බලු ප්‍රශ්නයක්

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    බලු ප්‍රශ්නයක්

    මචන්









    අපේ බල්ලාගේ බලු මැක්කෝ ගොඩක් ඉන්නවා, ඌ Long Hair German Shepherd කෙනෙක්. shampo, and එක එක බෙහෙත් දැම්ම, එත් උගේ Long Hair නිසා හරියට වැටෙන්නේ නැ ඇගට,
    මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2JoOnw0.jpg


    මෙන්න මේ බෙහෙත් දෙකෙන් එකක් ගන්න ෆාමසි එකෙන්.
    රු.380 වගේ වෙන්නේ.
    ඒක අරන් නාවපු දවසට පහුවදාට බල්ලගේ ඇගේ ගාන්න උදේ වරුවක.
    ඒක භාවිතා කරන විදිය සහ සකස් කරන විදිය ගහලා තියනවා ඒ බෙහෙත් එකේ.
    අතට ශොපින් බෑග් එකක් දාගෙන බල්ලගේ මුලු ඇගේම ගාන්න.
    මේක ගාන්නේ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න ඇන්ඩ් එන එක වලක්වන්න.
    ගොඩක් මැක්කේ , කිනිතුල්ලෝ ඉන්න බල්ලෙක්ට නම් දවසක් ඇර දවසක් ඔය බෙහෙත් එක ගාන්න ඕන ඇන්ඩ් ගෙදර හැමතැනටම ස්ප්‍රේ කරන්න ගෙදර මැක්කෝ , කිනිතුල්ලෝ හැමතැනම ඉන්නවානම්.
    පොඩි ස්ප්‍රේ බෝතලයක් අරන් ඒ වැඩේ කරන්න.
    කන ඇතුලේ මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකකට බෙහෙත් එක පොගවලා කන ඇතුලට දාලා ඉන්න මැක්කන්ගේ උඩින් ගාන්න හොදට.

    වැඩිය මැක්කෝ , කිනිතුල්ලෝ නැති බල්ලෙක්ටනම් දවස් දොලහෙන් දොලහට ගෑවා නම් ඇති.
    ඕක ගාලා බල්ලව විනාඩි 15 විතර ලෙවකන්න නොදි තියන්න.

    file_196_column_why-do-dogs-need-a-muzzle.jpg

    http://www.ebay.com/sch/i.html?clk_r...p2045573.m1684

    ලෙවකන්න නොදි තියන්න අමාරු නම් මෙන්න මේ වගේ මාස්ක් එකක් ගන්න ඊබේ එකෙන් හෝ තමන්ගේ වෙට්ගෙන් අහලා ගන්න හොද තැනකින්.
    ඒකක් අරන් බෙහෙත් ගාලා විනාඩි පහලොවක් බල්ලට දාලා තියන්න.
    ගොඩක් තද කරලා දාන්න එපා .
    ගානට දාන්න සතාට අපහසුතාවක් නොවෙන විදියට.
    ඔය බෙහෙත් එක ලෙවකෑවොත් සතාට සිහි මද ගතිය,වමනේ යාම වගේ ලක්ශන එනවා.
    ගොඩක් ලෙවකෑවොතින් මැරෙන්න උනත් පුලුවන් පොඩි බ්‍රීඩ් එකක බල්ලෙක් නම් පොමනේරියන් වගේ.

    නාවලා ඉවර වෙලා,බෙහෙත් දාලා ඉවර වෙලා සතාව ගැටගහන්න එපා,ඌගේ ආතල් එකේ ඌට ඉන්න දෙන්න තනියම ගසාගෙන , කරගෙන.
    ඇග පිහිදන්න යන්නත් එපා නාවලා,බෙහෙත් ගාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600