බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ..

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ..

bikini-girls-gallery.jpg



ECP පෝස්ට් එකෙන් පසු මේ මාසයට නැවත පෝස්ට් නොලියන්නෙමි යැයි තීරණය කර සිටි මට ඒ අදහස වෙනස් කරගන්නට වූයේ දැන් ස්වල්ප වෙලාවකට පෙර මූණු පොතේ ජායාරූපයක් ලෙස සංසරණය වූ අදහසක් දැකීමෙනි.මෙය කියවන ඔබද බොහෝ විට එම පින්තූරය දැක ඇතුවා විය හැක.සමහර විට මේ කියවන ඔබද එය තමන්ගේ වෝල් වලට එක්කරගෙන සමස්ත යුවතියන්ටම වේසියෝ,හු**යෝ ද ඇතුළුව නා නා ප්‍රකාර නම් වලින් බැණ වදින්නට ද ඇත.මේ වන විටද බැණ වදිමින් සිටිනවා වන්නටද පුළුවන.
එක්තරා රූප රාජිනී තරඟයකට සහභාගී වූ බිකිනි ඇඳ සිටි යුවතියන් දෙදෙනෙකුගේ ජායාරූප දෙකක් සහිතව සකස් කර තිබූ එහි දැක්වුනේ මෙම වාක්‍ය කිහිපයයි..


"කෙල්ලනේ..

මුළු රටම

ස්ත්‍රී දූෂණයට බනිනවා

මිනිස්සු තිරිසන්නු වෙලා

යුද්ධය තිබුනට වඩා බයයි,අද කාලේ අපේ ගමේ රටේ

පාරතොටේ යන්න.

ඒකට වගකිව යුත්තේ

ඒ මිනිසාද? නැත්නම් රජයද?

නෑ කෙල්ලනේ..ඒකට වගකිව යුත්තේ

අවජාතක තොපියි"


යම් කිසිවෙකුට කරදරයක්,අසාධාරණයක් වූ විට එකී පීඩිතයාටම වැරැද්ද පවරා වරද සිදු කල පුද්ගලයා හා අනෙකුන් නිර්දෝෂී වීම අද "ශ්‍රී" ලංකාවේ දක්නට ලැබෙන විලාසිතාවකි.කෙසේ හෝ බිකිනි ඇඳ සිටින යුවතියන් දෙදෙනෙකු පින්තූරයේ දක්වා ඉහත අදහස පල කල පුද්ගලයාද පවසන ආකාරයට කාන්තාවක් දූෂණයට ලක් වුවහොත් වැරදි කරුවා වන්නේ ඇය දූෂණයට ලක්කළ "සුපිරිසිදු" මිනිසා නොව එකී "අවජාතක" කාන්තාව බවයි.ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.

වැරදිලා හෝ එවන් දෙයක් සිදුවුවහොත් මොහු කරනු ඇත්තේ අර සුපිරිසිදු පිරිමියා ලඟට ගොස් "ඔව් මචං,උඹ කලේ හරියටම හරි දේ.බාගෙට ඇඳන් ගියාට මේකිට හොඳ වැඩේ" කියලා ඔහුගේ පිටට තට්ටුවක් ද දමා නැවත පැමිණෙනු ඇත.


මොහුට අනුව පසුගිය කාලයේ දූෂණයට,අතවරයට ගොදුරු වූ යුවතියන් හා දැරියන් සියල්ලන්ම එසේ බාගෙට ඇඳගෙන පාරේ ගිය වුන් වන්නට ඇත.දේශපාලනඥයන් අතින්,තමන්ගේම පියා,සහෝදරයා අතින්,තමන්ගේම ඥාතීන් අතින් එකී මෙකී නොකී සියලුම දෙනා අතින් දූෂණයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව ඇගේ වැරැද්ද නිසාය.පුතා විසින් මව දූෂණය කරනු ලබන්නේ මව නිවාස තුලදී බාගෙට ඇඳන් සිටින නිසා විය යුතුය.අවුරුදු දෙකේ තුනේ පොඩි දැරිවියන් දූෂණයට ලක්වන්නේ ඔවුන් සමහර වෙලාවට නිරුවතින් සිටින නිසා විය යුතුය.


එසේ හෙයින් පසුගිය කාලයේ දූෂණය ලක් වූ සියලුම දෙනා එක් ප්‍රසිද්ධ ස්ථානයකට කුදලාගෙන විත් අර මුස්ලිම් රටවල කරනවා සේ සැමටම පෙනෙන්නට ගල් ගසා මරා දැමිය යුතුය.දූෂකයා,සමාවෙන්න කාන්තාවන්ගේ වැරැද්දට නිසි දඬුවම් ලබා දෙන්නා රටේ තොටේ ඇවිදින අනෙකුත් කාන්තාවන්ගේ වැරදි වලටද දඬුවම් දීම සඳහා දියවන්නාවට යැවිය යුතුය..එවන් උත්තම පුරුෂයන් එක් තැනකට එක් රැස් කර මල් හා අනෙකුත් ගඳ විලවුන් වලින් පූජා පවත්වා ආචාර්ය මහාචාර්ය පට්ටම් වලින් පිදිය යුතුය.


අනෙක් අතට වැඩිපුර කරලියට නොආවද වර්තමානයේ පිරිමි ළමුන් හා තරුණයන්ද දූෂණයට හා අපචාරයන්ට ලක් වෙති.එසේ වන්නේ එම පිරිමි ළමුන්ද බාගෙට ඇඳන් යන නිසා විය යුතුය.අරක හරි නම් මේකද හරි විය යුතුය.


ඉස්සර කාලයේ සූ සැට බරණින් සැරසුන කාන්තාවකට මධ්‍යම රාත්‍රියේ වුවද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට තනිව යා හැකි වාතාවරණයක් තිබුනා යැයි කියන කතාව පට්ටපල් කෙබරයක් විය යුතු ය.මක් නිසා ද ඒ කාලයේ විසුවේ සීගිරි ලඳුන් වගේ කාන්තාවන් නම් පිරිමින් එවන් කාන්තාවන් දුටු තැන පෙරලාගෙන දූෂණය,සමාවෙන්න වැරැද්දට දඬුවම් දුන්නා විය හැකි ය.


sigiriya_cavepaintings.jpg

තවද 70 දශකයේ මිනි ගවුම් හැඳි තරුණියන් ගමන කලේ පාරේ නොවිය හැකිය.බාගෙට ඇඳන් යාම නිසා දඬුවම් ලැබෙතැයි බියෙන් ඔවුන් ගමන කරන්නට ඇත්තේ අහසිනි.


තවද දිය රෙදි වලින් සැරසී නාන තොටේ දිය නෑ කාන්තාවන් ද එම වරදට දඬුවම් දීම සඳහා කොහේ හෝ ඔසවාගෙන ගොස් හෝ එතැනම පෙරලාගෙන එම කාර්යය සිදු කළා වියයුතුය.(දිය රෙද්ද යනුද බාග ඇඳුමක් නිසාත් එය දියෙන් තෙත බරිත වූ විට කාන්තා ශරීරයේ අංග ඉලිප්පී පෙනෙන නිසාත්).අද ද ගම් වල ස්ත්‍රී දූෂණ නමින් සිදුවන්නේ මෙයම විය යුතුය.




Women_taking_a_Bath_in_Menik_Ganga_-_Kataragama.jpg

මෙතුවක් කල් මා සිතා සිටියේ සමාජයේ සියල්ලන්,බාල මහලු බේදයකින් තොරව පසුවන්නේ දැඩි පීඩනයකින් බවත් එම පීඩනය පිට කර ගැනීමට යාමේදී මෙවන් දේ සිදුවන බවත් ය.
පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන වලින් සිදුවිය යුතු කාර්ය භාරය වන මිනිසුන්ගේ මනස පිරිසිදු කිරීම වෙනුවට එවන් ස්ථානද දැන් දැන්
භෞතික දේවල් පසු පස හඹා යාම මෙම තත්වය තව තවත් තීව්‍ර කරන බවත් මගේ හැඟීම විය.ලංකාවේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම ද දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ රැල්ල ට හේතුවක් බවත් මගේ අදහස විය.


දැන් මට තේරුම් යන අන්දමට මා සිතා සිටි අන්දම ඉතා වැරදි ය.වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය.ඒ නිසා එකියක් බාගෙට ඇඳපාරේ ගියා කියා හෝ බිකිනියක් ඇඳ මුහුදේ හෝ නාන තටාකයක දිය නෑවා හෝ රූප රාජිනී තරඟයකට පෙනී සිටියා හෝ කියා පුරුෂ ලිංග කෙලින් කරගෙන එකී කාන්තාවන්ට නොව පාරේ තොටේ යන අනෙකුත් කාන්තාවන්ට දඬුවම් දීමට ඇතැම් පිරිමින්ට ශුද්ධ වූ අයිතියක් කවුරුන් විසින් හෝ දී ඇතුවා නිසැකය.


එසේ හෙයින් එම අයිතිය ක්‍රියාවේ නංවන මෙන් මම එම "ඇතැම්" පිරිමින්ගෙන් ඉල්ලා සිටින අතරම මගේ දෑස් පෑදූ පිනෙන් මෙම සටහන ලිවීමට පාදක වූ පින්තූරයේ නිර්මාණ කරුවාගේ හත්මුතු පරම්පරාවටම සසර ගමන මඟ කෙලවර කර අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම උරුම කරගැනීමට හැකියාව ලැබේවායි පතමි..!


sandanathisanda
 

33000W

Member
නයා රෙද්ද අස්සට ගෙන අන්තිමට කෑවෝ කෑවෝ කියනව වගේ කතාවක් තමයි ඔය. හැදිච්ච කෙල්ලොන්ට ඔය වගේ දේවල් වෙනව අඩුයි. කොල්ලොත් එක්ක කැලෑ අස්සෙ රිංගල අන්තිමට කොල්ල මොනව හරි කලාට පස්සෙ ඔක්කොම වැරැද්ද කරල තියෙන්නෙ අන්තිමට කොල්ල නරකයි.කෙල්ල අන්තිමට හොදයි. කොල්ල තමයි නරක. අපේ උනුත් ඕක දැනගන්න ඕන.හැබැයි ඔය පොඩි උන් දුෂණය කරන සක්කිලි බල්ලොන්ට නම් මේක අදාල නෑ
 
Last edited:

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    නයා රෙද්ද අස්සට ගෙන අන්තිමට කෑවෝ කෑවෝ කියනව වගේ කතාවක් තමයි ඔය. හැදිච්ච කෙල්ලොන්ට ඔය වගේ දේවල් වෙනව අඩුයි. කොල්ලොත් එක්ක කැලෑ අස්සෙ රිංගල අන්තිමට කොල්ල මොනව හරි කලාට පස්සෙ ඔක්කොම වැරැද්ද කරල තියෙන්නෙ අන්තිමට කොල්ල.කෙල්ල අන්තිමට හොදයි. කොල්ල තමයි නරක. අපේ උනුත් ඕක
    දැනගන්න ඕන.
    Dude! :baffled:
    Code:
    http://www.sundayobserver.lk/2012/07/15/fea08.asp

    This is the story of 13-year-old Thushari of Hakmana, who was raped by 20 men for days and days... the story of seven year-old Krishnakumari Dushyanthi of Kirulapona, who was raped, killed and dumped in a drainage canal... the story of 14-year-old Ramani who was raped and this is the story of hundreds of small girls and boys who are raped and sexually-abused that made us to pen down a true story of a nine-year-old girl from Anuradhapura who was raped by her uncle.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    kawda mewata wagakiyanne

    lankawe me widihta ganunwa wesiyo kaley MTV MBC karayo mula edalama

    ethin onna dan results awilla

    child abuse 1300
    rapes 760

    Sirasa karayangen mewata wandi ellagena dushanaya una lamainge account walata danna oni

    me lamai dushanaya wenna pradana hethuwa media walin wayasaka ayage hageem awisseema

    Sirasa kumariya...> adults viwers without self control---> arouse sex feelings--> rape and abuse

    anthimata thmanage tv channel balala awissila daruwo abuse wenawa..e abuse una daruwath news wala dala rasa kara kara kiyala pennala wikunan kanawa

    patta wesa tv mewa,,,mewage wada karana ewunge demapiyan pawkarayo mun wage pahasa ewun haduwata mewage wesa tv wala wada karanna
     

    33000W

    Member
    api kochchara ka gahuvath wadaka naha bang! nisi danduvam denne naha waradi karana unta free kannai bonnai didi hira geval puronava vitarai.. :angry: paw kello :baffled:
    mama nam hithanne minee maranavata daduvam dunne nathth me vage evata daduvam denna ona. mokada meva hitha matha karana aparada. masa dekak thunak hire athulata vela idala athal eke eliyata avilla ayeth ara kalakanni vadema karanava.:growl::growl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    wanachara widihata adala bus wala public road wala yana patta ganunta kana palenna gahuwe nattan me wena aparada thawath wadi wenawa...

    dushanaya unata passe unwa hirey dala wadak na..wena de kellata wela ewarai...
    mewa wena eka adu karaganna minissunge moley kamuka wena wesiyo wage adin nathuwa hitiyama hari

    wadagath widihata adina kanthawanta respect karanna oni
    ewagema wesiyo wage okkoma eliye dan inna..thanwala passa patte tatoo gahan bus wala yana wesiyanta...kan wala karabu 2k 3k dala gonek bawa pennana parattiyanta denna oni duwanna
    ehema nokaloth daruwo tika beraganna ba kawadawath

    wesiyanta bana kiwata wadak na unta terena basawakin kiyanna oni
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නයා රෙද්ද අස්සට ගෙන අන්තිමට කෑවෝ කෑවෝ කියනව වගේ කතාවක් තමයි ඔය. හැදිච්ච කෙල්ලොන්ට ඔය වගේ දේවල් වෙනව අඩුයි. කොල්ලොත් එක්ක කැලෑ අස්සෙ රිංගල අන්තිමට කොල්ල මොනව හරි කලාට පස්සෙ ඔක්කොම වැරැද්ද කරල තියෙන්නෙ අන්තිමට කොල්ල නරකයි.කෙල්ල අන්තිමට හොදයි. කොල්ල තමයි නරක. නෑ


    කැලෑවේ අස්සේ රිංගපු පළියට රේප් කරන්න අයිතියක් නෑ කාටවත්. ඒ වගේම තමයි එහෙම වුනාම දඩුවම් හම්බ වෙන්නේ කියලා හිතන්න එපා.
     
    Last edited:

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මේ ඔක්කොටම මුල තමයි විවුර්ත ආර්තික නියාය.මුදල් ගැනම හිතන්න ගියාම මිනිසුන් නොමිනිසුන් වෙනවාමයි.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    isthri dushanaya kara eunge araka kapala sambola hadanna one.

    එක වෙන්න ඇති අල්ල උබලගෙ එක කපල තියෙනෙ.. පොරගෙ වැරදි වහගන්න උබලගෙ කපපු එකනම් මහ කැත වැඩේ.. :rofl::rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    නයා රෙද්ද අස්සට ගෙන අන්තිමට කෑවෝ කෑවෝ කියනව වගේ කතාවක් තමයි ඔය. හැදිච්ච කෙල්ලොන්ට ඔය වගේ දේවල් වෙනව අඩුයි. කොල්ලොත් එක්ක කැලෑ අස්සෙ රිංගල අන්තිමට කොල්ල මොනව හරි කලාට පස්සෙ ඔක්කොම වැරැද්ද කරල තියෙන්නෙ අන්තිමට කොල්ල නරකයි.කෙල්ල අන්තිමට හොදයි. කොල්ල තමයි නරක. අපේ උනුත් ඕක දැනගන්න ඕන.හැබැයි ඔය පොඩි උන් දුෂණය කරන සක්කිලි බල්ලොන්ට නම් මේක අදාල නෑ

    :yes::yes::yes:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    කොලබ කොට ඇදුම් ඇදන් ඉන්න කෙල්ලෝ නෙමේ දූෂණය වෙන්නේ හම්බන්තොට වගේ
    කාලකන්නි පලාත්වල ඉන්න මදන විසේ ගහපු අවුරුදු 13,14 එවුන් උන්ගේ මදනවිසේට
    අල්ලගන්නෙම ප්‍රාදේශීය සබාපතිලා