බලු ත්‍රෙඩ් එකක්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
11.gif

11.gif
thanks:eek:
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    xdalmatian.jpg.pagespeed.ic.9mZhvSw8C-.jpg

    මම කැමති බව්වන්ගෙන් තුවෙනියට එන්නේ ඩැල්මේශන්ලා. සාමාන්‍යෙන් පව්ලේ හැදෙන බව්වෙක් විදිහට නම් කරන මෙයා ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේම මෙයාලගේ හැසිරීම ගතිගුණ අතිනුත් අනිත් බව්වන්ට වඩා ගොඩක් දියුණුයි. ටිකක් දගේ තියන වර්ගයක් සමහර අය ඕනවටත් වඩා දගයි. :P
    ක්‍රීඩාව සෙල්ලම ප්‍රිය කරන බව්වෙක් නිසා ඔබ සෙල්ලම් බල්ලෝන්ට කැමති නැත්නම් මේ වර්ගය අමතක කර දමන එක හොදයි. මොකද මේ බව්වන්ට සෙල්ලම ඕනේ වැඩිපුරරානිත් දේ තමයි මේ වගේ බව්වෙක් ඉන්න අයගෙ ගෙවල් වල'
    1 වත්ත වට කරල වැටක් තිබෙනවනම් ඉතාම හොදයි. ඊට හේතුව මෙයාලා දුවන්න දක්ශ වර්ගයක්..
    2 මෙයාලට වාහන පිලිබද ඒතරම් දැනුමක් නෑ.. ඉතින් බැරි වෙලාවත් ලෙහපු වෙලාවට ගොඩක් වාහන යන පාරක් හරහා යන්න උනොත් බයානකයි.
    මෙයලා වතුරටත් ආසයි ඒ වගේම කදු නගින්න බෝල සෙල්ලම් කරන්න:love: මෙයාලව කුඩා කල නිසි විදිහට පුහුනු කිරීම අවශ්‍යයි. එහෙම නැති උනොත් පාලනය කරන්න අමාරුයි. අනික නරක පුරුදු වලට ඇබ්බැහි වෙනවා :P එහෙම පුහුණු කරපු කෙනෙක් උනත් අප්‍රසන්න දෙයක් කලොත් පුදුම වෙන්න එපා. තනිව හිතන්න තරම් සහජ දක්ශතාවයක් තියන මෙයාලා කැමති තම ස්වාමියා පේන තෙක්මානයේ නිතර ගැවසෙන්න. අපි යන යන තැනට එන මෙයා අහල පහල තැනකට වෙලා වකුටු වෙලා ඉන්න කැමතියි. ඉතින් බැදලා හදන්න ගියොත් ගොඩක් වෙලාවට බුරන උඩු බුරන පුරුද්ද ඇතිකරගන්නවා. මුර කරන කටයුතු වලදිත් අවශ්‍ය වෙලාවට වැඩ කරන්න මෙයාල හොදින් දන්නවා. හේතුව මෙයාලගේ බ්‍රීඩ් එකේ ඒ ගතියත් අඩංගු නිසා. නමුත් තරහාගැන්වූ විටදි ඇරුනාම හපන්නේ නෑ

    Myth karayata ekek innawa. patta ban
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූ නම් නිකං වල් බල්ලෙක් වගෙ:lol:
    අනිත් ටිකත් දාපංකො:cool:


    6+ජයවේවා
     
    • Like
    Reactions: wisal

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මම කැමති labradors බව්වන්ට.
    මුන් ගැනත් කියන්ඩ හොඳේ?
    ඒ වුනාට අපේ ගෙදර බව්ව්ක් තියා මොන බල්ලෙක් වත් නෑ. අනාගතයේදී බලාපොරොත්තුවක් තියෙනවාDIAL එකක් හදාගන්ඩ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    රොට්වයලර්
    xrottweiler.jpg.pagespeed.ic.4-2Oii2tyW.jpg

    දැන් බලමු මේ බව්වා ගැන.මෙයාව පුහුණු කරවන්න,මෙයාගෙ බුද්ධි මට්ටම මුර කරුවෙක් වශයෙන් වටිනා කම, ගෙදරදොර දරුවන් සමග එකමුතුව වගේ කරුණු වලදි මෙයා ඉතාම හොද බව්වෙක් ලොම් හැලෙන එක ප්‍රමාණය අඩුයි. සහ අලුත් දේවලට හුරු වීම වැනි කරුණු වලදි මෙයා ඒ තරම් හොද නෑ
    මෙයාල හොද ආත්මවිශ්වාසයක් තියන නිදහස් ආරක්ශාව සලසා දීමට සමත් ස්ව්‍ය්ං තීක්ශන බුද්ධියක් තියන කාන්ඩයක්...ලෝකෙ පිලිගත්ශක්ති සම්පන්න බලවත් ගාඩ් බව්වෝ වර්ගයක් මෙයා වැඩි හෙවිල්ලක් නැතුව ආගන්තුකයන් සමග හිතවත් වෙතත් මනා හදුනාගැනීමක් ලැබෙන තෙක් එය විස්වාස වන්ත සම්බන්දතාවයක් කරගන්නේ නෑ...අනික තමා දේශසීමා පිලිබද අනිත් හැම මුර බව්වෝ වර්ග වගේ මෙයාත් හිතනවා..සහ වෙනත් බව්වෝ එක්ක රන්ඩුවට යන්න ඉදිරිපත් වෙන නිසා පරිස්සම් කරගන්න වෙනවා. මොකද මෙයාගෙන් අනිත් බව්වන්ට තුවාල වෙන්න තියන ඉඩ වැඩී.සවාමියා පේන මානයේ සිටින්න කැමතිමෙයාලා දරුවන්ටත් ආදරෙයි:love:මෙයා ගෙදර අහල පහල ජෝක් කර කර ඉන්න කැමතියි. නමුත් හොදම මුර බව්වෙක් කියන්න බෑ මොකද බුරනවා වැඩී..හැබැයි ඉන්න හොදම ආරක්ශක බව්වෝ වර්ගයක්..
    rottweiler6.jpg
    මෙයින් කෙනෙක් අපේ නංගිට තෑගි හම්බ උනා ඒත් අපි එයාව ඉස්කෝලෙත් ඇරලා වෙන කෙනෙක්ට දුන්න මොකද නංගිට හදිස්සියේ ලංකාවට එන්න උන නිසා :(
     
    Last edited:
    • Like
    Reactions: thushana

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113

    me ina ape gadara yodaya.....ROt : la thama....habai kiyana tharam sara na........wal puppy kenkuth inawa...thawa cat kenkuth inawa.....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම කැමති labradors බව්වන්ට.
    මුන් ගැනත් කියන්ඩ හොඳේ?
    ඒ වුනාට අපේ ගෙදර බව්ව්ක් තියා මොන බල්ලෙක් වත් නෑ. අනාගතයේදී බලාපොරොත්තුවක් තියෙනවාDIAL එකක් හදාගන්ඩ.

    mostpopular-dogbreedsinAmerica.jpg

    ලෙබ්‍රඩෝ ලා ඇමරිකාව වගේ රටවල ගොඩක් ප්‍රසිද්ද වර්ගයක් මෙයාලා හරිම හුරතල් වගේම සෙල්ලමට කැමතියි.. කන්න ඕනේ ගොඩක්. මෙයාලගේ තියන සමබර ගතිය නිසා( සමබර කීවේ ගොඩක් පැතිවලින් මෙයාලා ගෙදර්දොරේ තබාගන්න පුලුවන් වර්ගයක්)ගෙදරදිරේ බව්වෙක් විදිහට ප්‍රචලිතයි.. සාමාන්‍යෙන් අව් රුදු 10-12 අතර කාලයක් ජීවත් වෙන මෙයාලා සෙල්ලමට බරයි ගොඩක් ව්‍යායාම අවශ්‍ය බව්වෙක්. තිබෙන විශේශ දක්ශතාවයක් තමයි පීනන්න දක්ශ කම. මෙයාලගේ කෝට් එක උනත් වතුර නොරදන ගතියක් තියනවා. ඉතින් ඉවරයක් නැති කෑම රුචිය නිස මෙයාලව ඕවවේට් වෙන එකෙන් පරිස්සම් කරගන්න ඕනේ අනිත් එක තමයි වයසට යනකොට උකුල් ඇට කකුල් වල වගේ ප්‍රස්න එනවා හරියට පරිස්සම් නොකලොත්(hip and elbow dyspepsia).. දියවැඩියාව එනවා ඕනවට වඩා මහත් වෙන්න ගන්න අයට..මෙයාලගෙ පිලිගත් වර්ග තුනක් තියනවා කලු අය (තනි කලු) කහ අය ඒ කියන්නේ ලා පාටවල් තියන අය චොකලට් පාට අය වශයෙන්...
    චොක්කෙක් හිටියා මගේ යාලුවෙක් ලග නමත් ශොකෝ(ජුවිස් අය චොකලට් වලට කියන්නේ ශොකලට් කියල :lol:) අපොයි එපාම වෙනවා සෙල්ලමමයි මම ගියොත්.මෙයාලත් ඉක්මනින් වැඩෙන බව්වෝ වර්ගයක්...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    me ina ape gadara yodaya.....ROt : la thama....habai kiyana tharam sara na........wal puppy kenkuth inawa...thawa cat kenkuth inawa.....
    මෙතනදි මචන් අවදාරනය කරන්න ඕන කාරනයක් තියනවා මුන්ව පුහුණු කලේ නැත්නම් හරියට මොනවවත්ම කරන්න බෑ.. ඉතින් උබලගේ ගෙදර ඕකා නිකන් හැදෙනවා ඇති.. ඒ ඇරත් ඉතින් ඕකා උබ වගේ හැදෙන්නැති එක හොදා..:eek: by the way photo එක පේන්නේ නෑ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔන්න ඉතින් තවත් බව්වෙක් ගැන ලියන්නයි ආවේ පටන්ගත්තේ දිග මාතෘකාවක් නිසා ලියන්න තියනවා අම්බානක බලු වර්ගත් ඉන්නවනේ..
    බුල් ඩෝග්
    bulldog.jpg

    මෙයාලගේ තියෙන්නේ හරිම මැර මූණක්. ඒකමත් මෙයාලා ගොඩක් අය අතර ප්‍රසිද්ද වෙන්න හේතුවක් මෙයාට ඇමරිකන් බුල්ඩෝග් කියලත් කියනවා මෙයාලා තමයි බව්වන්ගෙන් පුහුණු කරන්න අමාරුම වර්ගය මෙයාලට එක වචනෙකට හුරු වෙන්න අනිත් බව්වන්ට වඩා ගොඩක් කල යනවා. සමහර වෙලාවට මෙයාගෙ තියන ගතිගුණ වලට හිනත් යනවා. මෙයා වැඩිපුර එලියෙ ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ( එක දවසක් මම ගෙදර එනකොට මේ වර්ගෙ කෙනෙක් මගේ පස්සෙන් ආවා මමත් ආස නිසා ගෙදර ගෙනත් කන්නත් දීලා එලියෙන් බැදලා තිබ්බ අනිත් අය එනකන් අහන්න තියාගමුද කියලා. විනාඩි පහකට විතර පස්සේ බලපුවාම මෙයාව බැදලා තිබුණ කබේ හපලා කඩාගෙන යන්න ගිහින්. :lol:) මෙයාට නිතර මොනාම හරි හපන්න ඕනේ. ඉතින් ඔබ බුල් බව්වෙක් හදනවනම් ගෙදර තියන සෙරෙප්පු හංගලා මෙයාට හපන්න යමක් දෙන එක හොදයි. අනික තමයි මෙයා ගෙවල් ඇතුලේ මිසක් පිට හදන්න බෑ. කොහොමටත් අලයක් වගේ පුටුවක ගුලි වෙලා ඉන්නම තමයි ඕනේ. හැබැයි මෙයා පොඩි ළමයි එක්ක හරිම හිතවත්. (අපේ ගෙදරට එහා ගෙදර මේ වර්ගෙ බව්වෙක් ඉන්නේ අයිතිකාර ගෑණි හරිම ආඩම්බර යි ඉතින් දවසක් මම මෙට්ටෙ අව්වේ දාලා තියෙද්දි ඕකා ඇවිත් චූ පාරක් දැම්මා මම ඕකට පන්න පන්න ගැහුවා.. ගෑණි කීවා පොලිසි යනවා කියලා මම කීවා පොලිසි බැරිනම් ඕන මගුලක පලයන් කියලා.. පස්සේ පස්සේ ඒ ගෑනි මාත් එක්ක හිතවත් උනා මාර විදිහට)
    බැරි වෙලාහරි මෙයා රස්නේ කාල වලට ඕවර් හීට් වෙන්න පුලුවන් එහෙම උනොත් හුස්ම ගැනීමේ අපහසු තාවය නිසා පරිස්සම් කරන්න වෙනවා..ඒ වෙලාවට හෙවන සීතල තියන තැනකට හෝ AC තියන තැනකින් තිබ්බනම් හරි යනවා..
     
    • Like
    Reactions: NUWAN BUWA