බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මේ ලිපිය දාන්නේ දේශපාලන පදනමිකින් තොරව ආර්ථික කරුණු වල ඇති විශේෂ තාව දැක්වීම සදහායි ,
    දෙෂපාලනික තොරව ඉදරිපත් කරන සාදාරන තොරතුරු සහිත තරක වලට විතරක් පිළිතුරු ලබා දෙන්න පුළුවන් ,ණය ගැන ලිපියක් ලියන්නම්


    රනිල් වික්‍රමසිංහ(අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය)


    අද අපේ රටේ ආර්ථිකයේ සැබෑ තත්වය, ගෝලීය ආර්ථිකයේ බලපෑම් සහ අනාගත අභියෝග පිළිඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව පසුගිය ජනවාරි 28 වන දා මම මේ සභාව හමුවේ පැවසුවා. එයට සුදුසු අවස්ථාව එළැඹ ඇති බව මම සිතනවා.
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තලයකට වැටී ඇති බවට ඝෝෂා කරමින් ජනතාව තුළ බියක් ඇති කරන්නට පසුගිය දින කීපය තිස්සේම පුද්ගලයන් කීප දෙනෙක් උත්සාහ ගන්නවා. රටින් රට ගොස් සම්මන්ත්‍රණ පවත්වමින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ විදේශයන්හි ජීවත් වන අයව බියපත් කරලීමටත් සමහරු වෙහෙසෙනවා. ඒ නිසා සැබෑ තත්වය මේ සභාව හමුවේ හෙළි කිරීමටයි මම මේ අවස්ථාව සලසා ගන්නේ.
    2015 වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව මම ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ මුලදීමයි. ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින්. සුමනදාස මහතා ග්‍රහයන් හා තරු ගණිමින් කියූ දේ මම ඊට බොහෝ කලින් කිව්වේ රටේ ආර්ථික තත්වය ගැන විග්‍රහ කරමිනුයි.
    රාජපක්‍ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව 2015 ට එහා ආණ්ඩුව පවත්වාගන්න අපහසු බව මට වැටහුණා. මම ඒ බව කල් ඇතිවම ප්‍රසිද්ධියේ කියද්දී සමහරු උපහාසයෙන් සිනාසුණා.
    රාජපක්‍ෂ ආණ්ඩුව 2015 වසරේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ග්‍රහයන් කෙසේ වෙතත් ආර්ථිකය නීච වෙලා තිබුණ නිසයි. ඒ තත්වය මත තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නට බැරි නිසයි.
    ඉතින්, රාජපක්‍ෂ රෙජීමයේ සැලැස්ම වුණේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවත්වීමයි. ඔවුන් හිතුවේ දිනන්න පුළුවන් වෙයි කියලයි. දිනපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. එහෙම කළාම පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම අතට අරන්, බදු පිට බදු ගහලා, ණය පිට ණය අරන්, ජනතාව දරුණු ලෙස පාලනය කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.
    නමුත් ජනතාවගේ ග්‍රහයා උච්ඡ වුණා. රාජපක්‍ෂ රෙජීමය අවසන් ගමන් ගියා.
    ජනවාරි 08 වනදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. රටේ සියළු සාරය පවුලක් වටා ගොනු කොට, වරප්‍රසාද, ප්‍රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයකුයි ක්‍රියාත්මක වුණේ. ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්‍රයකුයි ක්‍රියාත්මක වුණේ. ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා වින්දා. රටේ අනාගතය අඳුරු වුණා. එක පවුලක් රජ වුණා.
    අපි මේ තත්වය වෙනස් කළා. මේ අවගමන අප නැවැත්තුවා. කඩා වැටෙන ආර්ථිකයෙන් පීඩාවට පත් වූ ජනතාවට වහාම සහන සැලසීම අපේ මූලික වගකීමක් වුණා. ඒ නිසා දින සියය වැඩසටහන යටතේ අප විශාල වශයෙන් සහන ලබා දුන්නා. ජනතාව අත යළිත් මුදල් ගැවසෙන්නට අවශ්‍ය පසුබිම අප ඒ ආකාරයෙන් සකස් කළා.
    සමහර ඒවා මම මතක් කරන්නම්. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )

    හැබැයි රටේ ආර්ථිකය වැටී තිබුණු වලෙන් ගොඩ ගැනීම ලේසි පාසු කටයුත්තක් වුණේ නෑ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.
    2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. ඊට ඉස්සෙල්ල සමහර ඒවා පිටවෙලා තිබුණා. ඉස්සෙල්ල ආණ්ඩුව ඔක්කොම හැංගුවා. එක එක සංස්ථා යටතේ, අනික්වා යටතේ වැළලූවා. අර මළසිරුරු හංගනවා වගේ කබඩ් එකේ දාල, අල්මාරියෙ දාල වහල තිබුණා. අපි ඒවා ඇරියා. වහන්න වැඩක් නෑ. අයවැයෙන් පසුවත් අපට තව තව තොරතුරු වාර්තා වුණා. මේක හරියට යුද්ධයක් අවසානයේ ඇති වුණ තත්වයක් වගෙයි. බොහෝ දෙනෙක් අතුරුදහන් වෙලා. ඒ අය මිය ගිය බවට ආරංචි තිබුණත්, තහවුරු කර ගෙන නෑ. මළ කඳන් හමුවී නෑ.
    මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි. මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිලිබඳව හෝ සැබෑ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.මේ ඔක්කොම හංගලයි තිබුණේ. මේවා තව හංගගෙන යන්න අපි ලෑස්ති වුණේ නෑ. ප්‍රශ්නය මොකක් වුණත් ඒක හෙළිකරන්න කියල තීරණය කළා.
    අපි පසුගිය දෙසැම්බර මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා, අපේ අදහස්, වැඩසටහන් ගැන. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර මාසයේදීයි. අපි තීරණය කළා මේ දේ හෙළිකරන්න. හංගන්නේ නැතුව මේ සියල්ල අපේ ණයට එකතු කරන්න. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා. අපි කියන සංඛ්‍යාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. තව මොනවද එළියට එන්නේ කියා අපි දන්නේ නැහැ. දැනට තිබෙන ප්‍රමාණය මම කියන්නම්.
    රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසයි. මේ විගණනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හා එක් වෙනවා. ඒකයි අපි තීරණය කළේ Forensic Audit එකක් සිදු කරන්න. අපිට සම්පූර්ණ දැනුම නැති නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලූවා. දැනට ඉල්ලා තිබෙන්නේ ඒ සහයෝගය පමණයි.
    මේ සහතික කෙරුණු වාර්තාවන්ට අනුව 2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක් තිබුණා අපේ අයවැයට පෙන්වන්න. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්.
    රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. මේ අලූත් කොටස එකතු කර තිබුණේ නෑ. මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක්. ඒ කියන්නේ අපි නිල වශයෙන් කිව්වොත් රුපියල් බිලියන 8475 ට අමතරව ජාතික ණය කියල, දැනට 1042 ක් එළිවෙලා තියෙනවා. තව මොනව එයිද කියල මම දන්නෙ නෑ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 211 ක්. ආදී වශයෙන් ලැයිස්තුව බොහොම දිගයි.
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 23 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහාමාර්ග අමාත්‍යංශයේ ණය. පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි. අපටයි බිල එන්නේ. රාජපක්‍ෂලා කෑවා, බිල අපට එන්නෙ.
    රාජපක්‍ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. වරායක් හැදුවා. නැව් නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ. අපි තමයි ගිහින් පළවෙනි වතාවට ඉඩම් වෙන් කළේ.
    ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ටි්‍රලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. ඒ කියන්නේ බිලියන 9500 යි. සමහර විට 10,000 ක් වෙන්නත් පුලූවන්.
    දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. ඒ නිසා අපේ ගමන් මග ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවත් මෙහිලා සිහිපත් කරන්නට කැමතියි.
    අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. ඒ අපේ දෙවන අභියෝගයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි.
    අද ලෝකයේ තෙල් මිළ පහත වැටෙමින් පවතිනවා. මේ නිසා රටේ තෙල් මිල පහත දැමිය යුතුයැයි කියන අය ඒ පිටුපස ඇති අනතුරුදායක තත්වයන් දකින්නේ නැහැ. අපි කැමතියි සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුලූවන්නම්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. ඒක ගෙවන්න එහෙනම් අපට වෙනම ටැක්ස් එකක් දාන්න වෙනවා. අනික් අතින් ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්වය පිරිහෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි. දැනට ඒ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන්නට ඉඩ තියෙනවා. පඩි අඩු වෙන්නට ඉඩ තියෙනවා. මේ අනතුර අප අමතක නොකළ යුතුයි.
    තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූම දැන් කොහොමත් පහළ වැටිලයි තියෙන්නෙ.
    අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නිසා මැදපෙරදිග කලාපය අවදානම් තත්වයකට ඇද වැටී තියෙනවා. අපේ තේ අපනයනයට එය තදින් බලපානවා. ඒ වගේම යම්කිසි සිද්ධියක් ඇති වුවහොත් එය ලෝක ආර්ථිකයටත්, තෙල් බෙදා හැරීමටත් බලපාන්න පුලූවන්.
    චීනයේ ආර්ථික අවපාතය ද අපට අවාසි සහගත තත්වයක්.

    යුරෝපීය ආර්ථිකය දුර්වල වුවහොත් එය අපේ අපනයන ආදායමට බලපානවා. යම් හෙයකින් බ්‍රිතාන්‍යය යුරෝපීය වෙළඳ හවුලෙන් ඉවත් වුවහොත් එයත් අපට අවාසිදායක වෙනවා. ඒ නිසා එසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
    අමෙරිකානු මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීම සිදු කළ හැකියි. එක පාරක් කළා. ලෝක ආර්ථිකයේ ප්‍රශ්න ඇති වෙයි කියලා නතර කරල තියෙනවා. මම හිතන විදියට අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර තමන්ගේ ශක්තිය පෙන්වන්න එය වැඩි කරන්නට ඉඩ තියෙනවා. එසේ කළහොත් අපි ගෙවිය යුතු ණය පොළී අනුපාතිකයන්ද ඉහළ නගිනවා.
    පසුගිය පෙබරවාරි මාසයේ 26 සහ 27 දිනවල චීනයේ ෂැංහයි නගරයේදී ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ හා මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව පැවැත්වුණා. එය අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.
    “ප්‍රාග්ධන ප්‍රවාහය ක්‍ෂණිකව වෙනස් වෙන පසුබිමක, පසුබැසීමේ අවදානම සහ අනපේක්‍ෂිත අවස්ථා වර්ධනය, වෙළඳ භාණ්ඩ මිල විශාල ලෙස පහත වැටීම, භූගෝලීය දේශපාලන ආතතිය ඉහළ නැංවීම, එක්සත් රාජධානිය යුරෝපීය හවුලෙන් ඉවත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීමේ කම්පනය, යුරෝපයට පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව වැඩිවීම ආදී සාධක සියල්ල මධ්‍යයේ ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
    විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ ව්‍යාකඣලත්වය මගින් මුල්‍ය ස්ථාවරයට බලපෑම් සිදු විය හැකි බව අප නැවතත් අවධාරණය කර සිටිමු.”
    ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. මේවා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පසුගිය කාලයේ නොවෙනස්ව අනුගමනය කළ ක්‍රමය වුණේ වෙළඳපොලෙන් මුදල් සොයා ගැනීමයි. එදා වෙළෙඳපොලේ ලාබෙට පොලියට ගන්න පුලූවන්. නමුත් අද වන විට ලෝක වෙළඳපෙලෙන් මුදල් ලබා ගැනීම අසීරු සහ වියදම් අධික ක්‍රමයක් බවට පත් වී තියෙනවා.
    පසුගිය ජනවාරියේ ඩවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටින් ලෙගාඩ්, ප්‍රකට ව්‍යවසායකයන් හා ආර්ථික විශේෂඥයන් වූ ජෝර්ජ් සෝරෝස්, ජෝශප් ස්ට්ග්ලිට්ස් සහ රිකාඩෝ හවුස්මාන් වැනි අය හමුවී සාකච්ඡා කළා. ගෝලීය ආර්ථික අවදානමට රටක් ලෙස අප මුහුණ දිය යුතු ආකාරය ගැන අප අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ගෝලීය ආර්ථික අර්බුදය ගැන අනාවැකි පළ කිරීම අසීරු බවයි. ඒ නිසා අරපරිස්සමින්, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැන වැඩි බරක් තබන ලෙස ඔවුන් පැවසූවා.
    යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානියේ මත විමසුම සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හේතුවෙන් මේ ගෝලීය ආර්ථික අවදානම ආසන්න වශයෙන් ඉදිරි වසරක කාලයක් පමණ පැවතීමට ඉඩ තියෙනවා.
    ඒ නිසා මේ වසර අප සීරුවෙන් ගෙවා ගත යුතු වසරක්. මේ වසරේ දේශීය හා ගෝලීය අර්බුදය හමුවේ නොවැටී සිටින්නට අප ශක්තිය ඇති කර ගත යුතුයි. ධෛර්යය ඇති කර ගත යුතුයි. මේ අවුරුද්ද තුළ ආර්ථික ස්ථාවර භාවය ආරක්‍ෂා කර ගැනීමට අපට හැකි වුවහොත් අප අසීරුම අවස්ථාව ජය ගත්තා වෙනවා. අසීරුම අවස්ථාවෙන් ගොඩ එන්නට අප සමත් වුවහොත්, අනාගතය වඩාත් යහපත් හා පැහැපත් කර ගැනීම පහසුයි.
    රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීමයි. මේ නිසා ණය පිට ණය පැටවුණා. පොලී පිට පොලී පැටවුණා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අප සූදානම් නෑ. රාජපක්‍ෂ රෙජීමය මේ ආකරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නුවා. ඒ සුරංගනා කඩතුරාවට මේ රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටුනා.
    දැන් අප ඒ කඩතුරාව ඉවත් කර තියෙනවා. දැන් අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විවෘතව දකින්න තියෙනවා. ඒ නිසා තමයි ෆිච් දර්ශකයේ අපේ ස්ථානය පහළ වැටුණේ. ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම පුදුම වුණේ එදා ආණ්ඩුව සැපයූ තොරතුරු ඇත්තද නැත්තද කියා සොයා බලන්නේ නැතුව ෆිච් දර්ශකය අපට ඉහළ තත්ත්වයක් දුන්න එක ගැනයි. අන්න ඒකයි තියෙන ප්‍රශ්නය.
    කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්‍රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. අප සිදුකරන්නේ එයයි. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කර ගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොලක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.
    අද අප එළැඹතියෙන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මංසන්ධියකටයි. සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ ඉදිරි දැක්ම, විශේෂයෙන් ජනතාවගේ ආදායම ඉහළ නංවන රැකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙළ, නිවාස පන් ලක්‍ෂයේ වැඩපිළිවෙළ සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල සංවර්ධනය යන වැඩපිළිවෙළවල් සාක්‍ෂාත් කර ගැනීමට අපට අවශ්‍යයි. නමුත් අස්ථාවර ගෝලීය පරිසරය අපට බාධා කරනවා. මේ බාධක ජය ගැනීමට නම් නව්‍ය ප්‍රවේශයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
    මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලූව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණ සහිත මැදි කාලීන මූල්‍ය ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකින් පමණයි. මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්.
    නවීන ලෝකයට ගැලපෙන පරිදි, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.
    2016 වසර ඉතා අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බව මම කලිනුත් සඳහන් කලේ ඒ නිසයි. 2016 අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලූතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින්, 2016 වසරට අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීමද අප සිදු කළ යුතුයි.
    ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය ගතිකත්වය පවත්වා ගැනීමට නම් අප ආර්ථික වර්ධනය 6% ආසන්නයේ පවත්වා ගත යුතුයි. මූල්‍ය ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ අනුව පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇති විය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගනිමින් 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් යළි සලකා බැලිය යුතු බව අපට හැඟී ගියා.
    ඒ නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා.
    සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු
    2016 අයවැයේ මෙම බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කරනවා. 2015 වසරේ බදු ප්‍රතිශතයන් මේ අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා.
    ව්‍යවස්ථාපිත ආදායම් බදු
    කලින් විවිධ බදු අනුපාතයන්ට යටත්ව පැවැති ඉතිරි සියලූම අංශ සදහා 2016 අයවැයෙන් යෝජනා කළ 15% ක ප්‍රතිශතය වෙනුවට 17.5% ක බදු අනුපාතයක් පැනවීමට ක්‍රියා කරනවා.
    ප්‍රාග්ධන ඉපැයීම් මත බදු
    1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා. 2015 අයවැයෙන් ලබාදුන් සහන හේතුවෙන් සමස්ත ඉල්ලූම ඉහළ නැංවුණා. ඒ හේතුවෙන් ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි පැනවීමට අපි ක්‍රියාකරනවා. හැමදාම මම කිව්වෙ මේ රටේ පොඩි මිනිහට බදු දාන්න බෑ. බදු ගෙවනවා නම් ලොකු මිනිහත් බදු ගෙවන්න ලෑස්ති වෙන්න ඕන.


    ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)

    ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම මත පදනම් වූ බද්දක්. ඒ නිසා 2016 අයවැයෙන් යෝජනා කළ පරිදි එම බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් එල්ල වෙනවා. ඒ යෝජනා කරල තිබුණු එක. එම විහිදුනු බලපෑම වැළැක්වීම සහ ව්‍යාපාර සංවර්ධනය සුරක්‍ෂිත කිරීම වස් ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2% ක ප්‍රතිශතයකම නොවෙනස්ව පවත්වා ගැනීම සුදුසුයි. විදුලි සැපයුම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට කරනු ලැබූ යෝජනාව එලෙසම ක්‍රියාත්මක වන අතර කාර්තුවක් සදහා රුපියල් මිලියන 3.75 ක් වූ අවම සීමාව රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනවා.
    එකතු කළ අගය මත බදු (VAT)
    11% ක් වූ තනි අනුපතයක් වෙනුවට 2016 අයවැයෙන් 8% ක් සහ 12.5% ක් වශයෙන් වූ එකතු කළ අගය මත බදු අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා.
    කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක් වූ තනි එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්‍ෂා සහගත විකල්පයක් වෙනවා. විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරනවා. වැට් බදු වැඩි කිරීමෙන්, අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට අප ඉඩ දෙන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක් මත පමණක් වැටි බදු පැනවීමට අප ක්‍රියා කරනවා.
    එම බදු ප්‍රතිපත්ති සංශෝධන මගින් වගේම, විදේශීය රටවල් සමග ආර්ථික හා වාණිජ සබඳතාවන් ශක්තිමත් කරලීම මගින් වැඩි ආදායම් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
    ඒ සඳහා ඉතා ඉක්මණින්ම ජීඑස්පී + සහනය ලබා ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ ඇඟළුම් පමණක් නොව අනෙකුත් නිෂ්පාදන සඳහාත් යුරෝපීය වෙළඳ පොලේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.
    ඒ සමගම අප විවිධ රටවල් සමග සහයෝගීතා ගිවිසුම් වලට එළැඹිම සඳහා සාකච්ඡා කරනවා. ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොල පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ තරුණ තරුණියන් ලක්‍ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.
    අපි ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගිය සතියේ අපේ අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ සංචාරය කළා. ඒ පදනම මත මම ලබන මාසයේ චීනයට ගොස් සාකච්ඡා ඉදිරියට ගෙන යනවා. ජපානය සමග සාකච්ඡා ජූනි හෝ ජූලි මාසය වෙද්දී අවසාන අදියරට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. සිංගප්පූරුව සමග සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින්නේ. පකිස්තානය, තුර්කිය සමගත් අප සහයෝගීතා ගිවිසුම් වලට එළැඹෙන්න බලාපොරොත්තු වෙනවා.
    අමෙරිකා එක්සත් ජනපදය සමගත් අප සාකච්ඡා ආරම්භ කළා. දෙරට අතර සම්බන්ධතාවන් තව තව තවත් තහවුරු කරලමින්, සහයෝගීතාවය වර්ධනය කිරීම පිණිස අප ඒකාබද්ධ පාර්ශවකාරී සංවාදය පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපේ විදේශ අමාත්‍යවරයා වැඩි දුර කරුණු සඳහන් කරාවි.
    මේ විදේශීය ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵල ලෙස රැකියා අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය වෙද්දී, ඒ රැකියා වෙළඳ පොළට සරිලන මිනිස් සම්පත් අපට අවශ්‍යයි. විවිධ වෘත්තීන්ට සරිලන පරිදි අපේ තරුණ තරුණියන් පුහුණුවෙන් සන්නද්ධ කරලීම සඳහා අප රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි සහය ලබා ගන්නවා. මේ දෙක එකට එකතු වෙලා තමයි පුහුණුවීම් කරන්නෙ.
    අධ්‍යාපන අවස්ථා පුළුල් කරනවා. සෑම දරුවෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනයක් සහතික කරනවා. ඩිජිටල් අධ්‍යාපන අවස්ථා අලූතින් නිර්මාණය කරනවා. නව රැකියා වෙළඳ පොලට ගැලපෙන ආකාරයේ පාඨමාලාවන් පැවත්වීමට විශ්ව විද්‍යාල දිරිමත් කරනවා.
    ඒ වගේම අපේ රටේ ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා. රජයේ ඉඩම් හා නිවාසයන්හි බලපත්‍ර මත පදිංචි වී සිටින අයට සින්නක්කර අයිතිය ලබා දීමේ වැඩ පිළිවෙලේ නීති මේ අවුරුද්ද මැද දී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
    ග්‍රාමීය ආර්ථික නගා සිටුවමින් ගැමි ජනතාවට වැඩි ආදායම් ලබා ගැනීමේ නව මාර්ග උදාකරදෙනවා.
    මේ සියල්ල මගින් අපේ අපේක්‍ෂාව වන්නේ 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිය 5.4% ක මට්ටමින් පවත්වාගෙන යෑමයි. ඒ සමගම සියයට 6 අවම ආර්ථික වර්ධන වේගයක් රඳවා ගැනීමයි.
    අපි ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඕනෑම ආකාරයක ආර්ථික කුණාටුවකට මුහුණ දීමට ශක්තිය අප ඇතිකරගත යුතුයි. ඒ වගේම එවැනි ශක්තියක් අපට ඇති බව ලෝක ආර්ථික ප්‍රජාවට ඒත්තු ගැන්විය යුතුයි.
    රාජපක්‍ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටිනවා. මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නවා. නමුත් ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දකින්නයි. ඊට පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීමටයි. ඒ බලාපොරොත්තු තමයි සමහර අයට තියෙන්නෙ.
    අප කිසි දිනෙක මේ රට විනාශයට ඉඩ දෙන්නේ නෑ. රට විනාශ කළ අයට ආයෙම රට විනාශ කරන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. අවසන් ගමන් ගිය රෙජීමයකට ආපහු මළවුන්ගෙන් උත්ථාන වෙන්න බෑ. හැබැයි ඒ අය නොදන්න දෙයක් තියෙනවා. අපේ ආර්ථිකය උගුලක පැටලී තියෙන බව ඇත්ත. ඒත් ආර්ථිකය මරණාසන්න නෑ. අසාධ්‍ය නෑ. අපි 2015 ඡන්දයට ගියේ ඒක ආපසු හරවන්න පුලූවන් නිසයි.
    ඒ නිසා ලෙඩා ගොඩ ගන්න පුළුවන්. තිත්ත බේත් හරි දීලා අපි ලෙඩා ගොඩ ගන්නවා. දැන් අපි බඩු මිල අඩු කරලයි ලෙඩා ගොඩගත්තෙ. මේ රටේ ජනතාවට සැනසිල්ලෙන්, සතුටෙන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයීය හා ආර්ථික පරිසරයක් අපි උදා කරනවා.
    රටේ ජනතාව අප බලයට පත් කළේ අප ගැන විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තබා ගෙනයි. මේ සභාවේ සිටින අපි හැමටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමේ වගකීමක් තියෙනවා. ඒ විශ්වාසය ආරක්‍ෂා කිරීමේ වගකීමක් තියෙනවා.
    නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන මොහොතක් සිතා බලමු. නිදහස ලබද්දී අපට පිටුපසින් සිටි ආසියානු රටවල් ගණනාවක් අද අප අභිභවා ගොස් තියෙනවා. ඒ රටවල් ඉදිරියට යද්දී අප පිටුපස්සට ගියේ ඇයි? අපේ ඉලක්ක කරා ළඟා වීමට අප අසමත් වුණේ ඇයි?
    අපට වැරදුණු ප්‍රධානතම හේතුව ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. අපේ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව, ඇමතිගෙන් ඇමතිටත් වෙනස් වුණා. ඒ තරම්ම පටු ප්‍රතිපත්ති රාමුවක අප හිර වුණා.
    ඒ නිසා දැන්වත් පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වෙමු. පුළුල්ව සිතමු. ආර්ථික අභියෝග ජයගන්නට එකට එක්වෙමු. අප එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා.

    නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වසර වන විට දෙගුණයක් කර ගැනීමටත්, 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමටත් අපට අවකාශ සැලසෙනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස දිදුලවන්නට අපට හැකි වෙනවා.
    අප කිසිවිටෙක සත්‍යය සඟවා නැහැ. අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය මම මේ සභාව ඉදිරියේ හෙළි කරන්නේ ඒ නිසයි. පසුගිය කාලයේ කිසිම අවස්ථාවක ආර්ථිකය පිලිබඳ සැබෑ කරුණු මේ සභාව හමුවේ ගෙනහැර දැක්වූයේ නෑ.
    ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදීත් අප ක්‍රියා කරන්නේ ඉතාම විවෘත ආකාරයටයි. රාජපක්‍ෂ රෙජීමයේ ආර්ථික තීන්දු තීරණ ගත්තේ සුළු පිරිසක් විසින්. ඒ ගැන මේ සභාවේ සිටින බොහෝ දෙනෙක් දන්නවා. හුඟ දෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තියෙනවා.
    දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ආර්ථික කටයුතු පිළිබඳ අනුකමිටුවක් තිබෙනවා. ඒ අනුකමිටුවට ඇමතිවරුන් සහ නිලධාරීන් ගණනාවක් ඇතුළත්. අනුකමිටුව විසින් තීන්දු තීරණ ගත් පසු ඒවා කැබිනට් මණ්ඩලය වෙත යොමු කරනවා. කැබිනට් අනුමැතියෙන් පසු ඒවා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනවා. එවිට ඒ තීන්දු තීරණ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න, වාද විවාද කරන්න, සංශෝධන ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවෙනවා. ඒ නිසා මේ ප්‍රකාශයත් පාර්ලිමේන්තුවේ වාද කරන්න දිනයක් නියම කරන ලෙස මා කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.
    දැනට පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර කාරක සභාවත් ඉතා හොදින් ක්‍රියාත්මක වෙන බව අප දන්නවා. නව අධීක්‍ෂණ කමිටු ක්‍රමය යටතේ රාජ්‍ය මූල්‍ය කමිටුව වහාම ස්ථාපිත කොට ක්‍රියාත්මක කරලීම අතිශය වැදගත් බව මම මෙහිලා අවධාරණය කරන්නට කැමතියි. එවිට රාජ්‍ය මූල්‍ය කටයුතු තවත් විධිමත් හා ක්‍රමවත් කරලීමේ පසුබිම සැකසෙනවා. එවිට ඒ කමිටුවටත් යෝජනා කරන්නට පුලූවන් ගත යුතු පියවර කුමක්ද කියා. ඒ යෝජනා ටිකත්, අපේ යෝජනා ටිකත් නැවත විවාද කරන්න පුලූවන්.
    ඒ වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ආරම්භ කිරීමටද අප පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය සතු වන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් පසුගිය පාලන කාලයේ එය මුළුමනින්ම පාහේ නොසලකා හැරියා. අවස්ථා ගණනාවකදී අප ඒ බව අවධාරණය කළා. පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ අනුදැනුමකින් තොරව රාජ්‍ය මුල්‍ය කටයුතු සිදු කෙරෙද්දී ඊට විරෝධය පළ කළා. නමුත් සුළු පිරිසකගේ උවමනාව මත, බොහෝ කරුණු පාර්ලිමේන්තුවට වසං කළා. ඒකයි අද වෙලා තියෙන්නෙ.
    දැන් සියළු රාජ්‍ය මූල්‍ය කටයුතු මේ සභාව හමුවේ ඉදිරිපත් කෙරෙනවා. විශේෂයෙන්ම කතානායකතුමනි, මේ වැඩ කටයුතු අපි දැන් පටන් ගන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල දැනට අරගෙන තියෙනවා. එතැනට යනකම් ඉන්න එපා දැනට අපි CPA කාමරය, බිලියඩ් කාමරය ඇතුලූ තවත් කාමර 3 ක් ලබාගත්තොත් මේ මාසය අවසාන වීමට පෙර අපේ සියලූම ලිපිගොනු එක තැනකට ගන්න පුලූවන්. මේ මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වෙන්න පුලූවන්. මේ විවාදයෙන් පසු කල් නොගොස් මේ කමිටුව අපි ආරම්භ කරනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව සියළු තොරතුරු අප මේ සභාවට වාර්තා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාත්මක වන සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ පිළිවෙත එයයි.
    මීට පෙරාතුව රබර් මුද්‍රාවක තත්වයට පත්ව තිබූ පාර්ලිමේන්තුවට දැන් වගකීමක්, බලයක් හා ගරුත්වයක් හිමි වී තිබෙනවා. ඒ වගකීම, බලය හා ගරුත්වය නිසි ලෙස ආරක්‍ෂා කරමින්, රට නැංවීමේ ව්‍යායාමයට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.
    *අද​ දින පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය

    https://www.colombotelegraph.com/index.php/ranil-wickremesinghematch-08-2016/
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    llවිශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )

    :lol::lol::lol::lol::lol:

    මේ එක බඩුවක් වත් ගණන් අඩු උනේ නැ ගොන් වස්සෝ .
    අද වෙනකොට සිනි 100 යි.(එදා 85යි )

    ඔය බඩු සෙට් එකේම තාම පාලන මිල අයින් කලා .
    2500 වැඩි කරපු එක අද වෙනකන් දීල නැ .

    තොපි වගේ ගොන් හරක්ට කියනට තියෙන්නේ


    rocat90ව

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
     
    Last edited:
    • Like
    Reactions: banda065

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Blah blah blah blah!!!!!!
    kN8E_f-maxage-0.gif
     
    Last edited:
    • Like
    Reactions: banda065

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    llවිශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )

    :lol::lol::lol::lol::lol:

    මේ එක බඩුවක් වත් ගණන් අඩු උනේ නැ ගොන් වස්සෝ .
    අද වෙනකොට සිනි 100 යි.(එදා 85යි )

    ඔය බඩු සෙට් එකේම තාම පාලන මිල අයින් කලා .
    2500 වැඩි කරපු එක අද වෙනකන් දීල නැ .

    තොපි වගේ ගොන් හරක්ට කියනට තියෙන්නේ


    rocat90ව

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු

    Blah blah blah blah!!!!!!
    kN8E_f-maxage-0.gif

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු

    වඩාත් ත්රකානුකුල දේවල් වලට විතරක් පිළිතුරු දෙනවා ,

    හෝදන්න දෙයක් නැ රටේ ආර්ථික තත්වය දැන් මේක තමයි ,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කම්මුතුවාදී යහපාලන ආණ්ඩුවේ පිළිවෙත එයයි.
     
    • Like
    Reactions: banda065

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.

    ඒ=අමන .
    ජී =ගු .:lol::lol::lol::lol:


    අමන ගු 20 කණ්ඩායමේ අදහස.
    ජී 20

    G20: what is it and how does it work?

    What is the G20?



    The Group of Twenty (G20) Finance Ministers and Central Bank Governors was established in 1999 to bring together industrialised and developing economies to discuss key issues in the global economy.

    The inaugural G20 summit took place in Berlin, December 1999, hosted by German and Canadian finance ministers. This year's meeting will be held in Brisbane, Australia.






    Which countries are members of the G20?

    The G20 is made up of the finance ministers and central bank governors of 19 countries: Argentina, Australia, Brazil, Canada, China, France, Germany, India, Indonesia, Italy, Japan, Mexico, Russia, Saudi Arabia, South Africa, South Korea, Turkey, the United Kingdom, the United States of America.

    The remaining seat is held by the European Union, which is represented by the rotating Council presidency and the European Central Bank.

    How often do they meet?

    It is normal practice for the G20 finance ministers and central bank governors to meet once a year. However, leaders met twice a year in 2009 and 2010, when the global economy was in crisis.
    The last meeting of ministers and governors was held in Saint Petersburg, Russia between 5 and 6 September 2013.



    How does the G20 differ from the G7?



    The G7 was established in 1976 as an informal forum of seven major industrial economies: Canada, France, Germany, Italy, Japan, the United Kingdom and the United States of America. It was re-named the G8 after the entry of Russia in 1998. This March, the G7 voted to suspend Russia in response to escalating tensions with Ukraine that led to Russia's annexation of Crimea. However, the suspension is designed to be temporary.
    Where the G7 seeks agreement on current economic issues based on the interests of those countries, the G20 reflects the wider interests of both industrial and emerging-market economies.


    Who chairs the G20 summit?




    he G20 has no permanent staff of its own. The G20 chair rotates between members and is selected from different regional groupings each year.
    In 2014 the G20 chair is Australia, and in 2015 it will be Turkey.
    Hosting the summit is an opportunity to set the agenda and lead discussions.
    In 2009, when the UK hosted a special spring summit, former prime minister Gordon Brown orchestrated a deal in which world leaders agreed on a $1.1 trillion injection of financial aid into the global economy. The "historic" deal was widely viewed as a success.


    Do all member countries exert equal influence?
    There are no formal votes or resolutions on the basis of fixed voting shares or economic criteria. Every G20 member has one voice with which it can take an active part in G20 activity.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වඩාත් ත්රකානුකුල දේවල් වලට විතරක් පිළිතුරු දෙනවා ,

    හෝදන්න දෙයක් නැ රටේ ආර්ථික තත්වය දැන් මේක තමයි ,

    එක හොදයි .
    අපිටත් එහෙම කරන්ට තිබුණා .ගු ගොඩක් නෙදා හොද එකෙක් දැම්මානම් .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    a dawas wala kiuwe mahindata witarak koti bara ganaka wiyadam yanawa...a sahana okkoma janathawata denawa kiyala:baffled::baffled::baffled::baffled:

    moka ආවත් ඔය පුටුවට එක තමයි කරන්නේ ,එනිසා ඕක අයින් කරන්න ඕනේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ ,රස දැනුනම ඕවා වෙන්නේ නැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටොයියනි
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    ලොක්කො කියල තියෙන්නෙ අඩුමගානෙ අවුරුදු පහක්වත් හෝදන්න කියල

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
     
    • Like
    Reactions: KDH

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එක හොදයි .
    අපිටත් එහෙම කරන්ට තිබුණා .ගු ගොඩක් නෙදා හොද එකෙක් දැම්මානම් .
    මේකේ තින ආර්ථික කරනු ටික විතරක් බලපන් ,මන් එක වෙනම පාට කලේ එකයි
    මේකේ තියෙන කරනු ගොඩක් සාදාරනයි ,මේ ගැන අපි 2014 දී රිස්ච් එකක් කළා ,එකෙන් පස්සේ අපිට මේ දේවල් කලින් හදුනා ගන්න පුළුවන් උනා ,එත් ඒවා අහන්න කවුද හිටියේ ,ලංකවේ ආර්ථිකේ 2016 කෙලවෙනවා කියල මහබැංකුවේ සෙමිනා එකේදී ප්‍රශ්න කරන්න ගිහින් මට තව චුටෙන් හෙන කෙලියක් වෙනවා ,ඒ නිසා මට අද සතුටුයි ,මන් ඉගෙන ගත්ත පොඩි දැනුමෙන් මේ වෙන දේ කලින් නිගමනය කරන්න පුළුවන් එක
    සමහර දේවල් ලියන්න පුළුවන්
    එක මේ වෙලාවට ගැලපෙන්නේ නැ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජපක්‍ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. වරායක් හැදුවා. නැව් නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ.


    උඹේ හෑලලේ තියෙන බොරුව මේකෙන්ම පේනව. උඹ හම්බන්තොට වරාය පැත්ත පලාතෙවත් ගිහින් තියෙනවද? මම මේක කියන්නෙ මමත් ශිපින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ද නිසා. මම මේක ලියන වෙලාවෙත් හම්බන්තොට car carrier එකක් berth වෙලා තියෙන්නෙ. උඹ දන්නවද හම්බන්තොට යාර්ඩ් වල transshipment vehicle කීයක් තියෙනවද කියල? හම්බන්තොට වරාය තාම පටන්ගත්ත ගමන් වගේ කොලබ වගේ berth කරන්න නැව් පෝලිමේ out harbour තියාගෙන ඉන්නෙ නෑ. හම්බන්තොට ඔපරේෂන් කෝස්ට් එක කොලබට වඩා අඩුයි. හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා හැන්ඩ්ල් කරල තියෙන වාහන ගාන වැඩි වෙලා තියෙනව. එහෙම තියෙද්දි උඹ මොන පදනමකින්ද කියනනෙ නැව් ඒන්නෙ නෑ කියල? දෙයක් තාර්කිකව සාකච්චා කරන්න ඕනනම් ලිඳ ළඟ ගෑනු ඔප දූප කියවනව වගේ නැතුව සෝර්ස් එක්ක දාපන්. උඹ මේකට දේශපාලනය ගාවගන්න එපයි කිව්වත් මටත් කියන්න තියෙන්නෙ

    http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    Hambanthota-Port-600.png


    rocat90

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89