උඹට හොද උත්තර දෙකක් ලැබිලා තිබුණා. නමුත් මගෙ අදහසත් කියන්නම්. බුදුහාමුදුරුවො කිසිම තැනක කියලා නැහැ කසාද බදින්න එපා, පස්කම් සැප විදින්න එපා කියලා. උන්වහන්සේ මාර්ගය විතරයි දේශනාකරවදාලෙ. එතකොත නුවණින් ඒ මාර්ගය විමසනකොට ඔය හැම දෙයක්ම නිකන්ම නිකන් පුහු දේවල් කියලා අවබෝධ වෙනවා. ඒකයි ගොඩක් දෙවල් කරන්ඩ එපා කියලා දෙශනා නොකලෙ. අනිත් කාරණාව මචං නිවන කියන්නෙ අවබෝධයෙන් බැදීම් වලින් මිදෙමින් ලබාගතයුතු දෙයක් මිසක්, බැදීම් ඇතිකරගනිමින් ලගාකරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට පින් දහම් කරලා කවදාවත් අපිට නිවන් අවබෝධකරගන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අපි තවතවත් භවයන් වලට බැදීම් ඇතිකරගන්න එක විතරයි. ඒ කියන්නෙ නැවත නැවත ඉපදීම්වලට. නමුත් දැන් ඉන්න ගොඩක් බෞද්ධයො හිතාන ඉන්නෙ නිවන් දකින්නනම් පින් කරන්න ඕනෙ කියලා. නැහැ මචං. අපි පින් කරන්නෙ අපායෙන් මිදිලා හොද භවයක් ලබාගන්න. නිවන අවබෝධකරගන්න නම් අපි කරන්න ඕනෙ පටිච්චසමුප්පාදය තේරුම් ගන්න එක. පටිච්චසමුප්පාදය කියන්නෙ මේ ලෝකෙ අපිට නැවත නැවත භවය සකස්කරලාදෙන්නෙ කොහොමද කියලා පැහැදිලිකරලාදෙන ගැබුරු බුද්ධ දේශනාවක්. (පුලුවන්නම් ඒක හොයාගෙන කියවපං. තේරුම් ගන්න ගොඩාක් අමාරුයි. ඒත් පොඩි අදහසක් ගන්න පුලුවන්) ඒකතමයි බුද්ධාගමේ හරය. ඒත් මචං දැන් පන්සල්වල අපිට පටිච්චසමුප්පාදය තේරුම් කරලා දෙන්නෙ නැහැ. අපිව පිනට දහමට කොටුකරලා තියන් ඉන්නවා. අපි මනුස්සයෙක්වෙලා උපදින්නෙ අපිලඟ බොහෝ පින් තියන නිසා. ඒ උනාට පින්මද මිනිස්සු උපදිනවා ඊටවඩා. බොහෝවිට අන්යආගමිකයො වෙලා උපදින්නෙ පින්මද මනුස්සයො. ඉතින් ඒමිනිස්සුන්ට සහ බොහොමයක් බෞද්ධ මිනිස්සුන්ට කවදාවත් කසාදය කියන්නෙ දුකක් කියලා අවබෝධ වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ උඹගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. බුදුකෙනෙක් පහලවෙලා ධර්මය දේශනාකළාට ලෝක පැවැත්ම නැතිවෙන්නෙ නැහැ. ඒවගේම ලෝකෙ මේ අද තියන තත්වයට වඩා කවමදාවත් හොදවෙන්නෙත් නැහැ. ඒක ලෝකධර්මථාවයක්. ඒකයි දැන් ලංකාවෙ අන්‍යආගමික ජනගහනය වැඩිවෙලා බෞද්ධ ජනගහනය වේගයෙන් පහල යන්නෙ.