බස් කොන්දොස්තර

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    බස් කොන්දොස්තර

    bus16.jpg


    තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බෙ‍ාහොමයකි. “මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව” , “ගන්නව ගන්නව සල්ලි” , “කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා “ “මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව”, “‍පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං”, “ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ ... පරක්කු වෙනවා” මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි.

    පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන්.... ආදරයෙන් පුතු අමතා...... “අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා”... “ අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ..” . “කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා”... “මගේ හොඳ පුතානේ”. කියා ඔහුට අවවාද දුනි.

    ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. “ආ.... ඔන්න ඔක්කොමල බහින්න.......” බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය.

    “මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... ” . “පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ට.....න් එකටත් බස් එක ගහල”
    :D:P:D

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    sira kathawa.. mama me wage kathawak ahuwamai.. :):) thawa podden thaniyen hina wela gedarin banum ahanawa :):)

    +rep