බ්‍රෙසියර්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තට්ටෙ තිබුණම මොකද?

    හන්දියේ නුග ගහ යට තෙල් බෙහෙත් වෙළෙන්දා රසකතා කියමින් තෙල් බෙහෙත් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියේය. එතැනින් යන්නට ආ සෙනරත් සෙනඟ අතරින් හිස පොවා ඔහු ගේ කතාවට මඳක් ඇහුම්කන් දුන්නේය. තට්ට හිසක් ඇති තෙල් බෙහෙත් වෙළෙන්දා විකුණමින් සිටියේ කේශාවර්ධන තෛලයකි.

    ’තමුසෙ මහ ලොකුවට ඔළුවේ කෙස් වැවෙන තෙල් විකුණුවට තමුසෙගෙ ඔළුවේ එක කෙස් ගහක්වත් නැහැනෙ’ සෙනරත් කීවේ ඔලොක්කුවට මෙනි.
    බෙහෙත් වෙළෙන්දා ද සාවඥ සිනාවක් මුවඟ රඳවා ගනිමින් මෙසේ පිළිතුරු දුන්නේය.
    ’ඉතින් මොකද වෙන්නෙ?’ අපේ තාත්තා කළෙත් මේ වගේම වෙළෙඳාමක්. හැබැයි එයා විකුණුවේ බ්‍රෙසියර්’

    :lol::lol:

    අමතක කිරීම


    යකඩ බඩු කඩයේ පිටුපසට වී කෑම කමින් සිටි දැදිගම තමා ආහාර ගන්නා තෙක් මුදල් කවුන්ටරයේ වාඩිවී සිටි තම බිරිඳට ඇසෙන සේ මෙසේ කීවේය.

    ’මට හරි ප්‍රශ්නයක්නෙ ඒයි මේ වෙලා තියෙන්නෙ. හැමදේම අමතක වෙනවා.’
    ’ඔන්න ඕක අමතක කරලා දාන්ඩ අනේ.’ බිරිඳ කවුන්ටරයේ සිට පිළිතුරු දුන්නාය.

    :dull::oo:

    ඒක තමයි
    වෛද්‍යවරයා වෙත ගිය ලකී තම කමිසය ගලවා සිරුර පුරා මතුවී තිබූ බිබිලි වෙත ඔහුගේ අවධානය යොමු කරවමින් මෙසේ ඇසීය.
    ’ඩොක්ටර්, මට මේ හැදිලා තියෙන්නෙ පැපොල ද, එහෙමත් නැත්නම් සමාජ රෝගයක්ද?’
    ’මේක නං සමාජ රෝගයක්. පැපොල් වෙන්ඩ බැහැ’ වෛද්‍යවරයා ලකී තියුණු ලෙස පරීක්ෂා කර බලා කීවේය.
    ’ඒක තමයි මට පැපොල් හැදෙන්න විදියක් නැහැ..’ ලකී කීවේය.

    :eek:

    ඇත්ත කීම


    ජයවර්ධන මුදලාලි හට තම කඩයේ කටයුතු බලා කියා ගැනීම සඳහා අවංක අතවැසියකු අවශ්‍ය විය. ඉරිදා පුවත්පතක ඒ පිළිබඳ දැන්වීමක් පළකිරීමෙන් පසුව කීපදෙනකුම පැමිණි නමුත් ඔවුන් කිසිවකු මුදලාලිගේ හිතට ඇල්ලුවේ නැත.

    ’තමුසෙ කැමැතිද මහන්සි වෙලා වැඩ කරන්න?’ අන්තිමට ආ චන්ද්‍රසේන ගෙන් මුදලාලි ඇසීය.
    ’අපොයි නෑ’ චන්ද්‍රසේන ගත්කටටම පිළිතුරු දුන්නේය.
    ’හරි, තමුසෙ හෙට ඉඳලා වැඩට එනවා. මෙහේ ඇබෑර්තුවට ආපු අයගෙන් තමුසෙ විතරයි බොරු කිව්වේ නැත්තෙ’ මුදලාලි කීවේය.

    :P

    අමාරුම වයස


    ’මට හරිම අමාරු වුණේ මගේ 35 වැනි අවුරුද්ද පහුකරගන්ඩ..’ නිලූකා කාර්යාලයේ තේ බොමින් සිටියදී සේපාලිකා සමඟ කීවාය.

    ’මොනවා! හරි පුදුමයිනෙ එහෙම වෙන්නෙ කොහොමද?’
    ’ඔයාට කියන්ඩ මෙයා, මට 35 වැනි අවුරුද්ද පහු කරන්ඩ හරියටම අවුරුදු 10ක් ගියා’ නිලූකා බෙලෙක් හ¼ඩින් තෙපලාය.

    :nerd:

    එහෙම කොහොමද?


    ලියනගේ තම පුතාත් ලේලිත් සමඟ මංගල සාදයකට සහභාගි වී නිවෙස බලා ආවේ රාත්‍රී දහයට පමණය. ටොපියක් හපමින් පැමිණි හෙතෙම තම නිවෙස වෙත දිවෙන පටු පාරේ නැවතී බිම අතගාමින් යමක් සොයනු දුටු ඔහුගේ පුතා මෙසේ ඇසීය.

    ’මොනවද තාත්තෙ බිම වැටුණේ?’
    ’මේ ටොෆී කෑල්ලක්’ සැහැල්ලුවෙන් කී ලියනගේ නැවතත් පහත්වී බිම අතගාන්නට විය.
    ’ඕක හොයන්ඩ ලැජ්ජා නැද්ද? ඔන්න ඔහෙ යමු ගෙදර’ පුතා කීවේය.
    ’එහෙම කොහොමද? මගෙ දත් කුට්ටම ඒකෙනෙ’ ලියනගේ කීවේය.

    :dull:

    ~හිනා කතා~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    චැහ් ලකීට වෙච්ච වැඩේ :dull:
    2.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අමතක කිරීම

    යකඩ බඩු කඩයේ පිටුපසට වී කෑම කමින් සිටි දැදිගම තමා ආහාර ගන්නා තෙක් මුදල් කවුන්ටරයේ වාඩිවී සිටි තම බිරිඳට ඇසෙන සේ මෙසේ කීවේය.[/SIZE]
    ’මට හරි ප්‍රශ්නයක්නෙ ඒයි මේ වෙලා තියෙන්නෙ. හැමදේම අමතක වෙනවා.’
    ’ඔන්න ඕක අමතක කරලා දාන්ඩ අනේ.’ බිරිඳ කවුන්ටරයේ සිට පිළිතුරු දුන්නාය.



    :lol: