බිත්තරයකට පණ තියෙනවද?

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
බිත්තරයකට පණ තියෙනවද?

බිත්තරයකට පණ තියෙනවද?
බිත්තර තම්බන එක ප්‍රාණඝාතයක්ද?
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
samanyen gam bittara wala kalalaya jeewi tathwayen tiyenne. namuth farm bittara wala jeewi tathwayak naha.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බිත්තරයකට පණ තියෙනවද?
බිත්තර තම්බන එක ප්‍රාණඝාතයක්ද?

ජීවී ඒත් අවිඤ්ඤාණකයි...ගහක් වුනත් ජීවී..ඒත් අවිඤ්ඤාණකයි...
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

යාළුවා අනිත් ආගම් ගැන නම් මන් වැඩිය දන්නේ නෑ. මන් ඔය පැණයට බුදු දහමෙන් කිසියම් විසඳුමක් මට තේරෙන තරමින් ඉදිරිපත් කරන්නම්.

බුද්ධ ධර්මය හැටියට අපි ස්වේච්ඡාවෙන් කිසියම් චර්යාදර්ම පද්ධතියකට යටත් වෙනවා. ඒ අතිරින් ගිහියන්ට නිත්‍ය සීලය කියන්නේ පන්සිල්. මේ පන්සිල් වලින් අපි මුලින්ම පිලිඅරගන්න සිල් පදය තමයි පන ඇති කිසිදු ජීවිතයක් තොර නොකරන බව.

ඇත්තටම පර පණ නැසීම සම්පූර්ණ වෙන්න අංග 5ක් සම්පූර්ණ වෙන්‍න ඕනා. ඒ නිසා තමයි අපිට අපේ සමහර අකුසල් අහෝසි කර ගන්න පුළුවන් වෙන්නේ.

බුද්ධ ධර්මයට අනුව චේතනාව තමයි මුල් වෙන්නේ. ඒ දේ අපිට මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. අපි කළුවරේ ඇවිදගෙන යද්දි අපි සර්පයෙක්ව දැක්කා කියලා. අපි එක පාරටම සර්පයා කියලා බය වෙලා පොල්ලක් අරන් ඒ සර්පයාට මැරෙන්න ගහනවා. ඊට පස්සේ අපි දකිනවා ඒ සර්පයෙක් නෙමෙයි රෙදි පටියක් කියලා. ඒත් අපේ චේතනාව අනුව අපි වැඩ කරලා ඉවරයි ඒ වෙද්දි. අපේ කර්මය අපි කරගෙන ඉවරයි.

බිත්තරය ගැනත් එහෙමයි. කෙනෙක්ට ඒක පවක් වගේම තව කෙනෙක්ට ඒක පවක් නොවෙයි. සත්‍ය සිදුවීම නම් මෙයයි යාළුවා අපි පිලිගත්තත් නැතත්.
බිත්තරය කියන දේ තුලින් අපේ හිත ඇති කර ගන්න සංඥාව අනුව ඒ නම එක්කම අපේ හිත පිලිගන්නවා මේකෙන් සතෙක් උපදින බව. ඒක බොයිලර් වේවා ගම් බිත්තර වේවා අවසානයේ පැටියෙක් උපදිනවා. විද්‍යාවෙන් කියතහැකි ඒ ඒ අයට මේ බිත්තරය දවස් 45යි. මේක කෑවට පව් නැත කියලා. නමුත් යාළුවා අපේ විඥ්ඥානයට ඒ විද්‍යාත්මක දැනුමෙන් වැඩක් වෙන්නේ නෑ. පැටියෙක් හෝ යම් ජීවියෙක් ඇති වෙනවා නම් මොන විදියෙන් උනත් අපි ඒ පණ නසනවා නම් ඒක අකුසලයම තමයි.

අනිත් දේ තමයි ඔයා බුද්ධ ධර්මය ගැන යම් කරමක් හෝ දන්න කෙනෙක් නම් ඒ කියන්නේ විශේෂයෙන්ම පන්සිල් පද 5 ගැන දන්නවා නම් අපි බිත්තර කෑම තුලින් ඒ පන්සිල් පද 5ම කැඩෙන බව තේරෙනවා ඇති. ඒ තරම්ම ඒත බරපතලයි. හැබැයි බුදුන් වහන්සේ කිසිම තැනකදි මස් මාළු කන්න එපා කියලා වදාරලා නෑ. ඒ නිසා තමන්ගේ බුද්ධිය මෙහෙයවලා හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා නිවැරදිව තේරුම් ගෙන තමන්ගේ ජීවිතය සරු කර ගනී කියලා මන් විශ්වාස කරනවා. ඒ වගේම ජීවිතය සරු කරගන්න හැකියාව ලැබෙන්න කියලා තුණුරුවන්ගේ සරණින් ආශීර්වාද කරනවා.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ජීවී ඒත් අවිඤ්ඤාණකයි...ගහක් වුනත් ජීවී..ඒත් අවිඤ්ඤාණකයි...

Awigganai kiyala Oya Adahas karanney Sarala bashawen Kiyanawanam thayrum ganeemey Hakiyawa Nathi Kiyana Ekaney.. :nerd: mokada oya A'ken adahas karanney Hari Meaning eka kiyanney nathuwa Oyage Post Ekata reply karanna baha.. A'kai.. :) oyagen mama Ahuwa Ekata uththarayak witharak bala poroththu Wenawa.. :yes:
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    බිත්තරය කියන දේ තුලින් අපේ හිත ඇති කර ගන්න සංඥාව අනුව ඒ නම එක්කම අපේ හිත පිලිගන්නවා මේකෙන් සතෙක් උපදින බව. ඒක බොයිලර් වේවා ගම් බිත්තර වේවා අවසානයේ පැටියෙක් උපදිනවා. විද්‍යාවෙන් කියතහැකි ඒ ඒ අයට මේ බිත්තරය දවස් 45යි. මේක කෑවට පව් නැත කියලා. නමුත් යාළුවා අපේ විඥ්ඥානයට ඒ විද්‍යාත්මක දැනුමෙන් වැඩක් වෙන්නේ නෑ. පැටියෙක් හෝ යම් ජීවියෙක් ඇති වෙනවා නම් මොන විදියෙන් උනත් අපි ඒ පණ නසනවා නම් ඒක අකුසලයම තමයි.

    බිත්තරය කියන්නෙ කුකුල් ඩිම්බය. ඒක සංසේචනය වුනොත් විතරයි පැටියෙක් බිහිවෙන්නෙ. කුකුල් ෆාම් වල කිකිලියො වෙනම ඉන්නේ, සංසේචනය වෙන්න බැහැ. එනිසා ඔයාගෙ විස්තර කිරීම පිලිගන්න බැහැ. එහෙනං ගැහැනුන්ගෙන් පිටවෙන ඩිම්බ් සහ මිනිසුන්ගෙන් පිටවෙන ශුක්‍රානු බිලියන් ගානක් ගැන මොකද කියන්නෙ?

    මම බෞද්ධයෙක් නොවුනත් මට තේරෙන විදියට බුද්ධාගම අන්තවාදය ප්‍රතික්ශේප කරන දර්මයක්. මේ වගේ තැන් වලදි අන්තවාදී නොවී නුවනින් විමසා බැලීමයි වැදගත්. ප්‍රඥාව සීන් එකට එනවා නැවතත්.

    Last edited:

    අනේ මේ..:lol:
    අවිඥානික/විඥානික වගේ දාර්ශනික වචන, එහෙමත් නැත්තං සංසේචනය වගේ විද්‍යාත්මක වචන ඔයාලගෙ වරිගේ අයට තෙරෙන්නෙ නැහැ. ඔයාල වගේ කට්ටියට තේරෙන්නෙ "දෙයියෝ මැව්ව-දෙයියෝ දුන්නා- පස් පාරක් පු* උඩ දාලා ප්‍රේ කලා-ජිහාඩ් -කුෆාර්" වගේ අති සරල මෝඩ ජෝක් නේ. එවා කියව කියව ඉන්න. බැරි වැඩ නොකර ඉන්න
    .:P:P

    ප්‍රොපට් හෝ අල්ලා දන්නේ නැතුව ඇති බිත්තරේ කිකිලියගේ ඩිම්බෙ බව. දන්නව නං ඉතින් හරාම් තම්යි. ඊලඟ පාර බිත්තර කනකොට හිතපං මම කන්නේ කිකිලි ඩිම්බයක් කියලා..:P
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Awigganai kiyala Oya Adahas karanney Sarala bashawen Kiyanawanam thayrum ganeemey Hakiyawa Nathi Kiyana Ekaney.. :nerd: mokada oya A'ken adahas karanney Hari Meaning eka kiyanney nathuwa Oyage Post Ekata reply karanna baha.. A'kai.. :) oyagen mama Ahuwa Ekata uththarayak witharak bala poroththu Wenawa.. :yes:

    ඒ කිව්වෙ විඤ්ඤාණයක් නැත කියන අදහස.:)
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    බිත්තරය කියන්නෙ කුකුල් ඩිම්බය. ඒක සංසේචනය වුනොත් විතරයි පැටියෙක් බිහිවෙන්නෙ. කුකුල් ෆාම් වල කිකිලියො වෙනම ඉන්නේ, සංසේචනය වෙන්න බැහැ. එනිසා ඔයාගෙ විස්තර කිරීම පිලිගන්න බැහැ. එහෙනං ගැහැනුන්ගෙන් පිටවෙන ඩිම්බ් සහ මිනිසුන්ගෙන් පිටවෙන ශුක්‍රානු බිලියන් ගානක් ගැන මොකද කියන්නෙ?

    මම බෞද්ධයෙක් නොවුනත් මට තේරෙන විදියට බුද්ධාගම අන්තවාදය ප්‍රතික්ශේප කරන දර්මයක්. මේ වගේ තැන් වලදි අන්තවාදී නොවී නුවනින් විමසා බැලීමයි වැදගත්. ප්‍රඥාව සීන් එකට එනවා නැවතත්.

    යාළුවා ඔයා බුද්ධ ධර්මයට ආධුනිකයි කියලා ඔයාම පිලිගන්නවා නේ. ටිකක් හිතන්න. මේ ‍ලෝකේ සත්තු උත්පාදනය වන ආකාර කීපයක් තියෙනවා‍. අණ්ඩජ.ජලාබුජ.ඕපපාතික ආදී විදියට. ‍බිත්තරය කියන දේ අණ්ඩජ කියන ආකාරයටයි අයිති. මෙතනදි අපේ කරණීය මෙත්ත සූත්රය හොද නිදසුනක් සපයනවා. එතනදි කියනවා ඉපදුනු සතුන්ට වගේම උපදින්න ඉන්න සතුන්ටත් මෙත් වඩන්න කියලා. ඔය කියන බිත්තරයෙන් අන්තිමට මන් දන්න විදියට පැටියෙක් උපදිනවා. එතකොට ඒක අයිති වෙන්නේ උපදිමින් ඉන්න සතුන්ගේ කොටස‍ට. එතකොට අපේ ධර්මයේ කියනවා පණ ඇති කිසිදු සතෙක්ගේ පන තොර කිරීමෙන් වලකිනවා කියලා. ඉතින් කොහොමද යාළුවා බුද්ධ ධර්මයට අනුව බිත්තර කෑම හා තැම්බීම පාපයක් නොවෙන්නේ ?

