බ්‍රිට්‌නි_spears

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බ්‍රිට්‌නි ආපසු හැරෙයි! බ්‍රිට්‌නි ආපසු හැරෙයි!
britny.jpg
ඇය පොප් රැජිනක්‌.... හිතුවක්‌කාරී බවේ දඟකාරී බවේ සංකේතයක්‌. ඒ නිසාම ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට ගොදුරු වුණු ඇය යළිත් වතාවක්‌ ඒ කරදරකාරී මතබේදකාරී අතීතය... අමතක කරමින් යළිත් ජීවිතය අරඹලා... ඇය බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌.... බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ ගායිකාවක්‌, නිළියක්‌ ගීත රචිකාවක්‌, නාට්‍යාංගනාවක්‌, ගීත ඇල්බම් නිෂ්පාදකවරියක්‌ ගත්කතුවරියක්‌, මෝස්‌තර නිරූපිකාවක්‌ වගේම වීඩියෝ අධ්‍යක්‍ෂකවරියකත් වෙනවා. බ්‍රිට්‌නිගේ සම්පූර්ණ නාමය බ්‍රිට්‌නි ජීන් ස්‌පියර්ස්‌. ලයින් අයිරීන් සහ ඡේම්ස්‌ පතෙල් ස්‌පියර්ස්‌ යුවළගේ දෙවන දරුවා ලෙසින් බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ උපන්නේ 1981 දෙසැම්බර් 2 වැනිදා මිසිසිපිහිදී ඇය හැදුනේ වැඩුනේ ලුසියානාහි කෝට්‌වුඩ් හිදී. ඇය කුඩා කල සිටම පාසලේදී පවා විවිධ චරිත රඟපාන්න පටන් ගත්තා. ඇය ගීත ගායනයට පිවිසීමත් සමග එක රැයින් ජනප්‍රිය වුණා. ඇය විසින් ගායනා කළ බේබි වන් මෝ ටයිම් සහ අයි ඩිට්‌ ඉට්‌ එගේයින්... ආදී ගීත දින කීපයක්‌ තුළ ලොව පුරා ජනප්‍රිය වුණා. මේ වන විට ලොව පුරා ඇගේ ගීත ඇල්බම දසලක්‍ෂ සියයකට වැඩියෙන් අලෙවි වී තිබෙනවා. 2002 වසරේදී ඇය ක්‍රොස්‌ රෝඩ්ස්‌ චිත්‍රපටියේ රඟපෑවා. ඇය චිත්‍රපටියක ප්‍රධාන චරිතයක්‌ රඟපෑ මුල්ම අවස්‌ථාව එයයි. මේ චිත්‍රපටය බ්‍රිට්‌නි ස්‌පියර් නිසා අතිශය ජනප්‍රිය වුණා.

2001 වසරේදී පෙප්සි සමාගම සමග වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුමක්‌ අත්සන් කළා. ඒ තුළින් අති විශාල ආදායමක්‌ ඇයට ලැබුණා. ඒ සමග ඇය පොත් ලිව්වා. ගීත ඇල්බමයකුත් නිකුත් කළා. මේ සියල්ල ඇය ආර්ථික තත්ත්වයෙන් ඉහළටම රැගෙන ගියා. 2002 වසර වන විට ලොව බලවත්ම ගායිකාව වුණෙත් ඇයයි.

2004 වසරේ ජනවාරි තුන් වැනිදා බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ තමන්ගේ කුඩා කල සිටම මිතුරකු වූ රේසන් ඇලන් අලෙක්‌සැන්ඩර් සමග විවාහ වුණේ නෙවාඩාහිදී ඒත් ඒ විවාහය පැය පනස්‌ පහකදී අවසන් වුණේ ඇය හැසිරෙන්න ඕන විදිහ මොකක්‌ද කියලා ඇයවත් දන්නේ නැති බව හින්දා කියලයි කියවුනේ. කොටින්ම කියනවා නම් ඇගේ විසේකාරකම, හිතුවක්‌කාරකම හින්දයි.

2004 ජුනි 8 වැනිදා අවුට්‌රේජස්‌ මියුසික්‌ වීඩියෝව රූපගත කරදී ඇද වැටුණු ඇය රෝහල්ගත කළා. ඒ නිසා සති ගණනක්‌ ඇගේ සංචාරයන් ගණනාවක්‌ අවලංගු කර රෝහල්ගතව ඉන්නට ඇයට සිදුවුණා.

මේ අතරේම ඇමරිකානු නැටුම් ශිල්පියකු වූ කෙවින් ෆෙඩර්ලයින් සමග ඇය පෙමින් බැඳුනා. ඒ වෙනකොට කෙවින් විවාහ වී හිටියේ ෂාර් ජැක්‌සන් නමැති නිළිය සමගයි. ඒ වන විටත් ජැක්‌සන් ඔවුන්ගේ දෙවැනි දරුවා ලැබෙන්නට ගැබිනියක වෙලයි හිටියේ. 2004 සැප්තැම්බර් 18 වැනිදා බ්‍රිට්‌නි හා කෙවින් විවාහ වුණා.

2005 සැප්තැම්බර් 14 වැනිදා ඇගේ පළමු දරුවා සීන් ප්‍රෙස්‌ටන් ෆේඩර්ලයින් උපත ලැබුවා.

2006 සැප්තැම්බර් මාසයේදී හාපර් බසාර් සඟරාවේ කවරයට ඇය නිරුවතින් පෙනී සිටියා. එය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන්නා. ඒ කාලයේම ඇගේ දෙවන දරුවා වන ජෙයිඩන් ඡේම්ස්‌ ෆෙඩර්ලයින් උපත ලැබුවා. 2006 නොවැම්බර් 07 වැනිදා බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ තමන්ගේ සැමියාගෙන් දික්‌කසාද වීමට නීතිමය පියවර ගත්තේ දෙදෙනාට දෙදෙනා නොගැලපෙන බව පවසමින් 2007 ජුලි මාසයේදී දික්‌කසාදයට නීතිමය අවසර ලැබුණා.

මේ කාලයේ ඇය දිගින් දිගටම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා.

පසුව ඇය රෝහල් ගතකර පුනරුත්ථාපනය කරන්නටත් සිදු වුණා. ඇගේ දරුවන්ගේ භාරකාරිත්වයත් තාවකාලිකව දරුවන්ගේ පියාට පැවරුණා. කොහොම වුණත් ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්වයට දැන් පත්වෙමින් තිබෙනවා. එහෙම වුණත් තවමත් බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ගේ ආරක්‍ෂක භටයන්ටත් ඇගෙන් ගැලවුමක්‌ නැතිලු.

බ්‍රිට්‌නි ඇගේ නිදියහනට ඇගේ ආරක්‍ෂකයන් බලහත්කාරයෙන් ගෙන්වා ගන්නවාලු. ඔවුන් පොළඹවා ගන්න හදනවාලු මේ තත්ත්වය දරාගන්න බැරි වුණු ඇගේ ආරක්‍ෂක භටයකු වූ ෆර්නැන්ඩු ෆ්ලෝරස්‌ රැකියාවෙන් ඉවත් වෙලයි යන්තම් ගැලවුණේ. මේ ආරක්‍ෂක නිලධාරියා පසුගියදා වෙබ් අඩවියකට පවසා තිබුණා ඇය තමන්ට ඇගේ කාමරයට කතාකරලා තමන් එතැනට යන විට ඇය නිරුවතින් ඇඳට වෙලා සිටියා කියලා. එහෙත් බ්‍රිට්‌නි පවසන්නේ මේවා බොරු ප්‍රචාර බවයි. මෙතරම් ප්‍රචණ්‌ඩ ලෙස ඇය හැසිරෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බවත් කියවෙනවා. ඇගේ ජීවිතයේ මේ වන විට බොහෝ දේ තීරණය කරන්නේ ඇගේ පියා ඡේම්ස්‌ ස්‌පියර්ස්‌. ඒ ඇගේ පුද්ගලික දිවියේ ඇය මුහුණදුන් ගැටලු සමග ඇය මත් ද්‍රව්‍ය භාවිතයට හුරුවීමත් විවිධ ගැටළු ඇකිකර ගැනීමත් සමගයි. කොහොම වුණත් මේ වන විට සියල්ල යථා තත්ත්වයට පැමිණෙමින් තිබෙනවා. ඇය යළිත් නවතම ව්‍යාපෘති කීපයක්‌ ආරම්භ කර තිබෙනවා.


මේ වන විටත් ලොව බලවත්ම කාන්තා ගායිකාවන් අතර තෙවන තැන උසුලන්නේ ඇයයි. ෆොaබ්ස්‌ වර්ගීකරණයට අනුව ලොව ප්‍රබලම ගායිකාවන් හා නිළියන් අතර හයවන තැන උසුලන්නේත් ඇයයි.
 

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    2006 සැප්තැම්බර් මාසයේදී හාපර් බසාර් සඟරාවේ කවරයට ඇය නිරුවතින් පෙනී සිටියා. එය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන්නා. ඒ කාලයේම ඇගේ දෙවන දරුවා වන ජෙයිඩන් ඡේම්ස්‌ ෆෙඩර්ලයින් උපත ලැබුවා.

    Britney Spears Nude Harper's Bazaar - NEW COVER

    britney-spears-harpers-bazaar-black-hair07.jpg


    britney-spears-harpers-bazaar-black-hair04.jpg


    britney-spears-harpers-bazaar-black-hair06.jpg


    britney-spears-harpers-bazaar-black-hair01.jpg