පුටුවක අලවන්න පුළුවන් බලගතු මන්තර තියෙනවා

manthara.jpg

හාමුදුරුවනේ මුලින්ම කෙටි උත්තරයක් දෙන්න මේ මන්තර-ගුරුකම් ඇත්තද? බොරුද?
මන්ත්‍ර කියලා කියන්නෙ මන, තන්ත්‍ර කියන එක. ඒ කියන්නෙ මනසේ යම්කිසි ශක්තියක් ගොඩනැඟීම. ඒක බුදු දහමේ පමණක් නෙවෙයි සෑම ආගමකම තියෙනවා.
මේවා ආගම්වල ආරම්භයත් එක්ක බිහිවුණු දේවල්ද?
නෑ. මේවා ආවේ බුදු දහමෙන් නෙවෙයි. ඒ කාලෙත් නෙවෙයි. ඊට අවුරුදු ලක්‍ෂ ගාණකට කලින්. ඒ කාලේ ලෝකයේ පහළ වෙච්චි ප්‍රධානම ආගම තමයි හින්දු ආගම. ඒගොල්ලන්ට යම් යම් ප්‍රශ්න ඇතිවුණහම ස්වාභාවිකව ඒගොල්ලන්ට පුරුදු වෙච්ච භාවනාවලින්, යාච්ඤාවලින් විසඳුම් හෙව්වා. ඒක තමයි මේවගෙ ආරම්භය.
බුදු දහමට මේ යන්ත්‍ර-මන්ත්‍රවල කිසිම සම්බන්ධයක් නැද්ද?
ඒ සම්බන්ධය ඇති වෙන්නෙ ඊට අවුරුදු ලක්‍ෂ ගාණකට පස්සෙ. සියලුම කෙලෙස් නැසූ රහතන් වහන්සේ ශාසනයට ඇතිවූ විපත්තිකාරක අවස්ථාවලදී යම් යම් බන්ධන කළා. හතුරො ආවා කියලා උන් වහන්සේට ප්‍රාණඝාතය කරන්න බෑ. අඩුපාඩුකම් තිබ්බා කියලා හොරකම් කරන්න බෑ. යුද වදින්න බෑ. උන්වහන්සේ තමන්ට තිබුණු තීක්‍ෂණ බුද්ධියෙන් අක්‍ෂර විද්‍යාව පාවිච්චි කළා. යම් යම් අක්‍ෂර, වචන භාවිත කරලා ඒවාට බල පිහිටෙව්වා. ඒ තුළින් ශාසනයට ආපු බලවේග විනාශ කළා.
එතකොට හාමුදුරුවනේ දැන් භාවිත කෙරෙන යන්ත්‍ර-මන්ත්‍ර, ගුරුකම් ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද?
දැන් වෙලා තියෙන්නෙ හැමදේම කලවම් වෙලා. යන්ත්‍ර-මන්ත්‍ර විතරක් නෙවෙයි භාෂාවත් එහෙමයි. සිංහල භාෂාව කොයිතරම් කලවම්ද. ඒකමයි මන්ත්‍ර ශාස්ත්‍රවලටත් වෙලා තියෙන්නේ.
ඒ කියන්නෙ ඔය කලවම් වුණු මන්තර ශාස්ත්‍රයේ බලයක් නැද්ද?
මේක කලවම් වුණත් සමහර ඒවාගෙන් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවගෙ ඔය කියන තරම් බලයක් නෑ. බුදු හාමුදුරුවො දේශනා කළේ නිර්වාණය සාක්‍ෂාත් කරගන්න ඒකායන මාර්ගය බුදු දහම විතරයි. ඒ වගේම යන්ත්‍ර-මන්ත්‍ර වගේ ශාස්ත්‍ර ලක්‍ෂ ගණනක් තියෙනවා. හැබැයි මේවා සත්‍ය කියලා බුදු හාමුදුරුවො කොයි වෙලාවකවත් දේශනා කළේ නෑ. ඒ වුණත් මේවා තිරස් විද්‍යාවල් විදියට උන්වහන්සේ හැඳින්නුවා.
හාමුදුරුවනේ මේ තිරස් විද්‍යාවල් කියන්නෙ මොනවද තව ටිකක් පැහැදිලි කරන්න.
ගහක් වැඩෙනවා. ඒකෙ කඳ කියලා කියන්නෙ බුදු දහම. මේ කඳ ගහේ අවසානෙටම විහිදෙනවා. ඒත් ගහේ අතු, කොළ නැතුව ගහ සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒ වගේ බුද්ධ ශාසනය රකින්න, ආරක්‍ෂා කරන්න තව මොකක්හරි අවශ්‍ය වෙනවා. සමහරු කියනවා නක්‍ෂත්‍රය මන්ත්‍ර-ශාස්ත්‍ර බුදු දහමට අදාළ නෑ. හාමුදුරුවරු මේවා කරන එක අකැපයි කියලා චෝදනා කරනවා. හැබැයි බුදු හාමුදරුවො දේශනා කළා 'මහණෙනි, මේ තිරස් විද්‍යාවල් ඉගෙන ගන්න' කියලා. හේතුව ඒවගෙන් යමෙක් ප්‍රශ්නයක් ඇහුවොත් භික්‍ෂුන් වහන්සේට උත්තර දෙන්න හැකියාව තියෙන්න ඕනෑ. නැත්නම් බෞද්ධ භික්‍ෂුන්ට දැනුමක් නෑ කියලා චෝදනා කරන්න පුළුවන්. සාමාන්‍ය දැනීම නැතුව භික්‍ෂු ජීවිතය ගතකරන්න බෑ. ඒක නිසා තමයි කරණීය මෙත්ත සූත්‍රයෙ මුලින්ම 'සක්කෝ' කියන ගුණය ඉගැන්නුවෙ. ඒ කියන්නෙ දක්‍ෂතාවය.
මොනවද හාමුදුරුවනේ මේ ගුරුකම් කියන්නෙ?
'ගුරු' කියන්නෙ ගුරුවරයා. 'කම්' කියලා කියන්නෙ ක්‍රියාව. මේ මන්තර සාස්තරේ කෙනකුට තනියම ඉගෙන ගෙන කරන්න බෑ. පොත් සාප්පුවල ඕනෑ තරම් යන්ත්‍ර-මන්ත්‍ර පොත් තියෙනවා. ඒවගෙන් තනියම ඉගෙන ගන්න පුළුවන් කියලා කවුරුහරි හිතනව නම් ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ.
ඒ විදියට හිතලා යන්ත්‍ර-මන්ත්‍ර කරන අය හින්දා තමයි අද මේ සාස්තරේ බොරුවක් වෙලා තියෙන්නෙ. මේක ගන්න ඕනෑ ගුරු පරම්පරාවකින්මයි. එහෙම ගත්තෙ නැති කෙනා මේවට ගරු කරන්නෙත් නෑ. වරද්දනවා.
මේ සාස්තරේ උප්පතියෙන්ම පිහිටන්න ඕනෑ කියලත් කියනවා නේද?
මන්තර සාස්තරේ විතරක් නෙවෙයි. හැම දෙයකටම තමන්ට පෙර ආත්මයේ කරගෙන ආපු පුරුද්ද තියෙන්න ඕනෙ. සංසාර චක්‍රය කියන්නෙ මේකට. පෙර ආත්මයේ පුරුද්ද නැතුව මේ මොකක්වත් එකපාරට මේ ආත්මයේ ප්‍රගුණ කරන්න බෑ. එහෙම හැකියාව තියෙන කෙනාට අපි කියනවා, උපසපන් කෙනෙක් කියලා. ඒ කියන්නේ උප්පත්තියෙන්ම සමර්ථයි.
උප්පත්තියෙන් යම් පිහිටීමක් තිබුණත් මේ මන්තර සාස්තරේ ප්‍රගුණ කරන්න කොයිතරම් කාලයක් ගත වෙනවද?
උදාහරණයක් බලමු. මේ ඊයෙ පෙරේදා කුරුණෑගල පැත්තෙ අවුරුදු තුනක ළමයෙක් පිරිත් පොත කටපාඩමින් කියන්න ගත්තා. කවුරුත් උගන්නලා නෙවෙයි. එයාගෙ බොළඳ, ළදරු මනසට පෙර ආත්මයේ චිත්ත පරම්පරාවෙන් ආපු දේ ඇතුළු වුණා, ඒකයි. පෙර ආත්මයේ මන්තර සාස්තරේ ප්‍රගුණ කරපු කෙනකුටත් පොඩි බුද්ධි කලම්භනයක් විතරයි අවශ්‍ය වෙන්නේ.
අද වෙනකොට යන්තර මන්තර ගුරුකම් කියන්නෙ ව්‍යාපාරයක් බවට පත්වෙලා ඉවරයි. මේ ගැන ඔබ වහන්සේගෙ අදහස මොකක්ද?
අපේ ලංකාවෙ මන්තර සාස්තරේ බෞද්ධ සමාජය තුළ බිහිවුණේ මුදල් උපයන්න නෙවෙයි. ඉන්දියාවෙන් ලංකාවට ආක්‍රමණ ආවා. අද ත්‍රස්තවාදී නායකයො වගේ තමයි එදත් මේ ආක්‍රමණිකයො. ඔවුන් හාමුදුරුවො මැරුවා. විහාරස්ථාන විනාශ කළා. එතකොට භික්‍ෂුන් වහන්සේ සාකච්ඡා කළා මේ විපත්තිවලින් බේරෙන්න කොහොමද කියලා ඒ භික්‍ෂුන් වහන්සේම බුදු දහමත් සම්බන්ධ කරගෙන යම් යම් අක්‍ෂර බන්ධන කළා. ඒවගෙන් ආක්‍රමණකාරී බලවේග මර්දනය කළා. ඒවා කළේ මුදල් උපයන්න නෙවෙයි, ශාසනය රකින්න. රහතන් වහන්සේ බුදු වදන් තමයි මේ බන්ධනවල පාවිච්චි කළේ.
එතකොට හාමුදුරුවනේ අද වෙනකොට මේ සාස්තරේ වැඩියෙන් භාවිත කෙරෙන්නේ
හිංසාවට, පළිගැනීම්වලට. බුදු දහමත් එක්ක ආපු දෙයක් එතැනට වැටුණෙ කොහොමද?
මෙහෙමයි. අපේ හාමුදුරුවො මේ බන්ධන කළාට පස්සෙ ආක්‍රමණිකයො පරාජය වුණා. ඔවුන්ට මෙහෙ මොකුත් කරගන්න බැරි වුණා. ඒක හින්දා මේගොල්ලොත් ඉන්දියාවෙන් එහෙ තිබුණු යන්තර මන්තර ගෙනාවා. ඒගොල්ලන් ජප කරන්න ගත්තා. මේගොල්ලො යක්‍ෂයො බන්ධනය කරලා අපේ හාමුදුරුවන්ට දාන්න පටන් ගත්තා. කොඩිවින, පිල්ලි, සූනියම් කියන නරක බන්ධන තමයි ඒවා.
එහෙම නරක බන්ධනයක් කළාම ආවේශ වෙලා නටනවා. සිහිසුන් වෙලා වැටෙනවා. නහයෙන්, කටින් ලේ දානවා. ඒවටත් අපේ ස්වාමීන් වහන්සේ මන්තර හැදුවා බුදු ගුණ මිශ්‍ර කරලා. නරක දේ එළවන්න හදපු දේවල් මිසක් මේවා සල්ලි හොයන්න කරපු දේවල් නෙවෙයි. අපේ හාමුදුරුවො මේ නරක දේවල් පුරුදු වුණේ නෑ. ඒවා කැපුවා විතරයි. අපි ගත්තෙ හොඳ ටික. නමුත් අද මෝඩ, පාපී, අවස්ථාවාදී දුර්ජනයන් මේවගෙන් සල්ලි හොයනවා. ඒකයි වෙලා තියෙන්නෙ.
