගීකරණයට අනුව ලංකාව ජාත්‍යන්තරයේ ඉහළ අවදානම් සහිත රටක්‌ බවටද පත්ව තිබෙනවා.

    ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක්‌ වන ෆිච්රේටින් ආයතනය ප්‍රධාන කරුණු හතක්‌ පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්‍යqහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්‌ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්‌ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙනවා.'

    ඉහත ආර්ථික තත්ත්වයන් නිසා මතුවන ගැටලුවක්‌ නම් ඉතිරි විදෙස්‌ ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීමට ඉඩ තිබීමයි. මෙවන් තත්ත්වයකට මුහුණ දීමට බෝහෝවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පමසුකම් ගැනීමට සිදුවිය හැකිය. එහි දී සුබසාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි අහිතකර කොන්දේසිවලටද මුහුණ දීමට සිදුවිය හැකිය. මේ අතර, මූල්‍ය අරමුදල මගහැර වෙනත් ආයතනවලින් ණය ගතහොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමටද පුළුවන. මේ සියල්ලේ අහිතකර ප්‍රතිපල භුක්‌ති විඳීමට සිදු වන්නේ යහපාලන රජය පත් කරගත් බහුතර මහජනතාවටමය.


    කොහොමද වෙනස පුටේ? අදිමුද තව අවුරුදු 5 ක්? රෙදි නැතුව තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවා....

    "නළුවෙක් නොව මොලයක්" My Ass....

    රනිල්ගේ ලොල්ලා, බැදුම්කර වලින් කෝටි 7000 ක් හොරා කාපු එකම ඇති, මේ රටේ ආර්ථිකය වැටෙන්න..

    source : http://www.divaina.com/2016/03/06/economic05.html

    https://youtu.be/i791-zga42Q?t=6m2s
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.

    ( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)