ඉතිහාසය පුරාවට තිබුනාවු ම්ලේච්ජ මර්ධනය...
ධනේශ්වර පාලන කුඩුම්බිය සතු එකම බල ප්‍රවාහය..
යුක්තිය වෙනුවෙන් කෑ ගසන්නන් සමූල ඝාතනය කිරීම....
එයින් නොනැවතී ඔවුන්ගේ පවුල් පිටින් විනාශයට පත්කිරීම්..
ඔය ඉහත කී දේවල් තමයි අපේ රටේ බොහෝ විට උසස් අධ්‍යාපනය ලබපු, කශේරුකාව රඛර් වගේ එක එක අතට නොනැමෙන...තමන්ගේ එවුන් වෙනුවෙන් හඬ නගන බුද්ධිමත් කෙනෙකුට නියත වශයෙන්ම රටේ පාලකයින්ගෙන් ලැබෙන තෑගි මල්ල.....
විය යුත්තේ යම් කිසි සැලසුමක් යටතේ එම බුද්ධිමත් තරුන ජවයෙන් රටට සේවයක් ලබා ගැනීම විනා මෙසේ ඔවුන් නැති කර දැමීම නොවේ...
මෙය කවදා කෙසේ කොහොම විසඳෙනු ඇද්දැයි ඇස් කන් පියා සිටිනවාට වඩා දැන් අප කල යුත්තේ පුළුවන් උපරිමයෙන් මෙසේ ජනතාව දැනුවත් කරමින් රටේ බුද්ධිමත් සම්පත රැක ගැනීමට පොදු ජනතා හා ශිෂ්‍ය බලවේගයන් පාට, පිල්, පක්ෂ නොතකා වහ වහා සන්ධානගත වී එක අරමුනකින් ක්‍රියාකාරී වීමයි... එසේ වන්නට අකැමැති නම් බලෙන් හෝ අරමුණේ හා අවසාන ප්‍රතිඵලයේ ඇති වැදගත්කම සලකා එතැනට ඔවුන් එක් රැස් කිරීම අද දවසේ අපේ වගකීමයි...
මෙම නිර්මානකරුවාගේ නිර්මානයේ ඇති අති ප්‍රබල ඛේදනීය සමාජ සංසිද්ධිය තුලින් මුලූ මහත් සමාජයටම යමක් ඔහු හඩගා කියා ඇත..තව දුරටත් අපිට එය නොදැක්කා සේ සිටිය නොහැක...
ඇස් විවර කරගන්නට අපට ඉඩ සලසා දී ඇත.. ඔහුගේ ප්‍රවිෂ්ඨය හා සමාජ අනුගත අනුභූතින් ස්පර්ශ කරනා ආවේශයට මා දැඩි සේ ඇලුම් කරමි..
ඔබට තව තවත් දිගු සමාජ මෙහෙවරකට ඇවැසි තරුන ජවය හා ස්ථිර අධිෂ්ඨානය නිබඳව ලැබේවා...
ඔබට ජය....