යාලුවනේ මගේ ප්ලේෂර් බයික් එක දැන් පැත්තකටම දාලා අවුරුද්දක් වෙනවා. වැස්සට තෙමිලා අව්වට වේලිලා බල්ලෝ චූ කරලා බලන්නත් දුකයි. දැන් භාණ්ඩේ එලියට ගන්න බැලුවේ. ගොඩක් ඒවා මලකඩ කාලා. විසික් කරන්න වෙන තරමට නෙමේ. ඉස්සරහ රෝදේ එහෙම හොලවන්නවත් බැහැ. කික් පැඩ්ල් එකත් එහෙමයි. මම මොකක්ද කරන්න ඕන. ගරාජ් එකකට අරන් යන්න ඕනද? නැත්තම් සර්විස් එකට දැම්මම හරි යයිද? අහගන්න කවුරුත් නෑ බන්. මේ සබ්ජෙක්ට් එක වැඩිය දන්නෙත් නෑ මම. බැටරියත් අවුල්. ඒකට නම් එකක් ගෙනාවා. ඒත් සෙල්ෆ් ස්ටාර්ට් වෙන්නේ නෑ.

