බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

glinemanju

Member
Nov 1, 2011
63
5
0
බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ


බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

ගාලූ පාරෙන් ඈත පළාතකට ඇදෙමින් තිබූ බස් රියේ සෙනග සිටියේ ආසන ගණනට
පමණි.
ඇතැම් නැවතුම් ස්ථානවල දී විනාඩි ගණන් නතර කර තබමින් මගීන් සෙවීමට සිදු වූයේ එනිසාය.
වෙනදාට දුර යන මගීන් ගැන පමණක් සිතූ කොන්දොස්තර තැන එදින රුපියල් 9ක කෙටි දුර මගීන් ද පැටවීමට උත්සාහ ගත්තේය.
කොන්දොස්තරගේ උත්සාහය හරි ගියේය. දැන් බසය පිරෙන්නට මගීන් ඇත.
මගීන් කිටි කිටියේ පටවන කොන්දොස්තර හරි යාං කියන වචනය කී සැණින් රියදුරු පවනට බඳු වේගයෙන් බස් රථය ඉදිරියට රැගෙන යයි.
බස් රථයේ ගීත පටි යන්ත‍්‍රයකින් නිකුත් වන සංගීතයේ හඬ ද මගීන්ගේ කන් අඩි පැලෙන තරමට ප‍්‍රබලය.
හරි යාං!
රියදුරුට ඇසුණි.
සුපුරුදු වේගයෙන් බසය ඉදිරියට ඇදුනි.
දොරටු දෙකෙහිම සිටි සෙනග අතරින් කොතැනකින් හෝ කොන්දොස්තර ද එල්ලෙන අයුරු දැක ගත හැකි විය.
නැවතුම් පොළවල් කීපයක දී එසේ කළ ද කොන්දොස්තරට තව තැනක දී වැඬේ වැරදී බසයට නැග ගැනීමට බැරි විය.
බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. නැවතුම් පොළවල් හතරක් පමණ පසුවූ සැණින් ත‍්‍රිරෝද රථයක් බස් රථය ඉදිරියෙන් නැවැත්වූයේය.
මොන මගුලක් ද බං ඕක වහලා දාපං
කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ.
ඇඟිලි අතරේ රඳවාගෙන සිටි මුදල් නෝට්ටු අතරින් රුපියල් 150ක් ත‍්‍රිරෝද රථ රියදුරාට දුන් කොන්දොස්තර බස් රථයේ දොරටුවක එල්ලී ආවේගශීලී හඬකින් යළිත් කීවේ හරි යාං කියායි.


 
Last edited: