බිත්තරයකට පණ තියෙනවද?
බිත්තර තම්බන එක ප්රාණඝාතයක්ද?
පින්වත් මිතුරනි,
මේ ගැන ඍජුවම ධර්ම පාඨ තුළින් උපුටා දක්වන්න මා දන්නේ නෑ.
දූපතක අතරමං වී සිටි විටක කුරුළු බිත්තර කැදැලි වලින් ඉවත් කර අනුභව කිරීමේ පව විපාක දීම ගැන, බෝධි රාජ කුමාරයා සම්බන්ධ විස්තරයක් නම් මා අසා තිබෙනවා. එය "බෝධි රාජකුමාර සුත්රයේ" පසුබිම් කථාවේ එන්නේ. සූත්ර දේශනාවේ සඳහන් නෑ.
-------------------------------------------------------------
මේ ප්රශ්නය මෙසේ විග්රහ කරන එක නුසුදුසු නෑ කියා සිතෙනවා.
අපට බිත්තරයක් හමු වුණා කියමු.
එය "සජීවී" නම්; මා අදහස් කරන්නේ එය රැක්කවුවොත් සතෙක් ඉපදෙන සුළු නම්, ඒක තැම්බීම සුදුසු නෑ.
පව අත්වන්න 100% ඉඩ තියෙන්නේ "සජීවී" බිත්තරය කිකිළිය වෙතින් ඉවත් කරන කෙනා ට යි. මොකද වෙළඳ පළේ ඇති බිත්තර රක්කවන්න කවුරුත් යන්නේ නෑ නේ. ඉවත් කිරීම ම මරණයට පත් කිරීමක් වගේ..
ඒ කියන්නේ, කෙනෙක් "A" සජීවි බිත්තරයක් කිකිළිය වෙතින් ඉවත් කර විකුණුවා කියමු; එය වෙන අයෙක් "B" මිලට ගෙන තැම්බුවත් A ට ප්රාණ ඝාත පව අත් වනවා. මොකද එයා එම බිත්තර ඉවත් කරේ රක්කවා පැටවකු ලබා ගන්න නෙමේ නේ.
ඇතැම් විට B වෙත ලැබෙන විට බිත්තරයේ ජීවි බව නැති වි තිබෙන්නට ඉඩ තියෙනවා (ශීතකර තිබීම, කල් ගත වීම නිසා)
නො එසේ නම්, B අතින් වුවත් ප්රාණ ඝාතයක් වන්න ඉඩ තියෙනවා (මිය යමින් ඉන්න සතෙක් ව මරණවා වගේ නේද?).
ඒ නිසා 'ගම් බිත්තර' පසු පස නොයෑම නම් වඩා හොඳයි (තව එකක්: හැම ගම් බිත්තරයක් වුණත් අපට ලැබෙන විට සජීවි යැයි කියන්නත් බෑ; ඒත් සජීවි වෙන්න සම්භාවිතාවක් තියෙනවා නේ...).
ඒ වගේම, අප කෙනෙකු ලවා සජීවී බිත්තරක් - ඒ බව දැන ගෙන - තම්බවා ගත්තත් පවක් වෙනවා.
තව යමක් තියෙනවා, ප්රාණ ඝාතය නොවුවත් බොහෝ සත්ව නිෂ්පාදන එක්ක සත්ව හිංසාවත් තියෙනවා. හැබැයි, ඒ පව අත්වන්නේ සත්ව පාලන කරන අයට තමා.
-------------------------------------------------------------
අප වෙළඳපොළෙන් ගන්නා බොහෝ බිත්තර වල එම සජීවී බවක් නෑ. ඒවා ආහාර සැකසීමට ගැනීමෙන් ප්රාණ ඝාතයක් වෙන්න බෑ. ඇත්තටම ඒ බිත්තරය මිය ගිය ජීවි කොටසක් විතරයි.
බිත්තර හෝ බිත්තර දමා හැදූ ආහාර කෑමෙන් නම් පවක් වන්නේ නෑ...
තෙරුවන් සරණයි!