





දුරකථන
අන්තර්ජාල
peo tv
dialog tv
හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..




දුරකථන
අන්තර්ජාල
peo tv
dialog tv
හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..


ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 15 ක නව වැට් බදු සංශෝධනය විදුලි සංදේශ සේවාවටත් බාහිර රෝගී සේවා හැර පෞද්ගලික සෞඛ්‍ය අංශයටත් ක්‍රියාත්මක වන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රසකාරක ද්‍රව්‍ය එකතු කරන ලද කිරිපිටි, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්‌තු සඳහාද සියයට 15 වැට් බද්ද අදාළ වෙයි.
රෝග විනිශ්චය පරීක්‍ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශන සේවාවන් ඇතුළත් නොවන බාහිර රෝගී සේවා හැර අනෙකුත් පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ටද වැට් බදු ක්‍රියාත්මක වෙයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය යටතේ ලියාපදිංචි සමාගම් විසින් දේශීය වෙළෙඳපොළට සපයනු ලබන ඇඟලුම් ඒකකයක් මත අයකරනු ලබන බද්ද රුපියල් 75 දක්‌වා වැඩි කිරීමද වැට් බදු සංශෝධනය යටතේ සිදුවෙයි.
නව වැට් බදු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. ඉන් පසුව ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව සම්මත කරනු ලබන දින සිට වැට් සංශෝධනය ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ සාධාරණ දේවල්වලට බදු පැනවීම ලෝකයේ කොහේවත් සිදුවී නැති බවයි. බදු පැනවීම අවම ලෙස මේ ආණ්‌ඩුව සිදුකළ බවද ලෝක බැංකුවේ හා ආසියානු මූල්‍ය අරමුදලේ මුදල් ලැබුණු පසුව කෙටි කාලයකින් වැට් බදු ඉවත් කිරීමට ක්‍රියාකරන බවද ඔහු කියා සිටියේය.
http://www.divaina.com/2016/09/15/news05.html
දුරකථන
අන්තර්ජාල
peo tv
dialog tv
හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..




