බැලුවේ නැත්තම් බලපල්ලා
මේ කියන්න යන්නේ ලංකික සිනමාවට ආදරේ කරන අපේ එළකිරි යාලුවන්ට සුබ ආරංචියක්."මහින්දාගමනයට කෙල වීම" ත්‍රෙඩ් එකෙන් එළකිරි එකේ ඉන්න අය හොද විචාර බුදඩියක් තියෙන අය කියල තෙරුණ නිසා මේ ලිපිය ලියන්න හිතුන.මේ කියන්න යන්නේ දැන් E .A .P මණ්ඩලයේ සිනමා ශාලා වල තිරගතවන " ගාමණී " චිත්‍රපටය ගැන.
ලංකාවේ අනන්තවත් යුද්ධ කතා චිත්‍රපටයට නැගුනනේ.ගාමණී කියන්නෙත් අන්න ඒ වගේ යුද්ධ කතාවක් තමයි.සත්‍ය සිදුවීමක් මුල් කරගෙන හැදෙන මේ චිත්‍රපටයට කට පූරා චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.ඒකට හේතු ගොඩක් තියෙනවා.
ගීතයක් කියන්නේ තුන් පාද කනප්පුවක් වගේ කියල මහගමසේකර මහත්තය කියල තියෙනවනේ.ඒ කියන්නේ යම් නිර්මාණයක් ගීතයක් බවට පත් වෙන්න පද රචනය, සංගීතය සහ තනුව වැදගත්ලු.ඒක එහෙම නම් රුප පෙළක් චිත්‍රපටයක් බවට පත් වෙන්න කරුණු ගණනාවක් බලපානවා.ඒ කියන්නේ චිත්‍රපටය කියන කනප්පුවට පාද ගොඩක් තියෙනවා.ගාමණී කියන කනප්පුවේ මේ පාද ඔක්කොම වගේ බොහොම හය්යට හදල විතරක් නෙවෙයි, ලස්සනට කැටයම් කරලත් තියෙනවා.
මේකේ මුලින්ම කතා කරන්න ඕනේ නළු නිලියෝ තොර ගැනීම ගැන.මේක ඇතුලේ ඉන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීනම සහ චරිතාංග නළු නිලියෝ කිව්වොත් මං හරි.බොහොම සුළු චරිත පවා කරන්නේ මේ චරිතාංග නළු නිලියන් විසින්."දමිතා අබේරත්න" චිත්‍රපටය පුරාම එකම වචනයක්වත් කතා කරන්නේ නෑ.එයා ඉන්නෙත් රූප රාමු දෙක තුනක විතරයි.හැබැයි ඒ චරිතේ තියෙන ප්‍රබල බව කාටවත් අමතක වෙන එකක් නෑ.ඒකට හේතුව එතුමියගේ තියෙන හැකියාවට ගැලපෙන චරිතයක් හම්බෙලා තියෙන නිසයි කියලයි මට හිතෙන්නේ.
කැමරාකරණය ගැනත් කතා නොකරම බෑ.චිත්‍රපටයක වෙන්න ඕනේ රුප රාමුවලින් කතා කරන එකනේ.ඒක මේ කැමරා ශිල්පියා හොදට තේරුම් අරන් තියෙනවා.මිනිස්සුන්ගේ හිතේ කලබල බව,දුක,වේදනාව කැමරාවෙන් පෙන්නලා තියෙන විදිය මහා පුදුමාකාරයි.අලෝකකරණයට මේ චිත්‍රපටයේ වැදගත් තැනක් ලැබෙන්නේ මේකේ ගොඩක් දර්ශන රෑට රූපගත කරලා තියෙන නිසා.මේක පට්ට අමාරු වැඩක් උනත් බය නැතුව අතගහල තියෙන බව පේනවා.
