-බලය,තනතුරු තාවකාලිකයි-

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    -බලය,තනතුරු තාවකාලිකයි-

    බලය,තනතුරු තාවකාලික භාරකාරත්වයක් පමණයි......

    මා අතිශයින්ම අගය කරන ලලිත් ඇතුලත්මුදලි මහතා වරක් කල ප්‍රසිද්ධ දෙශනයක් ඇසුරින්

    අපට බලය ලැබෙන්නේ,යම්කිසි කෙනෙකුට වත්කමක් ලැබෙන්නේ,තව කෙනෙකුට ඤාණය ලැබෙන්නෙ,තව කෙනෙකුට තනතුරක් ලැබෙන්නේ,කිසියම් භාරකාරත්වයක් ඉ‍ටු කරන්නයි.නැතිව සදාකාලයටම නොවෙයි.හරියට අර ''රිලේ රේස්'' එක වගෙයි.එක් කෙනෙක් ''බැටන්'' එක අරගෙන ගිහින් තව කෙනෙකුට දෙනවා.එයා එක අරගෙන දුවල ගිහින් තව කෙනෙකුට දෙනවා.එක භාරකාරත්වයක්.ටිකකට මේක අරන් ගිහින් අරයට දෙන්න කියන එකයි.එහෙනම්,අපි හැම දෙයක් ම භාර ගන්න ඕනෑ තමන්ට පැවරුණු
    තාවකාලික භාරකාත්වයක් හැටියටයි.

    225px-Lalith_Athulathmudali.jpg

    හිටපු ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා

    ''මං පුංචි කාලෙ,මං හිතන්නෙ වයස 4 ක් විතර ඇති,මං තෑග්ගක් අරගෙන ගෙදර එනව ඔලුව උස්සගෙන එහෙම,හොඳට හිනා වේගෙනම, එනකොට අම්මා මාව පැත්තකට අඬගහගෙන ගිහින් මට කිව්වා කතාවක්.අම්මා මට ජම්බු ගහක් පෙන්නල ඇහුව,ජම්බු ගහට ගෙඩි වැඩි වුනාම මොනවද වෙන්නෙ කියල.මං ඒ ගැන ටිකක් කල්පනා කරලා ගෙඩි බිම වැටෙනවයි කීවම අම්මා කිව්වා,''නෑ,පුතා ගෙඩි වැටෙනව නොවෙයි,එ ගෙඩිවල බරට අතු පහත් වෙනව''කියල.එ කියන්නේ පල වැඩි වුණාම,ජයග්‍රහණය වැඩි වුණාම,තෑගි වැඩි වුණාම,කීර්තිය වැඩි වුණාම,අපි ටිකක් නැමෙන්න ඕනෑ,නිහතමානී වෙන්න ඕනෑ එකයි,ඒකෙ තෙරුම.මොකද,මේවා ඔක්කොම තාවකාලිකයි,මේ ලෝකෙ සදාකාලික කිසි දෙයක් නෑ.........

    අපට අහිමි වු ශ්‍රෙෂ්ට ලංකා පුත්‍රයෙක් වන ලලිත් ඇතුලත්මුදලි මහතා කල මේ කතාව මා උපුටා ගත්තෙ ප්‍රබුද්ධ සමාජයට මහපොළ මග නැමති කෘතියෙනි
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :yes:

    Janathawage hith thula sadakalikawa inna Garu Mahinda Rajapaksha janapathi thuman wage athi uthum charithath innawa.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වටිනා අදහසක් .... අපිත් එක්ක මේක බෙදා ගත්තට ගොඩක් ස්තුති !!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත කතාව මචන්..මට මේක දැක්කම මතක් උනේ සාමාන්‍ය පෙළ කරද්දි සිංහල වලට තිබ්බ කවි පන්තියක්. මට මතක විදියට නම "වැහි වලාකුලක්" වෙන්න ඕන. තාමත් ඒක තියෙද දන්නෙ නැහැ සිංහල පොතේ.

    එකේ තියෙනව "සුදු වලාකුළු බෝමැ අහස් කුසේ..ඉහලයෙයි, ඔබ යෑම පහත්ව මැයි.." කියල වැහි වලාකුලක් ගැන විස්තර කරල.ඒකෙ කියවෙන්නෙත් මේකේ කියවෙන ජම්බු ගහේ කතාවමයි.

    අපි හැමෝටම යම්කිසි තත්වයක් ලැබෙනවානම් ලැබෙන්නෙ තාවකාලිකවයි, අපි දැනගන්න ඕන ඒ කාලය ඇතුලත සේවය ඉටු කරන්න. ගොඩක් අය හැබැයි කරන්නෙ තමන්ට සේවයක් කරගනං ඒක විතරයි
     
    :yes::yes:

    අපි හැමෝටම යම්කිසි තත්වයක් ලැබෙනවානම් ලැබෙන්නෙ තාවකාලිකවයි, අපි දැනගන්න ඕන ඒ කාලය ඇතුලත සේවය ඉටු කරන්න. ගොඩක් අය හැබැයි කරන්නෙ තමන්ට සේවයක් කරගනං ඒක විතරයි