බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බය&#352

Shan Rox

Member
Jan 16, 2011
95
27
0
බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බය&#352

රාත‍්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු නම් සොයා ගැනීමට නොලැබුණි.
සැමියා දුර බැහැරක මළගෙයකට සහභාගි වීමට ගිය දිනයේ සීලවතී තම දරු තිදෙනාත් සමඟ නින්දට ගියේ ගෙයි දොර ජනෙල් ද හොඳ හැටි වසා තබමිනි.
ඔරලෝසුවේ වෙලාව මැදියම් රැයද පසුවී තිබුණි. නිවසේ ඉදිරි දොරට කිසිවකු සිහින් හඬින් තට්ටු කරනු ඇසුනි. සීලවතී හොඳ හැටි කන්දුන්නාය. තට්ටු කරන හඬ මඳකට නතර විය. යළිත් තට්ටු කරයි. ඇයට යකුන් ගැන සිහියට ආවේ ඉබේටමය. ඇතිවූ බිය මෙතෙකැයි කිව නොහැකි විය. දොරට වරින් වර තට්ටු කරන හඬ යළි යළිත් ඇසෙයි.
‘දැන්නම් මේ එකත් එකටම රාති‍්‍රයට එන යකාමය.’ කිසිම සැකයක් නැත. ඇගේ මුළු ගතම දහඩියෙන් තෙත් විය. ඒ අතර සීලවතීට ගණ දෙවි නුවණ පහළ විය. මඳ දුරක නිවෙසක වෙසෙන තම සොහොයුරාට ඇය ඉතා පහත් හඬින් කතා කොට දුරකතන ඇමතුමක් දුන්නේ යකාට නොඇසෙන්නටය.
”අයියේ ඉක්මනට එන්න අපේ ගෙදෙට්ට යකෙක් ඇවිත් දොරට ගහනවා”.
ඇගේ සොහොයුරාද ඒ අවස්ථාවේම නිවෙසින් පිටත් වූයේ යකා පණ පිටින්ම අල්ලා ගැනීමටය. ඒ එන ගමනේදී තම යහළු හිත මිතුරන් කිහිප දෙනකුද තම ගමනට එකතු කර ගත්තේය. නිවසට ළංවනවිට මේ පිරිස ඉතා සැලකිළිමත් වූහ. ශබ්දයක් නොනැඟෙන පරිදි ඉතා සීරුවෙන් නිවසට ළංවූ පිරිසට දැක ගැනීමට හැකිවූයේ බලාපොරොත්තු වු යකකු නොවේ.
නිවසේ ඉදිරිපස දොරට හේත්තුවී ඉස්තෝප්පුවේ නිදා සිටින බල්ලෙකි. ඌ වරින් වර තම ඇඟ කසන්නේ ඇඟේ වූ හොරි තුවාල නිසාය. එසේ කරන වාරයක් වාරයක් පාසා උගේ වල්ගය දොරේ හැපේ. සොහොයුරා සමග ගමනට එකතු වූ අනෙක් පිරිස ආපසු තම නිවෙස් කරා පිටත් වූයේ මැදියම් රැයේ තමන්ගේ නින්ද කඩා කඩිමුඩියේ තමන් රැගෙන පැමිණි ගමනේ අවසන් ප‍්‍රතිඵලය පිළිබඳව ඔහුට ඇති වෙන්නට දෙහි කපමිනි.
:oo::oo::oo: