බස් ටිකට් පතට නව තාක්ෂණය

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    බස් ටිකට් පතට නව තාක්ෂණය

    පෞද්ගලික බස් රථ සේවයෙහි ආසියාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය බස්නාහිර පළාතේ නිළ වශයෙන් හදුන්වාදීමේ උත්සවය අද (06) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.‘‘ටච් ට්‍රැවල් පාස්‘‘ ලෙස නම් කැර ඇති මෙම කාඩ් පත මගින් ජංගම දුරකථන සදහා භාවිතා කරනු ලබන පෙර ගෙවුම් සබඳතා ලෙසම මගීන්ට තම ගිණුම රී ලොඩ් කර ගත හැකි අතර බස් මගීන්ට සිදු වන ඉතිරි මුදල් සම්බන්ධ ගැටළුව සම්පුර්ණයෙන්ම විසදා ගත හැකය.
    ඩයලොග් ආසියාටා (පුද්) සමාගම ,ඇක්සස් ආයතනය හා බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙම කාඩ් පත් ව්‍යාපෘතිය හදුන්වාදී ඇති අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මෙයට පුර්ණ සහයෝගය දක්වා ඇත.
    මාර්ග අංක 138 පිටකොටුව මහරගම බස් මාර්ගයේ අද (06) සිට මෙම නියමු ව්‍යාපෘතිය අත්හදා බැලෙන අතර ඉදිරියේදි පුර්ණ බස්නාහිර පලාත තුලත් පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
    බස් රථ හිමියන්ට ලැබිය යුතු මුදල් ගසා කෑමත් ,අනවශ්‍ය පුද්ගලයින්ට කප්පම් ගෙවීමත් මෙම කාඩ් ක්‍රමය මගින් මග හැරීයන බව මෙමගින් ශ්‍රී ලංකාව පුරා සිදු වන රුපියල් කෝටි 12 ක් පමණ කප්පම් මුදල ඉතිරිකර ගැනීමට හැකි බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙහිදී පැවැසීය.
    පෙර ගෙවුම් කාඩ් පතෙහි පළමු කාඩ් පත එම අවස්ථාවට එක් වු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගැමුණු විජේරත්න මහතා පිරිනැමීය. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසුරිය,බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.

    http://www.lankadeepa.lk/index.php/articles/133048
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තල ගුණේ;15100791 said:
    asiawe 1st time nemai south asia we 1st time wenna athi lol..
    wadenam la. ela elamai...card eka kiyada danne na neda? 1000k withara wei :D

    hmm 1st time kiyada danna
    but passe reload kara ganna thiyenne neda
    blamu thama testing ne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස්නාහිර පලාතේ බස්වල ටිකට් එකක් වත් දෙන්නේ නැති කොට මොන කාඩ්ද
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    තල ගුණේ;15100791 said:
    asiawe 1st time nemai south asia we 1st time wenna athi lol..
    wadenam la. ela elamai...card eka kiyada danne na neda? 1000k withara wei :D

    Kiuwenam card eka free kiyala.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,043
    9,678
    113
    එක තැනක නෑ
    මොබයිල් ෆෝන් නැති අය එතකොට යන්නේ කොහොමද බස් වල. තාම ලංකාවේ ජනගහනයෙන් 100% කට මොබයිල් ෆෝන් නැහැ. තරහ ගන්ඩ එපා මචන්ලා , මේක මගේ අදහසක් විතරයි. නිකන් ඩෙබිට් කාඩ් එකක් වගේ එකක් හදලා, අපි සුපර් මාකට් එකකට පේ කරනවා වගේ අර ටිකට් කඩන මැශින් එකෙන් සල්ලි කැපිලා ටිකට් එකක් එන්ඩ හැදුවොත් කොහොමද මචන්ලා. මේක ප්‍රයෝගිකව කරන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. උඹලා මොකද කියන්නේ ? :D
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පෞද්ගලික බස් රථ සේවයෙහි ආසියාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය බස්නාහිර පළාතේ නිළ වශයෙන් හදුන්වාදීමේ උත්සවය අද (06) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

    http://www.lankadeepa.lk/index.php/articles/133048

    ethakota korea kiyanne asiathika ratak nemeida? me tiyne ehe cvardf eka meken bus witarak nemei taxi, trai, bus ona ekak yanna puluwan. peya bagayak thula excvhange wenawanam bus 2ka yanna unath puluwan sigle charge eken.

    273690_1_29.jpg

    t-money.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මීට‍ වඩා හොඳය් මේ කලකන්නිගේ ලදරම් බස් ටික අයින් කරලා CTB එක දියුණු කරන්න වැඩ සටහනක් ක්රියාත්මක කරනවානම්.කොට කොට යන,වෙලාව කන,කතා කරන්න දන්නේ නැති ,උන්ට ඕන වෙලාවට දුවන,පොල් පටවනව වගේ පටවන...............තව ඕන තරම් තියෙනවා කියන්න.කෙටියෙන්ම කියවනම් CTB එක නැති කරන්න PVT බස් හදුන්වල දීපු JR ගේ වලටත් හෙන ගහන්න ඕන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ethakota korea kiyanne asiathika ratak nemeida? me tiyne ehe cvardf eka meken bus witarak nemei taxi, trai, bus ona ekak yanna puluwan. peya bagayak thula excvhange wenawanam bus 2ka yanna unath puluwan sigle charge eken.

    273690_1_29.jpg

    t-money.jpg

    :rofl::rofl:කොරියාව ඔට්ටු නෑ කියලා වරහන් ඇතුලේ දාමු
     
    Jun 5, 2013
    463
    27
    0
    මීට‍ වඩා හොඳය් මේ කලකන්නිගේ ලදරම් බස් ටික අයින් කරලා CTB එක දියුණු කරන්න වැඩ සටහනක් ක්රියාත්මක කරනවානම්.කොට කොට යන,වෙලාව කන,කතා කරන්න දන්නේ නැති ,උන්ට ඕන වෙලාවට දුවන,පොල් පටවනව වගේ පටවන...............තව ඕන තරම් තියෙනවා කියන්න.කෙටියෙන්ම කියවනම් CTB එක නැති කරන්න PVT බස් හදුන්වල දීපු JR ගේ වලටත් හෙන ගහන්න ඕන.

    :yes::yes::yes::yes::yes: