බිත්තරේ හොයමු..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බිත්තරේ හොයමු..


    2-eggs-in-shell.jpg



    මේ වගේ බිත්තර දෙකක් තියනව , එකක් තම්බලා(boiled) අනික නිකන්..
    එකක්වත් රස්නෙත් නෑ හොදේ කිසි වෙනසක් නෑ.. :rolleyes:
    දන්න අය කියමු බලන්න කොහොමද තම්බපු බිත්තරේ හොයාගන්නේ කියල..


    බිත්තර බිදල හොයනව කියල නම් කියන්න එපා..



    -------------------------------------------------
    ---------------------------------------------

    කට්ටිය ගොඩක් උත්තරේ දීල තිබ්බ.. ඒක ටිකක් විස්තර කරල මම දාන්නම්..

    තම්බපු බිත්තරේ බර අඩු වෙනව කියල හිතුවට එහෙම වෙනව කියන්න බැහැ..
    මොකද බිත්තරේ ප්‍රෝටීන තැම්බෙනකොට ගුණ හානී වෙලා ඝණ උනාට ඒකේ බර වෙනස්වෙන්න විදිහක් නෑ, ඝනත්වය නම් වෙනස් වෙනව අනිවාර්යෙන්,
    හරියට අයිස් කැටේ වතුරේ පාවෙනව වගේ.. ඒත් බිත්තරේ තැම්බුනාම අනිවාර්යෙන් වතුරේ පාවෙනව කියන්න බෑ..

    තම්බුන බිත්තරේ ප්‍රෝටීන ඝන වෙනව දුස්සභාවීකරණය(Denaturation) වෙලා , අනිත් බිත්තරේ ද්‍රව තත්වයේමයි..
    කණට තියල පොඩ්ඩක් හොල්ලල බැලුවම තම්බපු නැති බිත්තරේ හොයන්න පුලුවන් , ඒත් මම කිවුවේ ඊටවඩා සාර්තක ක්‍රමයක්..

    බිත්තර දෙකම අරන් සමතලා පෘෂ්ටයක තියල කරකවනව.. එකපාරකට එකයි..
    ටිකක් වෙලා කැරකෙන්න දීල ඇගිලි දෙකකින් ක්ෂනික තට්ටුවක් දාල කැරකෙන එක නතර කරනව..
    තම්බපු බිත්තරේ එකපාර නතරවෙනව, මොකද මුලු බිත්තරේම ඝනයක් , අතින් අල්ලල නතර කරාම මුලු බිත්තරේම චාලක ශක්තිය ශුන්ය වෙනව..
    ඒත් අමු බිත්තරේ අතින් අල්ලල නැවැත්තුවට ආයිත් ටිකක් කැරකෙන්න ගන්නව..
    මොකද අතින් නැවැත්තුවට ඇතුලේ ද්‍රවය තවත් කැරකෙනව.. ඒකනිසා අත අයින් කරාමත් පොඩ්ඩක් කැරකෙන්න බලනව..:rolleyes::rolleyes:




    Snoop_ug Thanks for the video
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බිත්තර දෙකම එකට තියනව තම්බපු නැති එක හෙලවෙන්න ඔන මොකොද පැටිය පන පිටින් ඇතුලෙ නිසා
    හෙල වෙන එක තම්බපු නැති එක:rofl: lesima kame
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දෙකම කරකවන්න

    තම්බපු එක හොදට කරකැවෙනව
    තම්බපු නැති එක කරකවද්දි එහෙ මෙහෙ යනව
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තම්බපු නැති බිත්තරේට ලයීට් එකක් අල්ලපුවාම විනිවිද පේනවා,තම්බපු එකෙ විනිවිද පෙන්නේ නැ...
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    බිත්තර දෙකම කඩලා බැලුවනම් හොයාගන්ඩ පුළුවන් :lol::lol::lol::lol::lol:
     
    Last edited: