බිනර පොහොය ..................

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    12655_575720025828665_1857893138_n.jpg

    බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ
    වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි.
    බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්යාෙත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය.
    මේ සඳහා ඇප කැප වූ ප්රරජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම සුවිශේෂී ය.
    එදා කිඹුල්වත්නුවර නිග්රෝ‍ධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳ වැටුණු මහා ප්ර ජාපතී ගෝතමිය බුදු සසුනෙහි පැවිදිවීමේ අවසරය තෙවරක්ම ඉල්ලා සිටියාය.
    එහෙත්, ඒ නොසිඳුනු අධිෂ්ඨානය නැවතත් සාක්ෂාත් කර ගැනීමට සිතූ මහා ප්රටජාපතී ගෝතමිය සමඟ භද්දවග්ගිය කුමාරවරුන්ගේ පන්සියයක් පමණ බිසෝවරු හිස මුඩු කර කසාවතින් සැරසුණහ.
    බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ.
    මෙයින් දුකට පත් වූ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්රබජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම බුදුරදුන්වෙත සැලකර සිටියහ.
    සසුන් ගත වන කාන්තාව විදසුන් වඩන්නී නම් ඇයට මාර්ගඵල වෙත එළැඹිය හැකි දැ’ යි අසමින් එසේ නම් භික්ෂුණී ශාසනයට ඉඩ සලසන්නැ’ යි නැවත නැවතත් ඉල්ලා සිටි ආනන්ද තෙරණුවෝ ප්රකජාපති ගෝතමියගේ මවු ගුණ ගැයූහ.
    මහා ප්රෙජාපතී ගෝතමිය කුඩා සිදුහත් කුමරාට අහිමි වූ මවු සෙනෙහස බිඳකුඳු අඩු නොකරමින් ලේ කිරි කර පෙවූ ආදරණීය සුළු මෑණියන් වූවාය.
    ඇය අප්ර්මාණ දීර්ඝ වූ සංසාර ගමනෙහි ද සෙවණැල්ලක් සේ හිඳිමින් සිදුහත් කුමරා ඇති දැඩි කළ ආදරණීය මෑණියන්දෑය.
    ප්රආජාපතී ගෝතමියගේ මාතෘ ගුණයටත් ආනන්ද තෙරුන් වහන්සේගේ බලවත් ඉල්ලීමත් සලකා බැලූ බුදු පියාණන් වහන්සේ පෙර බුදුවරයන් ගේ ශ්රාතවිකාවන් පිරූ අෂ්ට ගරු ධර්ම පැනවූහ. මේ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුණී කක්ඛන්ධකයෙහි ද සඳහන්ය.
    පැනවූ අෂ්ට ගරු ධර්ම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් පිළිගත් මහා ප්ර ජාපතී ගෝතමිය පස්වනක් ප්රී තියෙන් පන්සියයක් කාන්තාවන් සමඟ බුදු සසුනෙහි පැවිදි වී උපසම්පදා ලැබීමෙන් භික්ෂුණී ශාසනය ඇරැඹුණේ අද වැනි බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    පසුකලෙක විදසුන් වඩා රහත් ඵල ලබා ගත් ඇය භික්ෂුණී ශාසනය තවත් බබළවා චිර රාත්රෙඥ භාවයෙන් අග්රඇස්ථානය ද ලැබූ සේක. නන්දකෝවාද සූත්රගය ශ්රසවණය කළ අනෙකුත් භික්ෂුණීහු රහත් ඵල ලබා ගත්හ.
    ප්ර්ජාපතී ගෝතමී මහ රහත් තෙරණියන් වහන්සේ නිසා බුදුසසුනට ඇතුළත් වූ බහුතරයක් කාන්තාවන්ට ලැබුණු ආධ්යාීත්මික සුවය අපමණය.
    යශෝධරා, උප්පලවණ්ණා, ධම්මදින්නා, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා වැනි කාන්තාවන් ද පසුකාලීනව පැවිදි වූ සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේ ද බුදු සසුන බැබළවීමට දැක්වූ මෙහෙවර අති මහත්ය.
    මෙසේ උදා වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය බුදු සසුනේ විශේෂ සිදුවීම් රැසකට ද මූලික වී තිබෙයි.
    බුදුරදුන්ගේ ලළාට ධාතූන් වහන්සේ නිධන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    බුදුරදුන්ගෙන් ලබා ගත් කේශ ධාතු නිධන් කරවා තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදි කළ ගිරිගඬු සෑයෙහි වාර්ෂික පින්කම යෙදී ඇත්තේ ද බිනරපුර පසළොස්වක පොහොය දිනකදී ය.
    බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ ලොවේ ඉපැරැණි ස්මාරකයක් වූ මහියංගණ මහ සෑය මූලික වී වාර්ෂික පවත්වන වැදි පෙරහරින් අසිරිමත් වන්නේ ද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
    මෙසේ විශේෂිත වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය සමස්ත වනිතාවගේම හදවතෙහි පර නොවන සේ හැඟුම් මල් පුබුදු කළ බැතිබර දිනයයි.
    ලොවුතුරා පහන් ටැඹේ ආලෝකයෙන් නිවන් මගට පිවිසෙන විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා ප්රාජාපතී ගෝතමියගේ ශ්රීට නාමයට පූජෝපහාර වශයෙන් අද වැනි පොහොය දිනක කුසල් දම් පුරමින් කෘත ගුණ සැලකීම බෞද්ධ කාන්තාවන්ගේ පරම යුතුකමකි.
    සමස්ත සැදැහැති බෞද්ධයා මෙම මාතෘ උදාරත්වයේ විශිෂ්ටත්වය සදා මතකයේ රඳවා ගත යුතුම ය.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පින් බර බිනර පොහොයක්...
    තෙරුවන් සරණයි මචන්!


    tshirtZ.gif