    මගේ ලිපියේ මුලින්ම මන් කිව්වා අනිත් ආගම් ගැන මන් දන්නේ නෑ කියලා. මන් කියන්නේ බුද්ධ ධර්මයට අනුව මතය විතරයි. අනිත් ආගම් වල මීට වඩා වෙනස් මත දරනවා ඇති. ඉතින් ඔයාටත් එහෙම මතයක් දරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බිත්තරය ගැනත් එහෙමයි. කෙනෙක්ට ඒක පවක් වගේම තව කෙනෙක්ට ඒක පවක් නොවෙයි. සත්‍ය සිදුවීම නම් මෙයයි යාළුවා අපි පිලිගත්තත් නැතත්.
    බිත්තරය කියන දේ තුලින් අපේ හිත ඇති කර ගන්න සංඥාව අනුව ඒ නම එක්කම අපේ හිත පිලිගන්නවා මේකෙන් සතෙක් උපදින බව. ඒක බොයිලර් වේවා ගම් බිත්තර වේවා අවසානයේ පැටියෙක් උපදිනවා. විද්‍යාවෙන් කියතහැකි ඒ ඒ අයට මේ බිත්තරය දවස් 45යි. මේක කෑවට පව් නැත කියලා. නමුත් යාළුවා අපේ විඥ්ඥානයට ඒ විද්‍යාත්මක දැනුමෙන් වැඩක් වෙන්නේ නෑ. පැටියෙක් හෝ යම් ජීවියෙක් ඇති වෙනවා නම් මොන විදියෙන් උනත් අපි ඒ පණ නසනවා නම් ඒක අකුසලයම තමයි.

    "ඉපදීම" සම්පූර්ණ වීමට නම් මවගෙන් හෝ/ මව පියා දෙදෙනාගෙන් ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක ලැබෙන්න ඕනි. ඉන්පසුව විඤ්ඤාණයක බැසගැනීම සිද්ද වෙන්න ඕනි. බිත්තරය කියන්නෙ විඤ්ඤාණයක බැසගැනීම සිදුනොවුන දෙයක්. එබැවින් ඒක නිකං රූපයක් පමණක් මිස 'නාමරූප' වලින් සැදුණු සත්ත්වයෙක් නෙමේ.
     
    • Like
    Reactions: koondeGoda

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    "ඉපදීම" සම්පූර්ණ වීමට නම් මවගෙන් හෝ/ මව පියා දෙදෙනාගෙන් ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක ලැබෙන්න ඕනි. ඉන්පසුව විඤ්ඤාණයක බැසගැනීම සිද්ද වෙන්න ඕනි. බිත්තරය කියන්නෙ විඤ්ඤාණයක බැසගැනීම සිදුනොවුන දෙයක්. එබැවින් ඒක නිකං රූපයක් පමණක් මිස 'නාමරූප' වලින් සැදුණු සත්ත්වයෙක් නෙමේ.

    සත්ව උප්පත්තිය බුදු දහමට අනුව ආකාර කීපයකින් වෙනවා. පුංචි උදාහරණයක් කියන්නම්. දෙවියො හෝ පිශාචයෝ වැනි සත්වයො උපදින්නේ ඔයා ඔය කියන විදියටද ? ඒ නිසා තව දුරටත් බුද්ධ ධර්මය ගැන හොයන්න යාළුවා. ඔයාට හොද අනාගතයක් තියෙන බව පේනවා.
     
    හොඳ අදහස් ගොඩක් කියෙව්වා.ඒ දිගු විස්තර ලියන්න මහන්සි වුන හැමෝටම ස්තුතියි.
    මම දන්න විදිහට සංසේචනය නිසා තමයි ඩිම්බ මෝරා බිත්තරයක් හැදෙන්නෙ.නමුත් ඒ හැම බිත්තරයකම ජීවය(සත්වයෙක් හෝ නාම-රූප දෙකම)තියනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.කෙසේ නමුත් බිත්තරය ඊට සරිලන උනුසුමක නියමිත කාලය රැක්කෙ නැත්නම් ජීවියෙක් සම්පූර්ණ වී බිහිවෙන්නෙ නෑ කියන එක ස්ථිරයි.(බිත්තරයකින් ඉබේ පැටියෙක් හැදෙන්නෙ නැ-එහෙත් ඒ වන විටත් ජීවියෙක් පැමිණ සිටියත් නිසි උනුසුම නොලැබෙනවානම් එය රැඳී සිටිය නො‍හැකියි-මෙතන පාපයක් වෙනවා නම් සම්පූර්ණ එහි අයිතිය බිත්තර මවගෙන් වෙන් කරන්නා සතුයි)ඒ අනුව මවගේ හෝ කෘතිම උනුසුමක් නොලබා වහාම වෙළඳපලට එන බිත්තරවල සතෙක් ඉන්නවද කියන කාරණය සැක කලයුතු නෑ කියලයි මම හිතන්නෙ.දිනයක් පමණ පසු වූ විට එය සාමාන්‍ය වෙනත් එළවළු වැනි‍ පෝෂණ දාමයක් පමණයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    යාළුවා ඔයා බුද්ධ ධර්මයට ආධුනිකයි කියලා ඔයාම පිලිගන්නවා නේ. ටිකක් හිතන්න. මේ ‍ලෝකේ සත්තු උත්පාදනය වන ආකාර කීපයක් තියෙනවා‍. අණ්ඩජ.ජලාබුජ.ඕපපාතික ආදී විදියට. ‍බිත්තරය කියන දේ අණ්ඩජ කියන ආකාරයටයි අයිති. මෙතනදි අපේ කරණීය මෙත්ත සූත්රය හොද නිදසුනක් සපයනවා. එතනදි කියනවා ඉපදුනු සතුන්ට වගේම උපදින්න ඉන්න සතුන්ටත් මෙත් වඩන්න කියලා. ඔය කියන බිත්තරයෙන් අන්තිමට මන් දන්න විදියට පැටියෙක් උපදිනවා. එතකොට ඒක අයිති වෙන්නේ උපදිමින් ඉන්න සතුන්ගේ කොටස‍ට. එතකොට අපේ ධර්මයේ කියනවා පණ ඇති කිසිදු සතෙක්ගේ පන තොර කිරීමෙන් වලකිනවා කියලා. ඉතින් කොහොමද යාළුවා බුද්ධ ධර්මයට අනුව බිත්තර කෑම හා තැම්බීම පාපයක් නොවෙන්නේ ?

    මගේ ලිපියේ මුලින්ම මන් කිව්වා අනිත් ආගම් ගැන මන් දන්නේ නෑ කියලා. මන් කියන්නේ බුද්ධ ධර්මයට අනුව මතය විතරයි. අනිත් ආගම් වල මීට වඩා වෙනස් මත දරනවා ඇති. ඉතින් ඔයාටත් එහෙම මතයක් දරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.

    ඔයා ඔක්කොම පටලවාගෙන. කරනීය මෙත්ත සුත්තරේ තියෙන එකයි පර-පන නැසීමයි, සත්වයෝ ඉපදෙන ආකාරයි ඔක්කොම එකට අනාගෙන .

    බුදු දහමේ මම දන්න තරමින් කියලා තියෙනවා මව් සහ පිය පාර්ශවයෙ ධාතු එකතුවක් වෙන්න ඔනේ කියලා. (ඒත් හැම සතාම නෙවෙයි කියලත් තියෙනවා). හැම බිත්තරෙන්ම පැටව් උපදිනවා නං ගැහැනුන්ගෙ ඩිම්බත් එකතු කරලා ආරක්සා කොරන්න වෙයි. ඔයා ගෙ නොදැනුවත් කමයි, අන්තවාදී මානසිකත්වයයි, එකතු වුනාම හරි දැක්ම නැතිවෙලා යනවා.

    බිත්තරය සංසේචනය නොවී පැටියෙක් ඇතිවෙන්න බැහැ. ඒක තමා කිකිලි ඩිම්බය.

    බුදු හාමුදුරුවෝ දේවදත්ත ගෙනාපු අන්තවාදී ශික්ශාපද ප්‍රතික්ශේප කලා කියලා මම කියවලා තියෙනව. භික්ශුන් වෘක්ෂමූලික විය යුතුයි, භික්ශූන් මස්-මාංෂ වලින් වැලකිය යුතුයි වගේ අන්ත්වාදී ශික්ෂාපද ප්‍රතික්ෂේප කලා.

    මට පේන්නේ නව අන්තවාදයකට පාර කපන්නයි සමහරු ලෑස්ති වෙන්නේ.
     
    ඇත්තටම ඔයා වගේ අය අද විතරක් නෙමෙයි බුද්ධ කාලෙත් හිටලා තියෙනවා. ඔයා බුද්ධිමත් බව පේනවා. ඒ නිසා මන් හිතන්නේ ඔයත් එක්ක මට මේ ගැන කථා කිරීමේ වැඩක් වෙන්නෙ නෑ කියලා. දිගින් දිගටම නිවැරදි බුද්ධ ධර්මය ගැන අධ්‍යයනය කරන්න කියන දේ විතරයි මට ඔයාට කියන්න තියෙන්නෙ. තුණුරුවන් සරණයි.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හොඳ අදහස් ගොඩක් කියෙව්වා.ඒ දිගු විස්තර ලියන්න මහන්සි වුන හැමෝටම ස්තුතියි.
    මම දන්න විදිහට සංසේචනය නිසා තමයි ඩිම්බ මෝරා බිත්තරයක් හැදෙන්නෙ.නමුත් ඒ හැම බිත්තරයකම ජීවය(සත්වයෙක් හෝ නාම-රූප දෙකම)තියනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.කෙසේ නමුත් බිත්තරය ඊට සරිලන උනුසුමක නියමිත කාලය රැක්කෙ නැත්නම් ජීවියෙක් සම්පූර්ණ වී බිහිවෙන්නෙ නෑ කියන එක ස්ථිරයි.(බිත්තරයකින් ඉබේ පැටියෙක් හැදෙන්නෙ නැ-එහෙත් ඒ වන විටත් ජීවියෙක් පැමිණ සිටියත් නිසි උනුසුම නොලැබෙනවානම් එය රැඳී සිටිය නො‍හැකියි-මෙතන පාපයක් වෙනවා නම් සම්පූර්ණ එහි අයිතිය බිත්තර මවගෙන් වෙන් කරන්නා සතුයි)ඒ අනුව මවගේ හෝ කෘතිම උනුසුමක් නොලබා වහාම වෙළඳපලට එන බිත්තරවල සතෙක් ඉන්නවද කියන කාරණය සැක කලයුතු නෑ කියලයි මම හිතන්නෙ.දිනයක් පමණ පසු වූ විට එය සාමාන්‍ය වෙනත් එළවළු වැනි‍ පෝෂණ දාමයක් පමණයි.

    ඔබ හරි. නමුත් ඔබේ අදහස බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වලට පටහැණියි පැහැදිලිවම. තව දුරටත් අධ්‍යයනය කරන්න. ඔයාට හොඳ දැනුමක් තියෙන බව පේනවා. දිගින් දිගටම මේ ගැන වාද කලොත් අර ඒ කලේ සච්චක කල වාදය දක්වා මේක දුර යනවා කියන දේ පැහැදිලියි. බුද්ධ ධර්මයට අනුව චේතනාවයි කර්මය වන්නේ තියන දේ විතරක් මතක තිබුනාම හොඳටම ඇති. තුණුරුවන් සරණයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ ගැන කතා කරන හැමෝටම ඉස්තූතියි. මේ සංවාදයෙන් මටත් පිලිතුරක් ලැබේවි කියලා මම ප්‍රාර්තනා කරනවා.