හාමුදුරුවනේ අවසාන වශයෙන් කියන්න කෙනෙක්ව වාඩි කරවලා පුටුවෙ අලවන්න පුළුවන් මන්තරයක් තියෙනවද?
එහෙම මන්තර පොත්වල තියෙනවා. අපි නම් ඒවා කරලා, බලලා නෑ. අපිට වැඩකුත් නෑ. ඕවත් ඔය ආක්‍රමණිකයො එක්ක ආපු දේවල්. වාඩි කරපු, අලවපු අය නැඟිට්ටවන මන්තරත් පොත්වල තියෙනවා. ඒවා අපි අභියෝග වශයෙන් ගණන් නොගත යුතු දේවල්. රජවරුන්ට අකීකරු ඇමැතිවරු, රාජපුරුෂයො වහල් සේවයෙ යොදවා ගත්ත මන්තර තියෙනවා. ඒකට කියන්නෙ වහල් බන්ධනය කියලා ඕවා තියෙනවා.
මේ මන්තර ගුරුකම්වලට දුම් ගහන එක අත්‍යවශ්‍යද?
සාමාන්‍යයෙන් දුමට භූතයන්ගෙ සම්බන්ධතාව ඇති වෙනවා. කතෝලික පල්ලිවල අපි දැකලා තියෙනවා. මරණයත් අරන් ගියහම ඒ මරණෙට දුම් අල්ල අල්ලා යාච්ඤා කරනවා. ස්වර්ග රාජ්‍යයට යන්න කියලා. ඒ වගේ ඕනෑම කෙනකුගෙ පාවෙන ආත්මයට දුමක් ඇල්ලුවහම ඒ දුමට චිත්ත බලයක් හරි, වාග් බලයක් හරි ඇතුළු කළහම වුවමනා තැනට ගමන් කරනවා. මේවත් බුද්ධ කාලෙට කලින් අවුරුදු ලක්‍ෂ ගාණක ඉඳලා තියෙන ඒවා.
ඔය ලෙඩ්ඩුන්ට කියලා කරන මල් තට්ටු, අරවා-මේවා කියන එක බලන්න. සම්පූර්ණයෙන් ලෙඩාට කරන මානසික ප්‍රතිකාර මේවා. ලෙඩාගෙ හිතට දැනෙනවා, මගෙ ලෙඩේට මේ බෙහෙත් කියලා. මේවගේ කියන හැමදේම බුදු ගුණ. මෙතැන යන්තර-මන්තර බලයක් නෙවෙයි තියෙන්නෙ. බුදුන් වහන්සේගෙ ගුණ තමයි මේ ලෝක ධාතුවෙ තියෙන උත්තරීතර බලය. එදා භික්‍ෂුන් වහන්සේ මේවගෙන් තමයි ප්‍රයෝජන ගත්තෙ. අද මේවා වෙළෙඳ ව්‍යාපාර විතරයි. වවාගෙන කනවා. ඒක හින්දයි යන්තර-මන්තර ගැන විශ්වාසෙ නැති වෙලා, අඩුවෙලා තියෙන්නෙ.
"සත්ය හොල්මන්" හරහා මතුවෙලා තියෙන මේ යන්තර-මන්තර බොරුද, ඇත්තද කියන සංවාදය ගැන ඔබ වහන්සේගෙ අදහස මොකක්ද?
මෙහෙමයි. සමහරු මේවට අභියෝග කරනවා තමයි. ඒත් අපි එහෙමම කියන්න තරම් හිතුවක්කාර වෙන්න හොඳ නෑ. අපි දන්නෙ නැති සියල්ල බොරු කියන්න. මුහුද අයිනට ගිහින් කෙනකුට මුහුද පෙන්නලා කියනවා මෙතැනින් එහාට කිසිම ලෝකයක් නෑ කියලා. ඒත් දන්න කෙනා ඒකෙ ඇත්ත දන්නවා.
 
