ගොඩක් දුර තල්ලු කරනකොට නම් අමාරුයි තමයි. දවසක් මම යාලුවෙක්ගේ vfr400 එකක් පදිද්දී කැඩිලා km 8-10 විතර තල්ලු කරන්න සිද්ද උනා. එතකොට මගේ බර 45kg. බයික් එක 170/180kg විතර බරයි. යනවා යනවා ඉවරයක් නැහැ. අන්තිමට තල්ලු කරන්න බැරිව කඩ පිල් පාරවල් අයිනේ වාඩි වෙවී මහන්සි ඇර ඇර වතුර බිබී තමයි තල්ලු කරේ. පාරේ යන ගැනු ළමයි කෝචෝක් හිනා දානවා. මුකුත් දන්නැති වයසක අය උපදෙස් දෙන්න එනවා. ගොඩක් වෙලාවට ත්‍රීවිල් පාක් ඉස්සරහින් යනකොට ඔවුන් තල්ලු දාලා දෙනවා. කොහොමහරි ගෙදර ගියා. පොල්ලෙන් ගැහුවා වගේ. නෑවා කෑවා නිදාගත්තා ආයේ නැගිට්ටේ පහුවනිදා දවල්.
මෙහෙම එකෙක් උනා නම් උස්සගෙන හරි යන්න තිබ්බා.
View attachment 187246
Scott Summers lifting XR600R (130kg )