බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදු කරන ලද අවිධිමත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රජයට සති 4 ක් ඇතුළත දි කෝටි 4100 ක පාඩුවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කොළඹදී පැවැති “ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල කළ දෙවැනි බෝම්බ ප්‍රහාර‍ය” සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

    රජයට දරන්න වෙලා තියෙනවා පෙබරවාරි 27 සිට මාර්තු 31 දක්වා සති හතරකදි දැනට පොලි පාඩුව බිලියන 41 ක්. සති 4 ක් ඇතුළත දි කෝටි 4100 ක් ලංකා රජයට අතිරේක වැය බරක් මහජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.දීර්ඝ කාලයක් අමාරුවෙන් තනි ඉලක්කමක් බවට පත් කළ පොලි අනුපාතය දැන් ඉලක්කන් දෙකේ සංඛ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා . පොඩි කාලයකට නෙමෙයි අවුරුදු 30කට.

    බිලියන 1ක් රජයේ ණය අවශ්‍යතාව කියලා තිබිද්දී බිලියන 10ක් දක්වා ඒ මුදල වැඩි කරන්න මුදල් අමාත්‍යංශයේ බාණ්ඩාගාරයේ ලේකම්වරයා ලිඛිති ඉල්ලීමක් කළා ද? කළා නම් ඒ කවදාද ? මහැබැංකු අධිපතිවරයාට ඒ තීන්දුව දැනුම් දුන්නාද ?

    ගාල්ල – මාතර අධිවේගි මාර්ගය සම්පුර්ණයෙන් නිම කරන්න ගියේ බිලියන 25. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර යෝජනා ක්‍රමයට බිලියන 23 යි හෙජිං ඇස්තමේන්තු කර තිබෙන මුළු අලාභය බිලියන 12. සුමාන හතරට මෙතන සිදුවෙලා තියෙන අලාභය බිලියන 41 කයි’ යයිද ඔහු කියා සිටියේය.
     
    • Like
    Reactions: DJU9

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගොවීන්ට පොහොර මුදල ලබාගැනීම සදහා රුපියල් 500ක් හෝ 1500ක අවමයක් යොදා ආණ්ඩුවේ බැංකුවක ගිණුමක් ආරම්භ කල යුතුය. පෝරමය පුරවා හැදුනුම්පත් ඡායාරූප දෙකක් සමඟ එය දිය යුතුය. එදා රුපියල් 40ට ගත් වී මිල අද රුපියල් 16 දක්වා පහත වැටී ඇත. එදා රුපියල් 80ක් වූ අමු තේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. රුපියල් 300 රබර් කිරි කිලෝව දැන් රුපියල් 150කි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වී ගොවියා පමණක් නොව අතුරු බෝග ගොවීන් සඳහා 2005 සිට වසර 9ක් වගා කන්න 18ක් සඳහා අඛණ්ඩව පොහොර සහනාධාරය සැපයීය. වෙළෙඳ පොලේ රුපියල් 3,415ක්වූ පොහොර මිටිය සන්ධාන ආණ්ඩුව දුන්නේ රුපියල් 350කටය. එය වී ගොවියාට සියයට 90ක සහනාධාරයකි. අනෙක් බෝග සඳහා පොහොර සහනාධාරය සියයට 70කි. සන්ධාන ආණ්ඩුව වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වැය කළේය. පොහොර මිල වෙනස් වූවද ‍සහනාධාරය වෙනස් වූයේ නැත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ටොයියනි
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    ලොක්කො කියල තියෙන්නෙ අඩුමගානෙ අවුරුදු පහක්වත් හෝදන්න කියල

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!




    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට යකෝ .

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    පොනිල්ට කියලා රොකට් එකක් හදාගෙන ඒකේ රොකට් 90 කියලා ගහගෙන අගහරු වලටවත් පලයන්.



