දෙයියනේ කියල මමම පටාං ගන්නම්...
දැනට මම ගිහිල්ල තියෙන සිරාම බස් සර්විස් එක තියෙන්නෙ Route No 99 - බදුල්ල-කොළඹ /Colombo- Badulla මාර්ගයේ.Air-suspension, adjustable seat තියෙන Luxury Bus Service එකක්. හෙන පත Tourist Bus තමා යන්නෙ.
බදුල්ලෙන් 11.00ට, කොලඹින් 11.30ට. සිකුරාදට බස් 2ක් විතර කොලඹිනුත්, ඉරිදට බස් 2ක් විතර බදුල්ලෙනුත් යනවා.
ටිකට් 1ක් රු. 565.00ක් විතර මගෙ හිතෙ.
බස් එක NTC එකෙන් category කරලා තියෙන්නෙ X විදියට.
බස් එකේ ටිකට් එකත් නිකන් Air Ticket එකක් වගෙ.
රෑට පෙරවගන්න බ්ලැන්කට් එකකුත් ඉල්ලගන්න පුලුවන් කියල ටිකට් එකෙ සදහන් කරල තියෙනව. තව බොන්න වතුර අවශ්‍ය නම් බස් එකේ තියෙන ෆ්‍රිජ් එකෙන් අරගන්නත් පුලුවන්.
over the phone seat reserved කරන්නත් පුලුවන්.
බස් එකේ ෆොටො එකක් නම් නෑ බන්.
අවුරුදු 18ක් තිස්සෙ මේ බස් සර්විස් එක තියෙනවලු.. (මම නම් හරියටම එක දන්නෑ )