1960 - 1980 වෙනකම් මිනිස්සු බොහොම පරිස්සමින් භාවිතා කල වචනයක් වෙන GENOCIDE (සිංහලෙන් කියන්නේ "ජන සංහාරය) අද හරිම ඉක්මනින් කියන්න පුලුවන් ලේසි වචනයක් වෙලා.
මොකක්ද මේ ලෝකේ පුරා ඉන්න සමහර දමිළ සොයුරු සොයුරියෝ නිතරම කියන GENOCIDE වචනේ තේරුම සහ ඇත්තෙන්ම ලංකාව තුළ එහෙම දෙයක් වෙනවද?
නීති විශාරදයන් අතර නොයෙකුත් නිර්වචනය කිරීම් තිබුනත් 1944දී පෝලන්ත-ජුදෙවු ජාතික රෆායෙල් ලෙම්කින් කියන නීති විශාරදයා ඉදිරිපත් කරපු මේ 'genocide' වචනය සහා අර්ථ දැක්වීම මේ වන විට සම්මතය බවට පත්වෙලා තියෙනවා.
ලතින් බසින් gens, gentis යනු උපත, ජාතිය, වර්ගය යන්නයි. ග්රීක බසින් génos නැවතත් සම අදහසක් දෙයි. ප්රංශ බසින් cide යනු ඉවත් කිරීම, මැරීම වැනි අර්ථයක් දෙයි. එසේ ගත්කල gents, gentis, génos + cide = GENOCIDE.
සිංහලෙන් එවිට තේරුම වන්නේ "යම් ජාතියකට, වර්ගයකට, රටකට, ආගමකට අයත් ජනතාව ඝාතනය කිරීම" එම නිර්වචනයේ ඇති අඩු ලුහුඬු කම් මඟහරවාගැනීම සඳහා, 1948දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පහත නිර්වචනය සම්මත කරන ලදී.
"කිසියම් ජාතියක්, ආගමක්, රටක්, හෝ සංස්කෘතික කොට්ඨාශයක් සහමුලින්ම විනාශ කිරීමේ අරමුණින්, පහත දේ කිරීම genocide ('ජනසංහාරය') නම් වේ:
එනම්, දමිළ ජනසංහාරය (Tamil Genocide) සිදු වුනේ කොටි ත්රස්තවාදීන්ගේ අතින් විනා වෙනත් ජාතියකට අයත් අයගෙන් නොවන බව නොවේද?
Ref: Lemkin, R 1944, 'Axis Rule in Occupied Europe: Laws of Occupation - Analysis of Government - Proposals for Redress' (Chapter 9-10), Carnegie Endowment for International Peace, pp. 79 - 110.
Lemkin, Raphael.

- ජාතියකට, ආගමට, රටකට අයත් සාමාජිකයින් සමූහ ලෙස මැරීම.
- එම සාමාජිකයින්ව දරුණු ශාරීරීක හෝ මානසීක වද හිංසාවට ලක් කිරීම.
- විනාශ කිරීමේ අරමුනින් ඕනෑකමින් කොටසක ජීවන තත්වය පහත හෙලීම.
- එම කොටසේ දරු උපත් සිදුවීම වැළැක්වීම.
- දෙමාපිය අනුදැණුමකින් හෝ දරුවාගේ කැමැත්තකින් තොරව, වර්ගයේ දරුවන් වෙනත් වර්ගයකට, ජාතියකට හෝ ආගමකට හැරවීම.
- දෙමවුපිය අනුදැණුමකින් තොරව දමිළ සොයුරු සොයුරියන්ගේ අත් වලට අවි ආයුධ දුන්නේ කවරෙක්ද?
- ඔවුන්ගේ වර්ගය වන 'දමිළ' බව 'කොටි ත්රස්ත' බවට බළෙන් වෙනස් කලේ කවරෙක්ද?
- ඔවුන්ට විවාහ වීමට හෝ දරුවන් සැදීමට සීමා පැනවූයේ කවරෙක්ද?
- අරමුණ කුමක් වූවත්, උතුරේ දමිළ ජනයාගේ ජීවන තත්වය පහත හෙලුවේ කවරෙක්ද?
- සංවිධානය තුලදීම සයනයිට් කරලක් බෙල්ලේ බැඳ, මානසීක මෙන්ම ශාරීරීක වධ හිංසා පවා සිදුකළේ කවරෙක්ද?