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියනි
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    ලොක්කො කියල තියෙන්නෙ අඩුමගානෙ අවුරුදු පහක්වත් හෝදන්න කියල

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඔල මේ තර්ක මොන විදියට ගෙනාවත් ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ තීරණ දැනෙන විදිය අපට පෙනෙනව බන්..
    පොහොර සහනාධාරය කැපුව එනෙක් ගොවිය කබලෙන් ලිපට වැටිල..(සහනාදරේ කපල නැ එකට සල්ලි දෙන්න හදල තියෙනේ )
    රබර්, තේ, වී වලට තිබුණු සහතික මිල අඩුකරල..
    තේවතු කැලැවට ගිහින්..
    රබර් ගස් දරට විකුණනවා..
    අයවැයෙන් අඩු කරාට මොකද ..
    නාඩු හාල් 80
    සීනි 120
    හාල්මැස්සො 700
    පරිප්පු 220 (බදු සංශෝධනයට පෙර මිළගණන් - ගමේ කඩේ ඇ...)

    උඔල ඔය කියන ආර්තිකේ හදන්න වෙන්නෙ පොඩි මිනහගේ මළ කදන් උඩින් නේද?

    මන් දක්කා තේ ත්‍රෙඩ් එක චෝර වෙච ච හැටි ඔබ තුමා

    රබර් තේ වල ගැටලුව සැහෙන කල් ඉදන් එන්නේ ,,දැන් එක උපරිම වෙලා තියෙන්නේ ,tax දාලා තියෙනේ පොඩි මිනි හට හානි නොවෙන්න ,නැත්නම් එක පාර ම vat එක අත්යවශ භාණ්ඩ වලට දානවා ,මොකද ඒවාට බදු දැම්මාම තමයි බදු අදායම වැඩි වෙන්නේ ,
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාඩුව දිනෙන් දින පැටව් ගහන
    'බැඳුම්කර මගඩිය'




    arajuna.jpg





    දේශපාලනය සහ ආර්ථිකය යන්න නිරන්තරයෙන් එකිනෙකට බැඳී පවතින්නකි. එය ඉරක්‌ ගසා එකිනෙකින් වෙන් කළ හැකි දෙයක්‌ද නොවේ. මේ නිසාම දේශපාලන ආර්ථික විද්‍යාව (Political economics) කියා විෂයක්‌ද බිහිව තිබේ. එහෙත් මේ අප සූදානම් වන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව කුමක්‌ද කියා පැහැදිළි කිරීමට නම් නොවේ. එහෙත් මේ දෙය අප කීවේ නිකන්ම නොව හේතුවක්‌ ඇතිවය. මහ බැංකුව විසින් සිදුකරන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව ආර්ථික කාරණයක්‌ වුවත් මේ දිනවල රටේ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන "බැඳුම්කර මගඩිය" ගැන කරුණු කීමට හැකි වන්නේ මේ කියන දේශපාලන ආර්ථිකය (Policitical economy) තුළය. ඒ නිසා ඇතැම් දේවල් හුදු ආර්ථික කරුණු ලෙස මතුපිටින් පෙනුනත් ඒවාට දේශපාලන පසුබිමක්‌ද තිබේ. මේ බැඳුම්කර මගඩිය ගැන කරුණු කියන විට ඇතැම් දේශපාලනඥයන් භූමි තෙල් ගෑවුණු ගැරඬින් මෙන් දඟලන්නේ ඇයි? එයට හේතුව ඇතැම් විට මේ කියන "දේශපාලන ආර්ථිකය" කියන කරුණ නිසා විය හැකිය. ඒ නිසා දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඇත්තේ තනිකර ආර්ථික පසුබිමක්‌ පමණක්‌ද නොවේ.

    රජය වෙනුවෙන් ණය ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. භාණ්‌ඩාගාර බිල්පත් මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද මහ බැංකුව ණය රැස්‌ කරයි. ඒ නිසා රජයට ණය ගැනීම සඳහා මහ බැංකුව විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අමුතු දෙයක්‌ නොවේ. එහෙත් දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් පෙබරවාරි 27 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී නම් අමුතු දේවල් සිදුව ඇති බව මේ විට රටටම හෙළිදරව් වී හමාරය. මෙගා ඩීල් චෝදනා එල්ල කළ මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවා පත්කර ගත් වත්මන් රජයටද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. එම මගඩිය නිසා පොලී වියදම ඉහළ යැමෙන් රජයට මේ වන විට සිදුව ඇති පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. එසේ නම් මෙය එසේ මෙසේ මෙගා ඩීල් එකක්‌ නොවේ. පසුගිය රජයේ සියලු මෙගා ඩීල් වලටත් එහා ගිය එකකි. පොලී අනුපාතයට සිදුවූ බලපෑම හමුවේ මේ පාඩුව දිගින් දිගටම ඉහළ යමින්ද තිබේ. ඒ නිසා මේ චෝදනා එල්ල වී ඇති "බැඳුම්කර මගඩිය" තුළ කවුරු ඩීල් දමා තිබුණත් නැතත් මහජනතාවට සිදුවන හානිය සිදුව තිබේ. තවදුරටත් සිදුවෙමින් ද තිබේ. අද දිනයේ අප මේ ගැන වඩඩාත්ම කතා කළ යුතු වන්නේද මේ නිසාය. එනම් මේ පාඩුව රජයට සිදුවූවා යෑයි කීවත් අවසානයේ මෙහි බර දරන්නේ සමස්‌ත බදු ගෙවන මහජනතාව විසින්ම වීමයි.

    පසුගිය පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පාඩුව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. ඒ අනුව එහිදී සිදුවූ පාඩුව කුමක්‌ද? එහි අගය වරින්වර වැඩි වන්නේ කෙසේද? එසේ පාඩුවක්‌ සිදුවීමට බලපෑ හේතුව කුමක්‌ද සහ එම පාඩුව පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැති අනෙකුත් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලදී ද පාඩුවක්‌ සිදුවීමට (පොළී වියදම ඉහළ යැමට) බලපාන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසක්‌ තවමත් ජනතාවට තිබේ. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමග සාකච්ඡා කොට මේ ගැන පැහැදිලි කිරීමට මේ ලිපියෙන් අපි අදහස්‌ කරමු.

    චෝදනාවට ලක්‌ වී ඇති පසුගිය පෙබරවාරි 27 දින, මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ ගියේය. එහෙත් එම වෙන්දේසියට පෙර වෙළෙඳපොළේ පැවැති සාමාන්‍ය පොළිය සියයට 8.85 ක්‌ පමණ වූ බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ අනුව සියයට තුනකට ආසන්න අගයකින් පොළී අනුපාතයේ ඉහළ යැමක්‌ සිදුව තිබේ. මේ නිසා රජයට අති විශාල පාඩුවක්‌ සිදු වෙයි. එය සිදුවන්නේ පොළී අනුපාතය ඉහළ යැම හේතුවෙන් රජයට වැඩි පොළී වියදමක්‌ දැරීමට සිදු වීම නිසාය. එහෙත් එම පොළී අනුපාත ඉහළ යැම. වෙළෙඳපොළ අනුපාතවලට සිදු කළ බලපෑම හමුවේ, ඊට පසුව නිකුත් කරන භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිවලට ද අහිතකර ලෙස බලපානු ලබයි. එනම් එම වෙන්දේසිවලදී තීරණය වන සාමාන්‍ය පොළී අනුපාතය ඉහළ යැමට ද එය හේතු වන බවයි. ඒ නිසා වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැමේ බලපෑම හමුවේ පෙබරවාරි 27 දින නිකුත් කළ බැඳුම්කරයෙන් සිදුවන පාඩුවට අමතරව ඉන් පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකින්ම රජයට පාඩුවක්‌ සිදු වේ. වෙනත් වචනවලින් කියනවා නම් වැඩි පොළී වියදමක්‌ දරන්නට සිදු වේ. රජය දරනවා යනු මේ වියදම අවසාන වශයෙන් දරන්නේ, මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවයි. ඒ නිසා මහ බැංකුව විසින් ගත් වැරදි තීරණයක්‌ හේතුවෙන් තමන් නොකළ වරදකට දඬුවම් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ බදු ගෙවන මහජනතාවටය.

    පෙබරවාරි 27 දින සිදු කළ 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මුලින් ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එනම් කෝටි සියයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක්‌ සඳහා වන ලංසු පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් මීට පෙරත් බැඳුම්කර වෙන්දේසිවලදී මුලින් ලබාගැනීමට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක්‌ සඳහා ලංසු පිළිගෙන ඇති බව සැබෑය. එහෙත් නිකුත් කළ අගය මෙන් දස ගුණයකටත් වඩා ලංසු පිළිගැනීම නම් සාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. ඒ තුළ වැඩි පොලියට ඉදිරිපත් කර තිබූ ලංසුද මහ බැංකුව විසින් පිළිගැනීම හරහා වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ යැම සිදුවිය. දැන් බිලියන 10 ක්‌ දක්‌වා වන ලංසු පිළිගැනීමට තීරණය කළේ කවුද සහ කාගේ උපදෙස්‌ මතද යන්න පිsළිබඳ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කෙරුණේ මහ බැංකු අධිපතිවරයා රු. බිලියන 10 ක්‌ දක්‌වා මුදල් රැස්‌කරන ලෙස උපදෙස්‌ ලබාදුන් බවට, රාජ්‍ය ණය අධිකාරීවරිය අදාළ ලේඛනයක සහනක්‌ තබා ඇති බවයි. එම සටහන ඇතුළත් ලේඛනය මාධ්‍යයටද පෙන්වනු ලැබිණි. එම සටහන බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කරන්නට පත්කළ කෝප් කමිටුවේ සාමාජික සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ම මේ වන විට දැක ඇත. එසේම රු. බිලියන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌a කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් උපදෙස්‌ ලබාදුන් බවට මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරිය සටහනක්‌ යොදා ඇති බව මේ වන විට මාධ්‍ය හරහා මේ රටේ මහජනතාව ද දන්නා කාරණයකි. දැන් එය සැඟවිය නොහැකිය. රු. බිලයන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌ කිරීමේ තීරණය මහ බැංකුවේ ටෙන්ඩර් කමිටුව විසින් ගත් තීන්දුවක්‌ බවටත්, ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක්‌ නොමැති බවටත් ලෝකයට පෙන්වා දීමට බරපතළ උත්සාහයක්‌ තිබුණද එය මේ වන විට අසාර්ථක වී තිබේ. එයට හොඳම සාක්‍ෂිය වන්න් රාජ්‍ය ණය අධිකාරිවරිය තැබූ මේ සටහනයි. ඇය මෙවැනි සටහනක්‌ තබන්නට ඇත්තේද අනුන්ගේ පව් තමන්ට කරගසන්නට වේ යෑයි සිතා, මතු ආරක්‍ෂාවට විය හැකිය. ඒ නිසා පොලී අනුපාතය ඉහළ යැමට තුඩු දුන්නේ වැඩි පොලියකට ඉදිරිපත්ව තිබූ ලංසුද ඇතුළත්ව රු. බිලියන 10 දක්‌වා අරමුදල් රැස්‌ කිරීමට මහ බැංකු අධිපතරවියා දුන් උපදෙස්‌ නිසා නොවේද? තියරියට අනුව නම් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවන බවත්, මේ තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් බවටත් කියා සිටින්නට පුළුවන. එහෙත් එය එසේ නොවන බව මේ වන විට රට වැසියාට හෙළිදරව් වී අවසන්ය.