මේ චිත්‍රපටය ගැන අනන්තවත් දේවල් කතා කරන්න පුළුවන් උනත් කට්ටියට මේක එපා වෙන්න කලින් ඉවර කරන්නම්.මහින්දාගමනයේ අංගම්පොර සටන් කලාව ගැන අපි කතා කලානේ.අපි කිව්වා චිත්‍රපටය හොදට තිබුන නම් අපේ දේ ලෝකෙට ගෙනියන්න හොද අවස්තාවක් තිබුන කියල.ඇත්තටම ඒ අවස්තාව "ගාමණී" ගෙන් හොදට උදා වෙලා තියෙනවා.මම දැකපු හොදම සටන් ජවනිකා තියෙන චිත්‍රපටයක් මේක.දේශපාලනය,අධ්‍යාපනය,දෙශිකත්වය,සාරධර්ම,ආගම,ලිංගිකත්වය මේ හැම දෙයක්ම එකම චිත්‍රපටයක් තුල කතා කරලා තියෙනවා.මෙයිට කලින් එහෙම දෙයක් කට්ටිය දැක්කේ "සරෝජා" එකෙන් නේ."කීං හන්තර්" බලන අපේ කට්ටියට මං කියනවා ඇත්තටම හිනා යන ජෝක්ස් බලන්න ඕනේ නම් ගාමණී බලන්න කියල.මගේ මිතුරෙක් මට කිව්වේ " මචන්,ගාමණී එකේ ජෝක්ස් නම් ගෙදර ඇවිල්ලත් මතක් කර කර හිනා වෙන්න පුළුවන් කියල".
ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි සල්ලි සහ කලාව එකට එකතු නොඋනු එක.හැබැයි ගාමණී කියන්නේ මේ දෙකම එකතු උන තැනක් කියල කියන්න පුළුවන්.මොකද මේකට පට්ට මුදලක් වියදම් කරලා තියෙනවා වගේම ඒවායින් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා.
හොද වගේම මේකේ පොඩි අවුල් එහෙමත් නැතුව නොවෙයි.හොදට පේන අවුල තමයි ඉතාම දුෂ්කර ගමක ඉන්න මිනිස්සු ඔක්කොම ඇදගෙන ඉන්නේ හොදම ඇදුම්.ඒක කොහොමත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.කලා අධ්‍යක්ෂකට එතන පොඩි අව්ලක් වෙලා තියෙනවා.ඒ වගේම "ගමේ මලගම" ගැන කතා කරනවා වැඩ්යි වගෙත් පේනවා.හැබැයි මේ ඔක්කොම " නදීක ගුරුගේ" ගේ අතී විශිෂ්ඨ සංගීතයෙන් මැකිලා යනවනේ කියලත් හිතෙනවා.
"කාලෝ ෆොන්සේකා" මහත්තය "බඹර වළල්ල" බලල කියනවා " අතුල,අපි දැන් අවරුදු 30 ක් තිස්සේ මිනිස්සු මරනවා දැක්කනේ.තවත් මේවා පෙන්නන්නේ ඇයි" කියල.ඒ කතාවත් ඇත්ත කියල හිතන් හිටියට මේ වගේ හොද සිනමා පටයක් දැක්කම මේ වගේ එව්වා තව එනවා නම් හොදයිනේ කියල හිතෙනවා.
මෙතුවක් කල් "අපෝ අපිට නම් සිංහල චිත්‍රපට පෙන්නන්න බෑ" කියපු හැමෝමත් මේක බලන බවට සැකයක් නෑ.මොකද හැම දෙනෙක්වම චිත්‍රපටයට ගෙන්න ගන්න පුළුවන් දේවල් මේක ඇතුලේ තියෙනවා.ඉතින් මම එළකිරි යාලුවන්ගෙන් ඉල්ලනවා පුළුවන් නම් මේක බලන්න කියල.
අහ්!!!යන්න කලින් තව දෙයක් කියන්නම ඕනේ.හැමෝම බලනවා ඇති කාටද මේ ගාමණී කියන්නේ කියල."ගාමණී" කියන්නේ චරිතයක් නම් නෙවෙයි.ගාමණී කියන්නේ "ග්රාමාරක්ෂක" කියන එකට.රජ කාලේ නම් මේ තනතුරට බොහොම මිනිස්සු සැලකුව බව කියවෙනවා.නමුත් යුද්ධේ තිබ්බ කාලේ අපි මෙයාලට "ගම්බට්ටෝ" කියල විහිලු කලත් එක්ක.ඒත් යුද්ධේ තිබ්බ පලාත්වල උන් මොන තරම් දුක් විදලා තමන්ගේ ගම්බිම් බේර ගත්තද කියල මේක බැලුවම තේරෙනවා.එතකොට සිංහල ජාතිය වෙනුවෙන් ඇනගන්න හිතෙනවා හොද ටොක්කක්!!!
හොද නම් රෙපක් දීල කොමෙන්ටුවකුත් දාලම යන්න.

Last edited: