බ්‍රයිටල අපිට මේක කියල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • බ්‍රයිටල අපිට මේක කියල දෙන්ඩ

    මට මේක තේරෙන්නෙ නෑ..
    මොකක්ද අර ක්වන්ටම් අංශු වල පිහිටීමයි, ගම්‍යතාවයයි දෙකම එකට මනින්ඩ බෑ කියන්නෙ..
    තේරෙන්නෑ බොලව්.. :(
    දන්න එකෙක් ඉන්නවනං කියල දියල්ලකො.. රෙප් දෙමි.. ;)
     
    • Like
    Reactions: topkollek

    AnuradhaRa

    Well-known member
  • english walin dapan mchn oya sinhala terenne ne

    මම ඉංග්‍රීසි දන්නවනං උඹලගෙන් අහ අහ ඉන්වයැ ?
    අර Ayeshlive හැමදාම මට කියනව වගේ, මම කෙලින්ම නෙට් එකෙන් හොයල දැනගන්වනෙ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම ඉංග්‍රීසි දන්නවනං උඹලගෙන් අහ අහ ඉන්වයැ ?
    අර Ayeshlive හැමදාම මට කියනව වගේ, මම කෙලින්ම නෙට් එකෙන් හොයල දැනගන්වනෙ..

    ehema kiyanne epaye,man hituwa uba hithala mae amaru watchana hoya hoya danawa kiyala:lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන හොයපං :yes: :yes:
    ඕව හරියට තේරුම් ගන්න බෑ බං ඩිස්කවරි වගේ ඒවගෙන් ඩොකියුමන්ට්‍රි නම් කරනව ඒ එහෙකවත් හරියට කරුණක් කියල දෙන්නෑ නිකං තියරිය වචන විදිහට කියවනව විතරයි :no: :no:
    හරියට තේරුම් ගන්න ඕවගෙ තියෙන ගණිතයත් එක්ක, සමීකරණ තෘප්ත කරගන්න විදිහ, උපකල්පන එක්ක ඉගෙන ගන්න ඕනෙ :( :(
    විකිපීඩියා ආටිකල් වල වගේ තියෙන නිකංම ලිපිය කියෙව්වාම මොනාද බොලේ මේ කියල මොලේ තවත් කොලොප්පම් වෙනව විතරයි :sorry: :sorry:
    යූටියුබ් චැනල් වල බලපං එක එක යුනිවර්සිටීස් වල ලෙක්චර්ස් වීඩියෝ කල්ල දාල තියෙනව, අන්න ඒව බලපං ඒවගෙ විස්තරාත්මකව පැහැදිලි කරනව :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගම්‍යතාවය වෙනස් වෙනකොට පිහිටීම ස්ථිර නැහැනේ

    එහෙමනම් බං බස් එකක් ගත්තාමත් ගම්‍යතාවය වෙනස් වෙනවනෙ හෝල්ට් එකෙන් යනකොට ඒ වුනාට අපිට පිහිටීමක් කිව්වෑකිනෙ කාලෙකට අදාලව.
    අරවගෙ එහෙමවත් කියන්න බෑනෙ. :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන හොයපං :yes: :yes:
    ඕව හරියට තේරුම් ගන්න බෑ බං ඩිස්කවරි වගේ ඒවගෙන් ඩොකියුමන්ට්‍රි නම් කරනව ඒ එහෙකවත් හරියට කරුණක් කියල දෙන්නෑ නිකං තියරිය වචන විදිහට කියවනව විතරයි :no: :no:
    හරියට තේරුම් ගන්න ඕවගෙ තියෙන ගණිතයත් එක්ක, සමීකරණ තෘප්ත කරගන්න විදිහ, උපකල්පන එක්ක ඉගෙන ගන්න ඕනෙ :( :(
    විකිපීඩියා ආටිකල් වල වගේ තියෙන නිකංම ලිපිය කියෙව්වාම මොනාද බොලේ මේ කියල මොලේ තවත් කොලොප්පම් වෙනව විතරයි :sorry: :sorry:
    යූටියුබ් චැනල් වල බලපං එක එක යුනිවර්සිටීස් වල ලෙක්චර්ස් වීඩියෝ කල්ල දාල තියෙනව, අන්න ඒව බලපං ඒවගෙ විස්තරාත්මකව පැහැදිලි කරනව :yes: :yes:

    හැම මඟුලම බැලුව.. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
    උඹවත් කියල දියංකො..
    උඹ දාපං නූලක්. අපි දෙන්නං රෙපියුටේෂන්
     

    AnuradhaRa

    Well-known member
  • ගම්‍යතාවය වෙනස් වෙනකොට පිහිටීම ස්ථිර නැහැනේ

    තැනක් පෙන්නල, බස් එකක් මෙන්න මෙතනින් යනකොට ස්පීඩ් එක මෙච්චරයි කියල කියන්ඩ පුලුවන්නෙ බං...
    ගම්‍යතාවය = බස් එකේ බර x බස් එකේ ප්‍රවේගය
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම මඟුලම බැලුව.. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
    උඹවත් කියල දියංකො..
    උඹ දාපං නූලක්. අපි දෙන්නං රෙපියුටේෂන්

    දාන්න මටත් තේරෙන්න එපායැ බං :sorry: :sorry:
    නිව්ටෝනියන් පිසික්ස් තේරුම් ගන්න බැරුව කොහෙ ක්වොන්ටම් පිසික්ස් තේරුම් ගන්නද බං :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • Star trek විද්යා ප්රබන්ධ චිත්රපට මාලාව තුළ දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වන්නේ ටෙලිපෝර්ටේෂන් හෙවත් දුරස්ථ ප්රවාහනයයි.ග්රහලෝකයක් මත සිටින කැප්ටන් කර්ක් එක ක්ෂණයකින් අතුරුදන් වී යානය තුළින් මතු වෙයි.මෙය ඉතා චිත්තාකර්ෂණීය තාක්ෂණයක් බව කිව යුතු නැත.කෙසේ වෙතත් මෙය අද අප දක්නා විද්යාවේ ප්රායෝගික සීමාවන් ගෙන් බොහෝ බැහැරව පවතින්නකි.එහෙත් එය කිසි දිනෙක කළ නොහැකි යැයි කියා බැහැර කරන්නට ද අද නොහැකි වී තිබේ.ඒ අප ජීවත්වන ලෝකය තුළම පවතින නමුත් අපට හසු නොවන ක්වන්ටම් ලෝකය තුල දුරස්ථ ප්රවාහනය කල හැකක් බවට තහවුරු වෙමින් තිබීම නිසාය. star trek හි එන දුරස්ථ ප්රවාහණය විද්යාත්මක සිහින දකින්නන්ගේ මිස සැබෑ විද්යාඥයන්ගේ එතරම් උනන්දුවක් ලක් වන්නක් නොවේ.එහෙත් ඔවුන් ගේ උනන්දු දැඩිව දිනාගත් ක්ෂේත්ර කිහිපයක්ම මේ දුරස්ථ ප්රවාහණය හා බැඳී තිබේ.කාලය වැය නොවන අන්තරීක්ෂ සන්නිවේදන සම්බන්ධතා,අධිවේගී ක්වොන්ටම් පරිගණක හා ක්වොන්ටම් අන්තර්ජාල මේ අතරින් කිහිපයකි. විද්යාලෝකය මේ බලාපොරොත්තු යථාර්ථය දෙසට තවත් පියවරක් ළං කරනසුලු සාර්ථක පරීක්ෂණයක් පැවැත්වීමට පර්යේෂකයෝ පිරිසක් පසුගිය දා සමත් වූ හ.ස්විස්ටර්ලන්තයේ ජිනීවා සරසවියට අයත් මේ පර්යේෂකයන් පිරිස කිලෝමීටර් 25 ක දුරකට ෆෝටෝනයක් ප්රවාහනය කිරීමට සමත් ව ඇත. ක්වන්ටම් දුරස්ථ පරිවහනය Star trek හි දැක්වෙන්නක් බඳු දෙයක් නොවේ.සැබැවින් එය ක්වන්ටම් තොරතුරු එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමකි.එහෙත් ඒ ස්ථාන 2ක අතර දුර තරණයකින් නොවේ.ඒසඳහා කාලය ගත වීමක් සිදු නොවේ.කාලය හා අවකාශයේ බලපෑමකින් තොරව තොරතුරු පරිවහනය මෙහි දී සිදු වෙයි. ක්වොන්ටම් දුරස්ථ ප්රවාහනය පිලිබඳ ක්රියාදාමය පදනම් ව ඇත්තේ ක්වොන්ටම් පැටලිල්ල(Quantum entanglement) නම් සංසිද්ධිය මතය. යම් අංශු දෙකක් වෙන වෙනම විග්රහ කළ නොහැකි ලෙස අනෙන්ය ව සම්බන්ධ වු ක්වොන්ටම් තත්ත්වයක පැවතීම ක්වොන්ටම් පැටලැවිල්ල ලෙස හැඳින්වේ.ඉලෙක්ට්රෝනය ,ප්රෝටෝන මෙන්ම කුඩා අණුද මෙසේ පැටලැවිල්ට භාජන විය හැකි අතර මෙලෙස ක්වොන්ටම් පැටලිල්ට ලක්වූ අංශු දෙකෙහි පිහිටුම ,ගම්යතාවය,බැමුම ,ධ්රැවීයතාවය ආදී භෞතික ගුණ අනෙන්යානය සම්බන්ධයක් දක්වයි.උදාහරණයක් ලෙස සමස්තයක් ලෙස යම් පැටළුණ අංශු යුගලයක බැමුම +-1/2 ලෙසින් පවතී.ක්වොන්ටම් පැටලිල්ලකින් බැඳුණු මෙබඳු අංශු යුගලයකට විශේෂත්වය වන්නේ කෙතරම් දුරින් තිබුණද සෑම විටම එකිනෙකාගේ තත්ත්වය දන්නා බවක් හැඟීයාමයි.1935 අයිස්ටයින් මේ සිද්ධිය ගණනය කල විට ඔහු පැවසුවේ ක්වොන්ටම් සමීකරණය නිවැරදි නමුත් තවමත් සම්පූර්ණ නොවන බවයි.දුර පරතරයක ඇති හොල්මන් ක්රියාකාරීත්වය (spooky action at a distance) ලෙස ඔහු මෙය හඳුන්වා දී තිබුණි.මෙලෙස පැටළුන අංශු 2ක් අතර කාල පරතරයකින් තොරව මෙලෙස තොරතුරු හුවමාරුව කිසිම දෙයකට ආලෝකයේ ප්රවේගය අභිභවා යා නොහැකි ය යන නියමයට විරුද්ධ වන බැවින් අයිස්ටයින් ,පොඩොලොස්කි,රෝසන් විදවතුන් සමඟ ඉදිරිපත් කල පත්රිකාවකින් මෙය EPR පරස්පරය ලෙස හඳුන්වා දී තිබුණි.​

    http://www.social-peek.com
     
    Last edited:
    Dec 1, 2013
    188
    30
    0
    තැනක් පෙන්නල, බස් එකක් මෙන්න මෙතනින් යනකොට ස්පීඩ් එක මෙච්චරයි කියල කියන්ඩ පුලුවන්නෙ බං...
    ගම්‍යතාවය = බස් එකේ බර x බස් එකේ ප්‍රවේගය

    ගම්‍යතාව = බස් එකේ ස්කන්ධය x බස් එකේ ප්‍රවේගය
    p=mv not p=fv

    බර කියන්නේ බලයක් මචං. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ලොක්කයිය;19162898 said:
    ගම්‍යතාව = බස් එකේ ස්කන්ධය x බස් එකේ ප්‍රවේගය
    p=mv not p=fv

    බර කියන්නේ බලයක් මචං. :yes:

    අපි ඉතිං කටවහරට බර කියන්නෙ ස්කන්ධයටම තමා :)