    පෙබරවාරි 27 වැනි දින නිකුත් කළ බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළ යැම හරහා රටට පාඩුවක්‌ සිදුවූ අතර එම අගය රු. කෝටි 870 ක්‌ බවට ඇස්‌තමේන්තු කර තිබේ. මෙහිදී පාඩුව යෑයි අර්ථකථනය කරනුයේ රජයේ පොලී වියදම ඉහළ යැමයි. මේ අගය ගණනය කළේ කෙසේ ද? මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පවසන පරිදි පෙබරවාරි 27 දිනට පෙර පැවැති පොලිය සියයට 8.85 ක්‌ ලෙස සැලකුවහොත් එම අනුපාතය යටතේ මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයේ වසරක පොලී වියදම රු. මිලියන 890 කි. (රු. මිලියන 10,058 Ü 8.85%) එසේම සියයට 11.73 කට වැඩි වූ සාමාන්‍ය පොළී අනුපාතය අනුව වසරකට වැය වන පොළිය රු. මිලියන 1180 කි. ඒ අනුව එම තිස්‌ අවුරුදු බැඳුම්කරයට පමණක්‌ වසරකට වැඩියෙන් ගෙවීමට සිදුවන පොළී මුදල රු. මිලියන 290 ක්‌ වේ. එම බැඳුම්කරය 30 ස්‌ අවුරුදු බැඳුම්කරයක්‌ වන නිසා වසර 30 ක කාලයට දැරීමට සිදුවන අතිරේක පොළී වියදම මිලියන 8700 කි. එනම් රු. කෝටි 870 කි. එහෙත් පොළී අනුපාත ඉහළ යැම හමුවේ මෙය ඉන්පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකටම මේ අහිතකර තත්ත්වය බලපෑම නිසා ඒවායෙහි රජයේ ණය පොළී වියදම ද ඉහළ ගොස්‌ ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි. ඒ සෑම වෙන්දේසියකදීම පොළී වියදම ඉහළ යැම එක්‌ වසරකටත්, අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කරයේ හෝ බිල්පතේ පරිණත කාලය (කල් පිරෙන කාලය) අනුව සිදුවන මුළු පොළී වියදම ඉහළ යැමත් ගණනය කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මේ ලිපිය ලියන විට අවසන් වරට (2015.07.02 දින) පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක දක්‌වා රජයේ මුළු පොළී වියදම ඉහළ යැම රු. මිලියන 59,211 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එනම් රු. කෝටි 5921 කි. එනම් මේ බැඳුම්කර මගඩියේ පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා පැටව් ගසා ඇති බවයි. රාජ්‍ය ණය පොළී වියදම් දරන්නේ මහජන බදු මුදලින් වන බැවින් මෙහි බර දරන්නේ මහජනතාව විසිනි. මේ බැඳුම්කර මගඩිය තුළ කාගේ ඩීල් තිබුණා ද නැද්ද කියා අප දන්නේ නැත. එහෙත් කිව යුතු වන්නේ කාගේ ඩීල් තිබුණත් නැතත් රටේ මහජනතාවට මේ පාඩුව විඳින්නට සිදුව ඇති බවයි. එනම් තමන් වගකිවයුතු නැති පාපකර්මයක විපාක විඳින්නට මහජනතාවට සිදුව තිබේ.

    රජයේ දේපළ උලාකන උන්දැලා ඊළඟ ආත්මවලදී උපදින්නේ බල්ලන්, කපුටන් වෙලා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (07) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මූලස්‌ථානයේදී පැවැති එම දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කර තිබූ බව පුවත්පත් වාර්තා කර තිබිණි. රජයේ දේපළ උලා කන අය ඊළඟ ආත්මවලදී බල්ලන්, කපුටන් වී උපදිනවාය කියන කාරණය ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පැහැදිලිවම සඳහන් වන බව ද ඒ දේ කොයි කාලෙටත් වඩා ගැලපෙන්නේ අද කාලයට යෑයිද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා තවදුරටත් යෝජනා කර තිබුණේ, එම නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පිටපතක්‌ සියලු ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කළ යුතු බවයි. (විශේෂයෙන් මහ බැංකුව ඉදිරිපිට ද මෙය ප්‍රදර්ශනය කරන ලෙස අපි යෝජනා කරමු.) ජනාධිපතිවරයා මේ දෙය කීවේ මහින්ද රාජපක්‍ෂ සමයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද එසේත් නැත්නම් වත්මන් යහපාලන රජයේ දින 100 තුළම සිදුව අතැයි චෝදනා එල්ල වී ඇති 'බැඳුම්කර මගඩිය' නිසා දැයි කියන්නට අප හරියටම දන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ රජයේ මෙගාඩීල් ගැන වඩාත් කතා බහට ලක්‌ වූයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීය. මේ දිනවල පසුගිය රජය සමයේ 'මෙගාඩීල්' වලටත් වඩා කතා බහට ලක්‌වන්නේ මහ බැංකුවේ 'බැඳුම්කර මගඩිය' ගැන බව අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිහිපත් කරමු.

    මහින්ද රාජපක්‍ෂ රජය යටතේ සිදු වුවත්, මෛත්‍රී පාලනය යටතේ සිදුවුවත් මේ කිසිවක්‌ යටගැසිය යුතු නැත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේදී ද වැරදි සිදුව ඇති බවට එක්‌සත් ජාතික පක්‍ෂය පැත්තෙන් චෝදනා එල්ල වී තිබේ. අප නම් කියන්නේ කබ්රාල්ගේ කාලයේ වැරදි සිදුවී ඇත්නම් ඒවාද සෙවිය යුතුය. එහෙත් එසේ කියා, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ සිදුවූ 'බැඳුම්කර මගඩිය' යට ගැසීමට ඉඩ දිය යුතු නැති බවද අපි කියා සිටිමු.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත




     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මූ තමයි දැන් රනිල්ගේ හුජ්ජ කොල්ලා...
    රෙදි ඇදගෙනද යකෝ මේ දොඩවන්නේ..
    බරට ගෙවනවා ඇති ආණ්ඩුවේ කුණු හෝදනවට...
    උඹේ ඔය බයිලා කතා නෙවෙයි පාරට බැහැල බලපන් තියෙන තත්වේ...
    තොපි මොනවා කිවුවත්, තොපිලයි තොපිලගේ මහා එවුනුයි මේ රටට කරන අපරාදෙට
    සාප වෙනවා ලඟදීම...
    තොටත් තොගේ පවුලේ හැමෝටමත් සාප වෙන්න ඕන...
    :):):)

    ඔයා දාපු ටග් මන් බාර ගන්නේ නැ ,එක ඔයාට බාරයි ,,,මන් කාටවත් කඩේ යන්නේ නැ ,මට ගෙවනෙත් නැ ,අර්තිකෙට අදාළ ප්‍රබල අවුලක් වෙන්න තියෙන වෙලාවක යුතුකම් ඉටු කිරම විතරයි කලේ ,ඔයාල වගේ මෝඩයට අන්දන අයගෙන් බේරා ගන්න ,
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විල්පත්තු වනයේ "බ්‍රා" අතර අතරමන් වුන හුදී ජන පහන් සංවේගය සදහා, කාරුණික සිහිපත් කිරීමයි...

    හොරුන් අල්ලන්නට ආ යහපාලනයේ බිලියන 50 ක් පසු කල, මෙරට විශාලතම හොරකමට නන් අයුරින් සහයෝගය දුන් ඔබ සැම....
    ..
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අකුලෝලම පලයන්.....

    ඔබත් ලක්ෂ 62 ක් වූ ඒ ප්‍රෞඪ පිරිසෙන් එක් අයෙක්ද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ගොවීන්ට පොහොර මුදල ලබාගැනීම සදහා රුපියල් 500ක් හෝ 1500ක අවමයක් යොදා ආණ්ඩුවේ බැංකුවක ගිණුමක් ආරම්භ කල යුතුය. පෝරමය පුරවා හැදුනුම්පත් ඡායාරූප දෙකක් සමඟ එය දිය යුතුය. එදා රුපියල් 40ට ගත් වී මිල අද රුපියල් 16 දක්වා පහත වැටී ඇත. එදා රුපියල් 80ක් වූ අමු තේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. රුපියල් 300 රබර් කිරි කිලෝව දැන් රුපියල් 150කි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වී ගොවියා පමණක් නොව අතුරු බෝග ගොවීන් සඳහා 2005 සිට වසර 9ක් වගා කන්න 18ක් සඳහා අඛණ්ඩව පොහොර සහනාධාරය සැපයීය. වෙළෙඳ පොලේ රුපියල් 3,415ක්වූ පොහොර මිටිය සන්ධාන ආණ්ඩුව දුන්නේ රුපියල් 350කටය. එය වී ගොවියාට සියයට 90ක සහනාධාරයකි. අනෙක් බෝග සඳහා පොහොර සහනාධාරය සියයට 70කි. සන්ධාන ආණ්ඩුව වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වැය කළේය. පොහොර මිල වෙනස් වූවද ‍සහනාධාරය වෙනස් වූයේ නැත.


