ආණ්ඩුවට ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහලට.. ඡන්දෙ දුන්නාටත් වඩා ඉහලට..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..
February 23, 2025 at 10:02 pm | lanka C news
Verité Research ආයතන විසින් සිදුකරන ලද සමීක්ෂණයක් අනුව වර්තමාන ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඔවුන් විසින් අදාල සමීක්ෂණය තොරතුරු ඇතුළත් කර නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වේ.
මාධ්‍ය නිවේදනය
ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!
ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ච් – රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ
2025 පෙබරවාරි මස 23 වැනිදා, කොළඹදී ය.
වෙරිටේ රිසර්ච් සිදු කරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.
ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවේ. එය. 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩුය.
සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.
1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය – අනුමත කරනවා – 62% අනුමත කරන්නේ නැහැ – 16%
වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි ය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමතනොකරන බවට පළ වූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.
2. ආර්ථිකයේ ඉදිරි දැක්ම – හොඳ අතට හැරෙමින් පවතී – 55% – නරක අතට හැරෙමින් පවතී – 14%
රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව ය. 2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි, එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.
3. ආර්ථික තත්ත්වය – හොඳ හෝ විශිෂ්ටයි 35% – දුර්වලයි 47%
රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා ‘ විශිෂ්ට හෝ හොඳ’ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි ය. ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘ දුර්වල යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24 කින් අඩු ය.
@2osama @hirashgeff @monson @Mr Bones @EVC
