බලු_පූට්ටු

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.

    හැබයි සමෘධි කාරයෝ නම්, නිල් බලකායේ ටී ෂර්ට් ගහගෙන කීප සැරයක්ම ගම් වල සැරි සැරුවේය. එක එක ජාතියේ පත්‍රිකා බෙදුවේය.. ඒ අස්සේ අවුරුදු ලිතකුත් බෙදුවේය. මෙළෝ දෙයක් නොකර ආන්ඩුවේ පින් පඩියෙන් කන සෙට් එක, මේ දවස්වල එකසිය ගානට වැඩය. උන්ට මේ වගේ ලීෆ්ලට් බෙදන්න තියෙනවාය. ගෙයින් ගෙට යන්න තියෙනවාය. සිලෝන් ටකරන් බස් එකෙන් මීටින් වලට යන්න තියෙනවාය. බොන්නයි කන්නයි හම්බ වෙන නිසා, උනුත් පැනලාම යනවාය. "කන්න දෙනවනම්.... අපිට බොන්න දෙනවනම්...." කියලා සින්දු හදපු උනුත්, රෙදි නැතුව කඩේ යන එකේ, මුන් ගියාම මක්කා වෙනවදෝ කියා වෙලාවකට හිතෙනවාය.

    මහින්ද මහත්තයාට සපෝට් කරන්න ජපානේ ඉඳලම ඇවිත් ඉන්න එකෙක්, මේ අහිංසක උන් දැකලා කිව්වේ, මචෝ මැති ඇමති සෙට් එකටයි මහ උන්ටයි හෙන ගහන්න එපාය යකෝ.. බලපන් මේ මිනිස්සු, කොච්චර අසරණ, දුප්පත්, අහිංසක මිනිස්සුද කියලාය. මම ඌට මුකුත් කියන්න ගියේ නැතිය. මට මතක් උනේ 77 මැතිවරණෙට, කැළණිය ආසනේට තරඟ කරපු සිරිල් මැතිව් ගෙයින් ගෙට ආපු විදියය.

    සුපර් ලක්සිරි වාහන පෝලිමක් ආවේ නැතිය. බට්ටෝ දමා, නිදාගෙන ඉන්න පොඩි උන් බය කලේත් නැතිය. මහා සෙනගක් පිරිවරාගෙන ආවෙත් නැතිය. මරන්න හදන හරක් වාගේ කෑ ගසාගෙන ආවෙත් නැතිය. පෙනුමෙන් හා ඇඳුම පැලඳුමෙන් බොහොම වැදගත් 10-15 ක පිරිසක් ඇවිත් කොල කෑලී දෙකක් තුනක් දීලා හිනවෙලා ගියේය. (උන්දෑ පස්සේ පිස්සු කෙලිය කතා සහතික ඇත්තය.)

    ඒ වගේ කැම්පේන් ඊට පස්සේ දකින්න අපි පින් කර තිබුනේ නැතිය. රටක් සංවර්ධනය වෙනවා නම් මේ වගේ සුළු දේවල් වල උනත්, තියෙන්නට ඕනා සංවර්ධනයක් මිස පිරිහීමක් නොවේ. මා සේවය කල රටවල මැතිවරණ තියෙනවාද කියා දන්නේ නැතිය. ඒ තරමටම නිහඬය. මිනිසුන් තමන් කැමති කෙනා චන්ද දිනයේදි තෝරා ගනි. පෝස්ටර් සඳහා වෙන්කොට ඇති බෝඩ් වල පමණක් දේශපාළකයෝ පනාව දාගෙන උන්නාට, මිනිස්සු ඒ දිහා බලන්නේවත් නැතිය. ප්‍රචාරන මාධ්‍ය පුවත් පත පමණි. මිනිසුන්ට වෙනත් දහසක් රාජකාරි ඇත.

    රටේ ජනතාව මිලියනකට වඩා අන්ත අසරණ තත්වයට පත්ව ඇත. නිවාස දහස් ගනනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසින්ය. තවත් නිවාස දහස් ගනනකට අර්ධ හානිය.. ගම් පිටින් ජනතාව එක මිනී වලේ සැතපෙයි.. අනාතවූ මිනිසුන්ට.. කෑමට බීමට කිසිත් නැත. බීමට ජලයවත් නැත.. එක තැනකට දෙතැනකට පරිවාර සේනාව සමග ගොස් පච මල්ලක් බෙදාදෙයි.. මෙයාලා කියන විදියේ සංවර්ධණයක් සිද්ද උනා නම්, බලන බලන අතේ මුළු රට පුරාම අන්ත අසරන ජනතාවක් සිටින්නට බැරිය. අර වාර්ථා මේ වාර්ථා පෙන්න පෙන්න පච කෙලියාට, රටේ ඇත්ත තත්වේ නැත්නම්, හෙළුව පේන්නේ මේ වගේ වෙලාවල්වලදීය.

    මාලනී හා සමනලී

    මාලනි නැන්දාගේ පවුලේ දූ කුමාරියක් වන සමනලීට හොස්පිටල් යන්නම නෙලලාය. ඒ එයා දෑත් ශක්තිමත් කරන්න ගිය හාදයාගේ, ලොකු කොළුවාගේ, කොටළු රෑනය. උන්ට කියන්නේ නිල් බලකාය කියාය. උන් ඕන එකෙකුට නිල් වෙන්න නෙලන නිසා, උන් හඳුන්වන්නේ ඒ නමින්ය. ඒ වගේම නමට අඩු පාඩුවක් වෙන නිසාදෝ, උන් උන්නේ නිල් වෙන්න ගහලාය. එහෙම නිල් වෙන්න ගහන්නේ එයාලාගේ පාටත් නිල් නිසාය. මහින්ද මහත්තයා ටී ෂර්ට් එකේ ඉන්නකොට උන් හිතන්නේත් මහින්ද මහත්තයා උන් කියලාය. ඉතින් රජ පාට් ඔළුවට එනවාය. ඕක පොකුරු පිටින් යනකොට ගහගෙන ගියාට. ගෙදර යනකොට යන්නේ ගලවලා සාක්කුවේ දාගෙනය.

    මාලනිට එයාගේ පවුලේ හිඟන කෙල්ලෝ වැඩක් නැතිය. දැන් එයා බදාගන්නේ ඉන්දියාවේ සුපිරි නලු බට්ටෝය. සල්මාන් ඛාන්ට කොඩි දාන කොට, සමනලීට අඩි දුන්නාට එයාට අවුලක් නැතිය. නහින දෙහින කාළේ පැන්සොන් එකකුත් අරගෙන, සුපර් ලක්සිරි වාහනයක යන පින ලබා දුන්න උත්තමයෝ ඊට වඩා වටිනවාය.

    සමනලීලාත් කරන්නේ මරි මෝඩ වැඩය. එයාලාට කියන්න තියෙන දෙයක්, ඔය රූපවාහින් චැනල් වල වොයිස් කට් එකකට දුන්නාම ඉවරය. රටේම ඉන්න බල්ලෝ පිස්සු වැටිලා ඉන්න වෙලාවේ, චෝයි බව්වෝ මක්කුද, පිස්සු බල්ලෝ මක්කුද කියා හරියට හඳුනා ගන්න බැරිය.

    ගෙවල් වල හපා කන බල්ලෝ ඉන්න කොට, "බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු.." කියා බෝඩ් එකක් දානවාය. ආන් ඒ වගේ බෝඩ් එකක් ලංකාවට එනටර් වෙන තැන්වල එල්ලලා තියනවානම් බොහෝම වටිනවාය. මොකෝ මේ දවස්වල බල්ලන්ට හීට එක එනවාය. ඒ නිසා පිස්සු නැති බල්ලොත් පිස්සු වැටෙනවාය. එහෙම පිස්සු වැඩි වෙලා මෝල් කලන්තේ ආවම බලු පූට්ටු ඇති වෙනවාය. සමහර වේස කොල්ලෝ ඔය බලු පූට්ටූ වලට ගල් ගහනවාය. ඒත් ඉතින් එහෙම ගල් ගැහුවා කියා පූට්ටුව ගැලවෙන්නේ නැතිය. ඒක ඉබේම ගැලවිලා යනවාය.

    ඉතින් අපිට, සමනලීලාට, ඉන්ද්‍රචාපලාට, කසුන් කල්හාරලාට, මොහාන් රාජ්ලාට, සහ අනෙක් උන්ට කියන්න තියෙන්නේ පිස්සු බල්ලන්ගේ බලු පූට්ටුවලට ගල් නොගහා. උන්ගේ බලු පූට්ටු දිහා බලාගෙන ආතල් එකක් ගන්න කියලාය. මොකෝ...., බලු පූට්ටු ආතල් එක ඉවර උන ගමන් ඉබේ ගැලවිලා යනවාය. ඕවා ගලවන්න ගිහින් පිස්සු බල්ලෙක් හරි බැල්ලියෙක් හපා කෑවොත් හෙම බුරිය වටේ ඉන්ජැක්සොන් ගහන්න ඉස්පිටිතාලවල ලගින්න වෙනවාය.

    සල්මාන්ට කොඩි
    සමනලීට අඩි
    අපි නම් දැන් රෙඩි
    දාන්න සුදු කොඩි