බැබුන්_ටවුමට_ඇවිත්....

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බැබුන්_ටවුමට_ඇවිත්....


බැබුන් කියන්නේ වානර පවුලේ හාදයෙක්‌. . වඳුරට වඩා ශරීරයෙන් විශාලයි. අප්‍රිකාව, අරාබිය වැනි ප්‍රදේශවල ජීවත් වෙනවා.

වානර කුලයේ අය හැට පිරුනත් බිම යන්නේ නම් නැති වග කිව්වත් බැබුන් වඩා කැමති බිම වාසය කරන්නයි. විවෘත පොළවේ බෙන ගස්‌ මත ජීවත් වෙනවා. කාර්මීකරණය සහ ජනාවාස ඉදිවීම හින්දා බැබුන්ට තමන්ගේ ගති පුරුදු පවත්වාගෙන යන්න තිබෙන අවස්‌ථාවන් අහිමි වුණා. ඒත්. . . . . 1999 වන විට බැබුන් වඳ වීමේ අනතුර ඉදිරියේ සිටියා. අපේ ආදිතම නෑදෑයන් මිහිමතින් තුරන්වන්නට නොදී රැක ගන්න තිබෙන අවශ්‍යතාව නිසා නිසාම පරිසර සංවේදීන් විසින් බැබුන් සත්වයන් වර්ධනය කරන්නට තීරණය කළා.
vDVEldp.jpg

මේ අතර දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ප්‍රදේශයේ මිනිස්‌ බැබුන් ගැටුම් උග්‍ර වෙලා. මෙහෙම දෙයක්‌ වුණත් ස්‌වභාවිකත්වයෙන් ඔබ්බට යන විට සමතුලිතාවයෙන් වෙනස්‌ වෙනවා. ඒ හින්දා බැබුන් වර්ධනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. බැබුන් බොහොම කලහකාරියි. ශක්‌ති සම්පන්නයි. ප්‍රමාණයෙන් විශාල බල්ලෙක්‌ තරම් වෙනවා. කම්මුල දෙපස විශාල කුහර ආහාර ගබඩා කර ගන්නට වගේම ඇස්‌ වහ ගන්නත් ආධාර කර ගන්නවා.
i4vYTku.jpg

බැබුන්ගේ ගැබ් කාලය මාස හයයි. වරකට දමන්නේ එක්‌ පැටවයි. මැක්‌මා බැබුන් ප්‍රමාණයෙන් විශාලයි. අලු පැහැයට හුරු දුඹුරු ලොම් සහිතයි. පිටුපස පෙදෙස කොළ පාටයි. ශරීර බර කිලෝ ග්‍රෑම් 68 සිට 150 අතර වෙනවා. පිරිමි සතුන් වෙනත් රංචුවල සිටින පිරිමි සතුන් සමග ආරවුල් ඇතිකර ගන්නවා. දකුණු අප්‍රිකාවේ සිටින මැක්‌මා බැබුන් නිවෙස්‌වල ඇති කරන කුඩා සතුන් මරල ඔවුන්ගේ ආහාර අයිති කර ගන්නවා.

ඔලිවර් බැබුන් සහරා කලාපයට ආසන්නයේ තමන්ගේ ගති පුරුදු පවත්වා ගෙන යනවා. මාලි, ඉතියෝපියාව, ටැන්සානියාව වැනි ප්‍රදේශ විශේෂයි. මේ අයගේ ලොම් තද දුඹුරු පාටයි.

කහ බැබුන් බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ දකුණු දිග සිම්බාබ්වේ මැගෝනා තණ බිම් දක්‌වා වූ කලාපයන්හි තමන්ගේ ගති පුරුදු පවත්වා ගෙන යනවා. උප විශේෂ කීපයක්‌ සිටින අතර ඔවුන්ගේ ලොම් කහ පාටයි.

උතුරු අප්‍රිකාවේ හමාඩුයාස්‌ ප්‍රදේශයේ සිටින බැබුන් විශේෂයක්‌ සිටිනවා. ඊජිප්තුවාසීන් අදහන ලද බැබුන් විශේෂයේ හොම්බ දිගයි. මුහුණ රෝස පාටයි. පිරිමි සතුන්ගේ බෙල්ල යටින් කේශර තිබෙනවා. මැන්ඩ්රියල් බැබුන් බටහිර අප්‍රිකාවේ වෙසෙන විශේෂයක්‌. හිස විශාලයි.

තට්‌ටම් ප්‍රදේශවල ලොම් නැහැ. දිලිසෙන ගතියෙන් යුක්‌තයි. කකුල්වල යටි පතුල් සහ උඩු පතුල් ප්‍රදේශයේ ලොම් නැහැ. වලිගය කොටයි. ගමන් විලාසයේදි වලිගය ආරුක්‌කුව වගේ උඩු අතට ගන්නවා.

රංචු විදිහට ජීවත් වෙන බැබුන් දැන් වීදි බහින්නෙත් කණ්‌ඩායමක්‌ විදිහටයි.

බැබුන් ලා පන්සියයක්‌ පමණ නගරයට වැදුනා විතරක්‌ නෙවෙයි මං පහරන, ගෙවල් බිඳින තැනටත් පත් වෙලා. ගෙවල් දොරවල් වහගෙනවත් දැන් ඉන්න බැරි තරම්. කොච්චරද කිව්වොත් වහලයේ තහඩු ඈත් කර ගෙන ගෙවල් ඇතුළට රිංගලා ආහාර ද්‍රව්‍ය කොල්ල කනවා. පොඩි දරුවෙකුට පාන් රාත්තලක්‌ අරගෙන පාරේ යන්න බැරි තරමටම තත්ත්වය දරුණුයි.

d6KS56X.jpg


jHNGQVW.jpg


v7g1ozV.jpg


hlDvSEg.jpg


TiqUPT6.jpg


මේ තත්ත්වය කොතරම් දරුණුද කියනවා නම් සෆාරි සමාගම්වල අයටවත් පාරේ යන්න බැහැ. බැබුන්ලාගේ මැර කල්ලිය බොහොම සංවිධානාත්මකයි. සංඥවන් හොඳට අඳුනනවා. ශබ්ද සංඥාවන්ට අර්ථ තිබෙනවා. වීදි බැස්‌ස කණ්‌ඩායමේ නායකයා බොහොම ජව සම්පන්න පිරිමි සතෙක්‌. . . නමින් මොබි. . . . . මුලින්ම නිවසට රිංගන්නේ මොබි. . පණුවන්, බිත්තර, කුඩා සතුන් උරගයන් පලතුරු ආහාරයට ගත්තු බැබුන් දැන් ආහාරයට ගන්නේ අපේ තාලයේ ආහාර.
C4NY8dk.jpg


t46KOpk.jpg


eqmw6Dj.jpg


32g6Ch2.jpg


BdgGLcG.jpg


kY9l6VC.jpg


v6OrD7M.jpg


ශීතකරණයේ තිබෙන දේවල් මුලින්ම පරීක්‌ෂා කරන්නෙත් මොබි. පාන්, පැස්‌ටා, චීස්‌ වගේ දේවල් අරගෙන උන්ගේ මනාපය අනුව කැමැති දේ අරගෙන අනිත් දේවල් කුණු බක්‌කියට දානවා. හදිසියේවත් තමන්ට අවශ්‍ය හරි හමන් ආහාරයක්‌ නොතිබුණොත් දොර ජනේල රෙදි සේරම ඉරා දානවා. මේ අතරෙ බොර දියේ මාළු බානවා වගේ බැබුන්ගේ දඩබ්බරකම් ප්‍රදර්ශනය කරලා සංචාරකයන්ගෙන් මුදල් උපයන අයත් ඉන්නවා. බැබුන්ලාගෙන් සිද්ධ වෙන කරදර අවම කරගන්න දැනට නම් සිදු කරන්නේ ඔවුන්ගේ ජීවිතයට තර්ජනය නොවෙන විකල්ප විසඳුම් විතරයි. වායු තුවක්‌කුවලින් වෙඩි තැබීම, මුහුණට මිරිස්‌ හෝ ගම්මිරිස්‌ කුඩු ගැසීම වැනි කටයුතු පමණයි.

ඒත්. . . . . . බැබුන් සමග මිනිස්‌ හිතේ තිබෙන කේන්තිය කොයි තරම්ද කිව්වොත් ගෘට්‌ කොන්ස්‌ටන්ටියා මිදි උයනේ කළමනාකාර සෙන් නවුඩ් ලැමෙන්ට්‌ස්‌ගේ වචන වලින් පෙනෙනවා නේද?
F2oBnhY.jpg


YPV0wDq.jpg


7cfcTEu.jpg

EwoO3NQ.jpg

වතාවකට බැබුන් හතළිහක්‌ පමණ මිදි උයනට ඇවිත් ළපටි දලු සේරම කනවා. . . අපි ඉන්නේ ගිනි ගොඩක මේ සේරම වෙඩි තියලා මරන්න ඕන. . . . . නවුඩ් එහෙම කියනවා.



විස්තර ටික දිවයින පත්තරෙන්...
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තව ටික කාලෙකින් ලංකාවෙත් රිලව් නිසයි අර අලු වදුරදද මොකාද නිසයි ඔය දෙම වෙනවා(දැනටත් පටන් අරන් තියෙන්නෙ):dull:

8+ජයවේවා
11.gif
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තව ටික කාලෙකින් ලංකාවෙත් රිලව් නිසයි අර අලු වදුරදද මොකාද නිසයි ඔය දෙම වෙනවා(දැනටත් පටන් අරන් තියෙන්නෙ):dull:

8+ජයවේවා
11.gif
අපේ පැත්තේ තියෙන වදේ මොණරුන්ගෙන් බන්...මල කරච්චලේ.මහ රැ 3ට 4 ටත් කැගහනවා.
අනිත් කරදරේ දඬු ලේනුන්ගෙන්.ගහක ගෙඩියක් තියා ගන්න නැහැ.
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපේ පැත්තේ තියෙන වදේ මොණරුන්ගෙන් බන්...මල කරච්චලේ.මහ රැ 3ට 4 ටත් කැගහනවා.
අනිත් කරදරේ දඬු ලේනුන්ගෙන්.ගහක ගෙඩියක් තියා ගන්න නැහැ.

අපෙ පැත්තෙ නම් සත්තුන්ගෙන් කරදර නැ බන් ඉස්සර බල්ලො නම් ප්‍රශ්නයක් වෙලා තිබුනා දැන් එකත් ඉවරයි:yes:
මම කිව්වෙ ඔය පුජානගර පන්සල් එහෙම වැඩිපුර තියෙන පලාත් ගැන
අපොයි ඔව් බන් මොනරු නම් එපා වෙනවා අපෙ අච්චි කෙනෙක් ඉන්නවා හොරව්පතානෙ වගකරන එක කරන්නෙ රටකජු එහෙම දාපුවම උන් ඇවිල්ල ඔක්කොම හාරගෙන කනවා:(
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    අපේ පැත්තේ තියෙන වදේ මොණරුන්ගෙන් බන්...මල කරච්චලේ.මහ රැ 3ට 4 ටත් කැගහනවා.
    අනිත් කරදරේ දඬු ලේනුන්ගෙන්.ගහක ගෙඩියක් තියා ගන්න නැහැ.

    koheda ban inne umba?