wena thenaka mama ahapu ekak.. oyage thread eka dekke ada.. mekata answer ekak denna..
Brother මට මේකට උත්තරයක් දෙන්න..
අපි හිතමු මාසෙකට average 100,000 ට වඩා money market account එකක් හදල මොකක් හරි ඉන්වේට්මේන්ට් එකකින් එකට ලැබෙනවා කියල.
ඕකට tax එක වදින්නේ කොහොම ද ?
withholding tax එක 5%ක් වදිනවා අර ලැබෙන 10% පොලියට..
එතකොට අර income එකටත් සාමාන්‍ය විදිහට tax වදිනව නේද ?
පලවෙනි පසේ 100,000 ක් දැම්ම කියමු..
එතකොට ඊලග මාසෙට පොලිය 833.34
after tax 791.67
දෙවැනි මාසෙ අන්තිමටත් ලක්ෂයක් වැටෙනවා කියමු.
එතකොට ඒ මාසේ සම්පුර්ණ balance එක 200,791.67
මෙහෙම ගිහින් අවුරුද්ද අවසානයේ සම්පුර්ණ අදායමට ත් 6% , 12%, 18% tax එක ගෙවන්න වෙනවා නේද ? ( for first 1.5 million )
බැංකු පැත්තෙන් ගත්තොත් නම් අදාල වෙන්නේ withholding tax (WHT) එක විතරයි.
ඒකේ ඔයා පොලිය ගණන් හදලා තියෙන විදිය මං තව පැහැදිලි කරලා දෙන්නම්.
අපි හිතමු ඔයාගේ account එකට රුපියල් ලක්ශයක් වැටෙනවා ජනවාරි 1වෙනිදා....
ඊටපස්සෙ කීයක්වත් වැටෙන්නේ නෑ account එකට.
ඔයාට ලැබෙන interest rate එක 10%යි. Withholding tax එක 5%.
එතකොට මාසේ අන්තිම (31වෙනිදා) ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 833.33ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 41.66... මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 100,791.67 යි.
දෙවෙනි මාසේ මුලත් ඔයාට රුපියල් ලක්ශයක් වැටෙනවා, එතකොට account balance එක 200,791.67 යි.
ඒ මාසේ අන්තිමට ඔයාට පොලියක් ලැබෙනවා රුපියල් 1673.26ක්. ඒකට tax (WHT) වදිනවා රුපියල් 83.66...
එතකොට දෙවෙනි මාසේ අන්තිම ඔයාගේ account එකේ balance එක රුපියල් 202,381.27 යි.
එහෙම බැලුවම ඔයාගේ income tax එකට බැංකුවෙන් අදාල වෙන්න ඕන අර ලැබුන පොලිය විතරයි.
(ඒකට ගන්නේ before taxද after taxද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න, මම හරියට දන්නේ නෑ)
හැබැයි ඔයාගේ සම්පූර්ණ ආදායමට අර ලැබුන ලක්ශ දෙකත් එකතු වෙන්න ඕන. ඉතින් ටැක්ස් ගෙවන්න ඕන ඒ ඔක්කොම එකතු කරාම ලැබෙන ගානට.
(මතක තියාගන්න බැංකුවට වැටෙන හැම ගානක්ම ඔයාගේ ආදායමක් නෙමෙයි, ඔයා බිස්නස් කරනවා නම් ඔයාගේ sales ටිකත් බැංකුවට වැටෙනවා හැබැයි ඒකෙන් යම් කොටසක් විතරයි ඔයාගේ ආදායම. ඉතින් tax හදද්දි ඕවා ඔයා හරියට පෙන්නන්න ඕන)