බැටන් පොල්ල...

නිසැඳැසක් ලෙස ඔබේ නිර්මාණය ඉහළින්ම අගය කරමි.ඉහටත් උඩින්ගලායන දිළඳුකමේ ශාපය සහ අසරණ දෙමව්පියන්ගේ කප්පරක් බලාපොරොත්තු කාකි ඇඳුමේ මහානුභායවට තැළී පොඩිවී ඉකිළන හඬ ඔබේ වචන තුළින් අපූරුවට ගැළපී තිබෙනවා.ඔබේ කවි හිත තවත් බැබළේවා!+
සිදුවීමක් ලෙස ගත්තොත් ඒ ගැන නං මගේ විරෝධය එල්ලවන්නේ උපාධිය කරපින්නාගෙන ආන්ඩු(ව) දෙසම බලා හිඳිමින් නාකිවන තරුන පරපුර කෙරෙහිය.
(සමාවන්න එය මෙතන තව දුරටත් පැහැදිලි කල නොහැකියි)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිසැඳැසක් ලෙස ඔබේ නිර්මාණය ඉහළින්ම අගය කරමි.ඉහටත් උඩින්ගලායන දිළඳුකමේ ශාපය සහ අසරණ දෙමව්පියන්ගේ කප්පරක් බලාපොරොත්තු කාකි ඇඳුමේ මහානුභායවට තැළී පොඩිවී ඉකිළන හඬ ඔබේ වචන තුළින් අපූරුවට ගැළපී තිබෙනවා.ඔබේ කවි හිත තවත් බැබළේවා!+
    සිදුවීමක් ලෙස ගත්තොත් ඒ ගැන නං මගේ විරෝධය එල්ලවන්නේ උපාධිය කරපින්නාගෙන ආන්ඩු(ව) දෙසම බලා හිඳිමින් නාකිවන තරුන පරපුර කෙරෙහිය.
    (සමාවන්න එය මෙතන තව දුරටත් පැහැදිලි කල නොහැකියි)

    දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි ශම්මි අක්කේ..

    මමත් යම් තාක් දුරකට ඔබ හා එකගය. උපාධිධාරින්ගෙනුත් ආකල්පමය වෙනසක් අවශ්‍යයය. ඔවුන්ට පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නොලැබෙන්නේත් ඔවුන්ගේ මෙම ආකල්පමය ගැටලු නිසාය.

    නමුත් ඔවුන් අවුරුදු 25+ කාලයක් ලබා ගන්නා අධ්‍යාපනය කිසිදු රැකියාවකට අදාල නැත. කෙටියෙන් කිවහොත් ඔවුන් නිදහස් අධ්‍යාපනයේ බොරුවට අහු වී ඇත. ඉතින් ඔවුන්ව ඇන්දූ ආණ්ඩුව දෙස බලා සිටිනවා ඇරෙන්න ඔවුන් වෙන කුමක් කරන්නද...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    oyage katawa atta kottra egena gattath job netiwa kottra kattya ennawasa.ekata pilitura batan pollwath,kadulu gas watyh newei.

    ඒ උනත් ඔයාට,මට තේරෙන ඒ සත්‍යය අපේ නායකයන් කියා ගන්නා අයට නොතේරෙන එකනේ ගැටලුව මචං...

    අදහසට ස්තූතියි මචං...
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    උපරිමයි සහෝදරය..........
    ඉතාමත් හොඳ නිර්මානයක්.
    අන්තර්ගතය ගැන කතාකරන්න ගියොත් කෙලවරක් නැති වෙනව.

    දිගටම ලියමු මිත්‍රය...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතිහාසය පුරාවට තිබුනාවු ම්ලේච්ජ මර්ධනය...

    ධනේශ්වර පාලන කුඩුම්බිය සතු එකම බල ප්‍රවාහය..

    යුක්තිය වෙනුවෙන් කෑ ගසන්නන් සමූල ඝාතනය කිරීම....

    එයින් නොනැවතී ඔවුන්ගේ පවුල් පිටින් විනාශයට පත්කිරීම්..

    ඔය ඉහත කී දේවල් තමයි අපේ රටේ බොහෝ විට උසස් අධ්‍යාපනය ලබපු, කශේරුකාව රඛර් වගේ එක එක අතට නොනැමෙන...තමන්ගේ එවුන් වෙනුවෙන් හඬ නගන බුද්ධිමත් කෙනෙකුට නියත වශයෙන්ම රටේ පාලකයින්ගෙන් ලැබෙන තෑගි මල්ල.....

    විය යුත්තේ යම් කිසි සැලසුමක් යටතේ එම බුද්ධිමත් තරුන ජවයෙන් රටට සේවයක් ලබා ගැනීම විනා මෙසේ ඔවුන් නැති කර දැමීම නොවේ...

    මෙය කවදා කෙසේ කොහොම විසඳෙනු ඇද්දැයි ඇස් කන් පියා සිටිනවාට වඩා දැන් අප කල යුත්තේ පුළුවන් උපරිමයෙන් මෙසේ ජනතාව දැනුවත් කරමින් රටේ බුද්ධිමත් සම්පත රැක ගැනීමට පොදු ජනතා හා ශිෂ්‍ය බලවේගයන් පාට, පිල්, පක්ෂ නොතකා වහ වහා සන්ධානගත වී එක අරමුනකින් ක්‍රියාකාරී වීමයි... එසේ වන්නට අකැමැති නම් බලෙන් හෝ අරමුණේ හා අවසාන ප්‍රතිඵලයේ ඇති වැදගත්කම සලකා එතැනට ඔවුන් එක් රැස් කිරීම අද දවසේ අපේ වගකීමයි...

    මෙම නිර්මානකරුවාගේ නිර්මානයේ ඇති අති ප්‍රබල ඛේදනීය සමාජ සංසිද්ධිය තුලින් මුලූ මහත් සමාජයටම යමක් ඔහු හඩගා කියා ඇත..තව දුරටත් අපිට එය නොදැක්කා සේ සිටිය නොහැක...

    ඇස් විවර කරගන්නට අපට ඉඩ සලසා දී ඇත.. ඔහුගේ ප්‍රවිෂ්ඨය හා සමාජ අනුගත අනුභූතින් ස්පර්ශ කරනා ආවේශයට මා දැඩි සේ ඇලුම් කරමි..

    ඔබට තව තවත් දිගු සමාජ මෙහෙවරකට ඇවැසි තරුන ජවය හා ස්ථිර අධිෂ්ඨානය නිබඳව ලැබේවා...

    ඔබට ජය....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉතිහාසය පුරාවට තිබුනාවු ම්ලේච්ජ මර්ධනය... ධනේශ්වර පාලන කුඩුම්බිය සතු එකම බල ප්‍රවාහය.. යුක්තිය වෙනුවෙන් කෑ ගසන්නන් සමූල ඝාතනය කිරීම.... එයින් නොනැවතී ඔවුන්ගේ පවුල් පිටින් විනාශයට පත්කිරීම්.. ඔය ඉහත කී දේවල් තමයි අපේ රටේ බොහෝ විට උසස් අධ්‍යාපනය ලබපු කශේරුකාව රඛර් වගේ එක එක අතට නොනැමෙන...තමන්ගේ එවුන් වෙනුවෙන් හඬ නගන බුද්ධිමත් කෙනෙකුට නියත වශයෙන්ම රටේ පාලකයින්ගෙන් ලැබෙන තෑගි මල්ල..... විය යුත්තේ යම් කිසි සැලසුමක් යටතේ එම බුද්ධිමත් තරුන ජවයෙන් රටට සේවයක් ලබා ගැනීම විනා මේසේ ඔවුන් නැති කර දැමීම නොවේ... මෙය කවදා කෙසේ කොහොම විසඳෙනු ඇද්දැයි ඇස් කන් පියා සිටිනවාට වඩා දැන් අප කල යුත්තේ පුළුවන් උපරිමයෙන් මෙසේ ජනතාව දැනුවත් කරමින් රටේ බුද්ධිමත් සම්පත රැක ගැනීමට පොදු ජනතා හ ශිෂ්‍ය බලවේගයන් පාට පිල් පක්ෂ නොතකා වහ වහා සන්ධානගත වී එක අරමුනකින් ක්‍රියාකාරී වීමයි... මෙම නිර්මානකරුවාගේ නිර්මානයේ ඇති අති ප්‍රබල ඛේදනීය සමාජ සංසිද්ධිය තුලින් මුලූ මහත් සමාජයටම යමක් ඔහු හඩගා කියා ඇත..ඇස් විවිර කරගන්නට ඉඩ සලසා දී ඇත.. ඔහුගේ ප්‍රවිෂ්ඨය හා සමාජ අනුගත අනුභූතින් ස්පර්ශ කරනා ආවේශයට මා දැඩි සේ ඇලුම් කරමි.. ඔබට තව තවත් දිගු සමාජ මෙහෙවරකට ඇවැසි තරුන ජවය හා ස්ථිර අධිෂ්ඨානය නිබඳව ලැබේවා... ඔබට ජය....

