එතුමා සමග කරාපිටියට ගොස් අපට ලැබුණු පැරණි වාට්ටුවක් සහ ශල්‍යාගාර කොටසක මුලින්ම හෘද සැත්කම් ඒකකය ආරම්භකරීමට දායක වීමට හැකිවීමත්, දැනට තිබෙන නවීන හෘද ශල්‍ය ඒකකය ගොඩනැගීමට එක්දවසක පාන්දර එතුමාත්, එහි සිවිල් ඉන්ජිනේරු කටයුතු භාර නිළධාරියා සහ මමත් පමණක් සහභාගී වූ අවස්ථාවක දේශපාලඥයෝ නැතිව උත්සව නැතිව මාධ්‍ය නැතිව අප තිදෙනා විසින් මුල්ගල් තුනක් තබා එය ආරම්භ කිරීමට දායකවීමට ලැබීම ජීවිතයේ ලත් මහත් භාග්‍යයකි.
එතුමා වැඩි සිනහවක් කතාවක් නැති ඉතාම සරළ බවකින් යුක්තවූ මානුෂික ගුණයෙන් පිරුණු පුද්ගලයෙකි.
එතුමාගේ පාපැදියේ බාර් එකේ වාඩිවී මමද කරාපිටිය -ගාල්ල පුරා ගොස් ඇත්තෙමී. ඒ එතුමාගේ ව්‍යාපාරික පාසැල් මිත්රයින් හමුවී එදා පැරණි වාට්ටුව පිළිසකර කරගැනීමට උදව් ඉල්ලීමටය.
ඒ ගැන මට ඇත්තේ ගෞරවයකි, සතුටකි, ආඩම්බරයෙකි!!!