බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ..
ECP පෝස්ට් එකෙන් පසු මේ මාසයට නැවත පෝස්ට් නොලියන්නෙමි යැයි තීරණය කර සිටි මට ඒ අදහස වෙනස් කරගන්නට වූයේ දැන් ස්වල්ප වෙලාවකට පෙර මූණු පොතේ ජායාරූපයක් ලෙස සංසරණය වූ අදහසක් දැකීමෙනි.මෙය කියවන ඔබද බොහෝ විට එම පින්තූරය දැක ඇතුවා විය හැක.සමහර විට මේ කියවන ඔබද එය තමන්ගේ වෝල් වලට එක්කරගෙන සමස්ත යුවතියන්ටම වේසියෝ,හු**යෝ ද ඇතුළුව නා නා ප්‍රකාර නම් වලින් බැණ වදින්නට ද ඇත.මේ වන විටද බැණ වදිමින් සිටිනවා වන්නටද පුළුවන.
එක්තරා රූප රාජිනී තරඟයකට සහභාගී වූ බිකිනි ඇඳ සිටි යුවතියන් දෙදෙනෙකුගේ ජායාරූප දෙකක් සහිතව සකස් කර තිබූ එහි දැක්වුනේ මෙම වාක්‍ය කිහිපයයි..
"කෙල්ලනේ..
මුළු රටම
ස්ත්‍රී දූෂණයට බනිනවා
මිනිස්සු තිරිසන්නු වෙලා
යුද්ධය තිබුනට වඩා බයයි,අද කාලේ අපේ ගමේ රටේ
පාරතොටේ යන්න.
ඒකට වගකිව යුත්තේ
ඒ මිනිසාද? නැත්නම් රජයද?
නෑ කෙල්ලනේ..ඒකට වගකිව යුත්තේ
අවජාතක තොපියි"
යම් කිසිවෙකුට කරදරයක්,අසාධාරණයක් වූ විට එකී පීඩිතයාටම වැරැද්ද පවරා වරද සිදු කල පුද්ගලයා හා අනෙකුන් නිර්දෝෂී වීම අද "ශ්‍රී" ලංකාවේ දක්නට ලැබෙන විලාසිතාවකි.කෙසේ හෝ බිකිනි ඇඳ සිටින යුවතියන් දෙදෙනෙකු පින්තූරයේ දක්වා ඉහත අදහස පල කල පුද්ගලයාද පවසන ආකාරයට කාන්තාවක් දූෂණයට ලක් වුවහොත් වැරදි කරුවා වන්නේ ඇය දූෂණයට ලක්කළ "සුපිරිසිදු" මිනිසා නොව එකී "අවජාතක" කාන්තාව බවයි.ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.
වැරදිලා හෝ එවන් දෙයක් සිදුවුවහොත් මොහු කරනු ඇත්තේ අර සුපිරිසිදු පිරිමියා ලඟට ගොස් "ඔව් මචං,උඹ කලේ හරියටම හරි දේ.බාගෙට ඇඳන් ගියාට මේකිට හොඳ වැඩේ" කියලා ඔහුගේ පිටට තට්ටුවක් ද දමා නැවත පැමිණෙනු ඇත.
මොහුට අනුව පසුගිය කාලයේ දූෂණයට,අතවරයට ගොදුරු වූ යුවතියන් හා දැරියන් සියල්ලන්ම එසේ බාගෙට ඇඳගෙන පාරේ ගිය වුන් වන්නට ඇත.දේශපාලනඥයන් අතින්,තමන්ගේම පියා,සහෝදරයා අතින්,තමන්ගේම ඥාතීන් අතින් එකී මෙකී නොකී සියලුම දෙනා අතින් දූෂණයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව ඇගේ වැරැද්ද නිසාය.පුතා විසින් මව දූෂණය කරනු ලබන්නේ මව නිවාස තුලදී බාගෙට ඇඳන් සිටින නිසා විය යුතුය.අවුරුදු දෙකේ තුනේ පොඩි දැරිවියන් දූෂණයට ලක්වන්නේ ඔවුන් සමහර වෙලාවට නිරුවතින් සිටින නිසා විය යුතුය.
එසේ හෙයින් පසුගිය කාලයේ දූෂණය ලක් වූ සියලුම දෙනා එක් ප්‍රසිද්ධ ස්ථානයකට කුදලාගෙන විත් අර මුස්ලිම් රටවල කරනවා සේ සැමටම පෙනෙන්නට ගල් ගසා මරා දැමිය යුතුය.දූෂකයා,සමාවෙන්න කාන්තාවන්ගේ වැරැද්දට නිසි දඬුවම් ලබා දෙන්නා රටේ තොටේ ඇවිදින අනෙකුත් කාන්තාවන්ගේ වැරදි වලටද දඬුවම් දීම සඳහා දියවන්නාවට යැවිය යුතුය..එවන් උත්තම පුරුෂයන් එක් තැනකට එක් රැස් කර මල් හා අනෙකුත් ගඳ විලවුන් වලින් පූජා පවත්වා ආචාර්ය මහාචාර්ය පට්ටම් වලින් පිදිය යුතුය.
අනෙක් අතට වැඩිපුර කරලියට නොආවද වර්තමානයේ පිරිමි ළමුන් හා තරුණයන්ද දූෂණයට හා අපචාරයන්ට ලක් වෙති.එසේ වන්නේ එම පිරිමි ළමුන්ද බාගෙට ඇඳන් යන නිසා විය යුතුය.අරක හරි නම් මේකද හරි විය යුතුය.
ඉස්සර කාලයේ සූ සැට බරණින් සැරසුන කාන්තාවකට මධ්‍යම රාත්‍රියේ වුවද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට තනිව යා හැකි වාතාවරණයක් තිබුනා යැයි කියන කතාව පට්ටපල් කෙබරයක් විය යුතු ය.මක් නිසා ද ඒ කාලයේ විසුවේ සීගිරි ලඳුන් වගේ කාන්තාවන් නම් පිරිමින් එවන් කාන්තාවන් දුටු තැන පෙරලාගෙන දූෂණය,සමාවෙන්න වැරැද්දට දඬුවම් දුන්නා විය හැකි ය.
තවද 70 දශකයේ මිනි ගවුම් හැඳි තරුණියන් ගමන කලේ පාරේ නොවිය හැකිය.බාගෙට ඇඳන් යාම නිසා දඬුවම් ලැබෙතැයි බියෙන් ඔවුන් ගමන කරන්නට ඇත්තේ අහසිනි.
තවද දිය රෙදි වලින් සැරසී නාන තොටේ දිය නෑ කාන්තාවන් ද එම වරදට දඬුවම් දීම සඳහා කොහේ හෝ ඔසවාගෙන ගොස් හෝ එතැනම පෙරලාගෙන එම කාර්යය සිදු කළා වියයුතුය.(දිය රෙද්ද යනුද බාග ඇඳුමක් නිසාත් එය දියෙන් තෙත බරිත වූ විට කාන්තා ශරීරයේ අංග ඉලිප්පී පෙනෙන නිසාත්).අද ද ගම් වල ස්ත්‍රී දූෂණ නමින් සිදුවන්නේ මෙයම විය යුතුය.
භෞතික දේවල් පසු පස හඹා යාම මෙම තත්වය තව තවත් තීව්ර කරන බවත් මගේ හැඟීම විය.ලංකාවේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම ද දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ රැල්ල ට හේතුවක් බවත් මගේ අදහස විය.
දැන් මට තේරුම් යන අන්දමට මා සිතා සිටි අන්දම ඉතා වැරදි ය.වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය.ඒ නිසා එකියක් බාගෙට ඇඳපාරේ ගියා කියා හෝ බිකිනියක් ඇඳ මුහුදේ හෝ නාන තටාකයක දිය නෑවා හෝ රූප රාජිනී තරඟයකට පෙනී සිටියා හෝ කියා පුරුෂ ලිංග කෙලින් කරගෙන එකී කාන්තාවන්ට නොව පාරේ තොටේ යන අනෙකුත් කාන්තාවන්ට දඬුවම් දීමට ඇතැම් පිරිමින්ට ශුද්ධ වූ අයිතියක් කවුරුන් විසින් හෝ දී ඇතුවා නිසැකය.
එසේ හෙයින් එම අයිතිය ක්රියාවේ නංවන මෙන් මම එම "ඇතැම්" පිරිමින්ගෙන් ඉල්ලා සිටින අතරම මගේ දෑස් පෑදූ පිනෙන් මෙම සටහන ලිවීමට පාදක වූ පින්තූරයේ නිර්මාණ කරුවාගේ හත්මුතු පරම්පරාවටම සසර ගමන මඟ කෙලවර කර අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම උරුම කරගැනීමට හැකියාව ලැබේවායි පතමි..!
sandanathisanda

මෙතුවක් කල් මා සිතා සිටියේ සමාජයේ සියල්ලන්,බාල මහලු බේදයකින් තොරව පසුවන්නේ දැඩි පීඩනයකින් බවත් එම පීඩනය පිට කර ගැනීමට යාමේදී මෙවන් දේ සිදුවන බවත් ය.
පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන වලින් සිදුවිය යුතු කාර්ය භාරය වන මිනිසුන්ගේ මනස පිරිසිදු කිරීම වෙනුවට එවන් ස්ථානද දැන් දැන්භෞතික දේවල් පසු පස හඹා යාම මෙම තත්වය තව තවත් තීව්ර කරන බවත් මගේ හැඟීම විය.ලංකාවේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම ද දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ රැල්ල ට හේතුවක් බවත් මගේ අදහස විය.

paw kello 