බැරිවෙලාවත්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    බැරි වෙලාවත් මොන කරුමෙකට හරි එදා ජනාධිපතිවරණෙන් ගෝඨා පැරදිලා සජියා දින්නානං මේ වෙනකොට රටේ මොනවා මොනවා වෙයිද? ඉමෑජින් කරලා දාපල්ලා බලන්න උබලගෙ අදහස් :baffled:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    FB-IMG-1584458606052.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    සිරාවට ජාතියෙම පූරුවෙ පිනකට ඔය බූරු පුතා පැරදිලා ගෝටා දින්නෙ ඕකා හිටියනං කැරිම ගොන් ආතල් ටිකක් දෙයි.

    බොරුවට පකයා වෙන්න කොරෝනා මුලින්ම එන කාලෙ කියයි"මගේ ආදරණීය සදාදරණිය මිත්‍රවරුනි මේ සජිත් ප්‍රේමදාස කියන්නෙ සීතල කාමර වල ඉදන් රට පාලනය කරන මිනිහෙක් නෙවෙයි... බිම් මට්ටමේ ගම්මට්ටමේ ගැමි සුවද අදුනන ජනතාව අතර ඉන්න නායකයෙක් එහෙම මිනිස්සු ඔය කොරෝනා නෙවෙයි මරීනා කර්මෙලා තෙරේසා ආවත් බයකරන්න බෑ (මෝඩ මන්දබුද්ධික හිනාව දාගෙන සභාව දෙස බලන අතර තැරි දාර පුන්නකු යූ ඇන්පී හරක් එක පෙලට හුරේ පාර දායි.... ඒකෙන් තවත් ෆෝම් වෙන බූරු පුතා) මම මේ සජිත් ප්‍රේමදාස කියන්ට කැමතී ඔය කොරෝනා හැදිච්ච අපේ සහෝදර වරුන්ව අපි කොන් කරන්ණෙ නෑ කියලා.දැන් අපේ දොස්තර මහත්‍තුරු කියනවා ඉතාලියෙන් එන මිනිස්සු සති දෙකක් යනකං රදවා තබා ගන්නලු (සභාවේ සිනා) එතකොට මං ඇහුවා ඇයි අපේ මිනිස්සු නෙවෙයිද කියලා අපි වෙනුවෙන් ඩොලර් හොයන්ඩ රට ගිය රට විරුවො නෙවෙයිද කියලා මම රට ඉන්න අපේ ආහෝදර වරුන්ට කියන්ඩ කැමතී ඔබලාව අපි කොන් කරන්නෑ ඔබලා අපිට සම්පතක් මේ සජිත් ප්‍රේමදාසම එයාපෝට් එකේ ඔබගෙ දෙපාමුලට ඇවිල්ලා සිප වැලදගෙන රටට පිලිගන්නවා කියලා මම කියට කැමතී!!
    ඔව් වෙන කාගෙවත් මුඛයෙන් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසගෙ ශ්‍රී මුඛයෙන් කියන්නෙ (යලිත් මන්දබුද්ධික සිනාව පාමින් සභාව දෙස බලන අතර සහරා ප්ලෑස් ස්ටේජ් එකට ගොඩවූ තුසාර ජෝසප් දුටු බස් පිස්සන් මෙන් සතුටෙන් වියරු වැටුනු තැරි දාර පුන්නක්කු යූඇන්පී ගොන් පොන්සියන් එහදිගට හුරේ පාර අල්ලයි):lol::rofl:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .
     
    හිටං ආයූ කිඩිං මී:lol:

    යකෝ ඒ වෙලේ පෙට්‍රල් මිල අඩු වෙලා ඒකෙ පෙට්‍රල් වලින් අඩු කරන්නැතුව පරිප්පු සැමන් අඩු කරපු එක දුරදිග බලලා කරපු පට්ටම වැඩක් මේ වෙලාවෙ හැටියට දැන් පෙට්‍රල් අඩු කරා කියලා කර්ෆිව් අස්සෙ මිනිස්සු වාහන ගේ වටේ පදින්නද යකෝ:lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    42 warning kalath ganan gan nathi ekek ganada umba kiyanne:lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බෝල පාස් කර කර ඉදියි.වැරැද්ද කාගෙද කියල නඩු දායි.මිනිස්සු මැරිලා යයි
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    Sohon hora hituwe uge padan Lt.Gen wage virus enne night time withrai kiyala. SAJI UTHUM MINIHA
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    අෆ්ෆා ඔව් කියලා වැඩක් නෑ තීරණවල තරමනම් එහෙනම් මේ වෙද්දි කොරෝනා ලංන්කාවට ආවේ කොහොමද කියල හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරලා වාර්ථාව එනකම් කටින් කඩුව වන වන බලාගන ඉන්නවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    මම බයියෙක් නම් නෙමේ..හැබැයි උබ හිතන දේ වැරදි. යුද්දෙ කම්පෙයාර් කලේ මේකයි..ඒ ව​ගේ ලොකු ව්‍යසනයක් හැන්ඩ්ල් කරපු එකේ මේක කරන්න බැරි නෑ කියන එක තමයි අදහස් කලේ..තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව වෙනස්වෙනවා ඉතින් තේරුම් ගන්න විදිය :rofl: සැමන් පරිප්පු එක අපි උබල වගේ එවුන්ට ලොකු දෙයක් නොවෙන්න පුලුවන්.ඒත් උබ දන්නවද ඒ දෙක කාලා දවස ගෙවාගන්න පුලුවන් මිනිස්සු කොච්චර ඉන්නවද කියල.? කාමරේ ඇතුලට වෙලා ඉන්නේ නැතිව පොලවේ පය ගැහුවනම් තේරෙයි.වැඩිය ඕන නෑ , සතොසේ වැඩ කරන කෙනෙක්ගෙන් අහපං කොච්චර මිනිස්සු ඒ දෙක ගත්තද කියල....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .
    ඔව් ඉතිං අඩු කරා නේන්නං. කිව්වහම මොකද? උඹට තාමත් වාවගන්න බෑ නේද සජ්ජා පැරදිච්ච එක.:rofl::rofl::rofl: නැත්තන් ඒ මෝඩයා ගේ ගොඩට මෙච්චර සේවයක් කරන ගෝටා දායිද.

    ගෝටා ට කැපැසිටි තියනවා ඕනෑවටත් වැඩිය. සජ්ජා වගේ ගව සම්පතක් නෙවෙයි. ග්‍රාමසේවක හිටිය නං තාමත් දන්නේ නෑ කොරෝනා කියල.

    විහිලු සපයන්න එපා බන් සජ්ජා වෙනුවෙන්. ඕනනං ඌට චන්දයක් දීපන් හම්බයෝ එක්ක එකතු වෙලා, ඔච්චරම දුක නං.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    89875973_2928391337184327_9050291898572341248_n.jpg

    89700107_2928379243852203_8813661096306016256_n.jpg

    ජනපති කළ සම්පූර්ණ කතාව
    =================

    🔹අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

    🔹මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.

    🔹ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

    🔹විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.

    🔹වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.

    🔹මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

    🔹මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

    🔹අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    🔹වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

    🔹රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

    🔹රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

    🔹රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

    🔹ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

    🔹නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

    🔹මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

    🔹අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

    🔹අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

    🔹මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    🔺සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

    🔹රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.

    ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.

    ...