බිත්තරයකට පණ තියෙනවද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හොඳ අදහස් ගොඩක් කියෙව්වා.ඒ දිගු විස්තර ලියන්න මහන්සි වුන හැමෝටම ස්තුතියි.
මම දන්න විදිහට සංසේචනය නිසා තමයි ඩිම්බ මෝරා බිත්තරයක් හැදෙන්නෙ.නමුත් ඒ හැම බිත්තරයකම ජීවය(සත්වයෙක් හෝ නාම-රූප දෙකම)තියනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.කෙසේ නමුත් බිත්තරය ඊට සරිලන උනුසුමක නියමිත කාලය රැක්කෙ නැත්නම් ජීවියෙක් සම්පූර්ණ වී බිහිවෙන්නෙ නෑ කියන එක ස්ථිරයි.(බිත්තරයකින් ඉබේ පැටියෙක් හැදෙන්නෙ නැ-එහෙත් ඒ වන විටත් ජීවියෙක් පැමිණ සිටියත් නිසි උනුසුම නොලැබෙනවානම් එය රැඳී සිටිය නො‍හැකියි-මෙතන පාපයක් වෙනවා නම් සම්පූර්ණ එහි අයිතිය බිත්තර මවගෙන් වෙන් කරන්නා සතුයි)ඒ අනුව මවගේ හෝ කෘතිම උනුසුමක් නොලබා වහාම වෙළඳපලට එන බිත්තරවල සතෙක් ඉන්නවද කියන කාරණය සැක කලයුතු නෑ කියලයි මම හිතන්නෙ.දිනයක් පමණ පසු වූ විට එය සාමාන්‍ය වෙනත් එළවළු වැනි‍ පෝෂණ දාමයක් පමණයි.

:yes::yes:
 
ඔබ හරි. නමුත් ඔබේ අදහස බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වලට පටහැණියි පැහැදිලිවම. තව දුරටත් අධ්‍යයනය කරන්න. ඔයාට හොඳ දැනුමක් තියෙන බව පේනවා. දිගින් දිගටම මේ ගැන වාද කලොත් අර ඒ කලේ සච්චක කල වාදය දක්වා මේක දුර යනවා කියන දේ පැහැදිලියි. බුද්ධ ධර්මයට අනුව චේතනාවයි කර්මය වන්නේ තියන දේ විතරක් මතක තිබුනාම හොඳටම ඇති. තුණුරුවන් සරණයි.
අන්තවාදී මත වපුරන්න එපා.බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බව ඇත්තයි.මෙත් සිත දියුනු වී එනවිට (සපුරාම අජී වී බව දැන දැනත්)හාල්මැස්සෙක් තරම් හෝ ආහාරයට ගන්නට හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්.
නමුත් සියළු කුසල් අකුසල් නිවරදිව දක්නා සර්‍වඥ බුදු නුවන අනුව දෙව්දත් තෙරුන් ගෙනා පස්විධි වෘතය බැහැරකලේ මන්දැයි ඔබ හිතා බැලුවාද?මස්මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතුයැයි කල ඉල්ලීම කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූ මැදහත් පිළිවෙතින් ගම්‍ය වන්නේ,මස් කෑමෙන් පාපයක් නොවන බවයි.සතුන් මරා කෑම හා වෙළඳපලේ ඇති වෙනත් එළවළුවක් සේ මස් මිළදී ගැනීම අතර ඇති වෙනස හඳුනාගන්න.(මරන්නේ මා වෙනුවෙන් යැයි චේතනාවක් ඇතිකරගැනීමට අන්ධ නොවිය යුතුයි)
නිසි උනුසුමින් බැහැරව ගිය බිත්තරය සාමාන්‍ය ආහාරයක් පමණයි.එය ආහාරයට ගනිද්දී මේ කන්නෙ සතෙක් නේදැයි පුහු චේතනාවක් ඇතිකරගත යුතු නම් එය ඔබේ කැමැත්තක්.
 
Last edited:
ප්‍රාණාතිපාත අකුශලය
පරමාර්ථ වශයෙන් ගත් විට "‍ප්‍රාණ" යනු එක් භවයකට ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්‍රිය පරම්පරාවයි "අතිපාත" යනු වහා හෙළීමයි. සරලව ගත් විට කිසියම් සත්වය‍කුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී යම් කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. මෙය බොහෝ සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි.

ප්‍රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය

1.පණ ඇති සතෙකු වීම
2.පණ ඇති සතෙකු බව දැනීම
3.මැරීමට සිත් පහළ වීම
4.මැරීමට උපක්‍රම කිරීම
5.ඒ උපක්‍රම නිසා මරණය සිදු වීම

මේ අංගයන් පහ සම්පූර්ණ නො‍වී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නෙවේ.යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි. ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා පොළව කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන සතුන්ගේ ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදු වේ.

යම් කිසි සත්වයකු මරන අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී මියගියේ නම් එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.වෙඩි වැදුන සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත අකුසලය සිදු වේ.මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්ම වැනි ක්‍රියාවකදී සත්වයකු මිය ගියද ‍අකුසල් සිදු නොවේ.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔබ හරි. නමුත් ඔබේ අදහස බුදු රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වලට පටහැණියි පැහැදිලිවම. තව දුරටත් අධ්‍යයනය කරන්න. ඔයාට හොඳ දැනුමක් තියෙන බව පේනවා. දිගින් දිගටම මේ ගැන වාද කලොත් අර ඒ කලේ සච්චක කල වාදය දක්වා මේක දුර යනවා කියන දේ පැහැදිලියි. බුද්ධ ධර්මයට අනුව චේතනාවයි කර්මය වන්නේ තියන දේ විතරක් මතක තිබුනාම හොඳටම ඇති. තුණුරුවන් සරණයි.

    මම මෙ කියන්නෙ කිසිම අගමකට අනුකුලව නෙවෙ මට හිතෙන දෙ...........දෑන් අපි හිතමු අපි මොකක් හරි ලී කෑල්ලක් දෙයක් නිකන් විස්ක්කරනව එක වදිල කුරුල්ලෙක් තුවල වෙනව.........අපිට පුලුවන්ද අපෙ සතාට හානි කිරිමෙ අදහසක් තිබුනෙ නෑ කියල ඒ දෙය්න් නිදහස් වෙන්න...........මම කියන්නෙ නෑ ජය්න නායකය වගෙ අන්ත අවිහින්සාවදි වෙන්න ඔනි කියල.........ඈත් අර තුවල උන සතගෙ ජිවිතය ගෑන වගකීමක් අපිට අනිවර්යෙන් තියෙනව නෙද.........පව පින කෙසෙවෙතත්..............
     
    මේකට කියන්නේ කාය සංවරය.ලෝකයේම සතුන් ගැන තබා අපට අපවත් අයිති නැත.අප අන් සතුන් කෙරේ මෙත් සිතක් ඇත්නම් උන්ට පීඩාවක් විය හැකි දේ නොකර සිටීම යහපත්ය.ජලයට විශ මුසු කිරීම ගනිමු.අපි යම් විෂ සහිත භාජනයක් සොදාගන්නට ජලය යොදාගනිමු.එහෙත් මේ විෂ සහිත සේදු ජලය ඟඟකට හෝ ජලාසයකට මුදාහැරියොත් සතුන් මිය යා හැකියි.එය එසේ වන්නේ අප ඒ චේතනාව(ඔහේ මැරෙන එකෙක් මැරුනාවෙ)තිබුනොත් පමණයි.ඉතිං අප කල යුත්තෙ කුමක්ද? විෂ සහිත සේදු ජලය හැකිතරමින් සතුන් නැතැයි හැ‍ඟෙන තැනකට බහාලීම නොවේද?එයයි කාය සංවරය.
    පාණිමිහි චෙ වනො නාස්ස
    හරෙය්‍ය පාණින‍ා විසං
    නාබිබං විසමන්වෙති
    නත්ථි පාපං අකුබ්බතො

    (ධම්මපදය)

    තුවාල සහිත අතෙහි විස පැතිරේ. තුවාල රහිත අතෙහි විස පැතිරිමක් නැත. එමෙන් ම චේතනාවක් නොමැති නම් කුසල හො අකුසල කර්මයක් හෝ කර්ම පථයක් හෝ සිදු නොවේ. ජෛන ඉගැන්විම් අනුව නොදැනුවත් කමින් සිදු වන දේ ද පව් ය. එහෙයි න් ඇවිදිමේදි ඔවුහු ප්‍රවේශම් වෙති. ජලය පානය කිරිමෙදි ප්‍රවේශම් වෙති. එහෙත් චේතනාවක් නොමැති කර්ම සිදු නොවන බව බුදු දහමේ ඉගැන්වෙයි.
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බිත්තරයකට පණ තියෙනවද?
    බිත්තර තම්බන එක ප්‍රාණඝාතයක්ද?