Last edited:

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පුටුවේ සුපර් ගූ ටිකක් ගෑවනම් පට ගාලා ඇලවෙනවා. පට්ට මචන් මම ආසයි ඔය සබ්ජෙක්ට් එකට.:yes: Rep +
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුටුවේ සුපර් ගූ ටිකක් ගෑවනම් පට ගාලා ඇලවෙනවා. පට්ට මචන් මම ආසයි ඔය සබ්ජෙක්ට් එකට.:yes: Rep +

    මමත් ආසයි.. :yes::yes:
    මම හෙන දිග comment එකක් ලිව්වා බන්. පොස්ට් කරනකොට ඉන්ටෙර්නෙට් ඩ්‍රොප් වෙලා. :angry::angry:
    දැන් ආයි ලියන්න කම්මැලි :baffled::baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මේ මන්තර ගුරුකම් ගැන දන්න එකෙක් වත් නැද්ද බං මේ එලකිරියෙ,
    ඕක්කොම කොහේ හරි තියෙන මොකක් හරි ලබ්බක් ගෙනත් දානවා, ඒකෙක් වත් නැ මේකෙ හරිදෙයක් දාන්න.

    උබලගෙ ගුරුමුශ්ටියද ? නැත්නම් දන්නෙ නැද්ද ?

    8 වසරෙ විද්‍යව පොත කියවලා ඊට වඩා දෙයක් නැ කියලා කැගහන බක පන්ඩිතයො ටිකක් නම් ඉන්නවා තමයි, උන් කැගැහුවාට කමක් නැ. උබලා දන්න දේයක් දාපංකො.

    අද තියෙන විද්‍යාවට මේවා අහුවෙන්නෙ නැති එක ඇත්ත, ඒත් අද විද්‍යාවට අහුවෙන දේවල් මීට අවුරුදු 5 කට අහු උනේ නැ,
    ඒ කියන්නෙ අපි දන්න නූතන විද්‍යාව කියන්නෙ තාම කිරිදරුවෙක්. හෙට අනිද්දා මේ මන්තර ගුරුකම් ගැන විද්‍යාවෙන් හොයාගනියි,

    මොකද අපේ බක පන්ඩිතොයො බටහිර විද්‍යාවෙ පුකට වැදගෙන හිටියට,, දියුනුරටවල් මේවා ගැන බිලියන ගනන් වියදම් කරගෙන රිසර්ච් කරනවා, හදට යන්න ගියා වගේ වියදමක් කරනවා උන් මේවා ගැන හොයන්න.

    ඒත් අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ අට වාසරෙ පොතේ තිබ්බ දේ විතරයි විශ්වාස කරන්නෙ, මේකට ගොඩක් හේතුව අද කාලෙ කොල්ලො උනත් හැදෙන්නෙ ගෙට වෙච්ච ලමිස්සි වගේ,

    කාමරෙන් පිට දෙයක් දන්නෙ නැ,

    මේ ගුප්ත විද්‍යාවන් ගැන දන්න උන් අපිත් එක්ක උබලගෙ දැනුම බෙදාගනින්කො බං එලකිරියෙ,
    මේ එලකිරිය තමයි ලංකාවෙ මේවගෙ දෙයක් කතා කරන්න තියෙන හොදම තැන,

    මේ නැතිවේගෙන යන දේවල් අවුරුදු ලක්ශ ගානක් සුරැකුනා වගේම ඉදිරියටත් අපි අරන් යන්න ඕන,

    උබලගෙ Account වලින් පෝස්ට් කරලා මේකෙ උන් රෙප් කපයි කියලා බයයි නම් මට එවපං මගේ එකෙන් දාන්නම්. :frown:
     
    Last edited:
    • Like
    Reactions: hmhm95

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කොහොමද ඕවා විශ්වාස කරන්නේ...දැනට අවුරුද්දකට උඩත් ඇඹිලිපිටියේ හාමුදුරුනමක් කාලෝ ෆොන්සේකා මහත්තයව ඔය වගේම පුටුවක අලවනවා කියලා අභියෝග කලා...අන්තිමට ඒකට කීප දෙනෙක් මැදිහත් වෙලා ප්‍රසිද්ධියේ ඒ වැඩේ කරන්න එන්න කිව්වම මගඇරියා...ගොඩක් හොරු ඉන්න නිසයි මිනිස්සු ඕවා විශ්වාස නොකරන්නේ...ලක්ෂෙකට 1ක් වගේ පාරම්පරිකව ආපු ශාස්ත්‍රය දන්න අය ඇති.හැබැයි වැඩිහරිය ඉන්නේ බොරුකාරයෝ..:yes:
     
    ඔව් අද කාලේ ශාස්ත්‍රය විකුණන් කන ජාතියක් ඉන්නේ.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මමත් ආසයි.. :yes::yes:
    මම හෙන දිග comment එකක් ලිව්වා බන්. පොස්ට් කරනකොට ඉන්ටෙර්නෙට් ඩ්‍රොප් වෙලා. :angry::angry:
    දැන් ආයි ලියන්න කම්මැලි :baffled::baffled:

    :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ඔබතුමා කලින් ත්‍රෙඩ් එකක බාර ගත්ත අභියෝග ඉටු කරාද? කරානම් අපි කැමතියි විස්තර දැනගන්න :rofl:
     
    Jul 14, 2014
    237
    32
    0
    ඕං පී සී යඃ

    ඔය ඉතාම කුඩා මන්ත්‍රය බොහොම ප්‍රයෝගික,ප්‍රසිද්ධ එකක්.අර්ථ දක්වලා දෙන්න පුළුවන් නම් අගනේය. ගුරුන්නාන්සේට කරන අභියෝගයක් නොවේ.මමත් කෙනෙක්ගෙන් උගත් දෙයක්.ඔබ මලයාලම් දන්නා බව මට නිසැකයි.අනුන් කරපුවා වැඩක් නෑ.අපි දන්නා දෙයින් යමක් කරන්න බලමු.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Meka machan pattama subject ekak කියල වැඩක් නෑ ඉතින්..

    මම මේ ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ .. ඒ උනාට පට්ටම අත්දැකීම් ටිකක් තියෙනවා..
    මන්තර කෙසේ වෙතත් පිරිත් දේශනා තියෙනවා මචෝ.. කිසිම මන්තරෙකට කඩන්න බැරි තරම් බලගතු.
    පුලුවන්නම් ඒවා ගැන පොඩ්ඩක් හොයල බලපල්ලා..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට හූනියමක් එහෙම කෙරුවොතින් එහෙම කරලද කියලා දැනගන්න ක්‍රමයක් තියනවද මචෝ..?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jul 14, 2014
    237
    32
    0
    රේවතී;17290944 said:
    ඕං පී සී යඃ

    ඔය ඉතාම කුඩා මන්ත්‍රය බොහොම ප්‍රයෝගික,ප්‍රසිද්ධ එකක්.අර්ථ දක්වලා දෙන්න පුළුවන් නම් අගනේය. ගුරුන්නාන්සේට කරන අභියෝගයක් නොවේ.මමත් කෙනෙක්ගෙන් උගත් දෙයක්.ඔබ මලයාලම් දන්නා බව මට නිසැකයි.අනුන් කරපුවා වැඩක් නෑ.අපි දන්නා දෙයින් යමක් කරන්න බලමු.

    පැය 24ක් ගෙවුනා තාමත් කාගෙන්වත් උත්තරයක් නෑනෙ.කියලා දෙන්න දන්නා කෙනෙක් නැද්ද?:nerd:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං මන්ත්‍ර හෝ ‍පිරිත් වල තියෙන බලය ලැබෙන්නේ ශබ්ද තරංග එක්ක නේද?
    ඒවගේ frequency එකේ තියෙන දේකින්නේ.. අපේ නියුරෝන් pulse වලින් උනත් මේ තරංග නිපදවෙන්න පුළුවන්.. මේක පොඩක් වෙනස්නේ.. උඹ මේක අත්හදා බලලා තියනවද?
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    මචං මන්ත්‍ර හෝ ‍පිරිත් වල තියෙන බලය ලැබෙන්නේ ශබ්ද තරංග එක්ක නේද?
    ඒවගේ frequency එකේ තියෙන දේකින්නේ.. අපේ නියුරෝන් pulse වලින් උනත් මේ තරංග නිපදවෙන්න පුළුවන්.. මේක පොඩක් වෙනස්නේ.. උඹ මේක අත්හදා බලලා තියනවද?

    පොඩ්ඩක් වෙනස්....? මොකද්ද ඔබට දැනෙන වෙනස මේකේ...?:dull: