255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථ&#

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථ&#

    මහජනතාව බල ගැන්වෙම්න් සිටී....



    255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථයකි. ගමන් ඇරඹීමට පෙර සිටම බස් රථයේ අධික සෙනගකි. බසයේ ගමන කොට්ටාවෙන් හවස 6.25ට ගමන් ඇරඹණි. බසයේ කොන්දොස්තර හරි අමුතු එකෙකි. ඩෙනිමක් ඇද එය දණහිස දක්වා නවා ටීෂටයක් ඇදගෙන සිටී.මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‍ය කල අලුත් නිල ඇදුම මෙය විය යුතුය.කතා විලාශයද හරි අමුතු එකය. "ඔය මැද ඉඩ තියාගෙන ඉස්සරහට යන්නෙ නැතුව මොන මගුලක් කරනවද?", "ටිකට් ගන්න ළගට එනක්න් ඉන්න එපා සල්ලි අදින්න සල්ලි අතේතියාගෙන ඉන්න","මාරු සල්ලි නැත්තම් ඉතුරු ඉල්ලන්න එපා" ආදී ලෙස අම්බානක පොර talk issue කරයි. නමුත් බස්‍ රථයේම අලවා තිබු ස්ටිකරයක පරිදි ගමනාන්තය දක්වා ලග තබා ගතයුතු ටිකට්පත නම් කිසිවෙකුට ඔහුගෙන් නොලැබෙයි.බසයේ රියදුරුද ඔහුටම කැපෙන අයෙකි. කොන්දොස්තර මල්ලීට සහය දෙමින් ඉබි ගමනින් පිළියන්දලට පැමිණීමට ඔහු ගතකල කාලය පැයකි. 255 බස් රථ පිළියන්දල නගරයේ මද වේලාවක් නවතාගෙන සිටීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එන්ජිමත් off කල බසය පැය කාලක් පිළියන්දල ගිමන් හරින්ට විය. වෙලාව රාත්‍රී 7පසුවී විනාඩි 40කි.ඊළග 255 බසය පැමින(එය CTBබසයකි) දෙතුන් වරක් නලාව නාද කල නිසා බැරි බැරි ගාතෙන් නැවත ගමන ඇරඹිණි . බසයේ එහාමෙහා හැරිය නොහැකි තරම් සෙනගකි. පිළියන්දල හන්දියෙන් කටුබැද්ද දෙසට හැරුනු බසය නැවත එකතැනය. විනාඩි දහයක් පමණ ගතවිණි. දැන් මගීන් මදක් නොසන්සුන්ය. පසුපසින් පැමිණි CTB රථය නවතාතිබූ කතානායක බසය පසුකරගෙන යාම මගීන්ගේ කේන්තිය කේන්ද්‍රස්ථාන ගත කරන්නට සමත් විය. "මල්ලී මේක යන්නෙ නැද්ද? "ඉවසාසිටිය නොහැකිම තැන අයෙක් විමසීය. "යන්නෙ නෑ ඇයි මොනවා කරන්නද රැඩිකල් කොන්දොස්තර මල්ලීගේ පිළිතුරයි. දැන් බසය ඇතුලේ කුසු කුසුවකි. "දැන් කොච්චර වෙලා මේක නවත්තගෙන හිටියද?, ctb එක ඉස්සර කරලත් ගියා"තවත් මගියෙකුගේ චෝදනාවකි. "Ctb අපිට අදාල නෑ අපි යන්නෙ අපිට ඕනෙ විදිහට. යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සල්ලි දෙන්නම් බැහැල යන්න".නැවත කොන්දා මලිලීගෙන් රැඩිකල් පිළිතුරකි. "අපි මොකටද මුංගෙ ගෑස් බලන්නෙ කටිටියම බැහැලා සල්ලි ඉල්ලගමු". අයෙක් කෑගැසූ අතර, විනාඩි 25ක් එකතැන සිට අම්බානක මල පැන සිටි මගීන් එකමුතු විය සියල්ලන්ම බසයෙන් බැස කොන්දොස්තර වට කරගත් විට මේ ලංකාවදැයි පුදුම සිතුණි. රැඩිකල් කොන්දොස්තර දැන් හරි අසරණය. "හරි හරි දැන් යනවා යන අය නගින්න".. ඒ talk එකේ පෙර මෙන් පොර ගතියක් නැත."නෑ අපි යන්නෙ නෑ අපේ සල්ලි දෙන්න".. දැන් පොදු මතය ප්‍රභලය. මගීන් අසූවකට සීයකට වට වී අසරණ වූ කොන්දා මල්ලීට ඉතුරු සල්ලි බෙදනවා විනා වෙන විකල්පයක් නැත.

    අවසානයේ සියල්ලන්ට සල්ලි බෙදා දුන් කොන්දොස්තර මල්ලී අසරණව බසයට නැග driver අයියා සමග හුදෙකලාව යන්නට විය.තම පාරිභෝගිකයන් වූ මගියා සමග සෙල්ලම් කරන, මගියාගේ වටිනා කාලය අමු අමුවේ අනුභව කරන බස් රථ රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට මෙය හොද පාඩමකි.ආයෙත් මතක ඇති කාලෙක ඒ කොන්දොස්තර මල්ලී රැඩ්කල් නොවනු ඇත.නිකරුනේ මගීන්ගේ වටිනා කාලය සමග සෙල්ලම් නොකරනු ඇත.මෙවැනි බස් අයියලා අපේ රටේ තවත් සිටිය හැක.හැම දෙනාම එකාවන්ව එක්වී ඔවුන් යහමඟට ගැනීම අපේ යුතුකමකි.

