බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

Bowman

Well-known member
  • Feb 18, 2022
    353
    989
    93
    බයික් එකක් පදින්න කලින් නිවැරදිව තල්ලු කරන හැටි දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි riding ගැන මම ඉගෙන ගත්ත පළවෙනි පාඩම.

    ඉස්සෙල්ල බයික් එකේ වම් පැත්තට ගිහින් හිටගන්න. දැන් අත් දෙකෙන් දෙපැත්තේ handlebar grip වලින් අල්ලගන්න. ඊට පස්සේ බයික් එක පොඩ්ඩක් අපේ පැත්තට ඇල කරගන්න. දැන් තල්ලු ක‍රන්න.
    මේකයි හරි ක්‍රමය,

    වම් අත නැමිලා තියෙන්න ඕනේ. මේ අතින් තමයි අපි බයික් එක හරවන්නේ. මේ අතින් තල්ලු කරන්නේ නැහැ.

    දකුණු අත සම්පුර්ණයෙන්ම දිග හැරෙන්න ඕනේ. මේ අතින් තමයි අපි බයික් එක ශක්තිය යොදල තල්ලු කරන්නේ.

    තව දෙයක් වරකට brake එකේ තියෙන්න ඕනේ/brake කරන්නේ එක ඇගිල්ලයි/උපරිම ඇගිලි දෙකයි. දබරගිල්ල/මහපටගිල්ල විතරයි. බයික් පදිනකොටත් clutch/brake මේ වගේමයි. මීට වඩා බලයක් දෙන්න අවශ්‍ය නැහැ මේ කාර්යයට. handgaurd නැතිව හැප්පුනොත් ඇගිලි තුවාල වීමට හෝ අනවශ්‍ය බලයක් යෙදුවොත් ලීවර් එක හානි විය හැකියි. නමුත් මුලින්ම පුරුදු වෙන කෙනෙක් නම් එක ඇගිල්ලක් අවශ්‍ය නැහැ. ඇගිලි හතරම තබා බයික් පදින්න. මොකද brake කරන විට accelerate වීම නවතා ගත හැකියි සහ උපරිම brake force එකක් ලබාදිය හැකියි. නමුත් ටික ටික පුරුදු වෙනකොට එක ඇගිල්ලට මාරු වෙන්න.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    353
    989
    93
    ඇලන් කී එකක් හොයාගන්න බැරුව මම වොල්ටියක් තල්ලු කරා කිමි 6ක් වගෙ
    මේ ටෙක්නික් ඕක්කොම දෑම්ම

    හම්මා, ලබ්බ බැස්ස
    ගොඩක් දුර තල්ලු කරනකොට නම් අමාරුයි තමයි. දවසක් මම යාලුවෙක්ගේ vfr400 එකක් පදිද්දී කැඩිලා km 8-10 විතර තල්ලු කරන්න සිද්ද උනා. එතකොට මගේ බර 45kg. බයික් එක 170/180kg විතර බරයි. යනවා යනවා ඉවරයක් නැහැ. අන්තිමට තල්ලු කරන්න බැරිව කඩ පිල් පාරවල් අයිනේ වාඩි වෙවී මහන්සි ඇර ඇර වතුර බිබී තමයි තල්ලු කරේ. පාරේ යන ගැනු ළමයි කෝචෝක් හිනා දානවා. මුකුත් දන්නැති වයසක අය උපදෙස් දෙන්න එනවා. ගොඩක් වෙලාවට ත්‍රීවිල් පාක් ඉස්සරහින් යනකොට ඔවුන් තල්ලු දාලා දෙනවා. කොහොමහරි ගෙදර ගියා. පොල්ලෙන් ගැහුවා වගේ. නෑවා කෑවා නිදාගත්තා ආයේ නැගිට්ටේ පහුවනිදා දවල්.

    මෙහෙම එකෙක් උනා නම් උස්සගෙන හරි යන්න තිබ්බා.
    Scott Summers lifting XR600R (130kg ).jpg

    Scott Summers lifting XR600R (130kg )
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,307
    9,608
    113
    ගොඩක් දුර තල්ලු කරනකොට නම් අමාරුයි තමයි. දවසක් මම යාලුවෙක්ගේ vfr400 එකක් පදිද්දී කැඩිලා km 8-10 විතර තල්ලු කරන්න සිද්ද උනා. එතකොට මගේ බර 45kg. බයික් එක 170/180kg විතර බරයි. යනවා යනවා ඉවරයක් නැහැ. අන්තිමට තල්ලු කරන්න බැරිව කඩ පිල් පාරවල් අයිනේ වාඩි වෙවී මහන්සි ඇර ඇර වතුර බිබී තමයි තල්ලු කරේ. පාරේ යන ගැනු ළමයි කෝචෝක් හිනා දානවා. මුකුත් දන්නැති වයසක අය උපදෙස් දෙන්න එනවා. ගොඩක් වෙලාවට ත්‍රීවිල් පාක් ඉස්සරහින් යනකොට ඔවුන් තල්ලු දාලා දෙනවා. කොහොමහරි ගෙදර ගියා. පොල්ලෙන් ගැහුවා වගේ. නෑවා කෑවා නිදාගත්තා ආයේ නැගිට්ටේ පහුවනිදා දවල්.

    මෙහෙම එකෙක් උනා නම් උස්සගෙන හරි යන්න තිබ්බා.
    View attachment 187246
    Scott Summers lifting XR600R (130kg )
    VFR400 <3
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    සමහරු පදින්න පුරුදු වෙන කාලෙම බ්‍රේක් එක මිරිකගන්න පුරුදු වෙනව. ඒක කාලයක් එක්කම එහෙම්ම තියෙනව. සමහර අය බයික් එකේ යද්දි බ්‍රේක් ලයිට් එක ඔන් වෙලාම තියෙන්නෙ ඒකයි.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,455
    1
    2,327
    113
    bike eka peralunama kelin kara ganna technics kiyahan. godak watinawa
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,462
    2,127
    113
    bike eka peralunama kelin kara ganna technics kiyahan. godak watinawa
    බයික් එකට නැගලා(නැගලා කියන්නේ වැටිලා තියෙන බයික් එකේ සිටි එක උඩින් වාඩි වෙලා කියන එක නෙවෙයි) ස්ටාර්ට් කරලා ගන්න ඕන අපේ මහන්සියෙන් උස්සන්න ඕන නෑ
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,455
    1
    2,327
    113
    බයික් එකට නැගලා(නැගලා කියන්නේ වැටිලා තියෙන බයික් එකේ සිටි එක උඩින් වාඩි වෙලා කියන එක නෙවෙයි) ස්ටාර්ට් කරලා ගන්න ඕන අපේ මහන්සියෙන් උස්සන්න ඕන නෑ
    unga.jpg
     
    • Like
    Reactions: wawula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,233
    3,545
    113
    ඇයි එන්නද
    ඇලන් කී එකක් හොයාගන්න බැරුව මම වොල්ටියක් තල්ලු කරා කිමි 6ක් වගෙ
    මේ ටෙක්නික් ඕක්කොම දෑම්ම

    හම්මා, ලබ්බ බැස්ස
    djebel 200 eke petrol meter ekak na ne amthaka wela yanakota kandaka nawathuna kiyapanko
    hodi ona na. 5m wath thallu karanna ba. anthimata hollala hollala tag gala kanda ada gathha
     
    • Haha
    Reactions: Solo Rider

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    353
    989
    93
    djebel 200 eke petrol meter ekak na ne amthaka wela yanakota kandaka nawathuna kiyapanko
    hodi ona na. 5m wath thallu karanna ba. anthimata hollala hollala tag gala kanda ada gathha
    height එක වැඩි bike එකක් කන්දේ තල්ලු කරන්න සැහෙන අමාරුයි. එකේ බරත් එකතු උනාම තවත් අමාරුයි.

    ඔය කෝස් එක කරා සුපිරියටම hurricane එකක් අරන්... පැදන් යනවාට වඩා තල්ලු කරා.... 😭
    haha කිලෝ 160ක් විතර තල්ලු කරනවා කියන්නේ සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු
    ------ Post added on Dec 31, 2022 at 9:08 PM
     
    • Like
    Reactions: Solo Rider