බැඳපු එවුන් ගේ මල් කැඩිලි

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    බැඳපු එවුන් ගේ මල් කැඩිලි



    කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට:

    බැරිද මල් කඩන්න?

    තහනම් ද මල් කඩන්න?

    මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!!

    අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි.

    මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය.

    • උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.
    • පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.
    • අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.
    • උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.
    • කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.
    • දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.
    • මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.
    • හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.
    • තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.
    • උපන් දිනේ ට, ඇනිවසරි දවසට, වැලා ගේ දවසට නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.

    ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි.

    ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න.

    තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ.

    ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා.

    වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ!



    ප/ලි:
    ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත.

    සියළු
    නෝටි හස්බන්ඩ ලා ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි.

    • සතියකට පාරක්වත් නිවස අතු ගෑම
    • සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම
    • සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම
    • නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම
    • විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම
    • රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම


    බ්ලොගයකින් සොරාගන්නා ලදී......
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අපේ නෑදෑ අය්යා කෙනෙක් ඉන්නවා මැරි කරලා දැන් අවුරුදු 6ක් වෙනවා! පැය 24ම කෝල් එකේම තමා ඉන්නේ. උන් දෙන්න නිකම් මැරි කරලා නැහැ වගේ තවම.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     
    • Like
    Reactions: sudhara43

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    අපේ නෑදෑ අය්යා කෙනෙක් ඉන්නවා මැරි කරලා දැන් අවුරුදු 6ක් වෙනවා! පැය 24ම කෝල් එකේම තමා ඉන්නේ. උන් දෙන්න නිකම් මැරි කරලා නැහැ වගේ තවම.

    ela ne da?:love:
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    අපේ නෑදෑ අය්යා කෙනෙක් ඉන්නවා මැරි කරලා දැන් අවුරුදු 6ක් වෙනවා! පැය 24ම කෝල් එකේම තමා ඉන්නේ. උන් දෙන්න නිකම් මැරි කරලා නැහැ වගේ තවම.

    loweth ne patta . thama nam bedala ne ithin :rolleyes:

    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg

    ela ne da?:love:

    lolz oka ithib badapu ayatama thama hoda :P

    sira ban..

    MATH BANDINNA INNE NEXT MAY WALA. MATA WADAGATH WEI :rolleyes:

    මගේ බ්ලොග් ලිපිය මෙතන දැමීම ගැන ස්තුතියි.

    තවත් කතන්දර බලන්න - මෙන්න ලිපිනයඃ

    http://kathandara.blogspot.com/

    TNX 4 ALL