මහ බැංකු බැඳුම්කර වංචා සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑම සිදුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ජාතිකයෙකු වෙන නිසා ශක්තිමත් සාධක ඉදිරිපත් කල යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට එක්වෙමිනි.
“අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.
මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැම වෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගේ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා.
මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”
Poddak iwasala idapan. Wedding eka iwara unama u ewi ban. Boru nam Ranilgen ahapan