    පින්වත් මිතුරනි,

    මේ ගැන ඍජුවම ධර්ම පාඨ තුළින් උපුටා දක්වන්න මා දන්නේ නෑ.

    දූපතක අතරමං වී සිටි විටක කුරුළු බිත්තර කැදැලි වලින් ඉවත් කර අනුභව කිරීමේ පව විපාක දීම ගැන, බෝධි රාජ කුමාරයා සම්බන්ධ විස්තරයක් නම් මා අසා තිබෙනවා. එය "බෝධි රාජකුමාර සුත්‍රයේ" පසුබිම් කථාවේ එන්නේ. සූත්‍ර දේශනාවේ සඳහන් නෑ.

    -------------------------------------------------------------
    මේ ප්‍රශ්නය මෙසේ විග්‍රහ කරන එක නුසුදුසු නෑ කියා සිතෙනවා.

    අපට බිත්තරයක් හමු වුණා කියමු. :)

    එය "සජීවී" නම්; මා අදහස් කරන්නේ එය රැක්කවුවොත් සතෙක් ඉපදෙන සුළු නම්, ඒක තැම්බීම සුදුසු නෑ.

    පව අත්වන්න 100% ඉඩ තියෙන්නේ "සජීවී" බිත්තරය කිකිළිය වෙතින් ඉවත් කරන කෙනා ට යි. මොකද වෙළඳ පළේ ඇති බිත්තර රක්කවන්න කවුරුත් යන්නේ නෑ නේ. ඉවත් කිරීම ම මරණයට පත් කිරීමක් වගේ..

    ඒ කියන්නේ, කෙනෙක් "A" සජීවි බිත්තරයක් කිකිළිය වෙතින් ඉවත් කර විකුණුවා කියමු; එය වෙන අයෙක් "B" මිලට ගෙන තැම්බුවත් A ට ප්‍රාණ ඝාත පව අත් වනවා. මොකද එයා එම බිත්තර ඉවත් කරේ රක්කවා පැටවකු ලබා ගන්න නෙමේ නේ.

    ඇතැම් විට B වෙත ලැබෙන විට බිත්තරයේ ජීවි බව නැති වි තිබෙන්නට ඉඩ තියෙනවා (ශීතකර තිබීම, කල් ගත වීම නිසා)
    නො එසේ නම්, B අතින් වුවත් ප්‍රාණ ඝාතයක් වන්න ඉඩ තියෙනවා (මිය යමින් ඉන්න සතෙක් ව මරණවා වගේ නේද?).
    ඒ නිසා 'ගම් බිත්තර' පසු පස නොයෑම නම් වඩා හොඳයි (තව එකක්: හැම ගම් බිත්තරයක් වුණත් අපට ලැබෙන විට සජීවි යැයි කියන්නත් බෑ; ඒත් සජීවි වෙන්න සම්භාවිතාවක් තියෙනවා නේ...).

    ඒ වගේම, අප කෙනෙකු ලවා සජීවී බිත්තරක් - ඒ බව දැන ගෙන - තම්බවා ගත්තත් පවක් වෙනවා.

    තව යමක් තියෙනවා, ප්‍රාණ ඝාතය නොවුවත් බොහෝ සත්ව නිෂ්පාදන එක්ක සත්ව හිංසාවත් තියෙනවා. හැබැයි, ඒ පව අත්වන්නේ සත්ව පාලන කරන අයට තමා.

    -------------------------------------------------------------
    අප වෙළඳපොළෙන් ගන්නා බොහෝ බිත්තර වල එම සජීවී බවක් නෑ. ඒවා ආහාර සැකසීමට ගැනීමෙන් ප්‍රාණ ඝාතයක් වෙන්න බෑ. ඇත්තටම ඒ බිත්තරය මිය ගිය ජීවි කොටසක් විතරයි.

    බිත්තර හෝ බිත්තර දමා හැදූ ආහාර කෑමෙන් නම් පවක් වන්නේ නෑ...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඇත්තටම පර පණ නැසීම සම්පූර්ණ වෙන්න අංග 5ක් සම්පූර්ණ වෙන්‍න ඕනා. ඒ නිසා තමයි අපිට අපේ සමහර අකුසල් අහෝසි කර ගන්න පුළුවන් වෙන්නේ.

    බුද්ධ ධර්මයට අනුව චේතනාව තමයි මුල් වෙන්නේ. ඒ දේ අපිට මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. අපි කළුවරේ ඇවිදගෙන යද්දි අපි සර්පයෙක්ව දැක්කා කියලා. අපි එක පාරටම සර්පයා කියලා බය වෙලා පොල්ලක් අරන් ඒ සර්පයාට මැරෙන්න ගහනවා. ඊට පස්සේ අපි දකිනවා ඒ සර්පයෙක් නෙමෙයි රෙදි පටියක් කියලා. ඒත් අපේ චේතනාව අනුව අපි වැඩ කරලා ඉවරයි ඒ වෙද්දි. අපේ කර්මය අපි කරගෙන ඉවරයි.

    :confused::confused: ඔය කරුනු 5ට "ජීවියෙක් වීම" කියන එකත් අයිති වෙනව නේද? ඔතනදි කර්මය සම්පූර්න වෙන්නෙ නෑ නේද??
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බිත්තරය කියන්නෙ කුකුල් ඩිම්බය. ඒක සංසේචනය වුනොත් විතරයි පැටියෙක් බිහිවෙන්නෙ. කුකුල් ෆාම් වල කිකිලියො වෙනම ඉන්නේ, සංසේචනය වෙන්න බැහැ. එනිසා ඔයාගෙ විස්තර කිරීම පිලිගන්න බැහැ. එහෙනං ගැහැනුන්ගෙන් පිටවෙන ඩිම්බ් සහ මිනිසුන්ගෙන් පිටවෙන ශුක්‍රානු බිලියන් ගානක් ගැන මොකද කියන්නෙ?

    මම බෞද්ධයෙක් නොවුනත් මට තේරෙන විදියට බුද්ධාගම අන්තවාදය ප්‍රතික්ශේප කරන දර්මයක්. මේ වගේ තැන් වලදි අන්තවාදී නොවී නුවනින් විමසා බැලීමයි වැදගත්. ප්‍රඥාව සීන් එකට එනවා නැවතත්.

    මේක හරි . බිතරයක් කියන්නේ සංසේචනය නොවුන කුකුල් ඩිම්බයක් . එකෙන් පවක් නෙවෙන්න පුළුවන් නමුත් ? මතක තිය ගන්න චේතනාවයි ප්‍රධාන වෙන්නේ .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම මෙ කියන්නෙ කිසිම අගමකට අනුකුලව නෙවෙ මට හිතෙන දෙ...........දෑන් අපි හිතමු අපි මොකක් හරි ලී කෑල්ලක් දෙයක් නිකන් විස්ක්කරනව එක වදිල කුරුල්ලෙක් තුවල වෙනව.........අපිට පුලුවන්ද අපෙ සතාට හානි කිරිමෙ අදහසක් තිබුනෙ නෑ කියල ඒ දෙය්න් නිදහස් වෙන්න...........මම කියන්නෙ නෑ ජය්න නායකය වගෙ අන්ත අවිහින්සාවදි වෙන්න ඔනි කියල.........ඈත් අර තුවල උන සතගෙ ජිවිතය ගෑන වගකීමක් අපිට අනිවර්යෙන් තියෙනව නෙද.........පව පින කෙසෙවෙතත්..............

    මේක වෙන්නේ අර කුරුලගේ තියන පරණ කරුමයක් පටිසන් දීම නිසා . එහෙම නැතුව විසි කරන කෙනා සතෙක් මරණ චේතනාවෙන් නෙමෙයි ඕක කරන්නේ . එහෙමනම් අපි ඇවිදිනකොට කොචර සතු අපේ කකුලට පැගේනවද ? අපි උන් මරණ හිතාගෙනද ඇවිදින්නේ ? මේවා නිගන්ටයන්ගේ මිත්‍යා දෘෂ්ටිය . මතක තියා ගන්න මිත්‍යා දෘෂ්ටියට හසු වීම සතුන් මරනවටැහැ වැඩ පවක් වෙන පුළුවන් . මොකද එක නිසා වෙන්නේ අපාගත වීම මිසක් . අවබෝදය ලැබීම නොවෙයි .
     
    ඔව් ඔහොම බලන්න ගියොත් අන්තවාදී වෙනවා :yes: කැමති නම් අර තුවාල උන සතාට බෙහෙත් කරන්න පුලුවන්, එතකොට පිනක් වෙයි.. එහෙම නොකලත් පවක් වෙන්නෙ නෑ චේතනාවක් නැති නිසා :)
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    අප වෙළඳපොළෙන් ගන්නා බොහෝ බිත්තර වල එම සජීවී බවක් නෑ. ඒවා ආහාර සැකසීමට ගැනීමෙන් ප්‍රාණ ඝාතයක් වෙන්න බෑ. ඇත්තටම ඒ බිත්තරය මිය ගිය ජීවි කොටසක් විතරයි.

    මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්... ඔය බිත්තරයක් කියන්න උප්පත්ති දෙකක් .. පළමු එක බිත්තරය.. අනිවාරයෙන් ගන්ධබ්බයෙක් ඔක්කන්ති වෙන්න ඕන ඔතන බිත්තරය හටගන්න.. දෙවනි එක තමයි මස් ලේ කයක් එක්ක කටුව පිපිරිලා එලියට එන එක.. ඔය ෆාම් බිත්තර වල දෙවිනියට වෙන එකට හේතු නැහැ.. ඒක කටුව තුල ඉන්න සත්වයා කරපු කර්මයක් නිසා වෙන්න පුළුවන්.. ඉතින් බිත්තරය කැඩුව ගමන් ප්‍රාණගාතයක් වෙනවා...

    බිත්තර හෝ බිත්තර දමා හැදූ ආහාර කෑමෙන් නම් පවක් වන්නේ නෑ...

    තමන් හදාගෙන කෑවොත් පව වෙනවා... නමුත් වෙන කෙනෙක් හදලා තිබ්බ එකක් කෑවට එහෙම පවක් වෙන්නෙ නැහැ...
     
    Wal Bada

    Well-known member
  • යාළුවා ඔයා බුද්ධ ධර්මයට ආධුනිකයි කියලා ඔයාම පිලිගන්නවා නේ. ටිකක් හිතන්න. මේ ‍ලෝකේ සත්තු උත්පාදනය වන ආකාර කීපයක් තියෙනවා‍. අණ්ඩජ.ජලාබුජ.ඕපපාතික ආදී විදියට. ‍බිත්තරය කියන දේ අණ්ඩජ කියන ආකාරයටයි අයිති. මෙතනදි අපේ කරණීය මෙත්ත සූත්රය හොද නිදසුනක් සපයනවා. එතනදි කියනවා ඉපදුනු සතුන්ට වගේම උපදින්න ඉන්න සතුන්ටත් මෙත් වඩන්න කියලා. ඔය කියන බිත්තරයෙන් අන්තිමට මන් දන්න විදියට පැටියෙක් උපදිනවා. එතකොට ඒක අයිති වෙන්නේ උපදිමින් ඉන්න සතුන්ගේ කොටස‍ට. එතකොට අපේ ධර්මයේ කියනවා පණ ඇති කිසිදු සතෙක්ගේ පන තොර කිරීමෙන් වලකිනවා කියලා. ඉතින් කොහොමද යාළුවා බුද්ධ ධර්මයට අනුව බිත්තර කෑම හා තැම්බීම පාපයක් නොවෙන්නේ ?

    මගේ ලිපියේ මුලින්ම මන් කිව්වා අනිත් ආගම් ගැන මන් දන්නේ නෑ කියලා. මන් කියන්නේ බුද්ධ ධර්මයට අනුව මතය විතරයි. අනිත් ආගම් වල මීට වඩා වෙනස් මත දරනවා ඇති. ඉතින් ඔයාටත් එහෙම මතයක් දරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.
    බිත්තරය සංසේචනය වෙලා නැත්නම් පැටියෙක් හැදෙන්නේ නෑ. එහෙම පව් නොවන දෙයක් පව් විදියට ගැනීමත් බුද්ධාගමට අනුව අවිද්‍යාව. එහෙම උපත් පාලනයත් වැරදි වෙන්න ඕන
     
    Wal Bada

    Well-known member
  • සත්ව උප්පත්තිය බුදු දහමට අනුව ආකාර කීපයකින් වෙනවා. පුංචි උදාහරණයක් කියන්නම්. දෙවියො හෝ පිශාචයෝ වැනි සත්වයො උපදින්නේ ඔයා ඔය කියන විදියටද ? ඒ නිසා තව දුරටත් බුද්ධ ධර්මය ගැන හොයන්න යාළුවා. ඔයාට හොද අනාගතයක් තියෙන බව පේනවා.
    කුකුල්ලු ඕපපාතික සත්නයන් වුනේ කවදද මචං? කුකුලා අණ්ඩජ සතෙක්. එවක් සතෙක් බිහිවෙන්න කළලයක් අත්‍යවශ්‍යයි
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    කුකුල්ලු ඕපපාතික සත්නයන් වුනේ කවදද මචං? කුකුලා අණ්ඩජ සතෙක්. එවක් සතෙක් බිහිවෙන්න කළලයක් අත්‍යවශ්‍යයි

