බයියොන්ට ටෝයියෝන්ට වට පඩයන්ට අඩන්න වෙන නිව්ස් එකක්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    ආණ්ඩුවට ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහලට.. ඡන්දෙ දුන්නාටත් වඩා ඉහලට..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

    February 23, 2025 at 10:02 pm | lanka C news
    ආණ්ඩුවට ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහලට.. ඡන්දෙ දුන්නාටත් වඩා ඉහලට..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

    Verité Research ආයතන විසින් සිදුකරන ලද සමීක්ෂණයක් අනුව වර්තමාන ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

    ඔවුන් විසින් අදාල සමීක්ෂණය තොරතුරු ඇතුළත් කර නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වේ.

    මාධ්‍ය නිවේදනය
    ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!

    ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ච් – රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

    2025 පෙබරවාරි මස 23 වැනිදා, කොළඹදී ය.

    වෙරිටේ රිසර්ච් සිදු කරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.

    ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවේ. එය. 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩුය.

    සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

    1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය – අනුමත කරනවා – 62% අනුමත කරන්නේ නැහැ – 16%

    වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි ය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමතනොකරන බවට පළ වූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.

    2. ආර්ථිකයේ ඉදිරි දැක්ම – හොඳ අතට හැරෙමින් පවතී – 55% – නරක අතට හැරෙමින් පවතී – 14%

    රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව ය. 2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි, එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.

    3. ආර්ථික තත්ත්වය – හොඳ හෝ විශිෂ්ටයි 35% – දුර්වලයි 47%

    රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා ‘ විශිෂ්ට හෝ හොඳ’ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි ය. ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘ දුර්වල යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24 කින් අඩු ය.


    @2osama @hirashgeff @monson @Mr Bones @EVC
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @hirashgeff @G Starlin @Podinilame

    වෙරිටේ රිසර්ච් kiuwa kiyanne aththa thamai​


    https://elakiri.com/threads/ආන්ඩුවට...-වෙරිටේ-රිසර්ච්-අලුත්ම-සමීක්‍ෂණය-එයි.2164033/



    දැනට මාස හතරකට පෙර තත්ත්වය හා සසඳන විට රජයේ වැඩපිළිවෙළ එදා මෙන් තුන් ගුණයකට වඩා පිරිසක් අනුමත කරමින් කර ඇතැයි වෙරිටර් රිසර්ච් ආයතනයේ නවතම සමීක්ෂණයක් හෙළි කරයි.​

    ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ සියයට 7ක අගයෙ සියයට 24ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇත.​

    වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගී වූවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයක් වර්ගකර තිබෙන අතර එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු සියයට 9ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ යාමකි.​

    රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 30කි. 2024 පෙබරවාරි මාසයේ එසේ සිතා ඇත්තේ සියයට 9ක පිරිසක් පමණි.​

    2024 ජූලි මාසයේ දැනගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවැති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ දළ වේග 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජුනි මාසයේ බවද මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.​

    ------ Post added on Feb 24, 2025 at 5:29 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    2/3කින් දිනපු උන්ට මාස තුනක් යද්දී ජනතා ප්‍රසාදය අඩුවෙලා නෑ කියලා සමීක්ෂණ පෙන්නලා, නිව්ස් එකකුත් ගහල කෙදිරි ගාන්න වෙලා කියන්නේ ඉතින් රෙවිලා තියනව ලොවෙත් නැතිවෙන්නම ! :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    දුන්න ලැජ්ජාවට මුල් කාලේ ඔහොම තමයි.. බඩට නොකා හරි තමන්ට වැරදුනා කියන්න කැමති නෑ.. පොල් ගෙඩිය ගන්න 200ක් නැති එකත් වතුරෙන් උයපු කෑම කකා “අපිඥං තවම මාලිමාවට“ කියලා කියනවා අර දවස්වල කිව්ව කතා මතක් වෙලා.. තව ටිකක් වේලෙනකොට ඕවා හරියයි..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    meka jeppoma atawa ganipu hora guhawak wage yako :ROFLMAO:

    https://www.veriteresearch.org/about-us/our-people/
    සිරාවට... ඒක තමයි සීයා ඕකේ ලොක්ක වෙන නිශාන්ත ද මෙල් ගෙන් උපදෙස් අරන් Macro-Link bonds වලට ගියේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දි...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සිරාවට... ඒක තමයි සීයා ඕකේ ලොක්ක වෙන නිශාන්ත ද මෙල් ගෙන් උපදෙස් අරන් Macro-Link bonds වලට ගියේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දි...
    Source?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Source උබ හොයා ගනින්...

    උබල talks දෙන්නේ නම් ඔක්කොම දන්නවා වගේ... හෙන ලිබරල් පොරවල් වගේ හිටියට ලංකාවේ ඇතුලේ ලිබරලිසම්, කැපිටලිසම් ප්‍රෝමෝට් කරන උන් වත් දන්නේ නෑනේ...
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Ok, if you are a gov fan, pay attention to the bad side, the unwritten truths. 62% of the given sample of some statistics population approves of the government; you may think, Yay, the majority approves of us. But 38% of the same population still rejects you. That is even bleaker; only 35% are satisfied with their current economic situation, but 65% reject the idea. 55% approve and think there will be betterment in the economic outlook (future of the situation), but 45% reject you. Do you know what this means? You are on the verge of complete collapse since all the pictures that you leaders convinced to the people during the elections did not match with the statistics.

    Trust me, people still believes about that your gov will do something, honestly tell me that those incompetent clueless lot can do something to fulfill the need of those people? Ha ha. Good luck, Jeppos. I certainly wholeheartedly wish that because I don't need to see another aragale.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Source උබ හොයා ගනින්...

    උබල talks දෙන්නේ නම් ඔක්කොම දන්නවා වගේ... හෙන ලිබරල් පොරවල් වගේ හිටියට ලංකාවේ ඇතුලේ ලිබරලිසම්, කැපිටලිසම් ප්‍රෝමෝට් කරන උන් වත් දන්නේ නෑනේ...
    දැන් උබනේ සේරම දන්නවා වගේ වගේ සියා උපදෙස් ගත්ත කිව්වේ. උබ කොහොමද දන්නේ කියල ඇහුවම ඒක හොයා ගන්නලු :ROFLMAO: 🤌