නුවාන් නිරෝඩ ඇල්විස්
14h ·
බයිසන් ලට මේ පින්තූරය මතකද දන්නේ නෑ. අපේ යුධහමුදාව නිෂ්පාදනය කරනවා යූඑන් එකටත් යවනවා. අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලයි. අපේ සල්ලිත් ඉතුරුයි විදේශ විනිමයත් උපයන්න පුළුවන් කියලා කෑ මොර දුන්නානේ. අන්න උඹලගේ ඒ ආතල් එකත් කෙලවමින් ආණ්ඩුව බෆල් 60 ක් ගෙන්නන්න යනවලු. චීනෙයි රුසියාවයි ඒකේ ටෙන්ඩර් එක ගන්න ෆයිට්ලු. සම්පූර්ණ ඩීල් එක වෙන විදිය පළවෙනි කමෙන්ට් එකේ තියේ බලහල්ලා. පව් බන් 69 ලස්සේ මුන්ට උඹලගේ රෙද්දට වැඩිය වටින්නේ උන්ගේ කොමිස් එක
Full Story
ශ්‍රී ලංකා බලධාරීන් රුසියානු බෆල් රථ මිලදී ගැනීමට යන්නේ ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි.
යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා ‘රෝස්බෝරෝන්එක්ස්පෝට්’ සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.
කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි. එසේම, මෙම ඇනවුම ලබාගැනීමට කටයුතු කරන චීන සමාගමේ දේශීය නියෝජිත සමාගම ද පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අතදිගහැර වියදම් කළ සමාගමක් බව පැවසේ.
චීන මිලට වඩා දෙගුණයකටත් වඩා ගණන් ? පොලියත් බරපතලයි :
රුසියාවෙන් ලබාදීමට යන 30mm Machine Gun සහිත රෝද අටේ BTR 82A බෆල් රථයක මිළ ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක් බව සඳහන් වේ. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 320කි. ඒ එක රථයක් සඳහාය.
රෝද 06ක් සහිත මෙවැනි ම VN 2C චීන බෆර් රථයක මිල රුසියානු මිළට වඩා අඩකට අඩු මිලකට ලබාදීමට චීන රජය එකඟතාවය පළකර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
බෆර් රථ 60ක් ගන්න කුලප්පුවක් ඇයි ?
රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදී ඉහත සඳහන් කර ඇති පරිදි ඇති විශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් වැයකර Wheeled Armoured Personnel Carrier රථ 60ක් එකවර ගෙන්වීමට යන්නේ කාගේ සාක්කු පිරවීමට දැයි බරපතල සැකයක් මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අපේ රටේ හදන ‘බඩු’ හොඳ මදිද ? කොමිස් ප්‍රශ්නයක් ද?
මෙසේ රුසියාවෙන් හෝ චීනයෙන් Wheeled Armoured Personnel Carrier 60ක් මිලදී ගැනීමට යන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙරටදී එවැනි බෆර් රථ සාර්ථකව නිෂ්පාදනය කරමින් සිටින තත්වයක් තුලය.
සන්නද්ධ රථයක් විදේශ රටවලින් ආනයනය කිරීමට රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වැයවන බවත් යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ආකාරයට මෙම රථයක් රුපියල් මිලියන10 ක මුදලකින් නිර්මාණය කර තිබෙන බවත් යුධ හමුදාපතිවරයා එහිදී පැවසිය.
යුධ හමුදාපතිවරයා මෙරට නිෂ්පාදිත එවැනි බෆර් රථ ගැන සහතික පිට සහතික දෙමින් සිටිය දී ආරක්ෂා අමාත්‍යංශය දැවැන්ත මුදලක් යටකරමින් රුසියාවෙන් බෆර් රථ මිලදී ගැනීමට යන්නේ ඇයි ?



