South Africa rebel tour eka giya nisaඇයි බන් බන්දුල වර්නපුරට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කලේ.
South Africa rebel tour eka giya nisa
South Africa machan ee kale sports walin ayn karala tibbe unge racism scene eka nisaඉතින් ටුවර් එකක් ගියඑක ක්‍රිකට් ජීවිතාන්තය දක්වා තහනම් කරන්න දෙයක්ද බන්.
තව පොඩ්ඩ්ක් විස්තර කරහන් මචන්.මමත් නිවුස් වල දැක්ක නිසයි හොයල බැලුවේ
එල තෑන්ක්ස් මචෝබන්දුල පව්, ඒ මනුස්සයා මාර දුකකින් ජීවත් වුනේ මැරෙනකන්ම.
තහනම් ගමන .....................
මිනිසත්කමට නිගාදෙන සිදුවීම් රැසකින් දකුණු අප්‍රිකා භුමිය ගිනියම් වූ කාල සමයකි එය.වර්ණභේදවාදය මත පදනම්ව ක්‍රීඩක කණ්ඩායම් තේරීම් ප්‍රතිපත්ති මත කළු ජාතිකයින්ට ක්‍රීඩාව පමණක් නොව තම උපන් බිමේ අයිතියද අහිමිව ගියේ අවාසනාවන්ත ලෙසිනි. කළු - සුදු ලෙස වර්ගීකරණය කරමින් උතුම් මානුෂික ගුණාංග ඇස් පනාපිට උදුරා දැමූ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තරයේ තරවටුව ක්‍රීඩාව පාර්ශවයෙන් කිසිසේත්ම හිතකර නොවීය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තහනමක් පනවන අතර FIFA සහ ICC ද ඊට අත්දෙකම ඔසවමින් සහය පළකරන්නේ දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ හුදකලා කරමිනි.ඒ වනවිටත් ලොව ප්‍රමුකතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල රටක් ලෙස ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකාවට මෙය දරාගැනීම අතිශය වේදනාකාරී වූවාට සැක නැත.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම හුදකලාව මකා දමන්නට සැලසුම් සකස් කල දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් සල්ලි මලු විසි කරමින් තම රටේ සංචාර වෙනුවෙන් ලොව ප්‍රමුකතම කණ්ඩායම් වෙත ඇරයුම් කරන්නට විය.මෙලෙස කැරළිකාර ක්‍රිකට් සංචාරයකට මුලින්ම එකතුවන්නේ එංගලන්ත කණ්ඩායමකි.ග්‍රැහැම් ගුච් නායකත්වය දැරු එම එංගලන්ත පිලේ දොළොස් දෙනාගෙන් එකොලොස්දෙනෙකුම ටෙස්ට් ක්‍රීඩකයින් වීම දකුණු අප්‍රිකානුවන්ට උදම් දෙන්නක් උවත් "තම රට කිළුටු කල දුසිම " ලෙස පාර්ලිමේන්තුවේදී හංවඩු ගැසූ එකී සියලු ක්‍රීඩකයින් වෙත වසර තුනක තරග තහනමක් පනවන්නට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පසුබට නොවීය.
මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ආයු කාලය මාස 10 කටත් අඩුය. එය ටෙස්ට් තරග 5 ක අත්දැකීමක් පමණි.කැරළිකාර සංචාරයක් වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත ඇරයුම් ලැබෙන්නේ 1975/79 ලෝක කුසලාන නියෝජනය කල ටෝනි ඕපාත හරහාය.
එවකට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මුදලින් දියුණු නැත.තම රැකියාව අතරතුර ක්‍රිකට් ගැසූ ක්‍රීඩකයින් වෙත ක්‍රිකට් වෙනුවෙන් හෙට දවසක් පිළිබද ලොකු බලාපොරොත්තු නොවීය. ඇතැම්හු එවකට රැකියාවට සහ පුහුණුවීම් වෙනුවෙන්ද ආවේ- ගියේ බස් රථයෙනි.පාපැදිය සුලභම වාහනය වූ අතර යතුරු පැදියක් හෝ මෝටර් රථයක් තිබුනේ දෙතුන් දෙනෙකුට පමණි. ඒ සියල්ල පසෙක තබා නිවසක් ඉදිකරගැනීම ඔවුන්ගේ ලොකුම අපේක්ෂාව විය.
එවන් පසුබිමක එක්වරම ලොකු මුදලක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් ලත් ඇරයුම මෙරට ක්‍රීඩකයින් වෙත හිත නිදහස් කිරීමක් වූවාට සැක නැත. එංගලන්තය මෙන්ම තරග තහනමක් පැනවෙන බව දැන දැනත් තහනම් ගමනක් වෙනුවෙන් හිත හදාගත් කණ්ඩායමට නායකත්වය දුන්නේ මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුරය. ඒ අතර ඇතැම්හු මෙම තහනම් සංචාරය වෙනුවෙන් එකතුවන බව කල්තියා කියා තිබුනත් අවසන් මොහොතේ එය මග හැරියහ.
ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව බලා තහනම් ගමනට එකතුවූවන් කණ්ඩායම් කීපයක් යටතේ මෙරටින් පිටත් වන්නේ තිබූ අවධානම තුනී කරගන්නටය.නමුත් වැඩි දිනක් යාමට මත්තෙන් කැරළිකාර පිලට එක්වූ සියල්ලන් අනාවරණය විය.සැනෙකින් දුම්මල වරම අතට ගන්නේ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වූ අමාත්‍ය ගාමිණී දිසානායක මහතායි. කණ්ඩායම් විනය ඉහලින් ගරු කල ඔහු තහනම් ගමන් ගිය සියලු ක්‍රීඩකයින් වෙනුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මොනයම්ම හෝ කටයුත්තක නියැලීම ජීවිතාන්තය දක්වා තහනම් කරන්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ අන්දමිනි. වසර කීපයක තරග තහනමක් පමණක් බලාපොරොත්තු වූ මෙරට ක්‍රීඩකයින් වෙත ලත් දඩුවම නිසාවෙන් දකුණු අප්‍රිකානු තරග සංවිධායකයන් පොරොන්දු වූ මුදලට වැඩි යමක් ගෙවූ බව පසුව අනාවරණය විය.
මෙරට මුල්ම ටෙස්ට් නායකයාවූ බන්දුල වර්ණපුර , පළමු ටෙස්ට් කඩුලු රකින්නා වූ මහේෂ් ගුණතිලක සමග පළමු ටෙස්ට් තරගයේ දග පන්දු යුගලක් වූ අජිත් ද සිල්වා සහ ලලිත් කලුපෙරුමද ඒ අතර විය.පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා නොකලත් ප්‍රමුක තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ අනුර රණසිංහද ඒ අතර විය. කණ්ඩායමේ සිටි හුරුබුහුටි කඩුලු රැකි පිතිකරුවා වුයේ හේමන්ත දේවප්‍රියයි . 96 ලෝක කුසලානය නෙදර්ලන්තය නියෝජනය කල ෆෙල්වින් අපොන්සු ද පසුකලෙක ක්‍රිකට් විචාරකයකු වූ ජෙරී වුටර්ස් ද මේ පිරිසේ විය. ඊට අමතරව ලන්ට්‍රා ප්‍රනාන්දු , නිර්මාල් හෙට්ටිආරච්චි ,සුසන්ත කරුණාරත්න,බර්නාඩ් පෙරේරා මෙන්ම බන්දුලද සිල්වාද සෙසු පිරිසේ විය. කණ්ඩායම් කළමනාකරු ලෙස ටෝනි ඕපාත කටයුතු කලේ සියලු සමබන්ධීකරණ කටයුතු හොදින් ඉටු කරමිනි.
ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල අමරණීය ලෙස තම නම ලියා සටහන් කල හැකිව තිබූ කිහිප දෙනෙකුටම දිවි ඇති තෙක් ක්‍රිකට් අතරමග අතහරින්නට සිදුවුයේ 1982 මේ කැරළිකාර දකුණු අප්‍රිකා සංචාරය සමගිනි. ඒ පමණක් නොව මෙරට ටෙස්ට් කණඩායමේ ඇතැම් තැන් පුරවන්නට වසර ගණනක් කල් මරන්නට සිදු විය.මහේෂ් ගුණතිලකගෙන් හිස්වූ කඩුලු රකින්නා වෙනුවෙන් ගයි ද අල්විස් විදේශයක සිට කැදවුවත් වසර 10 කට පසු කලුවිතාරණ ස්ථාවර වනතෙක් ටෙස්ට් පිටියේ කඩුලු රැකීමට කැදවූ බොහෝ දෙනෙක් කණ්ඩායමට ආ වේගයෙන්ම යලි හැරී ගියේය.
ක්‍රිකට් පිටියේ උප්පැන්න ලියාගත් එංගලන්තය පවා තහනම් ගමන් ගිය තම පිරිසේ දඩුවම වසර 3 කට සීමා කරද්දී මෙරටින් පැනවූ දඩුවම වඩාත් සැහැසි බවට මත පළවුණි. එංගලන්ත පාර්ලිමේන්තුවේ පවා උදහසට ලක්වූ ග්‍රැහැම් ගුච් පසුකලෙක රටට නායකත්වය පවා ලබා දුනි. ජෝන් එම්බියුරි ද ඒ ලැයිස්තුවට එකතුවිය යුතුය. නමුත් මෙරට ක්‍රීඩකයින් වෙනුවෙන් වූ සදාකාලික තහනම අතරමග ඉවත් කරනවිට එකී සැමගේ තුරුණු ක්‍රීඩා සමය වියැකී ගොස් තිබුණි. කැරළිකාර දකුණු අප්‍රිකා සංචාරය නිසා මිහිදන් කල තම ක්‍රිකට් පරිචය යම් තරමකින් අදටද බෙදා හදා දෙන කිහිපදෙනෙකු හෝ ඉතුරුවීම යම් වාසනාවකි.
එදවස ලොවට හොරෙන් ක්‍රිකට් ගැසූ දකුණු අප්‍රිකාව පසු කලෙක ක්‍රිකට් ගසන්නට බලපත්‍ර ගත්තා පමණක් නොව ලොවටම තිගැස්මද ඇති පමණට එකතු කලේය. අද මැන්ඩෙලාගේ රටට නෑගම් යෑම උදම් ඇනීමකි.නමුත් අතීතයේ දවසක දේදුනු දේශයේ රස සොයා ගිය අපේ දක්ෂයින් රැසක් තම ක්‍රිකට් දිවිය මිහිදන් කල බව මතකයේ තබා ගැනීම හෙටටත් වටිනාවට සැක නැත.
-මංජුල ලන්දෙකුඹුර-
dukekin?බන්දුල පව්, ඒ මනුස්සයා මාර දුකකින් ජීවත් වුනේ මැරෙනකන්ම.

Paper Interviews වල නම් කියලා තිබ්බේ එදා ගත්ත තීරණේ ගැන කලකිරීමෙන් ඉන්නවා කියලා.one na..personally dannewa
Not for life. It is illegal do do so. No one can do such a thing. So they made is near life (25) year ban initially. By that time UK players who toured SA after playing our first Test at Oval were given only 3 year ban.(Graham Gooch and Underwood etc all returned and played for a long time).ඇයි බන් බන්දුල වර්නපුරට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කලේ.