බැංකුවෙ රෙදි ගලවයි.මීක් කියයි ??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    බැංකුව වෙන්දේසි කරනවනම් . බැංකුව ඒ මුදල කියන්න ඕනේ. මොකද අදාල ණය පියවගත්තට පස්සේ ඉතුරු වෙන මුදල් අයිතිකාරයට දෙන්න ඕනේ . එමනේ ක්‍රමය. අරූ ඉන්නකම් ලොන් එකයි පොලිත් ගෙවලා සින්න උන වෙනම දෙයක් ඒත් ණයට ගත්ත ගාන විතරයි බැංකුවට අයිති . ඉතිරිය අයිතිකරුට දෙන්න ඕනේ. මුං මේ වැලිවේශන් එකට අඩුවෙන් ඔය ඇතුලේ ඉන්න බ්‍රෝකර්ලට විකුණනවා . බැංකුවේ ගාන හරි බැංකුවට එතනින් එහාට අදාල නෑනේ. බ්‍රෝකර් කාරයෝ ඊට පස්සේ ඉහල මිලකට විවෘත වෙලදපලේ විකුනනවා ලාභ ගන්න . ඇත්ත අයිතිකරුට ඒ ලාභය එන් නෑ . බැංකුවෙන් හරි ගානට කරානම් ඒක අයිතිකරුට එන්න ඕනේ
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නීතියේ එහෙම එකක් හරියට කියල නැතුව ඇති. දුප්පත් වෙලා දේපල සින්න වෙච්ච එකෙකුට මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ දෙයක් කියල මේකට උසාවියෙන් තීන්දුවක් ගන්න පුළුවන් ඇති. @Bunji Kuraki

    දිසා අධිකරණයේ දේපළ විකුණන්න අවසර දීලා නියත තීන්දුවක් දුන්නහම කරන්න දෙයක් නැහැ මචං. එකම දේ සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපීල් එකක් යන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.

    එහෙම දේපළ වෙන්දේසි කළහම එයාලගේ ගාණ විතරයි අය කරගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ.

    මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් රජයේ නිලධාරීන්ට එරෙහිව විතරයි. එයාලා නිල තත්ත්වයෙන් කරන ක්‍රියාවන් වලට විතරයි.
     
    Last edited:
    • Love
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,175
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිසා අධිකරණයේ දේපළ විකුණන්න අවසර දීලා නියත තීන්දුවක් දුන්නහම කරන්න දෙයක් නැහැ මචං. එකම දේ සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපීල් එකක් යන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.

    එහෙම දේපළ වෙන්දේසි කළහම එයාලගේ ගාණ විතරයි අය කරගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ.

    මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් රජයේ නිලධාරීන්ට එරෙහිව විතරයි. එයාලා නිල තත්ත්වයෙන් කරන ක්‍රියාවන් වලට විතරයි.
    වෙන්දේසි කරනවා කියල මැනේජර්ගේ යාලුවෙකුට අඩු ගානට ඉඩම විකුණුවොත් මොකද වෙන්නෙ ? ණයකාරයට බැලන්ස් එකක් නොදී ඉන්න පුළුවන් නේද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පට්ට හොරුනෙ.
    auction එක පටන්ගන්නෙ valuation එකේ ගානටද? නැත්තම් බැංකුවට උන පාඩුවෙ ගානෙ ඉඳන්ද?
    auction වලටම බහින් අංකූර සෙට් ඉන්නව කලින් ප්ලෑන් කරල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔයාට මොකක් හරි ඔය වගේ දේක අත්දැකීමක් තියෙනවා නම් අපිටත් දැනගන්න කියන්න...
    මම වාහන වෙන්දේසි වලදි දැකපු අත්දැකීම් නම් තියෙනවා ගෙවල් වලට ඉතින් ඒක අදාළද දන්නෙ නෑ.

    1. වෙන්දේසියට ගැණුම්කාරයෝ එන්නෙම මාර්කට් එකේ ගානට වඩා අඩුවෙන් ගන්න. වෙන්දේසි කරවන bank eka බලන්නේ තමුන්ගෙ පාඩුව පියවා ගන්න. ඉතින් ඒක නිසා වෙන්දේසියකදි ඇත්තම අයිතිකාරයට සාදාරණ මිලක් ලැබෙයි හිතන්න අමාරුයි.

    2. වෙන්ඩේසිය හැමෝම ප්‍රසිද්ධියෙ කරනවා කිව්වට ඔතනට සහභාගි වෙන්නෙ සීමිත පිරිසක්. ඔය වෙළඳපොළේම ඉන්න අය. ඒ වගේ අයව වෙන්දේසි කරන මනුස්සයා වගේම එතන නිලදාරිත් දැනගෙන ඉන්න හැකියාව වැඩී. මම කීපෙකට ගියාම දැක්කෙත් එකම සෙට් එක. ඉතින් එතන ඉන්න එවුන් අඳුරන්නේ නැතුව ඉන්නවා වෙන්න බෑනෙ.
    සීමිත මිනිස්සු පිරිසක් එකතුවෙන්න හේතුව තමයි වෙන්දේසියේ මිටිය ගහපු ගමන් 25%ක වගේ මුදලක් එවලෙම සල්ලි වලින් ගෙවන්න ඕනෙ. ඒ වගේම දවස් තුනක් ඇතුලතද කොහෙද මුලු මුදලම බේරන්න ඕනෙ. ඉතින් අතේ සල්ලි නැති එකෙක්ට ඔහොම කරන්න බෑ. ඒ වගේම වෙන්දේසි භූමියට ඇතුලුවෙන්න ඩිපොසිට් එකක් ගන්නවා, ටිකට් එකක් ගන්නවා. ඒක නිසා ඔතන ඉන්නෙ සීමිත පිරිසක්.

    3. සමහර තැන්වල එකම මිනිස්සු ආයෙ ආයෙ ඉල්ලනවා හැබැයි ගන්නෙ නෑ. ගාන වැඩියෙන් ඉල්ලවන්න දාපු මිනිස්සු වෙන්න පුලුවන්.

    4. සමහර ඩීල් වලදි වෙන්දේසිකරු වැඩි වෙලා දෙන්නෙ නැතුව තීන්දුව දෙනවා. ඒ කියන්නෙ තව කෙනෙක් ඉල්ලන්න කලින්.

    5. සමහර වෙලේට ඇද ඇද ඉන්නවා තීන්දුව දෙන්නෙ නෑ. මේකෙදි නම් කියන්න පුලුවන් ගාන වැඩි වෙනකන් ඉන්නවා කියලා.

    6. හිටපු ගමන් මගක් වෙන්දෙසිය ගිහින් එකපාරට කියනවා මේක වෙන්දේසි කරන්නෙ නෑ කියලා. මොකද වගන්තියක් දාලා තියෙනවා ආයතනය කැමති ඕනෙම මොහොමත භාණ්ඩය වෙන්දේසියෙන් ඉවත් කරගන්න පුලුවන් කියලා.

    7. මම ඇහැටම දැකලා තියෙනවා සමහර මිනිස්සුන්ට ඇතුලෙ එවුන් ටිප් දෙනවා ඇස් වලින් මූණෙන්.

    ඉතින් යාලුවෙකුට කරකවලා දෙන එක හා අත යටින් ඒකට ගානක් ගන්න එක කරන්න බැරිකමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    වෙන්දේසි කරනවා කියල මැනේජර්ගේ යාලුවෙකුට අඩු ගානට ඉඩම විකුණුවොත් මොකද වෙන්නෙ ? ණයකාරයට බැලන්ස් එකක් නොදී ඉන්න පුළුවන් නේද?

    ගොඩක් වෙලාවට වෙන්දේසියට එන්නේ හැමදාම එන සෙට් එකක්. හොඳම දේ අයිතිකාරයාම ගැණුම්කාරයෙක් හොයාගන්න එක. දිසා අධිකරණය තීන්දුව නියත කළොත් හිඟය නොදී ඉන්න බැහැ.
     
    • Like
    • Love
    Reactions: JDZ and topkollek

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මම වාහන වෙන්දේසි වලදි දැකපු අත්දැකීම් නම් තියෙනවා ගෙවල් වලට ඉතින් ඒක අදාළද දන්නෙ නෑ.

    1. වෙන්දේසියට ගැණුම්කාරයෝ එන්නෙම මාර්කට් එකේ ගානට වඩා අඩුවෙන් ගන්න. වෙන්දේසි කරවන bank eka බලන්නේ තමුන්ගෙ පාඩුව පියවා ගන්න. ඉතින් ඒක නිසා වෙන්දේසියකදි ඇත්තම අයිතිකාරයට සාදාරණ මිලක් ලැබෙයි හිතන්න අමාරුයි.

    2. වෙන්ඩේසිය හැමෝම ප්‍රසිද්ධියෙ කරනවා කිව්වට ඔතනට සහභාගි වෙන්නෙ සීමිත පිරිසක්. ඔය වෙළඳපොළේම ඉන්න අය. ඒ වගේ අයව වෙන්දේසි කරන මනුස්සයා වගේම එතන නිලදාරිත් දැනගෙන ඉන්න හැකියාව වැඩී. මම කීපෙකට ගියාම දැක්කෙත් එකම සෙට් එක. ඉතින් එතන ඉන්න එවුන් අඳුරන්නේ නැතුව ඉන්නවා වෙන්න බෑනෙ.
    සීමිත මිනිස්සු පිරිසක් එකතුවෙන්න හේතුව තමයි වෙන්දේසියේ මිටිය ගහපු ගමන් 25%ක වගේ මුදලක් එවලෙම සල්ලි වලින් ගෙවන්න ඕනෙ. ඒ වගේම දවස් තුනක් ඇතුලතද කොහෙද මුලු මුදලම බේරන්න ඕනෙ. ඉතින් අතේ සල්ලි නැති එකෙක්ට ඔහොම කරන්න බෑ. ඒ වගේම වෙන්දේසි භූමියට ඇතුලුවෙන්න ඩිපොසිට් එකක් ගන්නවා, ටිකට් එකක් ගන්නවා. ඒක නිසා ඔතන ඉන්නෙ සීමිත පිරිසක්.

    3. සමහර තැන්වල එකම මිනිස්සු ආයෙ ආයෙ ඉල්ලනවා හැබැයි ගන්නෙ නෑ. ගාන වැඩියෙන් ඉල්ලවන්න දාපු මිනිස්සු වෙන්න පුලුවන්.

    4. සමහර ඩීල් වලදි වෙන්දේසිකරු වැඩි වෙලා දෙන්නෙ නැතුව තීන්දුව දෙනවා. ඒ කියන්නෙ තව කෙනෙක් ඉල්ලන්න කලින්.

    5. සමහර වෙලේට ඇද ඇද ඉන්නවා තීන්දුව දෙන්නෙ නෑ. මේකෙදි නම් කියන්න පුලුවන් ගාන වැඩි වෙනකන් ඉන්නවා කියලා.

    6. හිටපු ගමන් මගක් වෙන්දෙසිය ගිහින් එකපාරට කියනවා මේක වෙන්දේසි කරන්නෙ නෑ කියලා. මොකද වගන්තියක් දාලා තියෙනවා ආයතනය කැමති ඕනෙම මොහොමත භාණ්ඩය වෙන්දේසියෙන් ඉවත් කරගන්න පුලුවන් කියලා.

    7. මම ඇහැටම දැකලා තියෙනවා සමහර මිනිස්සුන්ට ඇතුලෙ එවුන් ටිප් දෙනවා ඇස් වලින් මූණෙන්.

    ඉතින් යාලුවෙකුට කරකවලා දෙන එක හා අත යටින් ඒකට ගානක් ගන්න එක කරන්න බැරිකමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ.
    1. සම්පූර්ණ ඇත්ත... ඔය හේතුව නිසා තමයි වෙන්දේසි දානකන් ඉන්නේ නැතුව අයිතිකාරයටම වාහනේ හරි ඉඩම හරි කැමති ගානකට විකුනලා ණය පියවන්න කියන්නේ.. හැම මනුස්සයම බලන්නේ තමන්ගේ දේ වැඩි ගානකට විකුනලා ගන්න අලුත් දෙයක් පුලුවන් තරම් අඩුවට ගන්න නේ. ඒ වගේ තමයි, නිකන් විකුනගන්න බැරි උනාමනේ වෙන්දේසි දාන්නේ, එතකොට තමන්ගේ වාහනේට හරි ඉඩමට හරි තමන් බලාපොරොත්තු වුන ගානම ලැබෙන්නේ නෑ ගොඩක් වෙලාවට, ඒ වගේම ඒක දන්න නිසා තමයි ලන්සු තියන අයත් පුලුවන් තරම් අඩුවෙන් ඕවා ගන්න බලන්නේ.

    2. හරියට හරි, හැබැයි එතනට එන්න කාටවත් තහනමක් නෑනේ. එතකොට වෙන්දේසිය හොරෙන් කරන එකක් කියලා කාටවත් කියන්න බෑ, තමන් නොගියොත් ඒකේ ගිය ගනන් මිනුම් අහගන්න වෙන්නෙ ගිය එකෙක් ගෙන් තමා. ඉතින් ගොඩක් වෙලාවට අඩුවට ගියා අදුරන කෙනෙක්ට ගියා කියලා කියන අය ඔක්කොම එතන හිටපු නැති අය.
    ඒ වගේම ඔයා කිව්වා වගේම ඔතනට එන්නෙ වෙනම සෙට් එකක්, එයාලා සල්ලි තියෙන ඉඩම් වාහන ගැන දන්න අය. තමන්ගේ ගානට එන්නේ නැත්තම් ගන්නෙ නෑ, එයාලා කරන්නෙ ඕවා අරගෙන වැඩි ගානට විකුණන එක. ඒක එයාලගේ බිස්නස් එක. ඉතින් එකම සෙට් එක අදුරන්නේ නෑ කියලා කියන්න බෑ, හැබැයි එහෙමයි කියලා තමන්ගේ අදුරන එකෙක්ට දුන්නා කියන මතේ කියලා කියන්න අමාරුයි නේද ?

    3. ඔව්, ඒවා තමා අර කිව්වා වගේ නිතරම එන සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු, ඉතින් එයාලා කරන්නේ එයාලගේ මිනිස්සුන්වත් අරන් එන එක (අර කිව්ව වගේ ඩිපොසිට් තියලා ටිකට් අරන්) ඉතින් ඒක වැරැද්දක් නෑනේ, යන වියදම් ඔක්කොම එයාලගෙ නෙ.

    4 / 5. ඒක නම් එක එක එක්කෙනාට දැනෙන විදිය. හැබැයි ලන්සු තියන්න බලන් ඉන්න අය නම් එහෙම හෙමින් යනව හරි වේගෙන් යනව හරි කියලා නිකං බලාගෙන ඉන්නේ නෑ මං දන්න තරමට.

    6. ඒක වෙන්න පුලුවන් නීතිමය හේතු ගොඩක් තියෙනවා.. ඒවා බැංකුවට වගේම අයිතිකාරයටත් හොද විදියට වෙන්න පුලුවන් දේවල්.

    7. වෙන්න පුලුවන් (ඇතුලේ එවුන්ට ගහන්න පුලුවන් ගේම ඔච්චර තමා). හැබැයි ඇහෙන් ගැහුවත් කනට ගහලා කිව්වත් ලන්සු දාන වෙන අය ඉන්නකං ඕකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ. වැඩියෙන් දාන එකාට හම්බෙනවා. වටින්නේ නැති එකා මගින් හැලෙනවා. මුකුත්ම නැත්තම් බැංකුව ගන්නවා.

    එතකොට ඔය කිව්වා වගේ අත යටින් දෙන එකක් වෙන්න පුලුවන්, හැබැයි ඒක තීරණය වෙන්නේ එදාට ගන්න බලාගෙන වෙන්දේසියට ආපු අය අනුව තමා.

    (උදා : ඔයාට ගොඩක් වටින ඉඩමක් නම්, ඒකෙ වෙන්දේසියේ යන ගානට වඩා වැඩි ගානට ඔයාට ඉල්ලන්න පුලුවන්, එතකොට බැංකුවේ නෙමෙයි වෙන්දේසි කරන එකාගේ පුතා ආවත් කාටත් කරන්න පුලුවන් දෙයක් නෑ)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    (උදා : ඔයාට ගොඩක් වටින ඉඩමක් නම්, ඒකෙ වෙන්දේසියේ යන ගානට වඩා වැඩි ගානට ඔයාට ඉල්ලන්න පුලුවන්, එතකොට බැංකුවේ නෙමෙයි වෙන්දේසි කරන එකාගේ පුතා ආවත් කාටත් කරන්න පුලුවන් දෙයක් නෑ)
    එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඒ මනුස්සයා තමුන්ගේ දේපල සින්න වෙන්න දීලා බලන් ඉන්නෙ නෑනෙ. බේරගන්නවනෙ.

    හයවෙනි එකේදි මම කිව්වෙ කට්ටිය ඉල්ලලා මගක් ගියාම එකපාර කියනවා මේක වෙන්දේසියෙන් ඉවත් කරගන්නවා කියලා. ඒකයි.

    මට නම් පේන්නෙ මෙහෙම දෙයක් කරන්න පුලුවන්. ඔතන වෙන්දේසිකරුවා තමන්ගෙ හිතු මනාපයට තීන්දුව දෙන්නෙ නෑ. එතන ළඟ ඉන්නවා බැංකුවේ නියෝජිතයෙක්. මිනිහාට පුලුවන් කියන්න තීන්දුව දෙන්න කියන එක. වෙන්දේසිය උනත් එතන ගැනුම්කරුවෝ අතරත් තියෙනවා උන්ගෙම එතික්ස්. මම දැකලා තියෙනවා තරඟෙට ඉල්ලන්නෙ නෑ. එක්කෙනෙකුගේ ගානට උඩින් වෙන කෙනෙක් ඉල්ලුවාම ආයෙ කලින් මනුස්සයා වැඩි ගානක් කියන්නෙ නෑ. ඉතින් ඔය වගේ එක්කෙනෙකුට ගියා අපිට ඉල්ලන්න දුන්නෙ නෑ කියලා එතන ප්‍රශ්න නම් ඇතිවෙන්නෙ නෑ. ඒ මිනිස්සු කරන්නෙ වෙන චාන්ස් එකක් බලන එක.
    ඉතින් අඩු ගානකින් ගණුදෙනුව ඉවර කරන්න තීන්දුව දෙන මිනිහට අත යටින් හම්බෙන්න අවස්ථාව හුඟක් තියෙනවා. එතකොට බැංකුවේ ගානත් බේරිලා. ඒ මිනිස්සුන්ගේ මඩියත් තරවෙලා අයිතිකාරයට තමා පාඩු.

    ඉතින් එහෙම ණය හිරවෙලා නම් කරන්න තියෙන ලොකුම දේ ඔයා කිව්ව විදිහට තමුන් කලින්ම විකුණලා වැඩේ ඉවරයක් කරලා දාන එක. මම හිතන්නෙ ඔය දේපල වෙන්දේසි කරන තැනට බැංකුව යන්නෙ හුඟක් පියවර වලින් පස්සෙ. අපේ මිනිස්සු ඉතින් හරියට ඒවට පිලියම් යෙදෙව්වෙ නැති උනාම තමයි ඕක වෙන්නෙ.

    වෙන්දේසි වල තියෙන වාහන තොගේ දැක්කම හිතෙනවා මිනිස්සු කොච්චර බොරුවට වාහන අරගෙන තමුන්ගේ තියෙන ටිකත් නැති කරගන්නවද කියලා.
    බිස්නස් වලට තියෙන වාහන නම් කමක් නෑ. මේ ලක්ශරි වාහනත් තියෙනවා සෑහෙන්න.
     
    • Like
    Reactions: JDZ