-බලය,තනතුරු තාවකාලිකයි-
බලය,තනතුරු තාවකාලික භාරකාරත්වයක් පමණයි......
අපට බලය ලැබෙන්නේ,යම්කිසි කෙනෙකුට වත්කමක් ලැබෙන්නේ,තව කෙනෙකුට ඤාණය ලැබෙන්නෙ,තව කෙනෙකුට තනතුරක් ලැබෙන්නේ,කිසියම් භාරකාරත්වයක් ඉටු කරන්නයි.නැතිව සදාකාලයටම නොවෙයි.හරියට අර ''රිලේ රේස්'' එක වගෙයි.එක් කෙනෙක් ''බැටන්'' එක අරගෙන ගිහින් තව කෙනෙකුට දෙනවා.එයා එක අරගෙන දුවල ගිහින් තව කෙනෙකුට දෙනවා.එක භාරකාරත්වයක්.ටිකකට මේක අරන් ගිහින් අරයට දෙන්න කියන එකයි.එහෙනම්,අපි හැම දෙයක් ම භාර ගන්න ඕනෑ තමන්ට පැවරුණු
තාවකාලික භාරකාත්වයක් හැටියටයි.
හිටපු ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා
''මං පුංචි කාලෙ,මං හිතන්නෙ වයස 4 ක් විතර ඇති,මං තෑග්ගක් අරගෙන ගෙදර එනව ඔලුව උස්සගෙන එහෙම,හොඳට හිනා වේගෙනම, එනකොට අම්මා මාව පැත්තකට අඬගහගෙන ගිහින් මට කිව්වා කතාවක්.අම්මා මට ජම්බු ගහක් පෙන්නල ඇහුව,ජම්බු ගහට ගෙඩි වැඩි වුනාම මොනවද වෙන්නෙ කියල.මං ඒ ගැන ටිකක් කල්පනා කරලා ගෙඩි බිම වැටෙනවයි කීවම අම්මා කිව්වා,''නෑ,පුතා ගෙඩි වැටෙනව නොවෙයි,එ ගෙඩිවල බරට අතු පහත් වෙනව''කියල.එ කියන්නේ පල වැඩි වුණාම,ජයග්රහණය වැඩි වුණාම,තෑගි වැඩි වුණාම,කීර්තිය වැඩි වුණාම,අපි ටිකක් නැමෙන්න ඕනෑ,නිහතමානී වෙන්න ඕනෑ එකයි,ඒකෙ තෙරුම.මොකද,මේවා ඔක්කොම තාවකාලිකයි,මේ ලෝකෙ සදාකාලික කිසි දෙයක් නෑ.........
මා අතිශයින්ම අගය කරන ලලිත් ඇතුලත්මුදලි මහතා වරක් කල ප්රසිද්ධ දෙශනයක් ඇසුරින්

අපට අහිමි වු ශ්රෙෂ්ට ලංකා පුත්රයෙක් වන ලලිත් ඇතුලත්මුදලි මහතා කල මේ කතාව මා උපුටා ගත්තෙ ප්රබුද්ධ සමාජයට මහපොළ මග නැමති කෘතියෙනි