    පොන්සි ආණ්ඩුව.සද්දෙයි පඩ ගදයි විතරයි. හැමදාම ගොවි උද්ගෝෂණයක් තියෙනවාමයි. සිරාට හැමදාම ඉන්න වෙන්නේ කොලබ හතේ තියෙන පොළොන්නරුවේ ගෙදර තමා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැදුම්කර හොරකම දැන් කට්ටියට අමතකද? රනිල්ගේ ලොල්ලගේ සාක්කුවට ගිය ඒ බිලියන 50 කට වැඩි මුදලෙන් මේ රටේ පිළිකා රෝහල වගේ රෝහල් 3 ක් හදන්න තිබුනා...

    සිරිසේනට චන්දෙ දීල මේ කාලකන්නි වෙනස කරපු හැම එකාටම හොදක් වෙන්නේ නැත...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්සි ආණ්ඩුව.සද්දෙයි පඩ ගදයි විතරයි. හැමදාම ගොවි උද්ගෝෂණයක් තියෙනවාමයි. සිරාට හැමදාම ඉන්න වෙන්නේ කොලබ හතේ තියෙන පොළොන්නරුවේ ගෙදර තමා.

    දුප්පත් මිනිස්සු මොන තරම් අසරණද... පුලතිසි පබයා කිව්වේ නම් ගොවියා රජ කරන්න උට චන්දෙ දෙන්න කියල..
    අද media වලින් වත් ඔය ගොවීන්ගේ උත්ගෝෂණ පෙන්නනවද?

    මුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕනේ... මුගේ රෙදි හෝදන rocat90 වගේ උන් තව ඉන්නවා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයා දාපු ටග් මන් බාර ගන්නේ නැ ,එක ඔයාට බාරයි ,,,මන් කාටවත් කඩේ යන්නේ නැ ,මට ගෙවනෙත් නැ ,අර්තිකෙට අදාළ ප්‍රබල අවුලක් වෙන්න තියෙන වෙලාවක යුතුකම් ඉටු කිරම විතරයි කලේ ,ඔයාල වගේ මෝඩයට අන්දන අයගෙන් බේරා ගන්න ,


    කාවද පොන්ස් මන් ඇන්දුවේ ? මට වෙන වැඩ නෑ කියල හිතුවද උඹ වගේ කිරියට ඇවිත් යුතුකම් ඉටු කර කර ඉන්න ?
    නිකන් පලයන් ජාතකේ කලවම් පොන්ස් යන්න.. ආණ්ඩුවේ රෙදි හෝදන්නේ නැතුව...

    උඹේ අම්මා සිරිසේන ළඟ නිදි වදින්න ගියාට අපි පලි නැහැ...
     
    • Like
    Reactions: funkyguy89

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ ,
    ඔකේ වාහන අන්තරාල (වෙළදාම) කරන්න පුළුවන් කියල යෝජානාව කාගේද කියල හොයල කතා කරන්නකෝ ලොක්කෝ ,අනික කොලබ වාරයේ කැල්ලක් කරන්න ම දෙයක් නැති නිසා ගලවල ගැහුවේ ,වරායේ ගල කඩන්න අර ආපු නැව කීපාරක් අවද කියලත් දාන්නන ඔය අයගෙන් අහලා ,ඒවාට හොරට කරපු වියදමත් දාන්න ,,
    ආයෝජන වියාපෘතියක් අගය කරන හැටිත් හොයල බලන්න ,පෙන දේ හැම වෙලේම හරි දේ වෙන්නේ නැ

    මෙහෙමනේ, දැන් අපි ඒකට බැනලා බැරිකම වහගමු නේ? :lol:

    යකෝ කවුරු කලත් රටට යහපතක් නම් ඒක පිළිගනින්. කුහක කමට අරක මේක මම කලේ අරූ කලේ කිය කියා කෑ ගහන වෙලේ, වැඩක් කලා නම් මේ ආණ්ඩුවට නිකං චන්ද වැටෙනව. ඒත් කෝ එහෙම කෙරුවාවක්. මහින්දගේම කල්ලවඩන් කන්න හදන එකමනේ මුන් කරන්නේ. ඒකෙන් රටට වෙච්ච යහපතක් කියපන් බලන්න.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ තමයි දැන් රනිල්ගේ හුජ්ජ කොල්ලා...
    රෙදි ඇදගෙනද යකෝ මේ දොඩවන්නේ..
    බරට ගෙවනවා ඇති ආණ්ඩුවේ කුණු හෝදනවට...
    උඹේ ඔය බයිලා කතා නෙවෙයි පාරට බැහැල බලපන් තියෙන තත්වේ...
    තොපි මොනවා කිවුවත්, තොපිලයි තොපිලගේ මහා එවුනුයි මේ රටට කරන අපරාදෙට
    සාප වෙනවා ලඟදීම...
    තොටත් තොගේ පවුලේ හැමෝටමත් සාප වෙන්න ඕන...

    :):):)



    මුට සම්තින් එක සාක්කුවට වැටෙනවා බං... නැත්නම් මෙහෙම මූ කඩේ යයි ද, මෙච්චර මිනිස්සුන්ගේ ඇස් පනාපිට රටට කෙල වෙනකොට....
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0


    පොනිල්ට කියලා රොකට් එකක් හදාගෙන ඒකේ රොකට් 90 කියලා ගහගෙන අගහරු වලටවත් පලයන්.


    කැත කට් එක යකෝ :lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙහෙමනේ, දැන් අපි ඒකට බැනලා බැරිකම වහගමු නේ? :lol:

    යකෝ කවුරු කලත් රටට යහපතක් නම් ඒක පිළිගනින්. කුහක කමට අරක මේක මම කලේ අරූ කලේ කිය කියා කෑ ගහන වෙලේ, වැඩක් කලා නම් මේ ආණ්ඩුවට නිකං චන්ද වැටෙනව. ඒත් කෝ එහෙම කෙරුවාවක්. මහින්දගේම කල්ලවඩන් කන්න හදන එකමනේ මුන් කරන්නේ. ඒකෙන් රටට වෙච්ච යහපතක් කියපන් බලන්න.

    මචන්, මූ කියනවනේ අර බැදුම්කර හොරකමත් ආර්ථිකයට දායක උන රනිල්ගේ ආයෝජනයක් කියලා...
    මුට කවුද දන්නේ නෑ ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ...
    මේ වගේ උන් ගේම දෙන්නේ බර වචන ඉස්සරහට දාලා.. අර ලප අනුරයා කෑ ගහන්නේ... අනේ ඉතින් අපේ මිනිස්සුත් හිතනවා, මූ අපි දන්නේ නැති දේවල් දන්නවා ඇති කියල...

    මුන්ට නම් හොදක් වෙන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    කාවද පොන්ස් මන් ඇන්දුවේ ? මට වෙන වැඩ නෑ කියල හිතුවද උඹ වගේ කිරියට ඇවිත් යුතුකම් ඉටු කර කර ඉන්න ?
    නිකන් පලයන් ජාතකේ කලවම් පොන්ස් යන්න.. ආණ්ඩුවේ රෙදි හෝදන්නේ නැතුව...

    උඹේ අම්මා සිරිසේන ළඟ නිදි වදින්න ගියාට අපි පලි නැහැ...

    oopsz :baffled: