බලන්න වැදගත්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හුග කාලෙකට පස්සේ තමයි එළකිරි එකට ආවේ...මුලින්ම හැමෝටම ආයුබෝවන් කියල ඉන්නම් කෝ...ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සමාදානෙන් එහෙම ඉන්න ඇතිනේ...වැල් වටාරම් ඕනේ නැහැ මම කෙලින්ම කතාවට බහින්නම්කෝ කාලෙ කන්නේ නැතුව...අපේ ගොඩක් අය වෙනස වැඩසටහන බලන්න ඇතිනේ....

    වෙනස අද පෙන්නුවා අපි බලන්නම ඕනා වීඩියෝස් ටිකක්.....ඇත්තටම කියනවනම් එල්ටීටී එක පරාද කරපු අපේ රටට මඩ ගසමින්,එල්ටීටී එකේ මැරුන ආත්ම යලි සිහිකරමින් කලාව තුලින් නැවත් එල්ටිටී ත්‍රස්ත සංවිධානයට සහය පලකරමින් සිටින හිප් හොප් ගයිකාවක් තමයි M.I.A කියන්නේ ඇත්ත නම මාදන් ගී අරුන්ප්‍රසාදන් පියා හිටපු එල්ටිටී නායකයෙක් ලූ.මෙයාගේ හැම වීඩියෝ එකකම කොටියෙක් ඉන්නවාලු,වෙඩි හඩ,එවගේම එල්ටිටී එකේ අදුරු මතකයන් එහෙම ඒ මිවුසික් වීඩියෝස් වල තියෙනවාලු...

    මේ තියෙන්නේ පුංචි කොටි දෙනගේ විඩියෝ එකක්...(ඔය වීඩියෝ එකේ ළමා සොල්දාදුවන් එහෙම නිරූපනය කරනවා)



    ඒවාගේම මෙන්න නියම සිංහල පුතෙක් පදිංචිය ඇමෙරිකාව..අතේ තියෙන පච්චය ගහලා තියෙන්නේ තමන්ගේ වාසගමින් සිංහලෙන්ම " ජයසිංහ" කියලා,මෙය එල්ටිටී එකට විරුද්ධව සහ රටට පක්ශව ගොඩක් මිවුසික් වීඩියෝස් කරන කෙනෙක් ගොඩක් අය දන්නවා ඇති නම ඩිලෝන් ජයසිංහ.....රටට ආදරය කිරීම සහ එල්ටීටියට විරුද්ධ වීම නිසා මරණ තර්ජන පවා තියෙනවාලූ මෙයාට.

    මෙන්න අපේ කොල්ලගෙ වීඩියෝස්



    මට මහ ලොකු දෙයක් කියන්න නම් නැහැ...මට ඕන වුනේ මේ ගැන ඔයාලට තේරෙනවා ඇති රට ආයෙත් නිකං යුද්ධයකට අර අදිනවා වගේ....පොඩි දෙයක් කියන්නම් යන්න කලින් "කරන හැම දෙයක්ම තමන් ගැන,රට ගැන,රටේ ජිවත් වෙන අය ගැන හිතලා,නිවැරදිද කියලා හිතලා බලලා කරන්න,,,ඒ වගේම රටට විනාශයක් වෙන්න යනවා නම් ඒ විනාශයට විරුද්ධව නැගී සිටින්න උත්සහ කරන්න සිංහයෙක් වගේ...."

    කාලෙකින්නේ ආවේ එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා අයෙත් හමුවෙමු බුදුසරණයි, ජයම වේවා

    මේ වීඩියෝ එකත් පොඩ්ඩක් බලලා හිටියනම් හොදයි

     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif