බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපේ රටේ න්‍යෂ්ටික බලාගාර හදන එක පට්ටම රිස්කි. ඕකක් හදන්න නම් ලොකු හිස් ඉඩක් ඕනෙ. චර්නොබිල් වගේ කේස් එකක් උනොත් මිනිස්සු evacuate කරන්න දිහාවක් ඕනෙ. අනික ඕක හදන්න බාර දෙන්නෙ ඉන්දියන් නැත්නම් චයිනා කොම්පැනියකට. බඩුම තමයි.

    එහෙම අවුලක් නෑ ඉන්දියාවේ චිනේ සැහෙන්න තියෙනවා ලංකාවේ එවුන් US වල design පවා කරනවා
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    එහෙම අවුලක් නෑ ඉන්දියාවේ චිනේ සැහෙන්න තියෙනවා ලංකාවේ එවුන් US වල design පවා කරනවා

    තියෙනව තමා. කෙල උන දවසට රටෙන් බාගයක් ඉවරයි. මොකෝ යන්න දිහාවක් තියෙනව කියලද? ඒ වගේ දෙයක රිස්ක් එක කොහොමත් මේ හිඟන රටට දරන්න බැහැ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජලවිදුලිබලාගාර අලුත්වැඩියා කරා කියලා මහා ලොකු වෙනසක් කරන්න බැහැ මොකද මම දන්න විදියට දැන් ලංකාවෙ අවශ්‍යතාවෙන් 10%ටත් අඩුවෙන් තමයි ජල විදුලියෙන් ගන්නෙ, එතකොට ඕවයෙ අඩුපාඩු හැදුවත් තව 1% ක් 2%ක් වැඩි කරගන්න පුලුවන් වෙයි, ඒකෙන් දැනෙන වෙනසක් කරන්න බැහනේ

    මන් නම් හිතන්නේ විදුලිය සම්ප්‍රේශානයේදී වෙන නාස්තිය අවම කරොත් ගොඩක් වටිනවා ..ලංකාවේ power gird එක දිග වැඩි එකෙන් බලාගාර වල නිපදවන විදුලියෙන් 60% -40% ප්‍රමාණයක් නාස්ති වෙනවා කියනව.
    සොලර් යන එකනම් හොදයි.
    ලංකාවට අවේ නැති උනාට china වල ගොඩක් අඩුවට solar ගහන්නේ . inverter එහෙම ගොඩක් අඩු ඒවා දැන් තියනව ලංකාවේ company උන්ට පාඩු නිසා ගෙන්නේ නැ වගේ.
    දැන් semi transparent solar panel තියනව හදල ලෝකේ ගොඩක් දියුණුයි සොලර් power එක පැත්තෙන්.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තියෙනව තමා. කෙල උන දවසට රටෙන් බාගයක් ඉවරයි. මොකෝ යන්න දිහාවක් තියෙනව කියලද? ඒ වගේ දෙයක රිස්ක් එක කොහොමත් මේ හිඟන රටට දරන්න බැහැ

    අඩුම ගානට විදුලිය දෙන්න නම් නියෂ්ටික බලාගාරයක් තමා හොඳම. පරිසර හානියත් අවමය්. ලෝකේ තියෙන ප්ලාන්ට් වලින් චර්නොබිල් ෆුකුශිම දෙක තමා accident උනේ චර්නොබිල් හරියට නඩත්තු කලේ නැති නිසා ෆුකුෂිම එක බූ කම්පනය නිසා

    අනතුරු අවම න්‍යෂ්ටික බලාගාර වල.
     
    • Like
    Reactions: miyuruds

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මන් නම් හිතන්නේ විදුලිය සම්ප්‍රේශානයේදී වෙන නාස්තිය අවම කරොත් ගොඩක් වටිනවා ..ලංකාවේ power gird එක දිග වැඩි එකෙන් බලාගාර වල නිපදවන විදුලියෙන් 60% -40% ප්‍රමාණයක් නාස්ති වෙනවා කියනව.
    සොලර් යන එකනම් හොදයි.
    ලංකාවට අවේ නැති උනාට china වල ගොඩක් අඩුවට solar ගහන්නේ . inverter එහෙම ගොඩක් අඩු ඒවා දැන් තියනව ලංකාවේ company උන්ට පාඩු නිසා ගෙන්නේ නැ වගේ.
    දැන් semi transparent solar panel තියනව හදල ලෝකේ ගොඩක් දියුණුයි සොලර් power එක පැත්තෙන්.

    transmission loss 10% වලට වඩා අඩුය්.

    සොලාර් වලට backup හදන්න ඕනෑ. නැතිනම් බදු බනිස්. රෑට ගන්න බැටරි හරි pump storage හරි ඕනෑ. ඒවා ගණන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එහෙම අවුලක් නෑ ඉන්දියාවේ චිනේ සැහෙන්න තියෙනවා ලංකාවේ එවුන් US වල design පවා කරනවා

    :lol:ඉන්දියාවේ චීනේ ලොකුයි බ්‍රෝ‍..
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අඩුම ගානට විදුලිය දෙන්න නම් නියෂ්ටික බලාගාරයක් තමා හොඳම. පරිසර හානියත් අවමය්. ලෝකේ තියෙන ප්ලාන්ට් වලින් චර්නොබිල් ෆුකුශිම දෙක තමා accident උනේ චර්නොබිල් හරියට නඩත්තු කලේ නැති නිසා ෆුකුෂිම එක බූ කම්පනය නිසා

    අනතුරු අවම න්‍යෂ්ටික බලාගාර වල.

    හොඳම ඒක උනාට මේ රටට හරියන්නෙ නෑනේ. අනික අපේ වේසිගෙ පුතාලා කොහොමත් අඩුම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන සමාගමට තමා වැඩේ බාර දෙන්නේ. ඒ සමාගමෙන් නෙමෙයි reactor core එක හදන්නෙ, ඒක වෙනම සමාගමකින් කරන්නේ. උගෙ කොලිටිය අපි දන්නෙ නෑ. මොක නිසාවත් නෙමෙයි මේ රටේ සීමිත ඉඩයි, පාලකයන්ගෙ ෂුවර් නැති වැඩයි නිසයි ඕකක් හදනවට මමනම් අකමැති. අනික nuclear waste disposal කියන්නෙත් ලේසිපාසු දෙයක් නෙමේ. ඊළඟට ඕවා ජල මූලාශ්‍ර වලට මුහුදට මිශ්‍ර වෙලා මළ හත්තිලව්වක් වෙනවා. හදිසියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් මිනිස්සු evacuate කරන්නවත් දිහාවක් තියෙනවද? ඒක නිවැරදි විදියට recover කරගන්න අවශ්‍ය තාක්ෂණය දැනුම තියෙනවද? එහෙම දේකින් වෙන ආර්ථික හානිය recover කරගන්න පුළුවන්ද?

    ලෝකෙ වෙලා තියෙන එකම න්‍යෂ්ඨික අනතුරු දෙක චර්නොබිල් ෆුකුෂිමා නෙමේ. 1950 ගනන් වල න්‍යෂ්ඨික බලාගාර පටන්ගත්තු කාලෙ ඉඳලා අනතුරු වෙලා තියෙනවා, නමුත් වෙච්ච දරුණුම කේස් තුන තමා 1979 ඇමරිකාවෙ පෙන්සිල්වේනියා වල ත්‍රීමයිල් අයිලන්ඩ් කේස් එකයි, 1986 යුක්‍රේනෙ චර්නොබිල් කේස් එකයි, 2011 ජපානෙ ෆුකුෂිමා කේස් එකයි. ඇමරිකාවටවත් සෝවියට් සංගමේටවත් ජපානෙටවත් තියෙන පුළුවන්කම් අපිට නෑ.

    න්‍යෂ්ඨික බලාගාර වල අනතුරු අඩුයි තමා. ඒකත් හරියට ප්ලේන් එක ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය කියනව වගේ. නිතර හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ. හැබැයි වැරදිලාවත් වැටුන වෙලාවට අම්#ට හැමනිලාම යනවා. :yes:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අපි යොමුවෙන්න අවශ්‍ය ගල් අඟුරු බලාගාර වලට සහ සූර්ය බලය/සුළං වගේ ස්වභාවික බලශක්ති වෙත. ජල විදුලිය ඉස්සරහට මදි වෙනවා. රතු පොන්නයින්ට පුකේ ඇඟිල්ල ගහගන්න කියල සාම්පූර් එක හදල දාන්න තියෙන්නෙ. ඕනවට වැඩි ප්‍රජාචන්චවාජෙ එක්ක මුකුත් කරන්න බෑ :angry:
     
    Gerald Ford

    Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    ජල බලාගාර සුලන් බලාගාර සූර්ය බලාගාර හදන්න ඉල්ලන හැම එකාටම අවසර දීලා ලෝන් එකකුත් දෙන්න ඕන අඩු පොලියට.මොකද ඕවගෙන් පරිසරයට කිසිම ගැටලුවක් නෑ.තව එක ගල් අගුරු බලාගාරයක් තියෙන්න ඕන.ඒක හදිසි අවස්තාව විතරක් යූස් කරන්න.නොරොච්චල් උනත් ඕෆ් කරන්න ඕන ඕෆ් පීක් වෙලාවට.ස්වබාවික වායු වලින් ගහන්න ඕන ඒවා ගහන්නම ඕන.

    Coal plants ehema ona ona welawata off karannai on karannai ba yako
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    අපි යොමුවෙන්න අවශ්‍ය ගල් අඟුරු බලාගාර වලට සහ සූර්ය බලය/සුළං වගේ ස්වභාවික බලශක්ති වෙත. ජල විදුලිය ඉස්සරහට මදි වෙනවා. රතු පොන්නයින්ට පුකේ ඇඟිල්ල ගහගන්න කියල සාම්පූර් එක හදල දාන්න තියෙන්නෙ. ඕනවට වැඩි ප්‍රජාචන්චවාජෙ එක්ක මුකුත් කරන්න බෑ :angry:

    :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    හොඳම ඒක උනාට මේ රටට හරියන්නෙ නෑනේ. අනික අපේ වේසිගෙ පුතාලා කොහොමත් අඩුම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන සමාගමට තමා වැඩේ බාර දෙන්නේ. ඒ සමාගමෙන් නෙමෙයි reactor core එක හදන්නෙ, ඒක වෙනම සමාගමකින් කරන්නේ. උගෙ කොලිටිය අපි දන්නෙ නෑ. මොක නිසාවත් නෙමෙයි මේ රටේ සීමිත ඉඩයි, පාලකයන්ගෙ ෂුවර් නැති වැඩයි නිසයි ඕකක් හදනවට මමනම් අකමැති. අනික nuclear waste disposal කියන්නෙත් ලේසිපාසු දෙයක් නෙමේ. ඊළඟට ඕවා ජල මූලාශ්‍ර වලට මුහුදට මිශ්‍ර වෙලා මළ හත්තිලව්වක් වෙනවා. හදිසියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් මිනිස්සු evacuate කරන්නවත් දිහාවක් තියෙනවද? ඒක නිවැරදි විදියට recover කරගන්න අවශ්‍ය තාක්ෂණය දැනුම තියෙනවද? එහෙම දේකින් වෙන ආර්ථික හානිය recover කරගන්න පුළුවන්ද?

    ලෝකෙ වෙලා තියෙන එකම න්‍යෂ්ඨික අනතුරු දෙක චර්නොබිල් ෆුකුෂිමා නෙමේ. 1950 ගනන් වල න්‍යෂ්ඨික බලාගාර පටන්ගත්තු කාලෙ ඉඳලා අනතුරු වෙලා තියෙනවා, නමුත් වෙච්ච දරුණුම කේස් තුන තමා 1979 ඇමරිකාවෙ පෙන්සිල්වේනියා වල ත්‍රීමයිල් අයිලන්ඩ් කේස් එකයි, 1986 යුක්‍රේනෙ චර්නොබිල් කේස් එකයි, 2011 ජපානෙ ෆුකුෂිමා කේස් එකයි. ඇමරිකාවටවත් සෝවියට් සංගමේටවත් ජපානෙටවත් තියෙන පුළුවන්කම් අපිට නෑ.

    න්‍යෂ්ඨික බලාගාර වල අනතුරු අඩුයි තමා. ඒකත් හරියට ප්ලේන් එක ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය කියනව වගේ. නිතර හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ. හැබැයි වැරදිලාවත් වැටුන වෙලාවට අම්#ට හැමනිලාම යනවා. :yes:

    :yes::yes::yes:

    oya main incident 3n denata decommission karala waste dispose karala thiyenne three mile island wala witharai. fukushima decommision eka patan gannema 2020nda kohe iwara karanna plan karala thiyenne 2035-2040 wage itin oya wage ekkak lankawata unoth itin aye mehe innawata wada hodai wena ratakata yana eka :sorry:
     
    ලංකාවෙ ඒ වගේ දෙයක් උනොත් නම් කට උත්තර නෑ ඉතින්. :sorry::sorry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    - න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -

    මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessal)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.

    උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
    (න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    ** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

    ** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

    ** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    ******
    මෙතන තියෙන්නේ මිත්‍යා මත කීපයක් ගැන විතරයි. මේ සියල්ලේම තාක්ෂණික කරුණු වල නිරවද්‍යතාව ගැන මට වගකීමක් තියෙනවා. අනිත්වා ගැන ඉඩ ලැබෙන වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කියන්න ඕනේ මේකයි, කරුණාකරලා නිසි මූලාශ්‍ර සමග හැදෑරීමක් නොකර මේවා ගැන ඔබට හිතෙන, ඔබ අහලා තියෙන මනස්ගාත වලින් අදහස් දැක්වීම කරන්න එපා. ඒකේ වක්‍ර හානිය බරපතලයි. ඔබ නිකරුණේ මිනිසුන් බය කරනවා නම් අර එන්නත් වලට එරෙහිව කොන්ස්පයිරසි තියරි ගේන අයත් ඔබත් අතර වෙනසක් නෑ. ඒකෙන් ඔබ මග අවුරන්නේ මුළු මහත් අනාගත පරම්පරාවකටම බව මතක තියාගන්න.

    ප. ලි. : කොහොම කිව්වත් න්‍යෂ්ටික බලාගාර කියන්නේ 90%කට වැඩි රිලයබිලිටි ෆැක්ටර් එකක් තියෙන ශක්ති ප්‍රභවයකට. ඒක ශූන්‍ය විමෝචකයි. බලශක්ති ඝනත්වය අධිකම ප්‍රභවයයි (1×0.5 cm ප්‍රමාණයේ යුරේනියම් ඉන්ධන කැටයකින් ලැබෙන ශක්තිය ගල් අඟුරු මෙ. ටොන් 1කට සමානයි). ඒක හින්දා ඔබ අකමැති උනත් නැතත්, බලශක්ති ප්‍රභවයක් විදියට ලෝකෙ හැම රටක්ම කවදා හෝ මේ වෙත යොමු වෙනවා ඇති.

    - රූපසටහන් -

    1. න්‍යෂ්ටික බලාගාරයක ප්‍රතිකාරක කුටීරය.
    2. න්‍යෂ්ටික බලාගාර අනතුරකදී ප්‍රතිචාර දැක්වෙන ආරක්ෂණ කලාප.
    3. ජනාවාස ඉතා ආසන්නයේ ඉදහි කෙරුණු න්‍යෂ්ටික බලාගාර සඳහා උදාහරණ.

    32239549_10216980769218470_1718748003784720384_n.jpg

    32349143_10216980768978464_3278082897604509696_n.jpg

    32247300_10216980769538478_5745179642197704704_o.jpg

    සටහන - Nirodha Ranasinghe

    https://www.facebook.com/groups/804276106323782/permalink/1733781323373251/