    කුකුල්ලු ඕපපාතික නෙමෙයි.. ඒත් පලමුවෙන එකා නම් ඕපපාතිකයි... නමුත් මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ බිත්තරයක වැඩීම සිදුවන්නෙ දෙයාකාරයකින් (ඒකජංවා ද්විජං යාපී ... කියන ක්‍රමයට) ... බිත්තරය කියන්නෙ කලලය තමයි... කලලයක් හටගන්න ස්ත්වයෙක් .. මව් කුසට ඔක්කන්ති වෙන්න ඕන... නමුත් .. ඔය ෆාම් බිත්තර වල .. මස් ලේ කයක් ගන්න තියන රස ධාතුව නැහැ .. ඒකයි කටුව කඩාගෙන පැටියෙක් එන්නෙ නැත්තේ...

    ඉතින් මොන බිත්තරේ කැඩුවත් ඒක පාපයක්...
     
    Wal Bada

    Well-known member
  • කුකුල්ලු ඕපපාතික නෙමෙයි.. ඒත් පලමුවෙන එකා නම් ඕපපාතිකයි... නමුත් මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ බිත්තරයක වැඩීම සිදුවන්නෙ දෙයාකාරයකින් (ඒකජංවා ද්විජං යාපී ... කියන ක්‍රමයට) ... බිත්තරය කියන්නෙ කලලය තමයි... කලලයක් හටගන්න ස්ත්වයෙක් .. මව් කුසට ඔක්කන්ති වෙන්න ඕන... නමුත් .. ඔය ෆාම් බිත්තර වල .. මස් ලේ කයක් ගන්න තියන රස ධාතුව නැහැ .. ඒකයි කටුව කඩාගෙන පැටියෙක් එන්නෙ නැත්තේ...

    ඉතින් මොන බිත්තරේ කැඩුවත් ඒක පාපයක්...
    සම්පූර්ණයෙන්ම වැරදියි. කළළයක් එන්න නම් සංසේචිත බිත්තරයක් වෙන්න ඕන. සංසේචනය නොවූ බිත්තරයක කළලයක් නෑ.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    සම්පූර්ණයෙන්ම වැරදියි. කළළයක් එන්න නම් සංසේචිත බිත්තරයක් වෙන්න ඕන. සංසේචනය නොවූ බිත්තරයක කළලයක් නෑ.

    බඩෝ.. මේක උඹේ මතයක් නේ.. පුළුවන්නම් .. ඔප්පු කරලා පෙන්නපන්.. බිත්තරය කියන්නේ .. කළලයක් නෙමෙයි කියලා...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    බඩෝ.. මේක උඹේ මතයක් නේ.. පුළුවන්නම් .. ඔප්පු කරලා පෙන්නපන්.. බිත්තරය කියන්නේ .. කළලයක් නෙමෙයි කියලා...

    මචන් ඕකේ ඔප්පු කොරන්න දෙයක් නැහැ. ශුක්‍රාණුවකින් ඩිම්බය සන්සේචනය වුනාට පස්සෙ තමා කලලයක් ඇති වෙන්නෙ. කිකිලි බිත්තරේ කලලයක් නම් කුකුල්ලු ඔනේ නෑනෙ මචං. සන්සේචිත බිම්බයේ මූලික ඒක සෛලික අවස්තාව තමා යුක්තානුව. ඒටපස්සෙ සෛල 2, 4, 16 ආදි අවස්තා තමා කලලය. අටේ පංතියේ සයන්ස් නෙ බොස්.;)
     
    Last edited:

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    dan kade thiyena biththara kavaata paw naa. mokada? evagen kukul patau hadennenaa.mokada? dan biththara danne kamavalata Thiyena rasayanika deval nisa.nathuva sabavika vidihata neme. oya api kaden ganna biththara valin kukul patu hadenne naa. kukul patau ganda venama sabavika vidihata ganna biththara valin ,
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    මෙහෙමයි කිකිලියගෙ ඩිම්බය කුකුලගෙ ශුක්‍රානු එක්ක සංසේචන උනොත් අන්න එතන ජීවි බිත්තරයක් ඇති වෙනව.
    නැත්නම් ඒ ඇතිවෙන බිත්තරය ජීවී තත්වයේ නැත...ඒක නිකම්ම නිකන් කිකිලි ඩිම්බයක් විතරයි....ඔය ෆාම් වල බිත්තර නම් අජීවී බිත්තර තමා​