@Nadun26 ඔය ලෙඩේට කොමර්ෂල් බැංකුව හොඳයි.
විසඳුම්..
1. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
2. කාඩ්පතක් සමඟ පුද්ගලික ගිණුමක් ද, ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
3. පුද්ගලික ගිණුමක් ද, කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් ද කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න.
4. කාඩ්පතක් සමඟ ව්‍යාපාර ගිණුමක් කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ආරම්භ කරන්න. (මම හිතන්නේ ඔයාට ඕන විදිහ)
පුද්ගලික ගිණුමක් අවශ්‍ය නම් උදා. සාමාන්‍ය ඉතුරුම්, පවර් බෝනස් ගිණුමක් සමඟ ඩෙිබට් හෝ ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න. බැංකු පොතත් දෙනවා, මතක ඇතුව කියලා ඉල්ල ගන්න. ආකෘති පත්‍රය පුරවන විට කොම්බෑන්ක් ඩිජිටල්
https://www.combank.lk/digitalbanking/ සඳහා ද ඉල්ලුම් කරන්න.
https://www.combank.lk/personal-banking/savings-accounts/regular-savings-account
https://www.combank.lk/personal-banking/savings-accounts/power-bonus-account
ව්‍යාපාර කටයුතු වලට ඉතුරුම්, SME දිවිසරු හෝ කරන්ට් ගිණුමක් ආරම්භ කරන්න. කොම්බෑන්ක් ඩිජිටල් පහසුකමත් ඉල්ලුම් කරන්න පුළුවන්. (පළවන දෙකට බැංකු පොතක් දෙනවා එමනිසා ඉල්ල ගන්න. ඩෙබ්ට් කාඩ් එකකුත් ගන්න පුළුවන්, ක්‍රෙඩ්ට් කාඩ් ඕන කියලා කෑගහන්න එපා

).
https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts
https://www.combank.lk/business-banking/international-banking/savings-accounts
https://www.combank.lk/business-banking/sme/divisaru-savings-account
https://www.combank.lk/business-banking/domestic-banking/current-accounts
https://www.combank.lk/business-banking/international-banking/current-accounts
(මෙම ගිණුමට ඩෙිබිට් කාඩ් එකක් ගන්න පුළුවන්)
සැ.යු. කාඩ්පත් එකකට වඩා ගන්න පුළුවන්. උදා. මා සතුව යුනියන් පේ කාඩ්පත් කිහිපයක් ම තිබෙනවා.
සැ.යු. සියළු ගිණුම්වලට වෙන වෙනම කොම්බෑන්ක් ඩිජිටල් ඉල්ලුම් කරන්න ඕන නැහැ. අවශ්‍ය විට මුදල් එකකින් අනෙකට මාරු කරන්න පුළුවන්
සැ.යු. ඉහත සියළුම ගිණුම් ආරම්භ කරන්න එතරම් දේවල් ඕන නැහැ. ඉහත පිටු කියවලා බලන්න (අවශ්‍ය ලේඛන කොටසක් තියනවා)
මට නම් පේන්නේ හැම දෙයක්ම පටලවාගෙන, අවුල් කරගෙන වගේ. මාසයකට කලින් මම කොමර්ෂල් බැංකුවෙන් යුනියන් පේ කාඩ් එකක් ගත්තා. ඩෙබිඩ් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් දෙකම තියනවා.
ක්‍රෙඩ්ට් කාඩ් වලට ප්රතිලාභ ගොඩක් තියනවා. මේක ජේසීබී වගේ ආසියාවේ කාඩ් සේවාවක්
https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-platinum-card
https://www.combank.lk/personal-banking/cards/unionpay-asia-prestige-diamond-card
පුතෝ හැබැයි අවම ශේෂය රු. 2,500,000 සහ අනෙකට රු. 750,000 ක් තියෙන්න ඕන. නැතිනම් යුනියන් පේ ඩෙබිට් කාඩ් එකක් ගන්න. ආරම්භ කරන විට අවමය රු. 1000 ක් හෝ 5000 තිබුණම ප්‍රමාණවත් (බැංකු පොත සමඟ ගන්න පුළුවන්).
------
Post added on Jan 5, 2023 at 4:25 AM
මම දැනුයි දුටුවේ මෙම කොටස වෙන නූලක පළ කරලා තියනවා.


------
Post added on Jan 5, 2023 at 5:15 AM