Golden Retriver Female කෙනෙක් ඉන්නවා - වියදම වැඩියි
තව වල් බල්ලෙක් ඉන්නවා - ඌ සැරයි , අපේ උනත් කනවා කිසිම හැදියාවක් නෑ , බෙහෙත් ඕනීත් නෑ..
එලවලු අනම් මනම් ඕනී දෙයක් කනවා!
කෑම වල ප්‍රශ්නයක් නෑ..
මුල් පැටියා කාලේ කන්න බොන්න විටමින් ජාති දෙන්න ඕනී ඩොකා නිර්දේශ අනූව - පෙඩිග්‍රී
බෙහෙත් තමා අවුල.
වෙලාවට බෙහෙත් කරන්න ඕනී නැත්තම් මැරෙන්න උනත් පුලුවන්.
පාවෝ , ඩිස්ටෙම්පර්ඩ් , ජලබීතීකා තව අරවා මේවා තියෙනවා ගහන්න අවුරුදු පතා.
රු.700 ගානක් වැය වෙනවා ඉන්ජෙක්ශන් එක්ක ඩොකාගේ චාජෙස් - 1 Injection
මැක්කෝ , කිනිත්තුල්ලෝ එලවන්න කෙලින්ම චොකලට් එක දෙනවා - අවුරුද්දකටම ඇති ඒක
නාවන්න ශැම්පූ , සබන් , වර්ග ඩොකාගේ නිර්දේශ අනූව ගන්න වෙනවා
පනු රෝග , දිලීර ආසාදන ආපුහම බෙහෙත් කරන්න ඕනී..ඒවට වෙනම වියදම්
ගෙදරට කීකරු , හරිම ආදරේ , කියන ඕනී දෙයක් තේරුම් ගන්න , අපේ පස්සෙන්ම ඉන්න , එක හොද ක්‍රියාවන් ටිකක්!
සැරයි , නමුත් ගොඩක් වෙලාවට සැර නෑ අපේ මනස සැහැල්ලු පිරිසිදු කර ගන්නත් පුලුවන් උන් එක්ක ඉන්න කොට.
කූඩුවක් හදලා දාලා ඉන්නේ ඇතුලට..
කූ කූඩුවේ චූ කරන්නේත් නෑ බෙටි දාන්නෙත් නෑ..
දාන්න ඕනී උනාම කෑ ගහනවා..
එතකොට අපි ගිහින් එලියට ගන්න ඕනී..
කවුරුවත් නැතුව බැරිම අවස්තාවක් උනොත් විතරයි කූඩූව ඇතුලේ කරන්නේ.
වල් බල්ලා , සැරයි , නපුරුයි , ඌ තමා ගෙදර ආරක්ශකයා , වසයි , අමාරුයි පාලනය කරන්න , කියන දේ අහන්නේ නෑ ඒ වගේ ගැටලු තියෙනවා.
නඩත්තු කරන්න පුලුව කියලා හිතෙනවා නම් වෙලාවට බෙහෙත් කන්න බොන්න දීලා , හොද බල්ලෙක් ගනින්.. නැත්තන් වල් බල්ලෙක් ගනින්..