    අපේ රට නිවැරැදි මාර්ගයට ගත හැක්කේ අපිටම පමනකි.

    (ඒ මොහොතේ පෞද්ගලික රාජකාරි ගමන් මහන්සිය ගැන නොසිතා සියල්ලන් වෙනුවෙන් එක් රැස් වූ බස් රථයේ සැමට ප්‍රණාමය )



    Code:
    [URL="https://www.facebook.com/TalikingPicture/photos/a.205576356717908/278561112752765/?type=3&theater"]source[/URL]
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    22.gif


    පට්ට නේ... එහෙම තමයි කරන්න ඕන...
    කොන්දා හිතාගෙන ඉන්නෙ ඌ තමයි බස් එකේ "විධායක ජනාධිපති" කියල.....
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    22.gif


    පට්ට නේ... එහෙම තමයි කරන්න ඕන...
    කොන්දා හිතාගෙන ඉන්නෙ ඌ තමයි බස් එකේ "විධායක ජනාධිපති" කියල.....

    :D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    ඔය දෙම අනිත් රුට් වලත් ලගදිම පටන්ගනි වි..:D

    ආන්න එහෙම තමයි ඉන්ඩ ඔනෙ, ගුඩ් :yes:


    22.gif


    පට්ට නේ... එහෙම තමයි කරන්න ඕන...
    කොන්දා හිතාගෙන ඉන්නෙ ඌ තමයි බස් එකේ "විධායක ජනාධිපති" කියල.....

    255 loka arambaye idala yanne kota kota..kattiyama bassa ekanam pudumay..


    siraawata meloma rahak nathi route ekak :baffled:


    :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඕකුන් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ... හෙන සද්දෙන් කතා කරන්නේ ඉතුරු ඉල්ලපුවහම.. බස් එකේ නැග්ග වෙලාවේ ඉඳල ගේම මයි ඉල්ලන්නේ... තව උදේට කටුබැද්දට යන යෑම, 6.15 පෙ:ව පිළියන්දල ඉඳල යන කට්ටියට අමුතුවෙන් කිවයුතු නැහැ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොළඹ ප්‍රයිවෙට් බස් වල ස්ටිකර් අලවලා තියනවා මම දැක්කා කොට කොට යනවා නං මොබරයක් දීලා ඒකට කෝල් කරන්න කියලා. මෙහෙම උන එක හොඳයි :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ලංකාවට පොදු දෙයක්. ප්‍රයිවට් බස් කියන්නේ තනිකරම ලංකාවේ පොදු ප්‍රවාහනේ පිළිලය. උන්ට ඕනේ සල්ලි විතරයි මිනිස්සු වහලේ උඩ ගියත් කමක් නෑ. කොට කොටා යනවා වෙලාවකට, තවත් වෙලාවකට පිස්සෝ වගේ යනවා කන තියල බ්රේක් ගහනවා. කිසිම සැප පහසුවක් නෑ. කන්දොස්කිරියා සංගීතය. ඕකට එක බස් කාරයෙක්ට විතරක් පාඩමක් උගන්නල වැඩක් නෑ. සහමුලින්ම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එක එකාට බස් පර්මිට් දීල බස් මුදලාලිලා ඇති කරන එක නවත්තන්න ඕනේ. බස් සේවාව රජයට හෝ රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට හරි පවරන්න ඕනේ. ලොරි බස් ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් මේ කරුමෙන් ගොඩ යාමක් නෑ.:no:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    ඕක ලංකාවට පොදු දෙයක්. ප්‍රයිවට් බස් කියන්නේ තනිකරම ලංකාවේ පොදු ප්‍රවාහනේ පිළිලය. උන්ට ඕනේ සල්ලි විතරයි මිනිස්සු වහලේ උඩ ගියත් කමක් නෑ. කොට කොටා යනවා වෙලාවකට, තවත් වෙලාවකට පිස්සෝ වගේ යනවා කන තියල බ්රේක් ගහනවා. කිසිම සැප පහසුවක් නෑ. කන්දොස්කිරියා සංගීතය. ඕකට එක බස් කාරයෙක්ට විතරක් පාඩමක් උගන්නල වැඩක් නෑ. සහමුලින්ම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එක එකාට බස් පර්මිට් දීල බස් මුදලාලිලා ඇති කරන එක නවත්තන්න ඕනේ. බස් සේවාව රජයට හෝ රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට හරි පවරන්න ඕනේ. ලොරි බස් ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් මේ කරුමෙන් ගොඩ යාමක් නෑ.:no:

    මම දවසක් බස් එකේ හෝමගම ඉදන් කොට්ටාවට එනකොට බස් කාරයා එක පාරට බ්‍රේක් පාරක් ගැහුවා.මම නම් හොදට අල්ලන් හිටියේ.මගේ පස්සෙන් හිටපු කෙල්ල ඒ ගහපු බ්‍රේක් පාරට ඇවිත් පුටුවේ කොනේ බඩ වැදුනා..ඒ කෙල්ල වේදනාව වැඩි කමට ඇඩුවා.පව්..මට ඉස්සරහ හිටපු පුටුවේ හිටපු කෙනා බහින්න නැගිට්ටහම මම එයාට සීට් එක දුන්නා.සීට් එකෙත් ඉගෙන අනිත් පුටුවට ඔලුව ගහගෙන ගියේ..