    ඇත්තටම අයියේ මා මෙවන් නිර්මාණ කිරීමට පෙළබෙන්නේ සමාජ වගකීමක් ඉටු කරන්නේය යන හැගීමෙන්. ඇත්තටම "රැකියා විරැහිත උපාධිධාරීන්" යනු දේශපාලකයන්ට කඩේ යන පිරිසක්ය යන හැගීම ජන සමාජය තුල නිධන්ගත වන තරමට මෙම ප්‍රශ්නය දේශපාලනීය වී ඇත. නමුත් එයට යටින් ඇති අති සෝචනීය සමාජ ගැටලුව කෙරෙහි කිසියම් වූ අවධානයක් ලබා ගැනීමයි මගේ එකම අරමුණ. මා අසාර්ථක වී නැතැයි අයියගේ සහ සහෝදරයන්ගේ අදහස් කියවීමෙන් දැනුනි.

    ඉතින් අයියේ... හැමදාමත් කියනවා වගේ අයියගේ හැම වචනයක්ම මට පුදුමාකාර ජවයක්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උපරිමයි සහෝදරය..........
    ඉතාමත් හොඳ නිර්මානයක්.
    අන්තර්ගතය ගැන කතාකරන්න ගියොත් කෙලවරක් නැති වෙනව.

    දිගටම ලියමු මිත්‍රය...

    බොහෝමත්ම ස්තූතියි දීලක.. ඔයාලා තමයි හැමදාටම මගේ ශක්තිය...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    උපාධිය.......

    කාලයක් අපේ හීනය....ඊටත් පස්සෙ අපේ සටන
    ඊටත් පස්සෙ අපිව නොමරා මරන වධය.....

    මේ දුකේ මාත් උන්නා....කාලයක්

    මම සටන් කලේ තනිවම....මගෙ ජීවිතෙත් එක්ක.....
    මම දින්න. හැබැයි උපාධියට පින් සිද්ද වෙන්න නෙමේ...

    සැබෑව .....මේක තමා අපේ තරුණ පරපුරේ සෝචනීයත්වය

    විශිෂ්ඨයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උපාධිය.......

    කාලයක් අපේ හීනය....ඊටත් පස්සෙ අපේ සටන
    ඊටත් පස්සෙ අපිව නොමරා මරන වධය.....

    මේ දුකේ මාත් උන්නා....කාලයක්

    මම සටන් කලේ තනිවම....මගෙ ජීවිතෙත් එක්ක.....
    මම දින්න. හැබැයි උපාධියට පින් සිද්ද වෙන්න නෙමේ...

    සැබෑව .....මේක තමා අපේ තරුණ පරපුරේ සෝචනීයත්වය

    විශිෂ්ඨයි

    ඔයා තුල සැගවුනු සටන් කාරියක ඉන්නවා කියන අඩමාන සිතුවිල්ලක් මට ඔයාගේ නිර්මාණ රස විදිද්දි දැනුනා. දැන් එය සහතික උනා. මෙන්න මගේ සුබ පැතුම් ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන්...

    ඔයාගේ අදහස් වෙනුවෙන් ස්තූතියි...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    උණුසුම් ලෙය, පටු පල ලාභ වලින් තොරවූ පුලුල් බලාපොරොත්තු මුදුන් පමුනුවාලන්න කැපවෙන යව්වනය හරබර පද වැලකින් හා පනපොවන සිතුවමකින් ඉතා සාර්ථකව ඉදිරිපත් කල නිර්මාණයක්. ඔබට සුබපැතුම්!

    විෂය ලියා නිමකරන්න බැරිතරම්ය... ඒත්...

    වාහනයක ගමන වෙනුවෙන් බෙයාරින් වලින් වෙන මෙහෙය අපමණයි. පිට ඔපය රකින්න ටින්කර් කර කලින් කලට විවිධ වෙනස් පාට වලින් සරසන වාහනය, අරක් ගන්නන්ගේ සුවසෙත තකා අමතර කොටස් ද යොදා ගෙන රීකන්ඩිෂන් කරනවා. ඒත් තොරතෝන්චියක් නැතිව කැරකී ගෙවීගිය බෙයාරින් ගලවා මුල්ලට විසිකර අලුත්වා සවිකරගන්නේ වහානයේ ගමනට.

    යව්වනය බෙයාරින් මෙනී...
     

    nwnbs

    Member
    විශිෂ්ඨයි යාළුවා... ලියල තියෙන විදිය ගොඩක් ලස්සනයි... ඒත් ඒකෙන් කියවෙන දේවල් ගැන ඇති වෙන්නෙ කළකිරීමක්...
    ඔබට සුබ පතනව... දිගටම ඉමු අපිත් එක්ක... ලියමු සමාජයට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උණුසුම් ලෙය, පටු පල ලාභ වලින් තොරවූ පුලුල් බලාපොරොත්තු මුදුන් පමුනුවාලන්න කැපවෙන යව්වනය හරබර පද වැලකින් හා පනපොවන සිතුවමකින් ඉතා සාර්ථකව ඉදිරිපත් කල නිර්මාණයක්. ඔබට සුබපැතුම්!

    විෂය ලියා නිමකරන්න බැරිතරම්ය... ඒත්...

    වාහනයක ගමන වෙනුවෙන් බෙයාරින් වලින් වෙන මෙහෙය අපමණයි. පිට ඔපය රකින්න ටින්කර් කර කලින් කලට විවිධ වෙනස් පාට වලින් සරසන වාහනය, අරක් ගන්නන්ගේ සුවසෙත තකා අමතර කොටස් ද යොදා ගෙන රීකන්ඩිෂන් කරනවා. ඒත් තොරතෝන්චියක් නැතිව කැරකී ගෙවීගිය බෙයාරින් ගලවා මුල්ලට විසිකර අලුත්වා සවිකරගන්නේ වහානයේ ගමනට.

    යව්වනය බෙයාරින් මෙනී...

    ඔව් mdee...

    සමහරක් බලවේග තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න යෞවනයේ ආවේග යොදාගෙන පස්සේ තමන්ගෙම යහපත සදහා බෙයාරින් වගේ ගලවලා දානවා...

    අදහසට ස්තූතියි mdee
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    විශිෂ්ඨයි යාළුවා... ලියල තියෙන විදිය ගොඩක් ලස්සනයි... ඒත් ඒකෙන් කියවෙන දේවල් ගැන ඇති වෙන්නෙ කළකිරීමක්...
    ඔබට සුබ පතනව... දිගටම ඉමු අපිත් එක්ක... ලියමු සමාජයට...

    බොහෝම ස්තූතියි නුවන්...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සමාජය විසින් හංවඩු ගහපු තවත් චරිතයක්.
    අපේ සොහොයුරන් කීදෙනෙක් නම් ජීවිත අහිමි කර ගන්න ඇතිද, පරාර්ථය වෙනුවෙන්
    ඉතාම හොද නිර්මාණයක්. දිගටම ලියන්න.